එජාපයේ දෙවෙනි පෙළට අබ සරණ ද?

මේ කාරණය ගැන ලියන්නට හිටිද්දි තමයි තුෂාර දංකැටිය ඒ ගැන මේ සටහන ලියා තිබෙනවා දැක්කෙ.

“එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දරදිය අදින, මතවාදි මෙහෙයුම් ගෙනයන නියෝජ්‍ය ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීන්ට හිස්වන ඇමති ධුර ලබා නොදෙන්නේ ඇයි? එක් ඇමතිකමක් තියෙද්දී එකම කෙනාට තවත් ඇමති කම් ලබා දෙන්නේ ඇයි? අධිකරණ ඇමති ධුරය ද එසේ ය. බුද්ධශාසන ඇමතිකම ද දුන්නේ පුල් ඇමති කමක් තියෙන කෙනෙකුටමය. ඔය ඇමතිකම් පසුපෙළ වැඩ කිරීමට දක්ෂ මන්ත්‍රිවරුන්ට දෙනවා නම් ඒක හොඳ අභිප්‍රෙරණයක්. ඒ වගෙම ඔවුන් නියෝජනය කරන කොට්ඨාසයේ ජනතාවටත් දෙන ප්‍රබෝධයක්."

තුෂාරගේ එම ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් දක්වමින් බර්ටි රණවීරගේ මෙසේ පවසයි: “රනිල් කවුදැයි හඳුනා ගැනීමට උත්සහ කරන්න. ඔහුගේ අතිශය විශ්වාසවන්තයන්ට හැර ප්‍රබල ඇමතිකම් දෙන්නේ නැත පසුපෙළ අයෙකු පත් කරනු ලැබුවහොත් තවත් කැබිනට් ඇමතිවරයෙකු වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවේ. එය මහජන අප්‍රසාදයට හේතු වනු ඇතැයි රනිල් සිතුවා විය හැක."

රනිල් එහෙම හිතනවා ද යන්න මට නම් සැක ය. හේතුව, ව්‍යසන අවස්ථාවලදී පවා ඇමතිවරුන් වෙනුවෙන් වාහන ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තු සම්මත කර ගැනීමේදී රනිල්ට එහෙම සංවේදීකමක් තිබුණේ නැත.

රනිල් මහජන අප්‍රසාදය නොව, මහජන ප්‍රසාදය ගැන හෝ තකන්නේ නැත. රනිල් තකන්නේ තමන්ගේ සමීප කවය හා පැරණි මිතුරන් ගැන පමණි. ගාමිනී ජයවික්‍රම පෙරේරා වැනි තවමත් ඡන්දයෙන් පත් විය හැකි ජ්‍යේෂ්ඨයන්ට සහ තලතා අතුකෝරළ වැනි එතරම් ජ්‍යේෂ්ඨ නො වුණත් ජන පදනමක් ඇති දේශපාලකයන්ට තැනක් දීම ගැටලුවක් නො වේ. ගැටලුව වන්නේ තිලක් මාරපන, මලික් සමරවික්‍රම වැනි ජන පදනමක් නැති පන්දම්කාරයන්ට රනිල්ගේ තිබෙන අනවශ්‍ය පක්ෂපාතිත්වයයි.

අනෙක් බරපතල ගැටලුව වන්නේ තමන්ට අතිශය සමීප අකිල, සාගල වැනි අය හැර වෙනත් දෙවන පෙළකට ඔහුගෙන් අවස්ථාවක් නො ලැබීමයි. මේ හේතුව නිසා පසුපසට තල්ලු වී තිබෙන යමක් කළ හැකි දක්ෂයෝ රැසක් එජාපයේ සිටිති. උදාහරණ ලෙස අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි අය සැලකිය හැකි ය.

රනිල් වනාහි ජේ.ආර්. වැනි දක්ෂ හා උසස් පෞරුෂයක් ඇති නායකයකු නොවේ. ජේ.ආර්. ඉඩ දුන්නේ රනිල්ට පමණක් නො වේ. ප්‍රේමදාස වැනි කුල පීඩිත, පහළ පංතියෙන් පැමිණි නායකයකුට ජනාධිපති ධුරය දක්වා උසස් වීමට අවස්ථාව ලැබුණේ ජේ.ආර්.ගේ නායකත්වය යටතේ ය. එහෙත්, වර්තමාන දේශපාලකයන්ට එවැනි ඉවසීමක් ද නැත. රනිල්ට එය ඇත. කලින් පක්ෂය දමා ගිය ගාමිනී දිසානායකට 1994 ජනාධිපතිවරණයට තරග කරන්නට ලැබෙන්නේ ඒ ඉවසීම නිසා ය. කරු ජයසූරිය සිය දේශපාලන අනාගතය අඳුරු කර ගත්තේ මේ ඉවසීමක් නැතිකම නිසා ය. දයාසිරි ජයසේකර එජාප දෙවෙනි පෙළ සිටි දක්ෂයෙකි. ඔහු ජෝකරයකු වූයේ නො ඉවසිල්ල නිසා ය. විටින් විට ඉවසීම, නො ඉවසීම අතර දෝලනය වන මුත් සජිත් ප්‍රේමදාස වනාහි දක්ෂකමක් නැති අයෙකි.

දෙවෙනි පෙළ නායකයන් හදන ගමන් ම තම නායකත්වය නිසි මොහොත දක්වා රැක ගැනීම දක්ෂ නායකයකුගේ ලක්ෂණයකි. එහෙත්, රනිල්ට ඒ ගුණය නැත. එජාපයේ දෙවෙනි පෙළ දක්ෂයන් මේ යථාර්ථය තේරුම් ගත යුතු ය. කටයුතු නො කළ යුතු හොඳම ආකාර සම්බන්ධයෙන් සජිත්, කරු, දයාසිරි වැනි උදාහරණ ඕනෑ තරම් එජාපයේ තිබේ.

අප මෙම සටහන තබන්නේ එජාපය වෙනුවෙන් නො වේ. අප උත්සාහ කරන්නේ රටට නායකයන් බිහි කර ගන්නට ය. එජාපය හෝ ශ්‍රීලනිපය මෙහිදී වැදගත් වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව එම පක්ෂවලටත් වඩා බෙහෙවින් පසුගාමී වන වෙනත් පක්ෂවලින් එවැනි නායකයන් බිහි වීමේ ඉඩකඩ බොහෝ අඩු නිසා ය. හේතුව එක පැත්තකින් දෘෂ්ටිවාදී ය. අනෙක් පැත්තෙන්, මේ පක්ෂවල නායකත්වය අත්පත් කරගෙන සිටින මැදි වියේ දෙබිඩ්ඩන්ගේ සීමාව ඉතා පටු නිසා ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එජාපයේ දෙවනි පිල රනිල්ට වඩා සජිත්ටයි හිතවත්... ඒක සර්ව සාධාරණයි.. තලතාත් ඉන්නේ ඒ පිලේ..

    සිරා දෙන්නේ සිරා ගේමක්... සිරා ඔය සෙට් එක බා ගන්නවා.. ආයේ ඒකේ දෙකක් නෑ... කොහොමත් රනිල්ගේ දේශපාලනයේ මැක්සිමම් ඔච්චර තමයි... සිරිසේනට ඕන නම් රනිල් හෙට ගෙදර යවන්න පුළුවන්.. බැඳුම්කරේ කේස් එක උඩ...

    ReplyDelete
    Replies
    1. සිරිසේන රනිල්ට වඩා දේශපාලනික වශයෙන් පරිණත බව ඔප්පු වෙමින් තිබෙනවා. ඔය කියන විදියෙ මටත් අවුලක් පෙනෙන්නෙ නැහැ.

      රනිල්ට තව අවුරුදු දෙකක් විතර දුන්නට කමක් නැහැ. හැබැයි එච්චරයි. නෝ මෝ නෝ ලෙස්.

      Delete
    2. සිරිසේනට ඕන නම් රනිල් හෙට ගෙදර යවන්න පුළුවන්.. බැඳුම්කරේ කේස් එක උඩ......//

      හරි මාතලන් එහෙම යැව්වොත් ඉතින් කාවද ගේන්නේ .....රාජපක්ෂ සෙට් එකද නැතිනම් සජිත්ගේ සෙට් එකද ....රනිල් යවනවා කියන්නේ සිරිසේන තමන්ගේ වල තමන්විසින්ම කපාගන්නවා. එම නිසා කවදාකවත් වෙන්නේ නැති දේවල් ඕවා එහෙත් අපි හින දකිමු.

      Delete
    3. සමාවන්න මම හොදින්ම දන්නා පරිදි "සජිත්ට බෑ " බව ඕනෑවටත් වඩා ඔහු විසින් ඔප්පු කරමින් සිටී. ඔහු යටතේ සියලු ආයතන බකොලොත්. ඉංජිනේරු සංස්ථාවේ වැටුප් ගෙවා ගත නොහැකිව විකුණා දැමීමට සැරසේ. කිසිදු නව දැක්මක් සජිත්ට නැත. ඇත්තේ රු 100, 200 බිගින් බෙදමින් දුප්පත් ජනතාව රවටාගෙන යමින් මුදලට ඊනියා මාධ්‍ය කාරයන් ටිකක් මත යැපීම පමණි.
      තලතා වැනි අය ඔහු පසුපස යාමට හේතුව යූ.එන් .පිය තුළ වෙන චරිතයක් නොපෙනුන නිසාමය.
      නමුත් නායකයන් නිර්මාණය කළ නොහැක. නායකයන් මතුවේ. විශේෂයෙන්ම ඔවුන් අරගලයන් තුලින් මතුවේ. උදා : ආර්. ප්‍රේමදාස.
      රනිල් යනු එලෙස අරගලයන් තුලින් ආ නායකයෙකු නොවේ. නායකත්වය ඔහු ලඟට ආවේ වෙනත් කිසිවෙක් අහල පහල නොසිටි නිසාය. නමුත් රනිල් සංකල්ප බිහිකිරීමේ නිපුනතාවයක් ඇති බව පෙන්නු කල අයෙක්. (conceptual manager )උදා : ගුරු විද්‍යාල , තරුණසේවා සභාව...... ඔහුගේ ඇතැම් සංකල්ප අසාර්ථක වෙන්න ඇති.
      එමෙන්ම ඔහු ඉතා තදින් පතපොත කියවන කෙනෙක්. ලෝකය පිළිබඳව update වන කෙනෙක්. මටනම් සිරිසේන තුලින් එවැන්නෙක් නොපෙනේ. නමුත් ඔහු බිම් මට්ටමේ දේශපාලකයෙක්. ඔහු ජන ජීවිතය නාග සිටුවීමට කතාකරන්නේ ග්‍රාම සේවක, ප්‍රා .ලේ . ගොවියා, ගමේ හාමුදුරුවෝ... වැන්නවුන් සමග. නව ලෝකයට කෙතරම් ඔරොත්තු දේද යන්න ප්‍රශ්නයක් වුවත් ඔහු තවමත් ඒ මත විශ්වාශය තබා ඇති බව පෙනේ.
      අවාසනාවකට රනිල් න්‍යෂ්ටියෙන් එලියට එන්න අසමත් පුද්ගලයෙක්. එනිසා තමයි මලික්, චරිත වැනි තම පාසල් මිතුරන් මෙන්ම අනෙකුත් සමීප මිතුරන් සමග තීරණ ගන්නේ. එමෙන්ම ලෝක පරිමාණ වශයෙන් සිතමින් රට දියණු කිරීමට සුදුසු බව රනිල් සිතන බව පෙනේ.
      අනාගතය සියල්ල නිශ්චය කරනු ඇත.
      මගේ විශ්වාසය නම් වත්මන් සමාජ බලවේග වල ගැටුම් අනුව අනාගතය තීරණය කරයි. එරාන් , අජිත් වැනි අය එම ගැටුම් වලදී දරණ අස්ථානය අනුව ඔවුන්ගේ අනාගතය තීරණය වේ. නැතිව ඔවුන්ව නායකයන් ලෙස නිර්මාණය කළ හැකි හෝ කළ යුතු දෙයක් නොවේ. නමුත් අද මෙන්ම 90 දශකයේදී මා කොළඹ විශ්ව විද්‍යාලයේදී දුටු දයාසිරි යනු අමු පිස්සෙකි. බොරු show පමණි. හරයක් නොමැත.

      Delete
  2. රාජපක්ෂ රෙජිමය කාලේ ලොකු තනතුරු දෙන පදනම උනේ නෑකම් නේ. නැත්නම් ‍ජ්‍යෙෂ්ඨත්වය. ඒ කියන්නේ පක්ෂය ඇතුළේ අවුරුදු ගානක් හිටපු නාකියෙක්නම් පහ පාස් නැතත් කැබිනට් ඇමතිකමක් ෂුවර්.

    ඒත් මලික් සමරවික්‍ර‍ම වගේ දක්ෂ ව්‍යාපාරිකයෙකුට රනිල් යටතේ රටේ තීරණාත්මකම බලයක් හිමිවීමට එකම හේතුව ඔහුගේ අතිදක්ෂ තීරණ ගැනීමේ හැකියාව සහ ඉදිරි දැක්ම විය යුතුයි. අපි දන්න විධියට රනිල්ට ඔහුගේ ඇති ඥාතිකමක් නෑ.

    ඒ වගේම පක්ෂයේ අවුරුදු තිහ හතළිහ හිටපු අදක්ෂ නාකීන් පැත්තකට දාලා අකිල විරාජ්, සාගල රත්නායක වගේ දක්ෂ උගත් තරුණ මහත්වරුන්ට රටේ ප්‍ර‍මුඛම වගකීම් ලැබෙන්නේ ඔවුන්ගේ ඇති සුවිශේෂි හැකියාවන් වගේම දැක්ම නිසයි.

    නෑකමට තනතුරු ලැබෙන්නේ අන්ත පසුගාමී වැඩවසම් යුගවල. ඒවගේ පාලනයකට කැමති වහල්ලුන්ට තේරෙන්නේ නෑ ඇයි මලික්, අකිල, සාගල වගේ දක්ෂයින්ට රනිල්ගෙන් ලැබෙන තල්ලුව. ඔවුන්ට තෙරෙන්නේ මහින්ද තමන්ගේ අටපාස් මස්සිනාට රටේ ගුවන් සේවය භාරදුන්න හේතුව වගේ සරල දේවල්.

    ReplyDelete
    Replies
    1. මලික්, අකිල, සාගල වගේ අයට ඔච්චර ජ්‍යේෂ්ඨ තනතුරු දුන්නෙ හුදෙක් ම දක්ෂකම නිසා නෙමෙයි. ඒ අය මට්ටමේ ම හෝ ඊට වඩා දක්ෂයන් තමයි හර්ෂ, එරාන්, අජිත් පී. පෙරේරා වගේ අය. (කරුණාරත්න පරණවිතාන වැනි අය හෙළ උරුමෙ නිසා කියමු.)

      ඇයි රනිල් ඔවුන්ට අවස්ථා නො දෙන්නෙ?

      තව එවැනි අවස්ථා දිය යුතු කෙනෙකු තමයි රන්ජන්.

      රනිල් මේ සමීප කල්ලියට ඕනෑවට වඩා පුදන්නට යන එකෙන් එජාපයත්, ආණ්ඩුවත් අස්ථාවර වෙනවා. මාතලන් කියපු දේ වෙන්නට සෑහෙන ඉඩක් තියෙනවා.

      කොහොමත් මෛත්‍රී රනිල්ට වඩා දේශපාලන පරිණතබවක් දැනටත් පෙන්වා තිබෙනවා.

      Delete
    2. //මලික්, අකිල, සාගල වගේ අයට ඔච්චර ජ්‍යේෂ්ඨ තනතුරු දුන්නෙ හුදෙක් ම දක්ෂකම නිසා නෙමෙයි.//

      ඔය හේතුව මෙතන විස්තර ඇතුව සාකච්ඡා කරනවා.
      http://mallepol.blogspot.com/2017/01/blog-post_19.html

      ජේ ආර් ප්‍රේමදාසව ගන්නේ දෙවෙනිපෙළක් ඉස්සරහට ගන්නවට වඩා ඒ වෙලාවේ ජවිපෙට මූණ දෙන්න ගෙනාපු තුරුම්පුවක් විදියට. strategy එකකට වඩා tactical move එකක්. ලංකාවේ දේශපාලනයේනම් ලොක්කෝ දෙවෙනි පෙළ කියලා දාන්නේ තමුන්ගෙ සනුහරේ උන්ව. බලයේ ඉන්නකන් වලපයයි ගොඩපයයි තියන් ඉන්න හරි දෙලොවටම නැති වගේ පේන හරි හාල් පාරුවෙක්ව අගමැති කර ගන්නවා. පක්ෂයේ තමන්ට පස්සේ කැපී පේන උන්ව කපලා දානවා. යන්න ඔන්න මෙන්න තියෙද්දී තමන්ගෙ එකෙක් දානවා. ප්‍රේමදාස විජේතුංගව තියන් කරන්න ගියේ මේකයි. චන්ද්‍රිකා රත්නසිරිව දාන් කරෙත් මේකයි. අන්තිමේදි තමන්ගෙ එකා අනුරව ගන්න හැදුවා. මහින්ද මයිත්‍රිව ගැන හිතුවෙත් වැඩකටනැති හාල්පාරුවෙක් විදියට.

      රටේ නායකත්වය ගන්න හිටපු ගොඩක් දෙවෙනිපෙළට උනේ චකබ්ලාස් වෙලා යන්න. ඇතුලත්මුදලි, ගාමිණි අතුකොරල, ජානක පෙරේරා උදාහරණ. චන්ද්‍රිකාත් මහින්දව අම්බානක හැලුවා.

      රවී ජයවර්ධන කැමති උනේ නැ දේශපාලනයට එන්න. වුණානම් බලාගන්න තිබ්බා.

      Delete
    3. ////ජේ ආර් ප්‍රේමදාසව ගන්නේ දෙවෙනිපෙළක් ඉස්සරහට ගන්නවට වඩා ඒ වෙලාවේ ජවිපෙට මූණ දෙන්න ගෙනාපු තුරුම්පුවක් විදියට. strategy එකකට වඩා tactical move එකක්./////

      සම්පූර්ණයෙන් ම වැරදි කතාවක්.

      ජේ.ආර්. ප්‍රේමදාසව දෙවැනි පෙළ නායකයෙක් හැටියට ගත්තේ 1973 දී.

      එ.ජා.ප. නායක ඩඩ්ලි සේනානායකගේ මරණයෙන් පස්සේ පක්ෂ නායකකම හිමි වුණේ ජේ.ආර්. ට. එයාගේ සනුහරේ අයව ඉස්සරහට ගත්තා කියන එක බොරුවක්. 1973 දැදිගම අතුරු මැතිවරණයට එ.ජා.ප.යෙන් ඉදිරිපත් වුණේ ඩඩ්ලිගේ බෑණා රුක්මන් බව ඇත්ත. ඒත් ඒක එහෙම කළේ ඒ වෙලාවේ බලවත් සමඟි පෙරමුණු රජයත් එක්ක හැප්පෙන්න ඩඩ්ලිගේ ම නෑදෑයෙක් ඡන්ද අපේක්ෂකයෙක් වඩා හොඳ තේරීමක් වුණු නිසා. ඊට පස්සේ ජේ.ආර්. සහ රුක්මන් සේනානායක මන්ත්‍රීවරයා අතර ගැටුමක් ඇති ඇති වුණා 1977 මහමැතිවරණයට පෙර. 1976 දී කොළඹ වෝඩ් පෙදෙසට බස්වලින් පැමිණි රුක්මන්ගේ ආධාරකරුවන්ට වැලි බෝතල්වලින් ගැස්සෙව්වේ ජේ.ආර්.
      ඒක නිසා තමුන්ගේ සනුහරේ අයට ජේ.ආර්.ගෙන් එහෙම විශේෂ සැළකීමක් ලැබුණේ නැහැ. ජේ.ආර්. ඉස්සරහට ගත්තේ වැඩක් කරන්න පුළුවන් තරුණයින්ව. හපුතලේ වි.ජ.මු. ලොකුබණ්ඩාර වගේ වාමාංශික පිළේ හිටපු තරුණයින්වත් ගත්තා.

      ////බලයේ ඉන්නකන් වලපයයි ගොඩපයයි තියන් ඉන්න හරි දෙලොවටම නැති වගේ පේන හරි හාල් පාරුවෙක්ව අගමැති කර ගන්නවා. පක්ෂයේ තමන්ට පස්සේ කැපී පේන උන්ව කපලා දානවා.////

      එ.ජා.ප.යේ නියෝජ්‍ය නායකකමට ප්‍රේමදාස පත් වුණේ 1973 දී ම යි. එතැන ඉඳන් 1977 මහමැතිවරණය තෙක් එ.ජා.ප.ය වෙනුවෙන් ප්‍රේමදාස පෙරමුණට ඇවිල්ලා විශාල වැඩ කොටසක් කළා. ඒ කාලේ පාර්ලිමේන්තුවේ (ජාතික රාජ්‍ය සභාවේ) විපක්ෂයේ නිතරම කෑ ගහන චරිතයක් තමයි ප්‍රේමදාස. 1977 දී එ.ජා.ප.ය දිනපු වෙලාවේ අගමැති වුණේ ජේ.ආර්.
      ප්‍රේමදාසට ප්‍රබල අමාත්‍ය ධුරයක් ලැබෙන බව කවුරුත් දැනගෙන හිටියා. 1978 පෙබරවාරි මාසයේ ජේ.ආර්. ජනාධිපති වුණු වෙලාවේ ප්‍රේමදාස අගමැති වුණේ එයා නියෝජ්‍ය නායක වෙලා හිටපු නිසා.

      ප්‍රේමදාස හාල් පාරුවෙක් නෙවෙයි, ප්‍රබල අගමැතිවරයෙක් විදියට තමයි 1988 දෙසැම්බර් වෙනකල් වැඩ කළේ. ඒ කාලේ අවුරුද්දකට සැරයක් 'ගම් උදාව' කියලා සැනකෙළියක් පැවැත්වූවා එයාගේ ප්‍රතිරූපය නංවන්න. ජේ.ආර්. ඒවා නවත්තන්න ගියෙත් නැහැ, තමුන්ගේ සනුහරේ කෙනෙක්ව ඉස්සරහට ගත්තෙත් නැහැ.

      ඒත් ප්‍රේමදාස ලලිත්/ගාමිණි එක්ක ගැටුම් ඇති කර ගත්තු එක ඇත්ත. ඒ හේතුව නිසා තමයි 1991 දී ඒ දෙන්නා ප්‍රේමදාස ආණ්ඩුවෙන් එළියට ගියේ. උපාලි විජේවර්ධන 1981 දී එ.ජා.ප.යට රිංගන්න උත්සාහ කරන කොට රොනී ද මැලුත් ඒ වගේම ගැටුමක් ඇති කර ගත්තා එයා එක්ක. ඕවා ඉතින් පක්ෂ ඇතුළේ ඇති වෙන්න පුළුවන් දේවල්.

      කොහොම වුණත් ප්‍රේමදාස ජනාධිපති වුණු වෙලාවේ ලලිත්/ගාමිණි දෙන්නාගෙන් එක්කෙනෙකුට නොදී, ඩී.බී. විජේතුංගව අගමැති හැටියට පත් කළේ ඒ දෙන්නා එක්ක තිබුණු ගැටුම නිසා ම නෙවෙයි. අගමැති තනතුරට ගාමිණිව පත් කළොත් ලලිත් පක්ෂය කඩාගෙන යයි, එහෙම නැත්නම් අගමැති හැටියට ලලිත්ව පත් කළොත් ගාමිණි පක්ෂය කඩා ගෙන යයි කියන අදහසත් නිසා.

      කොහොම හරි ඩී.බී. විජේතුංග වගේ දුර්වලයෙක්ව පත් කිරීමෙන් සිද්ධ වුණේ ඉන් පස්සේ පත් වුණු ජනාධිපතිවරුනුත් දුර්වලයන්ව අගමැති හැටියට පත් කිරීම සඳහා පූර්වාදර්ශයක් සැපයුණු එක යි. එහෙම නොවුණු අවස්ථා තිබුණේ දෙක යි: 2001-2004 කාලයේ සහ 2015 සිට මේ දක්වා රනිල් අගමැති වූ අවස්ථා දෙක.

      Delete
    4. රනිල්,... සල්ලි තියන මලික්ලාට සලකනව. ඊට අමතරව සමරිසි මිතුරන්ට සලකනව. මහින්ද පවුලේ එවුන්ට. දෙන්නම එකයි බැලුවම.

      Delete
    5. ෂෝං පෝල් බෙල්මොන්ඩෝAugust 28, 2017 at 1:20 PM

      මලික් කියන්නේ රනිල්ගේ ඉතාම දිගුකාලීන සමකාමි මිතුරෙක් - ඒ නිසා සැලකීම සල්ලි නිසා නෙවේ - මලික්ට වඩා මෑත සමකාමි මිතුරන් වන සාගල හා අකිලටත් සලකනවා - මාරපන නම් 1977 ගණන්වල ඉදන් සොලිසිටර් ජෙනරල් නිසා හා එජාපයට සම්බන්ධ නිසා කැමති ඇති. රනිල් හිතන්නේ අර එඩ්වර්ඩියන් එංගලන්තයේ වගේ සම අදහස් ඇති පිරිමින්ගෙන් සමන්විත ඕල්ඩ් බෝයිස් නෙට්වර්ක් එහෙකින් ‍ගේම ගෙනයන්න.
      පැරා වගේ සරල "විප්ලවවාදීන්ට" හා හිටපු සමාජවාදීන්ට රනිල්ලව තේරුම් ගන්න අමාරුයි - මේ රටේ තාමත් එජාපය නිසාම කඩේ යන නාකි අංකල්ලටත් රනිල්ව තේරුම් ගන්න බෑ - ටැබූ ඉතා නිවැරදි ලෙස වරක් රනිල් හැඳින්වූයේ sugar daddy කෙනෙක් ලෙසයි - තාමත් ඒ පොයින්ට් එක පැරාට මිස් වෙලා රටේ නැති විකාර කියෝනවා

      Delete
  3. මට රනිල් බේරා ගැනීමට අවශ්‍ය නෑ.
    ඒත් එරාන් අජිත් හර්ෂට වඩා අකිල ජ්‍යෙෂ්ඨ යි. සාගලත් ජ්‍යෙෂ්ඨ යි. ඒත් ඒවා 2010 පැරදී කෙනෙක්.
    ඔය එරාන් අජිත් හර්ෂ මට්ටමේ එකට පාර්ලිමේන්තු ආව අයගෙන් අඩු වෙන් ම ලැබුනේ බුද්ධි කට පොර කොහොමත් වෙන ලයින් එක්ක නෙ හිටියෙ. වැඩියෙන් ලැබුනේ රුවන් ට (රාජ්ය ඇමැති)
    ජ්‍යෙෂ්ඨත්වය නොසලකා දක්ෂ කමට දෙනවනම් ඒක ත් හොඳ යි. හැබැයි එකම මට්ටමේ ඉන් න පිරිසකගෙන් එක්කෙනෙක් ට සැකුවාමත් ප්‍රශ්න ඇති වෙනවා නේද ?

    ReplyDelete
  4. (permanent?)secretaryලව දමනය කරගන්න හැකියාව පෙන්නපු අයට නේද ලොකු පොස්ට් දීල තියෙන්නේ.

    ReplyDelete
  5. Still we lesser beings are trying to define Ranil even though we voted for him.So you are a big help.Sad truth is,as you say, where can we find a true leader. Yes, definitely, no more,no less than two years for Ranil.

    ReplyDelete
  6. රනිල් මොනතරම් දක්ෂ කෙනෙක්ද කියලා බලාගන්න තිබුණා බටහිර සහ ඉන්දීය තානාපති කාර්යාල ලංකාවේ නොතිබුනානම්. හර්ෂට තැනක් ලැබෙන්න තව අවුරුදු 10ක් වත් යාවි. සිල්වා කියන්නේ ගොවිගම සිංහල බෞද්ධයෙක් නෙවෙයිනේ.

    ReplyDelete
  7. නා වනයේ නාගර්ජුනAugust 27, 2017 at 11:52 PM

    රන්ජන් මොබ් සින්කෝන් එකක්.
    හර්ෂ මීඩීයා බඩියෙක්.
    සජිත් ට තම පියගෙ දේශපාලන හැකියාවෙන් 0.001% වත් නැත.
    බුද්ධික පතිරණ උපන්ගෙයි ඔල්මාද කාරයෙක්.
    රුවනුත් අතට ලැබුනදේ කටට දාගන්න බැරි පොරක්.
    බ්ලා..බ්ලා ාාා...
    මොනව උනත් රනිල් න්‍යෂ්ඨිය නිසා මේ සියලු දෙනා මේසා ප්‍ර‍මාණයක හෝ ක්‍රියාකාරී චලන රිද්මයක් පවත්වා ගනියි.
    හැබැයි රනිල්, රන්ජන් සහ මහින්ද වගෙ මාර පොරක් නම් නෙවේ.
    රනිල් නැමති අහිකුන්ඨකයට පින් සිද්ද වෙන්න අද මේ සියළු දෙනා පාර්ලිමේන්තුවේ ආන්ඩූ පක්ෂය තුල තම නයි නැටුම් රඟදක්වයි.
    ඒ අතර රනිල් ට කෙලවන්න ගිය දයාසිරිලා,තිස්සලා,කරූලා අද අඛන්ඩව විහිළු සපයන සත්ව කොට්ඨාශයක් බවට පත්වී ඇත.
    රනිල්ට විකල්පයක් දැනට රටේ නැත.හැකි නම් රනිල්ට විකල්පයක් නම් කරන්න.
    රනිල්ට කෙලෙව්වොත් මෛත්‍රිත් සුං,මහින්දත් සුං,අනුරත් සුං, ඉන්දියවත් සුං ,චිනෙත් සුං,ශ්‍රීලංකාව යලිත් නොසන්සුං.
    සූඩානය වගෙ වෙයිද? සිරියාව වගෙ වෙයිද? දන්නේ නෑ.

    ---
    යහපාලනයේ මාධ්‍ය නිදහස ගැන මම සතුටු වෙමි.

    ReplyDelete
    Replies
    1. //රනිල්ට විකල්පයක් දැනට රටේ නැත.//

      මෛත්‍රිට,චන්ද්‍රිකාට,මහින්දට,සජිත්ට,රවිට,රන්ජන්ට,හර්ෂට,එරාන්ට,දයාට,නාමල්ට..විකල්පව දහස් ගනනක් මිනිස්සූ දැනට පෝලිමේ ඉන්නවද ?

      Delete
    2. නා වනයේ නාගර්ජුනAugust 28, 2017 at 4:55 PM

      //මෛත්‍රිට,චන්ද්‍රිකාට,මහින්දට,සජිත්ට,රවිට,රන්ජන්ට,හර්ෂට,එරාන්ට,දයාට,නාමල්ට..විකල්පව දහස් ගනනක් මිනිස්සූ දැනට පෝලිමේ ඉන්නවද ?//

      1,000,000 ගනනක් විකල්ප දැනටම පෝලිමේ ඉන්නව.

      Delete
  8. //උදාහරණ ලෙස අජිත් පී. පෙරේරා //

    හක් හක්.. තමන්ගෙ ආසනේ දිනාගන්න බැරි එකා... පික්ෂු කියන්න එපා ලොක්කා..

    ReplyDelete
    Replies
    1. To Ano @ 9.04 am
      ජේ.ආර්.ටත් තමන්ගේ ආසනේ දිනාගන්න බැරිවුණ අවස්ථා තිබුණා. ආසනය දිනාගත් හෝ නොගත් පමණින් දේශපාලන මැනීම් කරන අය දේශපාලනික අම්බරුවෝය. අනෝ, කරුණාකර මැකෝ ට දන්වා තම චන්ද අයිතිය අහෝසි කර ගන්න. එය රටට සෙතක් වනු ඇත.

      Delete
  9. තම පවුලේ හැත්ත බුරුත්ත තම මන්ත්‍රී කාර්යය මංඩල වලට පත්කර ගැනීම තහනම් කීරීමට නව ප්‍රංශ ජනාධිපති මැකේන්ට හැකිවිය.නමුත් ලංකාව ලෝකේ උතුම්ම රට නිසා එවැනි දෙයක් ප්‍ර‍ගතිශීලී දෙයක් කිරීමට මේ රටේ සිටින කිසිම ගොබ්බ දේශපාලුවෙක් හීනෙන් වත් කැමති නෙවනු ඇත.(රනිල් ඇතුළුව)

    ReplyDelete
  10. "යමක් කළ හැකි දක්ෂයෝ රැසක් එජාපයේ සිටිති. උදාහරණ ලෙස අජිත් පී. පෙරේරා" කටින් නෙවෙයි හිනා යන්නේ...

    ලෝ එන්ට්‍රන්ස් සඳහා සිංහල සාරාංශ ලියන්නට උගන්නන ජාතියේ මහා නීතීඥ පඬි රුවන......හහ් ..හහ්

    ReplyDelete
    Replies
    1. Ano Aug 28 10:56AM

      Better one is Namal Rajapakse (sataka) OR Ajith P Perera ??

      Delete
  11. මාර වක්තෘන්ල වැඩසිටින සයිබරේ දන්න කෙනෙක් දෙසාපල්ලකො "මංගලගෙ අනාගතය" ගැන.

    ReplyDelete
  12. ඔය දෙවෙනි පෙල අයට තියෙන්නේ දැනට ලැබෙන පොඩි කට්ටක් සූප්පු කරමින් ඉන්න. පස්සෙ බැරියෑ බුරියානි බෙදාගෙනම කන්න!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා