ජිනීවා යන්න දේශප්‍රේමීන්ට ආරාධනා

මහජන සම්බන්ධතා ඇමතිකම මර්වින් සිල්වාට දුන් දිනවල ම අපි මහජනතාවෙන් ඉල්ලා අස් වුණෙමු. (කියවන්න මහජන අනන්‍යතාවෙන් ඉල්ලා අස් වීමේ ප්‍රකාශය)


ඔබ තවම ඉල්ලා අස් වී නැතිනම් දැන් ඔන්න ඔබට වැඩක් තිබෙනවා ය. ඒ ආණ්ඩුව බේරා ගැනීම ය.


කියන විධියට නම් ආණ්ඩුව බේරා ගත යුත්තේ ජිනීවාහි සිටින යකෙකුගෙනි. 


මේ යකා මොන විධියේ යකෙකු‍දැයි අපට තේරෙන්නේ නැත. එය කියා දෙන්නේ ආන්ඩුවේ මාධ්‍ය විසිනි. ආණ්ඩුවේ මාධ්‍ය විසින් පෙන්වා දෙන පරිද නම් මුළු ලෝකය ම එකතු වී ලංකාවට කෙළවන්නට ලෑස්ති වෙමින් සිටියි. 


මේ වෙලාවේ ආණ්ඩුව බේරා ගැනීම සඳහා උද්ඝෝෂණය කිරීමට මහජනතාව වීදි බැසිය යුතු බව කියනු අසන්නට ලැබේ. එහෙත් වීදි බසින ජනතාවට ඩෙි නො තබන බවට නම් තවම සහතිකයක් නිකුත් කර ඇති බවක් දැන ගන්නට නැත.


මේ අවස්ථාවේ ආණ්ඩුවට අපි මෙසේ යෝජනා කරමු. මේ උද්ඝෝෂණය කල යුතුව ඇත්තේ මෙහි නො ව, ජිනීවාහි ය. ඒ සඳහා නැව් සීයක්වත් චාටර් කර මේ රටේ ඔය කියන මහජනතාව ගෙනියනවා නම් දේශප්‍රේමී ජනතාව වඩාත් සතුටු වනු ඇත. 


මේ දේශප්‍රේමී වැඩෙන් යුද අපරාධ චෝදනාවලට ලක් වෙනවා ය කියන අපේ නායයන්ට තවත් ගානක් හොයා ගන්නට වුණත් පුළුවන. මන්ද,‍ සවිට්සර්ලන්තයේ ගල් වන්නට කැමති දේශප්‍රේමී ජනතාව ඉල්ලන ගානක් දෙන්නට කැමති නිසා ය. 


දේශප්‍රේමීන් සවිට්සර්ලන්තයේ ගල් කිරීමෙන් තවත් දෙයක් කරන්නට පුළුවන. ඒ දේශප්‍රේමීන්ගේ ඩයස්පෝරාවක් හැදීමයි. එවිට දෙමළ ඩයස්පෝරාවටත්, දේශප්‍රේමීන්ගේ ඩයස්පෝරාවටත් එහේ කෙළ ගන්නට පුළුවන. එවිට කෙළ වන්නේ අපට නොව බටහිරයන්ට ය. 


අප එදා මහජනතාවගෙන් ඉල්ලා අස් වූ නිසා අපට දැන් කරන්නට දෙයක් නැත. අපි හිතන්නේ බඩ ගැන ය. තෙල් මිළ, විදුලි මිළ. බස් ගාස්තු, පාන් මිළ, ගෑස් මිළ ආදිය ගැන ය. 


දේශප්‍රේමී ජනතාවනි, ජිනීවා යන්න. අපි බඩ ගැන කතා කරමු. 


එහෙම කරනවා නම් ඇත්තට ම මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. නැව් මක්කටෙයි අයියා.. ලොක්කගේ මිහින් එකයි.. බලෙන් ගත්ත ග්‍රී ලන්කන් එකයි තියෙන්නේ.. එහෙම යවනවනම් මාත් යනවා ඩයස්පෝරාවට එකතු වෙන්න..

    ReplyDelete
  2. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete
  3. If this will be same as Lybia, Afganistan or Iraq (possibly Iran), we are for the Govt. Otherwise, it doesnt denote that we approve all these activities launched by politicians.

    ReplyDelete
  4. මේ යුධ අපරාධ කතාව සහ දන්ගෙඩියට ගෙනියන කතාව දැන් අවුරුදු දෙකක් තිස්සේ කියනව...මේක අහලාම ඇති වෙලා තියෙන්නේ...මේක තමන්ගේ බලය රැක ගැනීමට බාහිර සතුරෙක් හොයා ගැනීමේ සම්ප්‍රදායික කලාවට අයිති අද කාලයේ තේමාව තමයි...පුළුවන් නම් අර හලාවත මැරිච්ච ධිවරයාගේ සහ කටුනායක මැරිච්ච තරුණයාගේ සගයන්ව පාරට බස්සල ඒ ගොල්ලන් ලවා මේකට පෙළ පාලි යන්න කියමු ආණ්ඩුවට...ඔය ජිනිව වල වෙන දෙයක් නෑ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා