හොර කල්ලි දෙකට ම එරෙහිව පුරවැසි බලවේග පෙරට

ඊයේ පුරවැසි බලවේග කොළඹදී පවත්වන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය ඉතා සාර්ථක එකක් බව මගේ නිරීක්ෂණයයි.

මූලිකව ම ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ජෝසප් ස්ටාලින් හැර 2015 ජනවාරි 8 වෙනස වෙනුවන් වැඩ කළ සියලුම පුරවැසි නායකයන් තවමත් අධිෂ්ඨානශීලීව ඒ වෙනස වෙනුවෙන් ඇපකැප වී සිටිනු දකින්නට ලැබිණි.

ඒ කිසිවෙක් ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකලාපයන් පිළිබඳ පැහැදීමක ඇති බවක් අප නිරීක්ෂණය කළේ නැත. එහෙත්, ඔවුන් තවමත් සිටින්නේ වත්මන් ආණ්ඩුව හා වත්මන් බල තුලනය රැක ගත යුතු ය යන තැන ය. රාජපක්ෂ සොර මුළුව කිසි සේත් ම මෙයට විසඳුම නො වන බව ද, අප කළ යුතුව තිබෙන්නේ වර්තමාන සිර වීමෙන් ඉදිරියට යාම මිස ආපසු යාම නො වන බව ද බොහෝ දෙනෙකුගේ අදහසයි.

වර්තමාන ආණ්ඩුවේ තිබෙන මූලික ගැටලුව ගැන අප විවෘතව කතා කළ යුතු ය. එය වනාහි ආසන 106ක් හිමි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ගැටලුවයි. වර්තමාන ආණ්ඩුවේ ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයට තිබෙන්නේ එම ආසන සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණි. එ් අතර අවසන් මහ මැතිවරණයේදී පවා රාජපක්ෂලාට කඩේ ගිය, තවමත් එසේ කරන අය සිටිති. එහෙම තිබියදීත්, අච්චර දැවැන්ත අලියකුට එයින් තුනෙන් පංගුවක් පමණ වන මීහරකකු ඉදිරියේ ඇඹරෙන්නට සිදු වී තිබෙන්නේ ඇයි ද යන්න එජාපය විමසිලිමත් විය යුතු ය.

මෙහි තිබෙන ප්‍රශ්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නො වේ. මේ මොහොත දක්වා ම ඔහු විසින් පවත්වාගෙන යමින් තිබෙන තුලනය හා රාජපක්ෂ බලවේගයට හිස ඔසවන්නට ඉඩ නො දී තබා ගැනීම අතිශය වැදගත් ය.

මූලික ගැටලුව තිබෙන්නේ පුරවැසි අපේක්ෂා පිළිබඳ වඩා බලාපොරොත්තු සහගත නායකත්වයක් වූ රනිල් වික්‍රමසිංහගේ ය. ඊයේ පුරවැසි බලවේග ආණ්ඩුවට සාධනීය බලපෑමක් කරන්නට ජනතාව බලමුළු ගන්වද්දී රනිල් ඒ ගැනවත් තඹ දොයිතුවකට මායිම් නො කර, සිය සහචර කල්ලියේ සිටින, ජන පදනමක් නැති, ඇවන්ට්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටීමේ චෝදනා හේතුවෙන් මීට පෙර ඉල්ලා අස් වීමට සිදු වූ තිලක් මාරපන විදේශ ඇමති ධුරයට පත් කළේ ය. මේ වනාහි රනිල් වික්‍රමසිංහ යනු කිසි සේත් ම මහජනයා සම්බන්ධයෙන් වගකීමක් ඇති අයෙකු නො වන බව නැවත, නැවත ඔප්පු කිරීමකි.

මේ ආණ්ඩුව අර්බුදයට පත් කරන ප්‍රධාන පිරිස රනිල්ගේ සහචර කල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැත. භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියේදී රවි කරුණානායකගේ සොරකම ළුනු බිකක් බව බොරුවක් නො වේ. එහි සැබෑ කොල්ලය රනිල්ගේ සහචර කල්ලියේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ හා ඔහුගේ බෑණාගේ වැඩකි.

මෙම තත්වය හමුවේ අතිශය වැදගත් ක්‍රියාමාර්ග දෙකක් වෙනුවෙන් පුරවැසි බලවේග සිය බලපෑම තීව්‍ර කළ යුතු ය. ඒ රාජපක්ෂ හොර කල්ලිය හා මහ බැංකු හොර කල්ලිය සම්බන්ධයෙනි. මේ දෙපිරිසට ම කිසිදු බුරුලක් නො දැක්විය යුතු ය. තරාතිරම නො බලා උපරිම ක්‍රියාමාර්ග ගත යුතු ය. ආණ්ඩුවේ ය කියා කිසිවෙකු ආරක්ෂා නො කළ යුතු ය. මේ කල්ලි දෙක විසින් සොරකම් කරන ලද මුදල් නිර්දය ලෙස ආපසු ලබා ගැනීමට කඩිනමින් ක්‍රියා කළ යුතු ය.

මේ දෙපිරිස මේ වන විටත් කටයුතු කරන්නේ එකිනෙකා අතර අවබෝධයකින් බව පෙනේ. ඔවුන්ට ඕනෑ නම් සන්ධාන ගත වී හිරේ ගියත් අපට කමක් නැත. අප කටයුතු කළ යුත්තේ 2015 ජනවාරි 8 අපේක්ෂා ඉදිරියට ගෙන යාමට ඇපකැප වන බලවේග සමගයි. අප ශක්තිමත් කළ යුත්තේ ඔවුන් ය. එජාපයේ, ශ්‍රීලනිපයේ සෙසු බලවේගවලට එක්කෝ හැඩගැසිය හැකි ය. නැතිනම් රාජපක්ෂලා සමග ම යා හැකි ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජනවාරි 8 ජනතා බලවෙිගය අනිවාර්යෙන්ම රනිල්ගේ ඩීල් දේශපාලනයට එරෙහිව පාරට බැසිය යුතුය නමුත් එහි වාසිය රාජපක්ෂ හොර නඩයට නෙලා ගැනීමට කිසිලෙසකින් ඉඩදිය යුතු නැත.

    ReplyDelete
  2. පවතින නීති රාමුව සහ ප්රෝඩාතන්ත්රවාදය හරියන්නෑ පැරා. අපිට නියම ලී ක්වාන් යූ කෙනෙක් ඕන

    ReplyDelete
    Replies
    1. ලී ක්වාන් යූ රටෙ නීති රාමුව තමන්ගෙ පවුලේ බිස්නස් වලට ගැලපෙන්න හදාගත්ත වැඩවසම් පැක්ටරි ඕනර් කෙනෙක් . නිදහස අත්විදල නැති වහල්ලුන්ට සිංගප්පූරුව මාර රටක්.
      රුපියල් කෝටී 10-15 ක මහජන මුදලින් තම දෙමවුපියන්ගෙ සොහොන් බැදපු කූවාන් යූ ලා තමයි ලංකාවට වඩාත් සුදුසු නේද ?

      Delete
    2. U turn, Singapore is nothing Sri Lanka is the place(LOL)I don't think you have seen Singapore (LOL)You are just a frog in the well.

      Delete
    3. //AnonymousAugust 16, 2017 at 5:25 PM//

      යන්න කලින් අහල පහල මිනිස්සුන්ටත් පම්පෝරි වනලා,රුපියල් 20,000-30,000 ට අප් ඇන්ඩ් ඩවුන් ටිකට් දාගෙන,කටුනායකින් නංවලා සිරීපාදෙත් වැඳගෙන කතරගම දෙවිඅඩවිය උඩින් පැය 4 විතර ඇදලා සිංගප්පූරුවට ලැන්ඩ් කරන කොට සදෙව් ලෝතලය දැක්කාසේ ඇග හිරිගඩු පිපුනද මගෙ අම්මා ඔයාට.ඔන්එරයිවල් විසා ගහගෙන එයාපෝට් එකෙන් එලියට එනකොට පාර අයිනේ තියෙන මල් පාත්තී දැක්කම ඔයාට හා.. කවුද මතක් උනේ ? මල් පාත්ති වලට කොහොමත් හරක් කැමතියි නෙහ්.. චූං චෑං.
      චූං චෑං ඔබට යකඩ ,වීදුරූ, බල්බ් සහ කොන්ක්‍රීට් කියනනේ සැපක් සනීපයක් නිර්වානයක් නම් අද හෙටම Beijing හෝ Shanghaiගිහින් එන්න.
      මම නම් සැප්තැම්බර් වල Hamburg යනව ... කමක් නැද්ද?

      මානව නිදහස සහ මානසික තෘප්තිය ඇස්වල කන්වලට දැනෙන දෙයක් නොවෙයි චූං චෑං .
      චූං චෑං ලා දන්න නිදහස .


      Delete
    4. මළමිනී වැසෙන සේ මල් සිටුවනු !
      පොහොර ලෙස මිනී අළු යෙදනු !
      -හිට්ලර්

      Delete
  3. පුරවැසි හෝ වෙනත් හෝ කුමන බලවේගයට වුවද, පැවතිය හැක්කේ හොර කල්ලි දෙකෙන් එකකට හේත්තු වීමෙන් පමණි.

    එසේ නොවන්නේ නම් කල හැක්කේ, කොල්ලො කෙල්ලො සීයක් හමාරක් ගෙනැවිත් පාරවල් බ්ලොක් කිරීම, ප්‍රෙස් කොන්ෆරන්ස් පැවැත්වීම, බලය, වාද පිටිය, රතු ඉර, සටන, ජන හඬ, ආදියේ ශිල්ප දැක්වීම, විද්‍යුත් මාධ්‍ය වලට වොයිස් කට් දීම, පත්තර වල ට කොලම් ලිවීම, පත්තර වල ඉඩ නොලැබෙන විට බ්ලොග් ලිවීම, තියරි කරේ තබා ගෙන දිවීම හා තියරිටීෂන් ලා අයිති කර ගැනීම වෙනුවෙන් සටන් වැදීම, ෆේස්බුක් එකේ කවි ලිවීම, වැනි දේ හරහා ගොං ආතල් දීම පමණි.

    ReplyDelete
  4. //ඊයේ පුරවැසි බලවේග ආණ්ඩුවට සාධනීය බලපෑමක් කරන්නට ජනතාව බලමුළු ගන්වද්දී රනිල් ඒ ගැනවත් තඹ දොයිතුවකට මායිම් නො කර, සිය සහචර කල්ලියේ සිටින, ජන පදනමක් නැති, චෝදනාවට ලක් වී සිටින ඇවන්ට්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටීමේ චෝදනා හේතුවෙන් මීට පෙර ඉල්ලා අස් වීමට හේතු වූ තිලක් මාරපන විදේශ ඇමති ධුරයට පත් කළේ ය. මේ වනාහි රනිල් වික්‍රමසිංහ යනු කිසි සේත් ම මහජනයා සම්බන්ධයෙන් වගකීමක් ඇති අයෙකු නො වන බව නැවත, නැවත ඔප්පු කිරීමකි. //

    ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. සුදු හුණු තැවරීම +++++++ කලහැකිය කියලා දන්නේය

      Delete
  5. කම්බ හොරෙක් වෙන රාජිතත් කතාවක් කරේ හරියට ඌ මේ ආණ්ඩුවෙ නෙවේ වගේ

    ReplyDelete
    Replies
    1. රාජිත කඹ හොරෙක් වන්නේ කෙසේදැයි පැහැදිලි කරා නම්

      Delete
    2. අනුර දිසානායක පාර්ලිමේන්තුවෙදි හොඳට පැහැදිලි කරේ.....

      "මෝදර ධීවර වරාය බදු දුන්නා. තක්‌සේරුව ලක්‍ෂ 17 යි. ඒත් එක්‌ලක්‍ෂ විසිපන්දහස ගානේ මාස තුන්සීයකට බදු දුන්නා. පරීක්‍ෂණ අල්ලස්‌ කොමිසම කරද්දී ජනාධිපතිවරයා හමුවෙලා අල්ලස්‌ කොමසාරිස්‌ව මාරුකළා. ආයුර්වේද සංස්‌ථාවට මස්‌සිනා දාලා නෝනා පත්වීම් දෙනවා. පට්‌ට හොරෙක්‌. මොන හිඟන්නෙක්‌ද මේ. ඒවට එන්න එපා හොඳේ. කවුද මෙයා. මගෙන් මොකවත් අහගන්න එපා. ආණ්‌ඩුවත් එක්‌ක බිස්‌නස්‌ කරලා මන්ත්‍රීකම නැති වුණා."...


      http://www.divaina.com/2017/08/24/news02.html

      Delete
  6. /**
    මූලිකව ම ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ජෝසප් ස්ටාලින් හැර 2015 ජනවාරි 8 වෙනස වෙනුවන් වැඩ කළ සියලුම පුරවැසි නායකයන් තවමත් අධිෂ්ඨානශීලීව ඒ වෙනස වෙනුවෙන් ඇපකැප වී සිටිනු දකින්නට ලැබිණි.
    */

    ඇත්ත කතාව නම්, පුරවැසි නායකයන් විසින් සිදු කරනු ලබන දේ සාර්ථක වනවා නම්, ඒ ගැන වඩාත්ම සතුටු වන පුද්ගලයා, නිර්මාල් වීමය. ඒ, එසේ වුවහොත්, (එනම් එවැනි සාර්ථකත්වයක් ඔස්සේ) යහපාලන ආණ්ඩුව හරි පාරට ආවොත්, ජනවාරි 8 සිදු වුනේ මතුපිට වෙනසක් නොව සැබෑ විප්ලවයක් ය යන නිර්මාල් ගේ තියරිය එමගින් සනාථ වීමයි.

    එහෙත්, පුරවැසි නායකයන් ගේ වැඩ වලට හවුල් වීමට දැන් නිර්මාල් ට ලැජ්ජාය. මක්නිසාද යත්, (පුරවැසි නායකයන් ගේ ඩීල් අමතක කල ද) පුරවැසි නායකයන් ගේ අභිප්‍රාය ඉටු වීමට ඉඩ ඇත්තේ ඉතා කුඩා සම්භාවිතාවයක් පමණක් වීමත්, ජනවාරි 8 අරමුණු මුදුපත් කර ගැනීමට වෙහෙස වීම මගින් සිදුවන එකම දේ සුමිත් චාමින්ද ගේ උසුළු විසුළු වලට ලක් වීම පමණක් වීමත් ය.

    ReplyDelete
    Replies
    1. හයියූ ඉයාගි වීළු කියන්නි අර කවිද?

      Delete
  7. http://rebelofkandy.blogspot.com/2017/08/a-new-tactic-by-mercenaries-of-western.html

    ReplyDelete
  8. ඉතා සාධාරණ ලිපියක්. මම එකඟයි. Good Job !

    ReplyDelete
  9. පුරවැසි බලවේගය කොළඹට සහ අවට ප්‍රදේශවලට සීමා වීම අවාසියකි .එය රට පුරා පැතුරුණු දැවැන්ත සංවිධානයක් බවට පත්වීම අත්‍යවශ්‍යය .ආණ්ඩුව පාලනය කල හැකි වන්නේ එවිටය. ඒ පිළිබඳව වැඩ පිළිවෙලක් ඉක්මන් කර ක්‍රියාවට දැමිය යුතුය.

    ReplyDelete
  10. පැරකුම්
    පුරවැසි බලවේගය එකතුවී රටේ බලය ලබා ගත්තයි අනුමානය කර තොත් , එහෙත් ඔවුනට රට පාලනය කර ගත හැකිද .අනික්වුන් නිකම් බලා සිටීද මෙයිට වඩා අගාධයක් තවත් තියේවිද

    ReplyDelete
    Replies
    1. පුරවැසි බලවේගවල දේශපාලනය යනු බලය ගැනීම හා සම්බන්ධ එකක් නො වේ. බලය නො ගෙන බලපෑම පවත්වාගෙන යාමට බැරිකමක් නැත.

      Delete
  11. දැන්වීමයි [ මුදල් ගෙවා ප්‍රචාරයකි ]

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුතුන් වන නාමල්, යෝෂිත යන අයගේ නමට රට පුරා ඉඩම් 21 ක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර
    දිසානායක මහතා පවසයි.

    ඔවුන් විසින් එලෙස ඉඩම් මිලදී ගනු ලැබු ඔප්පු අංක, මිලදී ගත් දිනය හා මිලදී ගනු ලැබූ මුදල පිළිබඳ තමා ළඟ නිවැරදි තොරතුරු ඇති බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

    මෙවැනි විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

    මහජනයාගේ මුදල් මෙලෙස අවභාවිතා කරන පුද්ගලයින් රට වෙනුවෙන් වැඩ කරන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බවත් එමෙන්ම අධිකරණයෙන් ඔවුන් දඬුවම් නොලැබුවත් ජනතා අධිකරණය ඉදිරියේ දඬුවම් දිය හැකි බවත් රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

    ReplyDelete
  12. කෙසේ හෝ මේ ආණ්ඩුවේ රෙදි ගැලවෙන තත්වයක් දැන්නම් උද්ගතවී ඇති බව පෙනීයන කරුණකි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය (විචාරක) වෙත.
      ඔබ මේ පිවිස සිටින්නේ සක්‍රීය සමාජ දේශපාලන මතවාද ගැටෙන බ්ලොග් අඩවියක් (fb,twt,pnt)වෙතය. ප්‍ර‍තිවිරුද්ධ අදහස් හා මතවාද වලට ලිංග භේදයකින් තොරව දරුණු ප්‍ර‍තිචාර දක්වන පිරිස් මෙහි නිතර ගැවසේ.විචාරක එය දැන සිටියා ඔබත් ඒ පිලිබදව දැනුවත්ද?
      අභීත දියණිය ඔබ දැනුමෙන් සන්නද්ධව එනු. අප සටනට සූදානම් .අපිට ලැජ්ජා නැති නිසා අපි ගෑනුන්ටත් පාට් දානව දියණිය.

      විචාරක දියණිය වැනි කාන්තා නියෝජනයන් ලාංකික සමාජ දේශපාලන සිංහල මාධ්‍යය සංවාද ක්ෂේත්‍ර‍යට අත්‍යාවශ්‍යය.

      Delete
  13. මෙම ආණ්ඩුවේ හොරු යනු රනිල් ගේ බැඳුම් කර කල්ලිය පමණක් නොවේ. රාජිත වැනි, මහිද ගේ ආණ්ඩුවේ සිට පැමිණි හොරුන් ද, මෙම ආණ්ඩුවේ හොරුන් ට ඇතුලත් වෙනවා. එම හොරු, ඊනියා සත්‍යග්‍රහයේ ප්‍රධාන කථිකයන් ද වූවා.

    ReplyDelete
  14. ජවිපෙ සිනුව අයින් කරනවලු. සිනුව විතරක් අයින් කරල මදි. දෑකැත්තයි මිටියයි ත් අයින් කරල, අධ්‍යාපනයට නිදහස පිළිගන්නව නම් 2020දී අපිත් ජවිපෙ සමඟයි !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා