පොත්, ඊ පොත් හා තවත් පොත්
මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ වාර්ෂික සාහිත්‍ය උළෙලේ හා පොත් සල්පිලේ සාහිත්‍යයේ හා කලාවේ ආකෘතික නව ප්‍රවණතා ගැන ඉදිරිපත් කිරීමක් කරන්නට තිබුණා. ඒ ගැන සිතූ සිතුවිලි කීපයක් තමයි මේ පෙළගස්වන්නෙ.
පන්හිඳ, පෑන වගේ වචන අපි රොමැන්තික විදියට පාවිච්චි කරනවා වුණාට 2000 දශකයේ මුල හරියෙ හිරු පත්තරේ කරද්දි කෙළින් ම පරිගණකයෙන් ලියන්නට පටන් ගත්ත මට දැන් පෑනකින් මිනිහෙකුට කියවන්නට පුළුවන් විදියට අකුරු ලියන්නට බැහැ. 2004, 2005 කාලෙ පුංචි, සතිපතා විකල්ප පත්තරයක් වුණ හිරුට පුළුවන් වුණා පරිගණක දෙකකින්, තුනකින් මුළු පත්තරේ ම ඩිජිටල් විදියට නිෂ්පාදනය කරන්නට. හැබැයි, හිරු පත්තරේ වෙබ් අඩවියක් සකසා ගන්නට අපට බැරි වුණා. සෙසු බොහෝ පුවත්පත්වල ජනමාධ්‍යකරුවන් ඩිජිටල් වුණේ ගොඩක් පස්සෙ කාලෙක.
දැන් පුවත්පතත් සම්පූර්ණයෙන් ම අන්තර්ජාල යුගයට පරිවර්තනය වෙමින් තිබෙනවා. දැන් පුවත්පත් මිළ දී ගන්නා පිරිස ඉතා සීමිතයි. ඒ සංඛ්‍යාව දිනෙන් දින අඩු වෙමින් තිබෙනවා. දෙක තුනක් හැර ලංකාවේ බොහෝ පුවත්පත් මේ වන විට පවත්වාගෙන යන්නේ පාඩු පිට. ඇතැම් ඒවාට සල්ලි පොම්ප කරන්නේ බැංකු කඩපු එවුන්.
සිය වෙළඳ දැන්වීම් විභවයන් අන්තර්ජාලය වෙත යොමු කර නො ගන්නා පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී ආදී කිසිදු මාධ්‍යයක අනාගත පැවැත්ම අවිශ්වසනීය ය.
මේ වන විට රේඩියෝ පමණක් නොව, රූපවාහිනී පවා අන්තර්ජාලය නිසා දැඩි අභියෝගයකට ලක් වී තිබේ.
බ්ලොග්, ෆේස්බුක්, ට්විටර්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය නිසා ඕනෑම කෙනෙකුට මාධ්‍යකරුවකු වීමේ අවස්ථාව ලැබී තිබේ. ඒ සමගම වෘත්තීය මාධ්‍යකරුවන් හා පුරවැසි මාධ්‍යකරුවන් අතර ඇති වෙනස්කම් නැති වෙමින් තිබේ. අවාසනාවකට පුරවැසි මාධ්‍යකරුවන් සිය ගුණාත්මකභාවය වැඩිදියුණු කර ගන්නට උත්සාහ කරනවා වෙනුවට දකින්නට ලැබෙන්නේ වෘත්තීය මාධ්‍යකරුවන් සිය ගුණය අහිමි කර ගැනීමයි.
අන්තර්ජාලය හේතුවෙන් සමස්ත මාධ්‍ය අවකාශය ම දැවැන්ත පරිවර්තනයකට ලක් වෙමින් තිබෙනවා.
මේ සන්තෑසිය ම පොත් ප්‍රකාශනයටත් සිදු වෙමින් තිබේ. පොත් ලිවීම, පළ කිරීම හා අලෙවිය එතරම් ලාභදායී ව්‍යාපාරයක් නො වේ. මහා පරිමාණ ප්‍රකාශකයන්ට හැර සෙසු ප්‍රකාශකයන්ට පවා ලැබෙන ලාභයක් නැත. කර්තෘවරුන්ගේ තත්වය කණගාටුදායක ය.
ලංකාවේ වෙළඳපොළේ ප්‍රමාණය වෘත්තීය ලේඛකයකුට ලේඛනයෙන් පැවැත්ම තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් නො වේ.
මේ වන විට, ඊ පොත් හේතුවෙන් පොත් ප්‍රකාශනයට දැවැන්ත බලපෑමක් සිදු වී තිබේ. ලංකාවේ ජනප්‍රිය නවකතාකරුවන්ගේ පොත් ස්කෑන් කර සකසා ගන්නා ලද PDF ඊ පොත් නිර්නාමිකව අන්තර්ජාලය හරහා නොමිළේ බෙදා හරින අය සිටිති.
විදේශීය ලේඛකයන්ගේ පොත් ඊ පොත් ලෙස හොරෙන් බාගන්නවාට අමතරව ඒවා කිසිදු අවසරයකින් තොරව පරිවර්තනය කර අලෙවි කිරීම ද සිදු වේ. මේවාට සම්මාන දීම ද සිදු වීම විහිළුවේ හොඳම පැතිකඩයි.
අන්තර්ජාලය හරහා සිදු වන ඊපොත් වෙළඳාම සාමාන්‍ය පොත් වෙළඳාමටත් වඩා පාඩු ලබන ව්‍යාපාරයකි. ලංකාවේ පළමු ඊ පොත්හල ලෙස ප්‍රසිද්ධ කරමින් 2012දී ආරම්භ කරන ලද thebookhub.lk මේ වන විට වසා දමා තිබේ. ප්‍රධාන පෙළේ ප්‍රකාශකයන් පමණක් නොව, සුළු පරිමාණ ඊ බුක් ප්‍රකාශකයන් ද මේ වන විට පාඩු ලබා ක්ෂේත්‍රයෙන් ඉවත් වී තිබේ.
එයට මූලික හේතුව අන්තර්ජාලයෙන් ලැබෙන දේවලට මුදල් නො ගෙවිය යුතු බවට විශේෂයෙන් ම ලාංකීය සමාජයේ ඇති ආකල්පයයි. ලංකාවේ පරිගණක 95%කට වඩා ඇත්තේ මෙහෙයුම් පද්ධති හා මෘදුකාංගවල චෞර පිටපත් ය. ඒවාට මිළක් ඇති බව හෝ ඇතැම් ලාංකිකයෝ නො දනිති.
ඊ බුක් ලෝක පරිමාණෙන් ම මුහුණ දෙන තවත් ගැටලුවක් ඇත. පොතක් යනු හුදෙක් ම අකුරු ගොඩක් නො වේ. සියවස් ගණනක් තිස්සේ මිනිසුන්ට හුරු පුරුදු වී තිබෙන පොතේ හැඩය, එහි ස්පර්ශය, සුවඳ ආදිය ඊ පොතක නැති වීම ද එය ජනප්‍රිය නො වීමට හේතු වී ඇත. මේ අඩුපාඩු මගහරවා ගැනීම වෙනුවෙන් ම හඳුන්වා දෙන ලද කින්ඩ්ල් ඊබුක් රීඩරය වැනි උපකරණවලින් පවා මේ අඩුපාඩු පිරිමැසෙන්නේ නැත.
මම ඊ බුක් ලෝලියෙක්මි. හේතුව දිනපතා පැය හතරකට වැඩි කාලයක් වැඩට යාම සඳහා පොදු ප්‍රවාහන සේවාවල ගමනේ යෙදෙන මා හට කියවීම පහසු වී තිබෙන්නේ ජංගම දුරකථනය නිසා ය.
මේ සියල්ලට ම අමතරව, අද වන විට, සියලු ප්‍රකාශන මාධ්‍යයන්ගේ ආකෘති වෙනස් වී තිබේ. කලාවේ නම් හැමදාමත් මෙය සිදු වෙමින් තිබේ. චිත්‍ර කලාවේදී ඇතැම් ගැඹුරු ආකෘතික විපර්යාසයන්ට මුල පිරුණේ අවුරුදු 100කට පමණ පෙර ය. සාමාන්‍යයෙන් කලා කෘතියක් ලෙස නො සැලකුණු සාමාන්‍ය ලෝකයට අයත් මුත්‍රා පෝච්චියක් මත අත්සනක් තබා මූර්තියක් ලෙස තරගයකට ඉදිරිපත් කරනු ලැබුවේ 1917 තරම් ඈත කාලයේ ය.
ඇමරිකානු කලාකරුවකු වන ගෝඩන් මැටා ක්ලාක් විසින් 1974දී නයගරා ඇල්ල අසල කඩා ඉවත් කිරීමට නියමිතව තිබූ නිවසකින් කොටස් කපා ඉවත් කර කලාගාරයක් තුළ නිර්මානය කරන ලද බිංගෝ නම් නිර්මානය කලාවේ ආකෘතික විපර්යාසවලට එක් උදාහරණයක් ලෙස දැක්විය හැකියි.
චිත්‍රකතාව හා එහි දියුණු අවධියක් වන ග්‍රැෆික් නවකතා එහෙමත් එවැනි වෙනස් ආකෘතියකි.
අන්තර්ජාල යුගයේදීත් මේ දේ වෙනත් ආකාරවලින් සිදු වෙමින් තිබෙනවා. අපි රූප මාධ්‍යය අරගෙන බැලුවොත් ගප්පියා, නව්රන්, වස්ති වැනි යූටියුබ්ර්ලාගේ වීඩියෝ නිර්මාන අලුත් ආකෘති නිර්මානය කර තිබෙනවා.
වර්තමානය වන විට පරිගණක ක්‍රීඩා තරුණ හා ළමා පරපුර අතරෙ ඉතා ජනප්‍රියයි. මෙය කලා මාධ්‍යයක් කර ගන්නට බැරි ද?
මා හිතන්නේ පොතෙන් දැනෙන අතීතකාමී හැඟීම කෙසේ වෙතත්, අතථ්‍ය හෙවත් වර්චුවල් ලෝකයේ පොත පමණක් නොව, ඊ පොතත් ඉක්මවා යන්නට දැන් කාලය ඇවිත්. විශේෂයෙන් ම ජංගම උපකරන සමග අලුත් විදියක කියවීමකට අවකාශය විවර වෙලායි තියෙන්නේ.
ඩිජිටල් සුවඳ තාක්ෂණය ගැන ඔබ අසා තිබෙනවා ද? තවම ආරම්භක මට්ටමේ තිබෙන එමගින් යම් දිනෙක ඔබ චිත්‍රපටයක් බලන විට, වෙබ් පිටුවක් බලන විට එහි සුවඳ පවා විඳගන්නට ලැබේවි.
කියවීමත් ඒ වගේ අලුත් තලයකට යාවි.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

අප සැමගේ හදගත් රසිකොලොජිහි පන්සියවන ලිපිය පසුගිය දින පලවිය. මෙතරම් දුරක් නොනවත්වා මළවිකාර, බහුබූත ලිවීම ඒවා කියවීම තරම්ම වෙහෙසකර කටයුත්තකි. රසිකොලොජියට සුබපැතුම්!
ReplyDeleteකකා නම් එකෙක් සිනුවර බ්ලොග් ලියපී
ජොකා ගැන ලියා උගේ පටි හිට් ගැනපී
නිකා නොහිට තව වෙන බ්ලොග් අල කරපී
කකා රසිකොලොජියෙක් වී හැව ඇරපී
කන හැටි පාන් බානා හැටි තට්ට හිස
ලොකු පම්පෝරි ගැන හම්පඩ ටොප් කමිස
ටෝපල් සැටිපිකට් තවුසන්ඩ් ටෝක් මිස
වැදගත් දෙයක් ලියලා නැත කිසි දවස
- පුත්තලම කනිෂ්ඨ කවි සමාජය (පු.ක.ක.ස)
/* ඩිජිටල් සුවඳ තාක්ෂණය ගැන ඔබ අසා තිබෙනවා ද? තවම ආරම්භක මට්ටමේ තිබෙන එමගින් යම් දිනෙක ඔබ චිත්‍රපටයක් බලන විට, වෙබ් පිටුවක් බලන විට එහි සුවඳ පවා විඳගන්නට ලැබේවි. */
ReplyDeleteමෙය එක්තරා ප්‍රෝඩාවක් පමණයි. එනම්, එවැනි අත්දැකීමක් දිය හැක්කේ මධ්‍යම සර්වරයකින් නොව ඒ ඒ ස්ථානවලින් පමණකි.
මේ පිළිබඳව මා අසා ඇතුවා පමණයි. හැබැයි, වර්තමානයේදී ද්විමාන රූපවාහිනී තිරය මත ත්‍රිමාන රූප ඔස්සේ ඇස රවටන්නා සේ, නැතිනම් නිශ්චල රූප 24ක් පමණ තත්පරයක් තුළ මාරු කර ඇස රවටන්නා සේ, සත්‍ය ශබ්දයකින් වැඩි ප්‍රතිශතයක් ප්‍රතිනිෂ්පාදනය කර ගන්නට බැරුව තිබියදීත්, ඇත්ත ම ශබ්ද සේ කණ රවටන්නා සේ නාසය ද රැවටීම අසීරු නැත.
Delete//.... දිනපතා පැය හතරකට වැඩි කාලයක් වැඩට යාම සඳහා පොදු ප්‍රවාහන සේවාවල ගමනේ යෙදෙන මා හට..//
ReplyDeleteඒ කියන්නේ පැරා පැය 12ක් කාර්ය බහුලයි. ගෙදර ඒවා ගැන හොයන්න වෙලාවක් නැතුව ඇති. බිරිඳයි දුවලා දෙන්නයි දවසක කියයිද දන්නෑ අපි අපාට්මන්ට් එකක් ගත්තා හෙට ඉඳල එහෙට යමු කියලා. බලාගෙන....
ගෙදර ඇවිත් බ්ලොග් එකට, ෆේස්බුක් එකට යනවා ය කියලා නඩුවක් තියෙනවා. හිටපු ගුරුවරයකු වෙලාත් ළමයින්ට උගන්වන්නේ නැහැ ය කියලා තවත් නඩුවක් තියෙනවා. ඒක නම් මං කරන්නෙ නැත්තෙ මං ගුරුවරයකු ලෙස අධ්‍යාපනය ගැන දන්නා නිසා ම තමයි. හැබැයි, මං සති අන්තෙ හරි, හවස හරි, රෑට නිදාගන්න ගියාම කියන කතන්දර හරි එක්ක උන් එක්ක ගත කරන ජීවිතය තමයි මං හිතන්නෙ අධ්‍යාපනය.
Deleteමේක දැක්කද?
ReplyDeleteඅපට ඔය කියන පුද්ගලයා අදාළ නැත. ඔහු පිළිබඳ විවිධ විවේචන මෙම බ්ලොගයට නිර්නාමික කමෙන්ට් ලෙස නිතර එනවා. ඒත් මා ඒවා පළ නො කරන බව මා ඔහුට ද වරක් විවෘතව කීවා.
Deleteඅප කරන්නේ දේශපාලනයකි. අපට පුද්ගලයන්ගේ හොඳ, නරක ගැන ප්‍රශ්නයක් නැත. අප මේ සමාජය ඒ හැටියෙන් භාර ගන්නට සූදානම් ය. වෙනස් කිරීම ආරම්භ වන්නේ එතැනිනි.
http://www.lankaenews.com/news/6143/si
Deleteකොමෙන්ට් එක මකුවට කමක් නැහැ ! මේ ලිපියට අදාළ නැති නිසා ....
පැරා මේක ඇත්තද බලන්න ! ලියුමකුත් තියෙනවා රෝගියෙක් යවපු රෝහලේ බලධාරීන්ට
'අපට පුද්ගලයන්ගේ හොඳ, නරක ගැන ප්‍රශ්නයක් නැත. අප මේ සමාජය ඒ හැටියෙන් භාර ගන්නට සූදානම් ය. වෙනස් කිරීම ආරම්භ වන්නේ එතැනිනි. '
Deleteපුද්ගලන්ගේ හොද නරක ගැන ප්‍රශ්නයක් නැත්තම් වෙනස් කිරීමක් අවශ්‍ය වන්නේ ඇයි? පැරා කියන දේ පැහැදිලි නැත. ප්‍රතිකාර බලාපොරොත්තුව එන රෝගී කාන්තවන්ගෙන් ලිංගික අවශ්‍යතා ඉටු කරගන්නා ජෝස්තරවරයෙක් ගැන අදාළ නොවන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම පැරා කියන දේ පරස්පරය. නැතිනම් මට වැටහෙන්නේ නැත.
http://www.lankaenews.com/news/6151/si
ReplyDeleteමේ ගැනත් ලියන්න ..... සහ මේ හා සම්බන්ධ ලංකාවේ තත්වය ගැන