Posts

Showing posts from September, 2016

රාජපක්ෂය සමුපකාර ඡන්ද දිනීම

Image
මූලාශ්‍ර‍ය: සමුපකාර දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂගේ ඉපදෙන්නට සිටින පක්ෂය කොහේදෝ පිටිසර පළාතක සමුපකාර ඡන්දයක් දිනා ඇති බව ආඩම්බරෙන් කියයි. ගිය අවුරුද්දේ ලංකාවේ ලොකුම සමුපකාරයක ඡන්දයක් තිබිණි. ඒ ලක්ෂයකට වැඩි සක්‍රිය සාමාජික පිරිසක් සිටින අධ්‍යාපන සේවක සමුපකාර ණය දෙන සමිතියේ මැතිවරණයයි. එයින් ජය ගත්තේ ජවිපෙ විසින් සංවිධානය කරන ලද කණ්ඩායමකි. සමුපකාර ඡන්ද යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන විවිධ සේවා සමුපකාර සමිතිවල ඡන්දවලදී කරන්නේ විවිධ සමුපකාර සමිතිවලින් මහ සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමයි. අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගනු ලබන්නේ එම නියෝජිතයන් අතරිනි. සමුපකාර සංකල්පය අනුව, සමුපකාර සමිතියක් යනු සාමාජිකයන්ගේ විවෘත, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී, ස්වෛරී, ස්වතන්ත්‍ර, ස්වේච්ඡා සංවිධානයකි. ‍එහෙත්, විවිධ සේවා සමුපකාර සමිති යනු එවැනි දෙයක් ද? එවැනි දෙයක් නම්, එහි ඡන්දයක් දේශපාලන පක්ෂයක කණ්ඩායමක් විසින් ජයග්‍ර‍හණය කර තිබේ ය යයි කීම කුමන විහිළුවක් ද? සමුපකාර ඡන්දවලදී මහ සභා නියෝජිතවරණය සඳහා පුද්ගලයන් තරග කරන්නේ තනි තනිව මිස කණ්ඩායම් ලෙස නො වේ. මේ කණ්ඩායම් ගොඩනගා ගන්නේ ද, එය දේශපාලනිකව අර්ථකථනය කර ගන්නේ ද

පාසල්වල ගුරුවරියන් යටපත් කිරීම හා රටේ ම පුරුෂාධිපත්‍යය තහවුරු කිරීම

Image
සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නට කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට හා එම විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ තුසිත තිළිණ මාලේගොඩ නමැත්තාට ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 28දා නියෝග කළේය. 2011 නොවැම්බර් 27දා විද්‍යාලය ඉදිරිපිට පැවති මව්පිය උද්ඝෝෂණයකදී මාධ්‍යයට අදහස් පළ කිරීම හේතුවෙන් මෙම වගඋත්තරකරුවන් දෙපළ ඇයට ප්‍රසිද්ධියේ ශාරීරිකව හා මානසිකව හිංසා කළ බවත්, ඔවුන්ගේ බලපෑම මත 2012 පෙබරවාරි 01 සිට ඇගේ වැඩ තහනම් කර ඇති බවත් ඇය පැමිණිල්ලෙන් කියා සිටියා ය. එමගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ හා සමානාත්මතාවේ හිමිකම් උල්ලංඝනය වී තිබෙන බවට ඇය නඩු පැවරුවා ය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටින මෙම නිලධාරීන්ට එරෙහිව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විනය පියවර ගත යුතුයි. සමහර විට, මොවුන්ගේ අනුගාමිකයන් මේ ලක්ෂ දෙක ගෙවන්නට සම්මාදමේ යන්නත් පුළුවන්. විවියන් ගුණවර්ධනට පහර දී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් නිලධාරීන්ට උසස්වීම් දුන් ජේ.ආර්. ජයවර්ධනගේ අනුගාමිකයන් ලෙස ස

මල්ලියෙ තාමත් පණ ද බං?

Image
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

දේශපාලන රාත්‍රී භෝජනයෙහි මේස චාරිත්‍ර යුගය අවසන්

Image
2009 ජනවාරි 8දා මරා දමන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය 27දා ගොඩ ගන්නා ලදී. කුප්‍රකට මිග් ගනුදෙනුව සම්බන්ධ පරීක්ෂණ මගහරිමින් සැඟවී සිටින රාජපක්ෂ බැලයකු වන උදය වික්‍රමතුංග ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීමට අවසර දෙන්නැයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 26දා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය. මෙම සිද්ධි දෙක එකිනෙක සම්බන්ධ ය. ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට හේතුව ලෙස සැලකෙන්නේ මිග් ගනුදෙනුවෙහි දැවැන්ත වංචාවක් ගැන හෙළිදරව් කිරීමට කටයුතු කිරීමයි. ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය මෙන් ම මිග් ගනුදෙනුව පිළිබඳ විමර්ශනය ද සිදු වන්නේ මන්දගාමීව ය. මේ අතර ඩඩ්ලි සිරිසේනගේ පුතකුගේ විවාහ මංගල්‍යය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ, රනිල් හා මෛත්‍රීපාල අසුන්ගෙන සිටි මේසය අසල සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. ඩීල් ගැන ද අනුමාන සිදු වේ. මෙවැනි භයානක පුද්ගලයන් සමග එහෙම ගොන් ඩීල් ගහන්නට නම් ඉතින් අඩි අටක් යට වැළලීමේ මාර ආසාවක් මෛත්‍රීපාලට තිබිය යුතු ය. කවුරු කෙසේ කීවත්, ලංකාවේ දුෂ්කර දේශපාලන ක්‍රීඩාව තුළ ආණ්ඩුව වසර එකහමාරක් සාර්ථක ලෙස ගේම ගසා තිබේ. මේජර් අජිත් ප්‍රසන්නත් අන්න රවුමක් හැර

මල්ලව පොරය

Image
 මහන්සියි මචං මට ගුටි ඇනගෙන ම උඹටත් එහෙම ද? මැරෙන්න ද මං නැතිනම් මැරෙමු ද අපි  දෙන්න ම ඔන්න ඔය රෙද්දවල් අත හැරල ඔක්කොම බොමු ද අපි මැරෙන්න ම ගුටි ඇන ගැනුම නවතා නටමු පිස්සුවෙන් වගෙ මුරුගසං වැස්සට  තෙමුණු සේ බීල අපි මහන්සියි මචං මට ඒත් අත්හළ නො හැකි ය  ජීවිතය බොහෝ අය මැරි මැරී අපට ඉතිරි කර දී ගිය යමු මචං බීර වීදුරුවක් බිබී අපි හති අරිමු බීර සිසිලින් දහදිය සිසිල් වී සිසිල් දහදියෙන් යළි සිසිල් වෙමු අපි එහෙනම් ගිහින් එන්නං උඹ උදෙන් එනව ද හෙට?  ආයෙමත් පටන් ගන්නට අජිත් පැරකුම් ජයසිංහ 2016-09-27 ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම්

නාගොල්ලාගම මේජර් ජනරාල් විදර්ශන????????

Image
පොත්  කොළඹ පොත් පොළ අවසන් විය. ඒ ආසන්නයේ නිතර ගැවසුණත්, මම නම් ඒ පැත්ත පළාතේ ගියේ නැත. එවැනි තදබද ස්ථානවල ගැවසෙන්නට මා තුළ කැමැත්තක් නැත. අනෙක, ඔය තරම් පොත් කියවන්නට ද මට හැකියාවක් නැත. මන්ද, මා ජීවත් විය යුතු බැවිනි. පොත් කියවීම ජීවත් වීමෙහි එක් කොටසක් පමණි. දවසකට එක ගණනේ ලොකු පොත් කියවිය හැකි විස්මිත චරිතවලට පවා අවුරුදු පනහක් පොත් කියැවූවත් කියවන්නට පුළුවන් පොත් 18,250ක් පමණි. එහෙයින්, ඔය කියවූ බව කියවන වැඩි දෙනෙක් කියවූ ප්‍රමාණයට වඩා නො කියවූ ප්‍රමාණය සුවිසල් බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මම නම් මගේ ජීවිතය තුළ බරසාර පොත් 2000ක්වත් කියවා ඇත් ද යන්න මට නම් සැක සහිත ය. අච්චර කියෙව්වා මෙච්චර කියෙව්වා යයි කියවීම ගැන පම්පෝරි ගැසීම පට්ට බොරුවකි. ඔය පම්පෝරිකාරයන් වැඩි දෙනෙක් පොත් 5000ක්වත් නො කියවූ අයයි. ඒ වුණාට පෙනී සිටින්නේ ලක්ෂ ගණන් කියවූ අය ලෙස ය.  රටක සාහිත්‍යයේ, කලාවේ ප්‍රබෝධයක් ඇති වන්නේ දේශපාලනයේ ස්ථාවරත්වය හා නිදහස් වටපිටාව හේතුවෙන් බව කී විට, එම ප්‍රකාශයට අකැමැති අය ඒ බරපතල ප්‍රකාශය කරන්නේ කුමන අනුභූතික සාක්ෂි මත පදනම්ව ද යන්න අසන්නට ද පුළුවන. එහෙත්, ඒ ප්‍රකාශයට කැමැත්තක්

සිරසේ ආපදාව කළමනාකරණය කිරීම හා රංග කලන්සූරිය

Image
ආපදා කළමනාකරණයේදී ජනමාධ්‍යයන්ගේ වගකීම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලන්සූරිය විසින් කරන ලද ප්‍රකාශයක් හා එයට සිරස ආයතනය දක්වන දැඩි විරෝධය හේතුවෙන් පුළුල් සමාජ සංවාදයක් ඇති වී තිබේ. රංග පැවසුවේ අපදාවකදී මාධ්‍ය සංවිධානවල වගකීම වන්නේ පරිත්‍යාග එක්රැස් කිරීම හා බෙදා හැරීම නො ව, මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම හා රජයේ අඩුපාඩු පෙන්වා දීම බවයි.  මෙම මතක් කර දීම ඉතා වැදගත් එකකි. ලංකාවේ රජය වනාහි අති දැවැන්ත ආයතනයකි. ආපදාවකදී ක්‍රියාත්මක වීම පිණිස දැවැන්ත යාන්ත්‍රණයක් එයට තිබේ. ඒ වෙනුවෙන් සමාජය විශාල පිරිවැයක් දරයි. එසේම, කිසිවකුට එම යාන්ත්‍රණයට අභියෝග කිරීමේ හැකියාව ද නැත. ග්‍රාමසේවා නිලධාරිගේ සිට හමුදාව දක්වා සමස්ත යාන්ත්‍රණය ම ද, අනාථ කඳවුරු ආදිය පිහිටුවන පොදු ස්ථාන බොහොමයක් ද රජයේ දේපල ය.  ආපදා කළමනාකරණ කටයුතු නිසි ලෙස කිරීම රජයේ වගකීමක් වන අතර, මාධ්‍ය හා ස්වේච්ඡා සංවිධාන ඇතුළු අනෙකුත් අංශ විසින් කළ යුතුව තිබෙන්නේ රජයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට උපකාර කිරීමයි. ආපදා කළමනාකරණ කටයුතුවලදී රජය අභිභවා කැපී පෙනෙන්නට උත්සාහ කරන මාධ්‍ය අශ්වයාට ලාඩම් ගසන විට තමන්ගේ කකුල ඔස

හන්දි හන්දි ගානේ පිළිම ඇටවීම හා බෞද්ධ කලාවට ගිය කල

Image
අවුකන හා මතුගම  හන්දි හන්දි ගානේ බුදු පිළිම අටවන එකට විරුද්ධව දකුණේ අප ද හර්තාලයක් කළ යුතු ය. මුලින් ම හන්දියක රජයේ ඉඩමක් අවිධිමත් ලෙස අත් පත් කරගෙන බුදු පිළිමක් අටවනු ලැබේ. ඉන් පසු එතන බෝ පැළයක් ද සිටුවනු ලැබේ. පිං කැටයක් ද අටවනු ලැබේ. ලවුඩ්ස්පීකරය අත්‍යවශ්‍ය අංගයකි. උදේ හවස එයින් පිරිත් සජ්ජායනා කරමින් රටට ම වධ දෙනු ලැබේ. උතුරේ මෙය කෙරෙන්නේ තනිකර ම ආක්‍රමණශීලී මානසිකත්වයෙනි. එහෙයින් බුදු පිළිම ළඟ මුරට සෙබලුන් දමන්නට පවා සිදු වන තත්වයක් පැන නැගී ඇත.  ඔය අතරේ ස්ථානයේ ආර්ථික වටිනාකම වැඩිනම් සිවුරුකාරයෙක් ද එතැනට සෙට් වේ. කේන්දර බැලීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය ද වෙනත් හොර ජාවාරම් ද සිදු විය හැකි ය. මෙවැනි බුදු පිළිමවලට මුවා වී පාරවල් පළල් කිරීම වළක්වා ගැනීමේ හා තම තමන්ගේ දේපල ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘති ද දියත් වේ. මේ වන විට බුදු දහමට මුවා වෙමින් ආර්ථික වශයෙන් ඉතා වැදගත් ඉඩම් රැසක් විවිධ පුද්ගලයන් විසින් අල්ලාගෙන තිබේ. මේ බුදු රූ හා ඒවා සරසා ඇති එල්ඊඩී වැනි කලාංගයන් දෙස පුළුල් ඇසකින් බලන්න. තව අවුරුදු සිය ගණනකට පසුව, මෙම යුගයේ බුදු දහම ආශ්‍රිත කලාව නිරීක්ෂණය කරන කෙනෙ

යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කරන ලකුණු

Image
යුරෝපා සංගමයේ ඉහළම උසාවිය විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට හා පලස්තීනයේ හමාස් සංවිධානයට නීත්‍යානුකූලභාවය ලබා දීම තහවුරු කරන්නට හේතු විය හැකි පියවරක් ගෙන තිබේ. යුරෝපීය යුක්ති අධිකරණයේ අද්වකාත් ජනරාල්වරයකු විසින් යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසින් මෙම සංවිධාන දෙකෙහි තහනම ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබුණු අභියාචනා ප්‍ර‍තික්ෂේප කළ යුතු බව නිර්දේශ කර තිබේ. සාමාන්‍යයෙන්, මෙම නිලධාරිවරයාගේ උපදෙස් විනිසුරුවරුන් විසින් අනුගමනය කරන බව රොයිටර් පුවත් සේවය පවසයි. තහනම් කිරීමේ පටිපාටියේ වැරදි හේතුවෙන් මෙම සංවිධාන දෙක යුරෝපයේ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බව 2014 අග භාගයේදී යුරෝපා සංගමයේ පහළ සාමාන්‍ය අධිකරණය තීන්දු කළේ ය. අධිකරණ මතය වූයේ තහනමෙහිදී යුරෝපා සංගම් නායකයන් තමන්ගේ පරීක්ෂණවලට වඩා මාධ්‍ය වාර්තා මත බර තබා ඇති බවයි. 2014දී ශ්‍රී ලංකාව මෙම තීන්දුවට විරුද්ධව තහනම සඳහා අවශ්‍ය සාක්ෂි සපයන බව පැවසී ය. වසර 15කට පෙර වනවන ලද මෙම තහනම හේතුවෙන් දෙමළ එක්සත් විමුක්ති කොටි සංවිධානයේ යුරෝපයේ දේපල භාවිතාව තහනම් කර තිබෙන අතර, එම සංවිධානයේ සාමාජිකයන්ට එරෙහිව ගමන්

මා නො වන මම හෙවත් අජිත් පැරකුම්-2

Image
කුලියාපිටියේ මගේ මිත්‍රයෙක් කතා කරලා අහපි “කෝ දැන් අර පත්තරේ නැවැත්තුව ද?" කියලා. මං ඇහුව මොකක්ද කියලා. “අර හෙටදින ද මොකක් ද කියලා අලුතෙන් ආවෙ බදාදට." “ඒ මොන මගුලක් ද?" “උඹේ නමත් තිබුණ හින්ද මාත් ගත්තා." “ආ යූ ෂුවර්?" මං ප්‍රභාකරන් මරපු හමුදා නිලධාරියාගෙන් එයාගේ ලොක්ක ඇහුව වගේ ඇහුව. එයා එහෙම ඇහුවෙ ඊට කලින් දවසෙ මරපු මිනිහෙකුවත් ප්‍රභාකරන් ය කියල හිතපු නිසා ලු. අන්තිමට තලගොයා මරාපු බ්‍රාහ්මණයා වගේ වුණ මගේ මිත්‍රයා පත්තරේ පිංතූර ගහලා මට එවලා තිබුණා. “යුරේකා!" මං කිව්වා. සිංහල බෞද්ධ රටේ මිනිහෙකුව මරපු දවස ලු නේ සතුටු ම දවස. මට මගේ මිනිය හම්බ වුණා වගේ සතුටක් දැනුණා. එහෙම නො වෙන්නත් ඇති. අර නිකම් කියන්නෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා ය කියලා. මේ මං වගේ තව එකෙක් වෙන්න ඇති. ඌත් අජිත් පැරකුම්. මාත් අජිත් පැරකුම්. නයිස් ටු මීට් යූ මචං.  ඔන්න බොලාට පබ්ලිසිටි පාරක්. කරගෙන පලයල්ලා. හැබැයි මට උසාවි ගානෙ රස්තියාදු වෙන්න බැහැ හරිද? බොලා ම ඒකත් කර ගනිල්ලා.  මට රස්සාවල් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කවුරුහරි ඉන්නවා නම් මගෙන් අහලා ඉඳපල්ලා.  ඔබගේ අදහ

අළුගෝසු යුගයෙන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අවදි වන පොලිසිය හමුවේ ඇති අභියෝග

Image
තාත්තා කෝ? හම්බන්තොට පොලිසියෙන් පැන ගිය බඳගිරි තරුණයාත්, ඔහුට රැකවරණ දුන් සොයුරු සොයුරියනුත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එක් සොයුරියක රිමාන්ඩ් කරනු ලැබුවේ දරුවකු ද සමගයි. ලංකාවේ අධිකරණ පටිපාටිය තුළ රිමාන්ඩ් කිරීමත් එක්තරා ආකාරයක දණ්ඩනයක් ලෙස භාවිතා වන බව පැහැදිලි ය. මිනිසකුට රැකවරණය දීමේ හේතුවන් ඇප පිට නිදහස් නො කිරීමට කිසිදු හේතුවක් නැති, නැති බැරි මිනිසුන් රිමාන්ඩ් වෙද්දී එදින ම වෙනත් අධිකරණයකදී පුද්ගලයකු පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කළ බවට චෝදනා ලබා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර‍ ඇතුළු පිරිස එක් දිනක් හෝ රිමාන්ඩ් භාරයේ නො සිට නිදහස ලැබූ හ. නීතිය ඉදිරියේ සියල්ලන් සමාන බව ද හිරුනිකාලා, ගෝඨාභයලා වැනි අය වැඩිපුර සමාන බව ද පෙනේ. කෙසේ වෙතත්, පොලිසිය ද මෙම සිද්ධියේදී සුපුරුදු පොලිස් ක්‍රියාවල යෙදී ඇති බව පෙනේ. තරුණයාට පහර දී තිබේ ද යන්න ගැන ද, තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දෙදෙනෙකු පමණක් ගත් බවට සටහන් තැබීම ගැන ද විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශකවරයා පැවසී ය. පොලිස් දෙපාර්තමේන්තුවේ තිබුණු තත්වයන් සමග බැලූ විට දැන් බොහෝ වෙනස්කම් සිදු වී ඇති බව ඉ

ඉරාජ්ට දශක ගණනකට කලින් කාන්තා සමලිංගිකත්වය ගැන ගී ලියූ ප්‍රේමකීර්ති

Image
මේ දවස්වල ඉරාජ්ගේ ගීයක් ගැන කතා වෙනවානේ. ගිනියම් රෑ ලෙස නම් කර ඇති එම සංගීත වෙළඳ භාණ්ඩය සමග ආ වීඩියෝවෙහි කාන්තා සමලිංගික දර්ශන ඇතුළත් වන බවක් කියවෙනවා. මමත් ඒක ටිකක් බැලුවා. මට නම් ඒක කිසිම හැඟීමක් නො දැනෙන, මොන ම කලා රසයක්වත් නැති නියඟලා අලයක් වගේ බඩකඩුත්තුව ඇති කරන මගුලක්. මම නම් හිතන්නේ ස්ත්‍රී සමලිංගිකත්වය සිංහල ගීතය විසින් ස්පර්ශ කළේ මීට දශක ගණනාවකට කලින් කියලායි. ඒ මෙන්න මේ ගීතයෙන්.  ආදර සුබා වාසනා වේවා ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී බාල වියේ සිහින ලොවේ මේ ගුරු පාරේ දෑත බැඳන් පිය මැනලා එකට පාසලේ අකුරු කියවලා අතුරු මිතුරු වී හා හා තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ (ඇහෙන විදියටයි ලිව්වෙ) නැවත එනු සොයා දෙදෙන තිදෙන වී මා සොයාලා පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය: සරත් බාලසූරිය ගායනය: ශ්‍රීමතී තිලකරත්න මෙය සමස්තයක් ලෙස ගත් විට එතරම් හොඳ ගීත රචනයක් නෙමෙයි. සක්ක පද,  ප්‍රහේලිකා ලක්ෂණ ආදිය තිබුණාට පහත සඳහන් මාර්ගෝපදේශ ඔස්සේ මේ ගීතය ගැන හිතන්න ය කියලා මම ඔබට ආරාධනා කරනවා. යෙහෙළිය මුකුළිත වන්නේ ඇයි?

විශ්වවිද්‍යාල සූදුවෙන් ජයගෙන අත්වැරැද්දක් නිසා පැරදුණ සිසුවෙකුගේ දුක්ගැනවිල්ලක්

Image
මේ දුක්ගැනවිල්ල මොහොතකට කලින් ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගය සමත් වූ සිසුවෙකු දුරකථනයෙන් කතා කර හැඬූ කඳුළෙන් මට කියූ කතාවක්. මේ දරුවා මොනරාගල දිස්ත්‍රික්කයේ ඈත පාසලක උසස් පෙළ සඳහා ඉංජිනේරු තාක්ෂණවේදය හදාරා විභාගය සමත් වූ සිසුවෙක්. ඔහුගේ දිස්ත්‍රික් ශ්‍රේණිය 10ට අඩු එකක්. සමස්ත ලංකා ශ්‍රේණිය 700 ආසන්න ගණනක්. ඉංජිනේරු තාක්ෂණවේදය විෂයෙන් තෝරා ගන්නා සිසුන් සංඛ්‍යාවට ඇතුළත් වන්නට ඔහුට සුදුසුකම් තිබෙනවා. “මගේ ප්‍රතිඵලය හොඳ නිසා මම විශ්වවිද්‍යාලෙට තේරෙයි කියලායි බලාපොරොත්තු වුණේ. ඒ නිසා 2016 අවුරුද්දේ විභාගය කළෙත් නැහැ. විශ්වවිද්‍යාලයට අයදුම් කරනකොට මම ඉල්ලුවේ ජයවර්ධනපුර, සබරගමුව, වයඹ, රුහුණ කියන විශ්වවිද්‍යාලයි. මගේ පාඨමාලාව පවත්වන විශ්වවිද්‍යාල අටක් නම් කළ හැකිව තිබුණත් මම නම් කළේ හතරයි. දැන් නම් හිතෙනවා මම කර ගත්තෙ මෝඩ වැඩක් ය කියලා. ඒ වුණාට අපි දන්නෙ කොහොම ද විශ්වවිද්‍යාල ප්‍රවේශය මෙච්චර කෘරයි කියලා. “ඒකෙනුත් සබරගමුව විශ්වවිද්‍යාලයට ඉංජිනේරු තාක්ෂණය සඳහා සිසුන් බඳවා නො ගන්නට පසුව තීරණය කරලා තියෙනවා. අයදුම් කරනකොට අපට ඒක කිව්වෙ නැහැ. අනෙක් විශ්වවිද්‍යාලවලට තේරෙන්නට තරම් මගේ ඉසෙඩ් ස්

වාමාංශිකයන් සමග සටන් විරාමයක්

Image
මහපට ඇඟිල්ලයි මැදඟිල්ලයි ඉහළින් තියෙන්නෙ මේක කියවන ඇතැමෙක් වෙඩි තියන්නට කැමති තැනක් අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වාමාංශිකයන් සමග ඒක පාක්ෂික සටන් විරාමයක් දියත් කර තිබේ.  දින නියමයක් නොමැත. සියලු එදිරිවාදිකම් අත්හිටුවා ඇත.  අපේ වැඩේ අපි ඉදිරියට ගෙන යන්නෙමු. ඔබේ වැඩේ ඔබ කර ගන්න. ඒ කියන්නේ අපේ පරිප්පු කන්නේ අපි ම ය. තමන්ගේ පරිප්පු තමන් ම කන වාමාංශිකයන් සමග අපේ කිසිම අමනාපයක් නැත. පිටරට උයන තමන් නො කන පිළුණු පරිප්පු මෙහේ දිළිඳු, නූගත් දරුවන්ට ගිල්ලා බඩේ අමාරු හදන්නට උත්සාහ කරන අය ගැන අනතුරු ඇඟවීම නම් දිගට ම කරගෙන යනු ලැබේ.  වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආදීන් වාමාංශිකයන් නො වන බව ඒ බව අමතක වී ඇති අයට මතක් කර දෙමි. ඇනොනිමස් ත්‍ර‍ස්ත ප්‍ර‍හාරවලට පමණක් නිර්දය ලෙස ප්‍ර‍තිප්‍ර‍හාර එල්ල කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.  - මෙයට පැරා නොහොත් පෝලෝ සීයා නොහොත් විප්ලවවාදීන්ගේ ආශාවේ වස්තුව වන W3Lanka සංස්කාරක ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාර

රමිඳු පෙරේරා නම් කවියාගේ සිතට නිදැල්ලේ එන සිතිවිලි

Image
සැප්තැම්බර් 4 වන දා රාවය පුවත්පතේ පල වූ අජිත් පැරකුම් ජයසිංහ විසින් රචිත ' සයිටම් වාමාංශිකයෝ ' නම් ලිපිය හා එම පුවත්පතේම පල වූ පුද්ගලික විශ්ව විද්‍යාලවලට සහය පල කරමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් දුන් සම්මුඛ සාකච්ඡාවකට ප්‍රතිචාර ලෙස රමිඳු පෙරේරා විසින් ලියන ලද ලිපියක් අක්ෂය වෙබ් අඩවියේ පළ වී තිබේ. මෙම ලිපිය එම සම්පූර්ණ ලිපිය පිළිබඳ නො වේ. එහි පහත සඳහන් කොටසෙහි තර්කනය පිළිබඳවයි. 1. පලමුව කිව යුත්තේ අජිත් පැරකුම්ගේ ප්‍රස්තුත ලිපිය කිසිදු පදනමක් නොමැතිව අශාස්ත්‍රීය ලෙස සිතට එන සිතුවිලි ලිවීම පිලිබද කදිම සාම්පලයක් බවයි. කරුනු කිහිපයක් මෙසේය. ඔහුට අනුව රජයේ වෛද්‍යවරුන් සිතා මතා වෛද්‍ය හිගයක් රට තුල නඩත්තු කරති. ඒ රෝගීන්ව සූරාකෑමේ අරමුණෙනි. මෙවැනි නිගමනයකට අජිත් පැරකුම් එලැඹෙන්නට පදනම් කරගත් සාධක මොනවාද? මේ ආකාරයේ බරපතල ප්‍රකාශයක් ඔහු කරන්නේ කවර අනුභූතික සාක්ෂි මත පදනම්වද? 2. ඔහු තවදුරටත් කියන්නේ මෙම අරගලය වෛද්‍ය සිසුන්ගේ පටු අරගලයක් බවත්, වෛද්‍ය සිසුන් දේශනවලට යන විට ශාස්ත්‍ර පීඨවල සිසුන් පාරේ උද්ඝෝෂණ කරන බවත්ය. එය එසේ බව සිතීමට තිබෙන කැමැත්ත හැර මෙම ප්‍රකාශය සනාථ කර

කොටපල සිට මොරවකට ස්ථාන මාරු ලැබූ දොස්තරගේ දරුවා කොළඹ ඩී.එස්. සේනානායකය ඉල්ලන්නේ ඇයි?

Image
කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය  මේ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍යවරයකු අප සමග මෙසේ පැවසී ය: සම සුදුසුකම් තියෙන අවස්ථාවක ඔබ රැකියාවකට තෝරාගන්නේ පොල්පිතිගම ළමයද? මලියදේව ළමයද? මෙන්න මේ වෙනස නිසා තමයි මේ තරගය. මෙය සත්‍යයක් ද? මෙය අර්ධ සත්‍යයක් බව මගේ අදහසයි. මේ මොහොතේ මේ රටේ ජනාධිපති ධුරය හොබවන්නේ මෙවැනි ප්‍රධාන පාසලකින් පැමිණි අයෙකු නො වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (තර්ස්ටන්), ජනාධිපති ඩී.බී. විජේතුංග (ගම්පොළ ශාන්ත ඇන්ඩෘෘ), ජනාධිපති ප්‍රේමදාස (ශාන්ත ජෝසප්) ගත්තත් ඔවුහු ද රෝයල්, ආනන්ද මට්ටමේ පාසල්වලට ගිය අය නො වෙති. එතැන් සිට පහළට මෙවැනි උදාහරණ ඕනෑ තරම් පෙන්විය හැකි ය. මෙයට ප්‍රතිවිරුද්ධ උදාහරණ ද පෙන්වන්නට පුළුවන. එහෙත්, පාසලේ කීර්තිය පුද්ගල පෞරුෂයන්ට බලපාන ආකාරය සීමිත ය. වඩා වැදගත් වන්නේ පුද්ගලයාගේ පෞරුෂය මිස පාසලේ කීර්තිය නො වේ. පාසල් කීර්තිය පාසල්වාදී ගෝත්‍රිකයන් විසින් ම ප්‍රවර්ධනය කරන, එයින් ම යැපෙමින්, එයින් ම පවතින තත්වයකි. මෙම පාසල් සෙසු පාසල්වලට වඩා සුවිශේෂ නො වේ යයි මා මෙයින් අදහස් කරන්නේ නැත. එහෙත්, මේවාට යන්නට අවස්ථාව ලබා ගන්නා පිරිස පෞරුෂයෙන් හෝ සමාජමය වශය

විශාඛා විද්‍යාලයට තුන ශ්‍රේණියෙන් දියණිය ඇතුළු කළ මාධ්‍ය වීරයා කවුරු ද?

Image
මාධ්‍යකරුවකු විශාඛා විද්‍යාලයේ තුන ශ්‍රේණියට සිය දියණිය ඇතුළත් කරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. (වීඩියෝව පහත) ඔවුන්ගේ තර්කය මාධ්‍යකරුවන්ට පුළුවන් නිසා දොස්තරලාට ද පුළුවන් විය යුතු බවයි.  අපේ තර්කය මෙයයි: මෙම පාසල් රජයට අයත් ඒවා ය. ඒවා නඩත්තු වන්නේ ප්‍රධාන වශයෙන් ම මහජන මුදලිනි. මේවායේ සේවය කරන අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 300ක් පමණ වන පිරිසට වැටුප් ගෙවීමට පමණක් රජය මාසයකට රුපියල් කෝටියකට වඩා මහජන මුදල් වැය කරයි. මේවා පොදු පාසල් වන්නේ ද, මහජනතාවට ඒවා වෙත ඇති ප්‍රවේශය ප්‍රජාතාන්ත්‍රික ලෙස තහවුරු කිරීම අතිශය වැදගත් වන්නේ ද, මේවා මහජන මුදලින් නඩත්තු වන මහජන දේපල නිසා ය. විශාඛා විද්‍යාලයට සිසුවියන් ඇතුළත් කළ හැකි පිළිගත් ක්‍රමවේදය අනුව, එසේ ඇතුළත් කළ හැක්කේ පළමු ශ්‍රේණියෙන්, හය ශ්‍රේණියෙන් හා උසස් පෙළ සඳහා ය. ඒ වෙනුවෙන් ඉතා පැහැදිලි ක්‍රමවේද තිබේ. එහෙත්, මේ අතරතුර හොරෙන් රිංගවීම සිදු වන්නේ මුදලට, හිතවත්කමට හා දේශපාලන / නිලධාරි බලපෑමට යටත්ව පාරදෘෂ්‍ය නො වන ක්‍රමවලට ය. තුන ශ්‍රේණියේදී හොර පාරෙන් දරුවකු විශාඛාවට රිංගවූ විට සිදු වන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්

දෙකයි පනහේ දොස්තරලාගේ පාඨශාලා බොරුව

Image
වෛද්‍යවරුන්ගේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ලබා දී නැති ය කියන එක ඇත්තක් නො වේ. කිසියම් හේතුවක් නිසා පාසලක් නො ලැබුණු ඕනෑ ම දරුවකුට දරුවා පදිංචි කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමු වූ විට පාසලක් ලබා ගත හැකි ය. වෛද්‍යවරුන් ස්ථාන මාරු ලබා ගත් විට ඔවුන්ගේ සේවා ස්ථානයට ආසන්න පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු ය. හේතුව, රජයේ සේවකයන් ලෙස, ආයතන සංග්‍ර‍හය අනුව ඔවුන් තම රෝහලට ආසන්න ස්ථානයක පදිංචි වී සිටිය යුතු නිසා ය. එහෙත්, අනිවාර්යයෙන් ම, කොළඹින් හා ප්‍ර‍ධාන නගරවලින් ජාතික පාසල් ම ලබා දිය යුතු ය කියා එකක් නැත. මහජන ආයතනයක් වන රජය එවැනි වගකීමක් භාර ගැනීම ද සමානාත්මතාව නො සලකා හැරීමකි. ස්ථාන මාරු ලැබෙන්නේ දොස්තරලාට පමණක් නො වේ. වෙනත් රජයේ සේවකයන් ද ස්ථාන මාරුවලට ලක් වෙති. බොහෝ ස්ථාන මාරු සිදු වන්නේ අභිමතය පරිදි ය. පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී ස්ථානමාරු වෙනුවෙන් පමණක් නොව, විදේශයන්හි සිට සිය රට පැමිණීම වෙනුවෙන් පවා වෙන වෙන ම විශේෂ අවස්ථා ලබා දී තිබේ.   එහෙත් මේ සියල්ල ම රජයේ සේවකයන්ට ය. රටේ ආර්ථිකයට සැබැවින් දායක වන පෞද්ගලික අංශයට, වි

අතීතකාමය හා භාෂාවේ අනාගතය

Image
භාෂාවක් යනු චලනයක පවතින ප්‍රපංචයකි. එය නිරතුරුව වෙනස් වෙමින් තිබේ. භාෂාවක වැරදි-නිවැරදිභාවය පිළිබඳ සංකල්ප ද කාලය විසින් වෙනස් කරනු ලැබේ.  එහෙත්, භාෂාව තිබෙන හැටියෙන් භාර ගෙන හුදු මෙවලමක් ලෙස භාවිතා කිරීම ඉක්මවා ගිය භාෂා සංවාදයක් සමාජයේ තිබිය යුතු ය. එය භාෂාවේ දියුණුවට ඉවහල් වෙයි.  මෑත කාලයේදී භාෂාව නවකතාවක චරිතයක් වීම පිළිබඳ කදිම උදාහරණය සපයන්නේ සේපාලි මායාදුන්නේ විසින් ලියන ලද මහාසාමි නවකතාවෙනි. ඒ පිළිබඳ මවිසින් තබන ලද සටහනක් මෙතැනින් කියවිය හැකි ය . භාෂාව සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමේදී හුදු අතීතකාමිත්වයෙන් ඇති පලක් නැත. සේපාලි මායාදුන්නේ භාෂාව භාවිතා කළේ අතීතය වර්තමානය තුළ ප්‍රතිනිර්මානය කිරීමේ කාර්යය වඩා සාර්ථක කිරීමටයි.  හෙළ හවුලේ බස් වහර ද සිංහල බසට වැදගත් මැදිහත් වීමක් විය. එහෙත් එය ජන ව්‍යවහාරය තුළ ස්ථාපිත වූයේ නැත. හේතුව එහි සුඛනම්‍යශීලිත්වයේ අඩුව යයි සිතමි. පහත අප විසින් නැවත පළ කරන්නේ අපගේ පාඨකයකු විසින් කලින් ලිපියකට අදාළව පළ කරන ලද පරිකතාවකි.     ඇ කාරය පිළිබඳ විමැසු නිවැරැදි වහරට රුචි මැතිඳුනි, ඔබතුමන් ඇ කාරය යෙදුමැ සම්මතය උගැනුමට රිසි වැ එසඳහා නිසි මඟ විමැසු

පණ පිටින් කුණු වෙමින්

Image
කොළඹ කුණු යනු කොළඹ වැසියන්ගේ කුණු පමණක් නො වේ. කොළඹ නගර සීමාවේ ජීවත් වන හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව විවිධ තක්සේරු අනුව පෙනේ. මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ ජනනය කරනු ලැබේ.  කොළඹ කුණු මීතොටමුල්ලට ගෙනැවිත් දැමීම නැවැත්වීම සඳහා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද වැනි කුප්‍රකට කුණු කඳු ඒ අවට ජනයාට අපායක ජීවිතය නිර්මානය කර දෙයි. කොළඹ විරෝධය නිසා දැන් ඒ කුණු ඒකලට ගෙන ගොස් දමන්නට තීරණයක් ගෙන තිබේ. කොළඹ කුණු අපට එපා යි කියමින් දැන් ඒකල ජනයා උද්ඝෝෂණය කරති. මෙම සියලු උද්ඝෝෂණ සාධාරණ ය. එහෙත් ප්‍රශ්නය කිසිවෙකුට තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට අවශ්‍ය නො වීමයි. තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ ගෙන ගොස් දැමිය යුතු ය. එහෙත් ඒ වෙන කොහේවත් තැන්වල ද තවත් මිනිස්සු ජීවත් වෙති. ඔවුන්ට ද ඒවා භාර ගැනීමට අවශ්‍ය නැත. ලංකාවේ පළාත් පාලන ආයතන විසින් කරනු ලබන එක ම ඵලදායී කාර්යය කසල බැහැර කිරීම විය හැකි ය. එහෙත්, ඒකවත් හරියට කර ගන්නට පළාත් පාලන ආයතනවලට හැකියාවක් නැත. පළාත් පාලන සභා

හිරු කණ්ඩායමේ වර්තමාන ෆැන්ටසිය

Image
හිරු කණ්ඩායම යනු එක් කලෙක ලංකාවේ වාමාංශික දේශපාලනයේ විශේෂයෙන් ම ජාතීන්ගේ ප්‍ර‍ශ්නය සම්බන්ධ කතිකාවේදී වැදගත් බලපෑමක් කළ කණ්ඩායමකි.  රෝහිත භාෂණ අබේවර්ධනගේ නායකත්වයෙන් යුත්, ප්‍ර‍ජාතාන්ත්‍රික සංවිධානයකට වඩා ඇදහිලි කල්ලියක ලක්ෂණවලින් යුත් මෙම කුඩා සංවිධානය අපගේ දේශපාලන ගමන් පථයේදී සුවිශේෂ එකක් වූ බව කියන්නේ නිසි ගෞරවය සහිතව ය. එහෙත්, එය ප්‍ර‍ජාතාන්ත්‍රික දේශපාලන සංවිධානයක් බවට පත් කිරීමට අප ගත් උත්සාහය අසාර්ථක විය. එසේම, ජාතීන්ගේ ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ කතිකාව ද එක් තැනක සිර වූ බව පෙනේ. ඒ කෙසේ වෙතත්, ලංකාවේ වාම දේශපාලනය තුළ සෙසු කණ්ඩායම්වලට වඩා සාපේක්ෂ වශයෙන් දියුණු ලක්ෂණ හිරු කණ්ඩායමේ තිබිණි. විශේෂයෙන් ම දේශපාලන සන්නිවේදනයෙහිදී ඔවුහු කැපී පෙනුණ හ. මෙම දේශපාලන කණ්ඩායම සමග අප නැවැත්වූ තැන සිට කතිකාව ඉදිරියට ගෙන යාමට අපි කැමැත්තෙමු. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ද උනන්දුවක් ඇති බව පෙනේ. හීනමාන චර්යාවක් ලෙස හැඳින්වීමට හැකි, එහෙත්, අප එසේ පටු ලෙස අර්ථකථනය නො කරන, ඔවුන්ට සුපුරුදු චර්යාවක් වන සැඟවුණු කණ්ඩායමක් ලෙස සිටීමේ ආශාව ඔවුන් දිගින් දිගට ම මහත් අභිරුචියෙන් නඩත්තු කරන බව දක්නට ලැබේ. නිර