වික්කම සිංහ, හෝව්! හෝව්! හෙමින්! හෙමින්!

ගිලෙන අත අර්ජුන් මහේන්ද්‍රන්ගේ වගේ ය. ෆොටෝ ගහන අත් යූඇන්පීකාරයන්ගේ වගේ ය. 
රජය බිස්නස් නො කළ යුතු ය. රජය කළ යුත්තේ ව්‍යාපාර ද සමග ආර්ථිකය නියාමනය කිරීමයි. රජයක පැවැත්ම සඳහා බදු ආදායම් ප්‍ර‍මාණවත් ය.

එහෙත්, ලොව සෑම රජයක් ම පාහේ ව්‍යාපාරකරණයේ යෙදෙයි. ඇතැම් අතිශය වැදගත් අංශවල රාජ්‍ය ව්‍යවසායන් ඉතා වැදගත් ය.

ශ්‍රී ලංකාවේ ද, විදුලිබල, ඉන්ධන, බැංකු වැනි ක්ෂේත්‍ර‍වල රජය විසින් යම් ආකාරයක ඒකාධිකාරයන් හා ප්‍ර‍බල ව්‍යවසාය පවත්වාගෙන යනු ලැබේ. එහෙත්, ඒවා වෙනස් කිරීමට අතගැසීම අන්තරායකර ය. ඊට පෙර මේ ව්‍යවසාය කාර්යක්ෂම කරන්නට දැඩි උත්සාහයක් ගත යුතු ය. එහෙත්, ඉන්ධන මිළ, බැංකු පොළී වැනි කාරණාවලදී රජයේ බැංකුවල අකාර්යක්ෂමතාව හා එය වසාගන්නට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග නිසා මහජනතාව පීඩාවට පත් වන බවත් ඇත්තකි.

මෙවැනි ඇතැම් ඒකාධිකාරයන් පසුව බිඳ දමන ලදී. (පාන්) පිටි සංස්ථාව එවැනි එකකි. පසු කලෙක එය ප්‍රීමා සමාගමේ ඒකාධිකාරයක් බවට පත් කරන ලදී. දැන් තවත් තරගකාරී සමාගමක් ක්ෂේත්‍රයෙහි ඇත.

රජය සතුව සංචාරක හෝටල් ද ඇත. හෝටල් සංස්ථාව සතු බෙලිහුල්ඔය තානායමේ මාස කීපයකට ඉහතදී නවාතැන් ගත් මගේ නිරීක්ෂණය වූයේ එහි කළමනාකරණය හා සේවාවන් ඉතා දුර්වල මට්ටමක ඇති බවයි.

රජයේ සමාගමක් වන හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා පෞද්ගලික සමාගම කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකරු වේ. හිල්ටන් හෝටලය ඉදි කිරීමේ අවධියේ සිටම වංචනික ක්‍රියා නිසා මතභේදයට ලක් වූ හෝටලයකි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් ඇමතිවරයකු වන කේ.එන්. චොක්සිගේ නම ද ඒ පළහිලව්වේ ඉහළින් ම තිබේ.

කෙසේ වෙතත්, වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු ද වන ක්‍රිශාන්ත කුරේ සභාපතිත්වය දරණ හිල්ටන් හෝටලය 2014 - 15 මුල්‍ය වර්ෂයේදී රු. මිලියන 164ක් ලාභ ලැබූ බව එහි බාගෙට වැඩ කරන වෙබ් අඩවියේ දැක්වෙනවා. ලොකු ලොකු සමාගම් වුණාට වෙබ් අඩවි සමාගං කඩ මට්ටමේ. ගිහින් බලන්න.

දැන් මේ හෝටලයත් විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි කොටස්වලින් සියයට 51 ක්‌ සුදුසු ආයෝජකයකුට පැවරීමටත්, ඉතිරි කොටස්‌වලින් සියයට හතරක්‌ එහි සේවකයින්ට වෙන් කිරීමටත් ඉතිරි සියයට 45 කොළඹ කොටස්‌ හුවමාරුවේදී ස්‌ථාවර මිලකට විකිණීමටත් ඇමැති මණ්‌ඩලය තීරණය කොට ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

මේ අන්දමින් ම, තට්ටු 49ක ගොඩනැගිල්ලක ඉදි කරගෙන යමින් තිබෙන හයට් හෝටලයත් විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කර තිබෙනවා. එය අයත් වන්නේ කැන්විල් හෝල්ඩිංස් නම් රජයට අයත් පෞද්ගලික සමාගමකටයි. එහි ආයෝජනය කර තිබෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්රෝ ගෑස් සමාගමේ හා සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ය.

මේ අන්දමින් ම එජාප භික්ෂුවක් වන තිනියාවල පාලිත හිමි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින ලංකා හොස්පිට්ල්ස් සමාගම ද විකුණා දැමීමට රජය පියවර ගනිමින් තිබෙන බව වාර්තා වේ. ලංකා හොස්පිට්ල්ස් සමාගමේ ලාභ රේට්ටුව වර්ධනය වීම ගිය අවුරුද්දේ අඩු වී ඇති බව වාර්තා විය. අඩු වී ඇත්තේ ලාභය වැඩි වීමේ වේගය මිස ලාභය නො වේ.

උක්ත සමාගම් තුන ම මුල පටන් ම, වෙනත් ඔප්පු වූ දූෂණ නැතිනම්, අඩු තරමේ රජයට සම්බන්ධ පිරිස් වෙත වරප්‍ර‍සාද ලබා දීම අරමුණු කරගෙන පිහිටුවන ලද ඒවා ය. හෝටල් සංස්ථාවක් තිබියදී මේ හෝටල් දෙක වෙන ම සමාගම් දෙකක් හදා භාර දුන්නේ හෝටල් සංස්ථාවේ කෙරුවාව දන්නා නිසා ය. ඒවා යම් පමණකට ජාමෙ බේරා ගත්තේ ඒවා මෙහෙයවූ කළමනාකරුවන්ගේ දස්කම් නිසා ය.

මෙම ව්‍යවසාය විකුණා දමන පදනම ඒවා පාඩු ලැබීම නො වේ. රජය මෙවැනි ව්‍යාපාරවලින් මිදීම නරක නැත. එසේම, මෙම රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හොඳ ව්‍යවසායකයන් ආකර්ශනය කර ගැනීමටත්, පෞද්ගලික අංශය දිරි ගැන්වීමටත් මූලෝපායික වශයෙන් හේතු විය හැකි ය. එහෙම වන්නට නම්, මේ පෞද්ගලීකරණයන් ඉතා පාරදෘෂ්‍ය අන්දමින් සිදු විය යුතු ය. ඒවායේ ආයෝජනය කරන්නට ජාත්‍යන්තරව පිළිගත් ආයෝජකයන් ආකර්ශනය කර ගත යුතු ය.

රජය සම්බන්ධයෙන් මේ වන විට එල්ල වෙමින් තිබෙන ප්‍ර‍ධාන චෝදනාවක් වන්නේ සියල්ල විකුණනවා ය යන්නයි. ඇතැමෙක් අගමැති රනිල් වික්‍ර‍මසිංහට වික්කම සිංහ යයි නමක් ද පටබැඳ තිබේ. වරක් දාස හපුවලාන විසින් අඳින ලද කාටුනයක රනිල් උදේ අවදි වී අසන්නේ අද මොනවද විකුණන්නෙ කියා ය.

හොඳ මවුපියන් තමන් ගත් ණය ගෙවීම දරුවන්ට ඉතිරි‍ නොකරන සේ රජයත් පවතින ණය ඉදිරි පරම්පරාවට ඉතිරි නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 1දා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ පැවති උත්සවයකදී පැවසී ය.

අපට කියන්නට තියෙන්නේ මෙයයි. ණය වුණත් බේරා දමන්නට ඔච්චර හදිසි නො විය යුතු ය. ආණ්ඩුවක් ලෙස තමන්ගේ ජනප්‍රියත්වය රැක ගැනීම වැදගත් ය.

රනිල් වික්‍ර‍මසිංහ 2001-2004 වකවානුවේ අත්දැකීමෙන් පාඩමක් ඉගෙන ගත යුතු ය. වසර 2001 වන විට ඍණ 1.4%ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ ලංකාව භාර ගත් එජාප රජය ජනප්‍ර‍ිය නොවන පියවර ගනිමින් ආර්ථිකය ගොඩ දා කළේ රාජපක්ෂ පවුලට රට භාර දීමයි.

මේ වන විට නැවත වතාවක් සයිටම් වැනි ප්‍ර‍ශ්න පදනම් කරගෙන රාජපක්ෂලාගේ සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය හරහා ජවිපෙ දක්වා අශුද්ධ සන්ධානයක් නිර්මානය වෙමින් තිබේ. ජාතිවාදීන් ද එයට නංවා ගත් විට 2004 යළි රඟ දැක්වීමට හැකි වාතාවරණයක් නිර්මානය වන්නට ඉඩ තිබේ. 

ඒ අව් අස්සේ මහ බැංකු බැඳුම්කර කේස් එකෙන් කට්ටියගේ රෙදි ගැලවෙනවා ය. මෛත්‍රීපාල ජනාධිපති කරන්නට ගත් ණය ගෙවන්නට හා මහ ඡන්ද කරන්නට ගත්තු සල්ලි විතරක් නෙමෙයි කාටත් හොරා ගැහූ වංගුත් අන්න අතේ පත්තු වෙනවා ය. රාජපක්ෂලාට එරෙහිව එක කොමිෂමක් පත් කර ගන්නට බැරිවුන් දැන් තමන් ම කොමිසන් පත් කරගෙන තමන්ගේ ම රෙදි ගලවා ගන්නවා ය.

ඒවා බේරා ගැනීම හා බේරා දීම ඒ සල්ලි හා සම්බන්ධ අයට භාර ය. අප මේ ආණ්ඩුවත් සමග සිටින්නේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසා පමණක් බව කරුණාවෙන් සලකන්න. 

ඒ නිසා, හෝව්! හෝව්! හෙමින්! හෙමින්!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Para,

    //
    ඒ අව් අස්සේ මහ බැංකු බැඳුම්කර කේස් එකෙන් කට්ටියගේ රෙදි ගැලවෙනවා ය. මෛත්‍රීපාල ජනාධිපති කරන්නට ගත් ණය ගෙවන්නට හා මහ ඡන්ද කරන්නට ගත්තු සල්ලි විතරක් නෙමෙයි කාටත් හොරා ගැහූ වංගුත් අන්න අතේ පත්තු වෙනවා ය. රාජපක්ෂලාට එරෙහිව එක කොමිෂමක් පත් කර ගන්නට බැරිවුන් දැන් තමන් ම කොමිසන් පත් කරගෙන තමන්ගේ ම රෙදි ගලවා ගන්නවා ය.

    //

    Why do I smell a rat in this statement ?

    ReplyDelete
    Replies
    1. අපිනම් ආන්ඩු හොදද නරකද කියල බලන්නෙ සාපේක්ෂව... එහෙම නැතිව ඔහේ වගේ ඔලුවෙ හිතාගෙන ඉන්න පරම පිවිතුරු ආන්ඩුවක් එක්ක සන්සන්ධනය කරකර නෙමේ....
      මැදමූලන වනචාරිය එලවල පත්කරගත්ත මේ ආන්ඩුව කලින් තිබ්බ ජනඝාතක ත්‍රස්තවාදී රෙජිමයට වඩා සිය දහස් ගුනයකින් හොදයි කියන්න අපි පැකිලෙන්නෙ නෑ...

      Delete
  2. හොරි කහපිය , ගිණි පිඹපිය ; හොරි කහපිය , ගිණි පිඹපිය

    ReplyDelete
  3. අනේ පීස් පැරා මාමේ, අර ආර්ථිකය යම්තාක් දුරට ගොඩ දාපු ආසියාවේ හොඳම මුදල් ඇමති ගැනත් ලියන්නකෝ....

    ReplyDelete
  4. රජය ව්‍යාපාර වලින් මිදීම යන කරුණට එකග වෙනවා. එත් විකිනීමට ප්‍රථම නියාමනය හා තත්ත්ව නිර්ණනය කර ගැනීම කල යුතුයි. සරල ලෙස කිවොත් මිලදී ගන්නා තැනැත්තාට පිරිනැමිය යුතු සේවාව කුමන ආකාරයේද යන්න පැහැදිලි කල යුතුයි. මේ විකිණීම තනිකරම හිතවතුන් සතුටු කිරීමක් මිස ප්‍රතිපත්ති මත කරන දෙයක් නොවේ..අවසානයේ රනිල් විකුනනවා.. ගත්තු එකා කනවා... මහින්ද (හෝ ඒ වගේ එකෙක්) ඇවිල්ලා ආපහු ගන්නවා...

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ප්‍රශ්නෙ මගේ හිතෙත් නැතුවාම නොවෙයි. මේ අයියලා ශුවර් නැති එක.

      රවී ගේ ඔය ගෙවල් කේස් එක බලන්න. ඔය වගේ එකක් බය සැක නැතුව කරන්න පුලුවන් කිව්වම...

      අපිට හොර කරනවය කියන එක නොවෙයි, තමනුත් රිස්ක් එකේ දාගෙන මුලු පාලනයමත් රිස්ක් එකේ හෙලන්න පුලුවන් කම! මේකට වචනයක් තියෙනවද? "හොරකම-උද්ධච්චකම-අසංවේදීබව (Dont-care)-අවිශ්වසනීයබව-මෝඩකම" ඔක්කොම එකට තියෙන එකට?

      ඇත්තටම මෙහෙම අයියල වෙනුවෙන් පෙනී ඉන්න එක හෙන රිස්ක් එකක්.

      - Dimithri

      Delete
  5. වමක් ගැන කතාකරපු හාදය රනිල් හාමුගෙ කක්කුස්සි හෝදන තැනට වැටුන නේද... හොදයි හොදයි පැරා ඔහොම යමුකෝ.... අහල ඇතිනෙ කියමනක් තියෙනව 'දෙවියන් මනුශ්‍යෙකු විනාශ කිරීමට මත්තෙන් ඔහු පිස්සෙකු කරනු ඇතය' කියල

    ReplyDelete
    Replies
    1. වැරදියි..... වම පිළිකුල් කරපු රනිල් වගේ අය ලවා උග්‍ර ධනවාදය නමැති කක්කුස්සිය කඩවන තැනට ගෙනාවේ පැරා ඇතුළු කණ්ඩායම.

      අර කියමන මහින්දට නම් අපූරුවට ගැලපෙනවා, අයිසේ... බලය නිසා කොච්චර පිස්සු හැදුණද කියනවා නම් නිකම්ම නිකම් මන්තිරියෙක් හැටියට ආයේ පාර්ලිමේන්තුත් ආවා.

      Delete
  6. ඒවා බේරා ගැනීම හා බේරා දීම ඒ සල්ලි හා සම්බන්ධ අයට භාර ය. අප මේ ආණ්ඩුවත් සමග සිටින්නේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසා පමණක් බව කරුණාවෙන් සලකන්න. - මිත්‍රයා හෘද සාක්‍ෂියට කතා කරන්න ඉඩ දෙන්න .

    ReplyDelete
  7. පැරා

    //වරක් දාස හපුවලාන විසින් අඳින ලද කාටුනයක රනිල් උදේ අවදි වී අසන්නේ අද මොනවද විකුණන්නෙ කියා ය//

    මේ කාටුනය ඇඳලා තිබුනෙ අංජන ඉන්ද්‍රජිත්. පැරාටත් එහා ගිය වික්කම සිංහ වාදියෙක් (ඇත්තටම වික්කම සිංහගෙ බැලයෙක්) වෙන දාස හපුවලානෙ කොහෙද එයාව විවේචනය කරන්නෙ?

    ReplyDelete
  8. රනිල් ! කරන මගුලක් පරිස්සමින්

    ReplyDelete
  9. පැරාට මේ ගැන යමක් කියන්නට තිබේද?
    http://www.lankaenews.com/news/6143/si

    ReplyDelete
  10. Ranil is a failure in many fronts. He is definitely a crony capitalist. Not a gentleman in politics.

    ReplyDelete
    Replies
    1. Bullshit.... For a developing country like Sri Lanka Ranil is a great statesman

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා