දූෂිතයන් නොවන බව කියන නීතිඥයන් බිල් නිකුත් නො කරන්නේ ඇයි?

නීතිඥයන් දුෂිත පුද්ගලයින් බව ප්‍ර‍සිද්ධියේ පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා ප්‍ර‍කාශ කොට ඇත.

කපුටන් කළු පාට යයි අප කියන්නේ පොදු හා සාමාන්‍ය තත්වය සලකා ය. ඒ අනුව, කපුටා කළු පාට ය. එහෙත්, තද කළු කපුටෝ ද, ළා කළු කපුටෝ ද, අළු පාට කපුටෝ ද, කලාතුරකින් සුදු කපුටෝ ද සිටිති.

නීතිඥයන් සාමාන්‍යයෙන් සිය සේවාවන් වෙනුවෙන් කරන අය කිරීම් සම්බන්ධයෙන් ලදු පතක් නිකුත් කරන්නේ නැත. මා වැරදි නම්, ලංකාවේ උසාවිවල නීතිඥයන් විසින් නිකුත් කරන ලද ලදුපත් ඉදිරිපත් කර මා වැරදි බව පෙන්වා දෙන්න. ඇතැම් නීතිඥයන් ඉතුරු සල්ලිවත් දෙන්නේ නැත.

තමන් විසින් ලබා ගන්නා ලද මුදලක් සම්බන්ධයෙන් ලදුපතක් ඉදිරිපත් නො කිරීම ඉතා වංක ගනුදෙනුවක ලක්ෂණයකි. මෙමගින් ආදායම් වසන් කිරීම ඔස්සේ බදු වංචා කිරීමට අවස්ථාව ලැබේ.

මෙය සාමාන්‍ය තත්වය නම් රන්ජන් රාමනායක කරන ප්‍ර‍කාශයේ වරදක් ඇතැයි මට නම් නො පෙනේ.

තමන්ගේ ප්‍ර‍කාශය වෙනුවෙන් පෙනී සිටිමින් හිරේ යාමට සූදානම් රන්ජන් රාමනායක වැනි මිනිසුන්ට අපේ සහයෝගය හිමි විය යුතු ය.

මේ පිළිබඳව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද ප්‍ර‍කාශය පහත උපුටා දක්වමි.

ඕනෑම වෘත්තියක සුපිරිසිදු චරිත ඇති ලෙසම, අන්ත දුෂිත පුද්ගලයින් ද සිටී. අධිකරණ කේෂ්ත්‍ර‍ය එයින් කිසි ලෙසකින් හෝ පරිබාහිර නැත. පුරවැසියන්ට ලංකාවේ වෙනත් ඕනෑම වෘත්තීයක නිරත වන පුද්ගලයින් විවේචණය කළ හැකි ලෙසම නීතිඥවරුන් ද, විනිසුරුවන් ද විවේචණය කළ හැකිය. ඒ සදහා නිදහස ද, ඉවසා සිටීමේ හැකියාව ද තිබිය යුතුය.

රංජන් රාමනායක මහතා අධිකරණයට සිදු කරන චෝදනාව අලුත් දෙයක් නොවන අතර, ගෙවීගිය වසර 15 කට වැඩි කාලයක් මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයින්, ජනමාධ්‍ය පමණක් නොව නීතිඥවරුන් ද, අධිකරණ සේවා කොමිෂන් සභාව ද, සංවාදයට බදුන් කරමින් සිටින තාර්කික යථාර්ථයකි.

රාවය කර්තෘ වික්ටර් අයිවන් විසින් හෙළි කළ ලෙනින් රත්නායක විනිසුරු පිළිබද සිදුවීම මේ රටේ අධිකරණ කේෂ්ත්‍ර‍ය ගද ගසා ඇති තත්වය හෙළි කළේය. අබේරත්න විනිසුරු ගේ සිදුවීම එයට දෙවැනි වන්නේ නැත.

අගවිනිසුරු සරත් එන් සිල්වා පිළිබදව වික්ටර් අයිවන් මහතා සිදුකළ හෙළි කිරීම් ‘ශිෂ්ඨ, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී, යහපාලනයක්‘ සැබවින් තිබෙන රටක සිදුවූවේ නම් එම රටේ අධිකරණය සුද්ධ කිරීම එයින්ම ඇරඹෙන්ට තිබුණි. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා‍ ‘ආණ්ඩුවට කැමති ආකාරයට නඩු තීන්දු දෙන්නට තමන් කැමති බව තමන්ට කී බව‘ ජනාධිපතිවරයාම ප්‍ර‍කාශ කර තිබුණි.

ශ්‍රී ලංකා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබූ ඩී.එම්.ඒ.අයි.දිසානායක මහතා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එය විභාග කළ අධිකරණ සේවා කොමිෂන් සභාව දිසානායක මහතා මහෙස්ත්‍රාත් ධූරයේ ස්ථිර පත්වීම ලබාදීමෙන් වැලකී සිටියේය.
අලි හොරකමක් පිළිබද විනිසුරු තිලිණ ගමගේ ට එරෙහිව ‘දුෂණ විරෝධී පෙරමුණ‘ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඔහුට ඇප ලබා දුන් ආකාරය අදටත් විවාද සම්පන්නය. දැන් ඔහු වැඩ තහනමකට ලක්වී සිටී. දිස්ත්‍රික් විනිසුරුවරුන් වන සෝමරත්න හා අරවින්ද පෙරේරා සම්බන්ධයෙන් ද මෙවැනි චෝදනා තිබූ අතර ඒ සියල්ලට අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වන විට යම් පියවර ගෙන ඇත.

සිය දිවි නසාගත් බව විශ්වාස කරන විනිසුරු ආබෘ සම්බන්ධයෙන් තත්වය ද එසේමය.

කුප්‍ර‍කට සිල් රෙදි නඩුවේ විනිසුරු මාරු කරන්නට පිරිසක් උත්සහ දරන බව ‘රාවය‘ පුවත්පත පසුගිය සතියේ හෙළි කර තිබුණි. අධිකරණය වඩාත් බලපෑමක් එල්ලවන්නේ විනිසුරන් මාරු කර නඩු තීන්දු ලබා ගැනීම ද? , එසේ නොවේ නම්, විනිසුරුවන් මාරු කිරීමට උත්සාහයන් දරන නීතිඥයින් ද?, රාමනායක මහතා සිදු කළ ප්‍ර‍කාශය ද? යන්න අප පුළුල් සංවාදයකට ලක් කළ යුතුය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉහතින් දැක්වූ සිදුවීම් බහුතරයක් පිළිබද සිය මුනිවත රැකි අතර අධිකරණ කේෂ්ත්‍ර‍ පිරිසිදු කිරීම සදහා එලදායී මැදිහත්වීමක් සිදු කර නැත. නමුත්, මේ සියලු කරුණු පිළිබද සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, මහජන නියෝජිතයින් අඛණ්ඩව සිය හඩ මතු කරමින් සිටී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අමතකව ඇති නමුත්, අධිකරණ කේෂ්ත්‍රයේ වැඩිම අවධානයට යොමුවී ඇත්තේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි මහේෂි ජයවර්ධන මහත්මිය ගේ ‘සබැදියවන් අතර ගැටුම‘ යි. ඇයගේ සහෝදරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර, පුවත්පත් අවස්ථා ගණනාවක දී ම බලවත් පුද්ගලයින් ‘නඩු තීන්දු සදහා බලපෑම් කරන බව‘ ට චෝදනා කර ඇත. මෙම චෝදනාව, විවේචණය ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට, නිදහසට, අධිකරණයේ පාලනයට යහපත් වන්නේ නැත.

ඒ සියල්ලටම වඩා චිත්‍ර‍පට නළුවෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ‘නීතිඥයින් දුෂිත බව‘ ට කළ ප්‍ර‍කාශයක් අධිකරණය අපහාසයක්, ව්‍යසනයක්, අනතුරුක්, අගෞරවයක්, කැලළක්, අවමානයක් බවට පත් වන්නේ කෙසේ ද? යන්න අප විසින් පුළුල්ව විමසා බැලිය යුතුව ඇත.

වගකීම් සහිත සමාජයක් පණිවුඩකරුවාට වෙඩි තබන්නේ නැත! පණිවුඩයේ අරුත වටහා ගෙන සමාජ ප්‍ර‍ගමනය සදහා කටයුතු කරන්නේය. ලෙනින් රත්නායක, අබේරත්න, ආබෘෘ, තිලිණ ගමගේ, සෝමරත්න, අරවින්ද, වැනි විනිසුරුවන් විසින් අධිකරණයට සිදු කර ඇති අගතියට වැඩි යමක් රංජන් රාමනායක මහතා ගේ ප්‍ර‍කාශයෙන් අධිකරණයට සිදුවන්නේ දැයි නිදහසේ සිතා බැලීම වැදගත්ය. රාමනායක මහතා ගේ ප්‍ර‍කාශය සරත් එන් සිල්වා, මොහාන් පීරිස් අගවිනිසුරුවන් පිළිබද මෙරට ප්‍ර‍මුඛ වැසියන් සිදු කර ඇති සදහන්වලට වඩා විනාශකාරී ද යන්න ‘විවෘත මනසකින් සිතා බැලිය‘ යුතුය. සබැදියාවන් අතර ගැටුමක් ඇති රෙජිස්ට්‍රාර්වරියට වැඩි අගතියක් රාමනායක මහතා ගේ ප්‍ර‍කාශයෙන් සිදුවන්නේ ද?
නැත! කිසි ලෙසකින් හෝ නැත!!

අධිකරණය පිළිබද විශ්වාසය, ගෞරවය වර්ධනය කිරීමට නම් වික්ටර් අයිවන් මහතා ගේ භාෂාවෙන් කියන ‘මේ කුණු වී ගද ගසන නරාවල‘ පවිත්‍ර‍ කළ යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අර්බුදයේ කොටසක් වනු වෙනුවට ‘විසදුමේ පාර්ශයක්‘ වීම වැදගත් බව අප අවධාරණය කරමු.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය
2017 අගෝස්තු 29

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    මේක කිව්වහම මට වෙන කාරණයක් මතක්උනා අගවිනිසුරු සරත් එන් සිල්වා ගැන ඔබට මතකද ඔහු අගවිනිසුරු වීමට ඉස්සල්ල ඔහුට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂණයක් කළා ? ඔබට මතකද එයට සිදුවූ දේ ? මගේ දැනුමේ හැටියට නම් ඒ ගැන ඔහු නිවැරදි කරුවෙකු උනෙත් නෑ වැරදි කරුවෙකු උනෙත් නෑ එම පරීක්ෂණයට සිදුවූයේ කුමක්ද කියල දැනගන්න ලැබුනෙත් නෑ.

    නොදන්නා නිසයි මම අහන්නේ මෙයට වුනේ මොකද්ද දන්නා කෙනෙක් ඉන්නවද ?

    ReplyDelete
  2. අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් කොට්ටාවේ මහේස්ත්‍රාත් තුමාට මොකද වුනේ?

    ReplyDelete
  3. නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා විජේදාස වෙනුවෙනුත් පෙනි සිටියා.ඔහු නීතිඥ සංගමය මෙහෙය වන්නේ ඒකාබද්දේ අපේක්ෂාවන් වෙනුවෙන්ද ?

    ReplyDelete
  4. මම වන්දි නඩුවක් දමා තිබෙනවා . මේකට මට යන වියදම ඉතා අධිකයි . නීතිඥ මාහතා නඩු දවසට ඉල්ලන ගානෙන් තුනෙන් එකක් ඔහුගේ කණිෂ්ඨ නීතිඥයා ටගෙවිය යුතුයි . ඔහු නිකන් ඇවිත් යනවා විතරයි. එසේම නඩුවට පෙර මොනවා හරි ලේඛණයක් සකස් කරන්න තියෙනවා නම් එයට වෙනම වෘත්තීය ගාස්තු සහ ලිපිද්‍රව්‍ය ගාස්තු වෙනමම ගන්නවා . කිසිම විටක රිසිට් පතක් දෙන්නේ නෑ. ඊ මේල් පනිවිඩ සහ SMS පණිවිඩ වල ගාස්තු ගැන සඳහන් කරන්නතේ නෑ. එන්න එන්නම ඉල්ලන ගාන වැඩි කරනවා.

    ReplyDelete
  5. රන්ජන් ගේ මෙම ප්‍රකාශය සමාජ කතිකාවතක් ලෙස ගොඩ නැගිය යුතු වූවත් එය එසේ නොවන බව පැහැදිලිය. දෙරණ, හිරු වැනි රාජපක්ෂ පශ්චාත් භාගය රස කර කර විඳින ජඩ මාධ්‍ය වලට සහ soical media වලට මෙය එවැනි කතිකාවතකට සූදානම් නැති බව පෙනේ.
    විශේෂයෙන්ම රාජපක්ෂ කල්ලිය soical media ද පාලනයට ගෙන ඇති බව පෙනේ.
    අධිකරණයට පිරිසිදු වීමට උවමනාවක් නැත්නම් ජනතාව ලෙස අපි අධිකරණයට ගරු කළ යුතුද?

    ReplyDelete
  6. I appreciate Ranjan for his stand and para for writing about it. Lawyers in Sri Lanka think they area lords. I went to see one lawyer in Kegalle he has bench in front of his table instead of visitors chair. I refused to sit on it and talk to him standing and never went back to see him.

    Another lawyer was not in the court room when out case was called twice and postponed. But he change for the next day as well with out doing any service.
    I heard we got kill by himself (You know what I mean). I am not sad.

    ReplyDelete
  7. වල්ගේ පාගාගෙන දඟලන උන් මේ දවස් වල කරලියට ඇවිත්. ඇත්ත වශයෙන්ම මුන් හදන්නේ පණිවිඩකරුට වෙඩි තියන්න. ජනාධිපති අරමුදලෙන් ලක්ෂ සීයක් රැගෙන බෙහෙත් ගන්න සිංගප්පුරු ගිය රාජිත සේනාරත්නට එරෙහිව අනුර කුමාරගේ චෝදනාවත් මේ වගේ. 87/89 කාලයේ ජවිපෙන්ගි ගිනි තියපු CTB බස්වල, ට්‍රාන්ස්ෆෝමර්වල වටිනාකම ඊට වඩා වැඩි ඇති. සයිටම් ප්‍රශ්නේ නිසා වයිර බැඳගත් ජාතික රෝහලේ දොස්තරලට රාජිතගේ ලෙඩ සුව කරන්න දුන්නනම් මෙලහකට ඒ මිනිහා මරාදාල.
    යූ.ආර්.ද.සිල්වා මහතාණෙනි, ඔබ මොනවා කිව්වත් කපුටා කලුම කලුයි.

    ReplyDelete
  8. රන්ජන් රාමනායක් බිල් කඩලද රගපාන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ එතන ගැටලුවක් නැහැ. රඟපාන්නෙ ගිවිසුමක් මතනේ. ඒක තමයි බිල.

      Delete
  9. who looks into the implementator of the law - tax - income tax - asset declaration - moneys transferred out of the country - money unaccounted no transparency.............who will check the checkers.

    ReplyDelete
  10. Somebody should have the spine to standup and talk the truth without saying" yes sir,no sir". Apart from JVP, Ranjan is the only guy to do that.Appreciate his courage..

    ReplyDelete
  11. We as citizens must support Ranjan and others like him who dare to speak for the wellbeing of the society.Para.. Because of the fact that we are isolated lone individuals, the impact we create are almost zero(not you, you are making your voice heard) if only there is a way ,for an average citizen, to be in a network, then only we will be able to make our contribution to build a modern society.Is there a way to build such a network?

    ReplyDelete
    Replies
    1. I think we should get together and digitize all Sri Lanka law book and case histories and make available to masses. Then any one can write search program and educate before going to lawyers. Some organization can help those who do have access problem. Good project project for IVoice.

      Delete
  12. There is a YouTube discussion by D Gandungoda SLVIoG, exposing U R de Silva

    ReplyDelete
  13. I've been to several senior lawyers recently (one was a PC), and none of them even mentioned their rate directly to us when asked. What they do is usually tell one of their junior lawyers the rate for a meeting\appearance, and all the transactions happen between the customer and the junior lawyer. This is done for plausible deniability by covering any traces to evade income taxes.

    ReplyDelete
  14. Law firms always issue invoices and enter into a fee agreement with clients before being retained.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා