ජිනීවාහි වැදගත් කිසිවක් සිදු වන්නේ නැත.

අද සිට ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවට හා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවලට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් අරඹයි.


මෙම උද්ඝෝෂණ පිටුපස ඇත්තෙන් ම තිබෙන්නේ අන් කිසිවක් නො ව, රටේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇති වී තිබෙන ජීවන වියදම ඉහළ යාමේ තත්වයට එරෙහිව ජනතාව වීදි බැසීම වැළැක්වීමේ හා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ අවශ්‍යතාවයි.


මේ අවශ්‍යතාව ආණ්ඩුවේ නොම්මර එකේ හෙංචයියකු වූ එස්.එල්. ගුණසේකර අද දිවයිනේ මෙසේ අමු අමුවේ උච්චාරණය කරයි. "ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කර බටහිර ගැති පාලනයක්‌ රට තුළ ස්‌ථාපිත කිරීමේ අනතුරක්‌ ඇතිවී ඇති බැවින් බොරු උද්ඝෝෂණ නවතා බටහිර රටවල් ගන්නා උත්සාහය පරාජය කිරීමට ක්‍රමවත් ක්‍රියාමාර්ගයක්‌ ගත යුතුව ඇතැයි ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර මහතා පැවසීය."


මෙහි බොරු උද්ඝෝෂණ යයි කියන්නේ ජීවන වියදම ඉදිරියේ සහන ඉල්ලා කරන උද්ඝෝෂණවලට ය.ජනතාවට බර පටවන ආණ්ඩුවේ දූෂණවලට හා නාස්තියට එරෙහිව කරන උද්ඝෝෂණවලට ය. බඩගින්නට කන්න ඉල්ලා වීදියට එන මිනිසුන්ට වෙඩි තැබීමට එරෙහිව කරන උද්ඝෝසණවලට ය.


මේ ආණ්ඩුවෙන් දේශපාලන වාසි රැසක් ලබා ගත් තවත් හෙංචයියකු වූ නලින් ද සිල්වා තර්කය ඉදිරියට ගෙන යන ආකාරයයි. "මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌ වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා සිටියේ ජිනීවාහිදී එක්‌සත් ජාතීන්ගේ සමුළුවට ගෙන එන යෝජනාව අප දිනුවත් පැරදුණත් මෙය සතියකින් අවසන් වන දෙයක්‌ නොවන බවය. ආර්ථික සම්බාධක පැනවීමේ සිට රට ආක්‍රමණ කිරීම දක්‌වා වූ තත්ත්වය වුවද සිදුවීමට හැකි බව ද ඊනියා යුද අපරාධ චෝදනා එල්ල කරමින් බටහිර රටවල් මේ උත්සාහ ගන්නේ නූතන යටත් විජිතකරණය ක්‍රියාත්මක කිරීමට යෑයි ද ඒ මහතා කීවේය."


මේ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සැසි වාරය අවසන් වූ පසුවත් මේ ආණ්ඩුව රැක ගැනීමේ වීදි බැසීම පවත්වාගෙන යා යුතු ය.


මොවුන්ගේ අපභ්‍රංස තරමක් අපැහැදිලි ය. " මේ රටේ කුඩා පිරිසකට පිටරටවල ජීවත්වන්නට හැකි ලෙස ග්‍රීන්කාඩ් ඇති බවත් ඒ අයට රටට මොනවා වුවත් ජීවිතය බේරාගෙන ඒ රටවලට ගොස්‌ ජීවත්වීමට හැකි බව ද ගුණසේකර මහතා තවදුරටත් පැවසීය."


ලංකාවේ සිටින ප්‍රසිද්ධ ම ඇමරිකන් පුරවැසියන් වන්නේ රාජපක්ෂ සහෝදරයින් වන ගෝඨාභය හා බැසිල් ය. ඇමති ඩලස් අලහප්පෙරුම ද ඇමරිකාවේ ස්ථිරව ජීවත් වූ අයෙකි.


මේ වනාහි ආණ්ඩුවෙන් කෑ කුඩුවල වන්දි ගෙවීමේ නිරුවත් ප්‍රයත්නයකි.


එහෙත්,දේශපාලනය දන්නා ජාතික හෙළ උරුම ධාරාව මීට වඩා බුද්ධිමත්ව වැඩේට බැස තිබේ. ආණ්ඩුව හෝ මහින්ද රාජපක්ෂ බේරා ගැනීමට වඩා තමන්ගේ මාර්ගය හෙළි පෙහෙළි කර ගැනීම වැදගත් බව දන්නා හෙළ උරුමය ඉන්නේ උපායමාර්ග අධ්‍යයනය කරන තැනක ය.


"වෙන්න පුළුවන් නරකම දේ මොකක්‌ද සම්බාධක පනවයි. ආර්ථිකය කඩාවැටෙයි. දේශපාලන වශයෙන් රට අස්‌ථාවර වෙයි. මේවාට මුහුණ දෙන්න සෑම අංශයකින්ම ජාතිය පෙළගැස්‌විය යුතුයි. වෙන කරන්න දෙයක්‌ නෑ. බටහිර රටවල් එක්‌ක අපිට ගහගන්න බැහැ. මේ පාර ඇමරිකාව ඇවිල්ලා තියෙන්නේ ගෙදර වැඩ කරලයි. උඹලාට දෙන්නම් වැඩේ කියලා. අනිත් රටවල් අල්ලගෙන තමයි වැඩේ කරන්නේ. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්න කියා ඔවුන් බලපෑම් කරන්නේ ඒකයි. මේක සීරු මාරුවෙන් විසඳගන්න පුළුවන් නම් හොඳයි," යි කියන්නේ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ය.


ආණ්ඩුවේ උපාය මාර්ගය විපක්ෂයට දැඩි අභියෝගයකි. විපක්ෂ්‍යට කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ සීරු මාරු සහිතව ය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මෙසේ උපාය මාර්ග තෝරයි. "විදෙස්‌ රටවල් හෝ සංවිධාන ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේ ආණ්‌ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ නෛතික එකඟතා මුල්කරගනිමින් බව ද එනිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට හා සමානව ආණ්‌ඩුවේ ක්‍රියාමාර්ගවලට ද විරෝධය පළකළ යුතුයි."


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තත්වය පැහැදිලි කරන්නේ මෙසේ ය: "ජිනීවා නුවර පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්‌වීම පිළිබඳව රැස්‌වීමට ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට අමරිකා එක්‌සත් ජනපදය ගෙන ඇති ඒකමතික තීරණය පිළිබඳව දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක්‌ ලැබී ඇති නමුත් මෙම යෝජනාව කවුන්සිලය මගින් සම්මත කළද එය හුදු කාල රාමුවක්‌ පිළිබඳව ප්‍රකාශයක්‌ පමණක්‌ බැවින් කිසිදු නෛතික බලපෑමක්‌ නොමැති බවද වික්‍රමසිංහ පෙන්වා දුන්නේය. මෙම යෝජනාව පරාජයට පත්වුවද එයින් ගැටලුව අවසන් නොවනු ඇති බවත් ඊළඟ සැසිවාරයට තවත් යෝජනාවක්‌ ඉදිරිපත් කළ හැකි බව අමතක නොකළ යුතු බවත් හේ පවසයි."


අප දකින පරිදි නම් ජිනීවාහි වැදගත් යමක් සිදු වන්නේ නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. meka liyapu kena wage aya mae ratin pannala pituwahal kirima thamai karanna onaa, kisi deyak hariyata therum ganne nathi deshadrohiyo ratata barak witharai......

    ReplyDelete
  2. අර කිව්වා මෙන් කිසිම දෙයක් සිඳු වන්නේ නැත. යෝජනාව ඉදිරිපත් කරන්නේ මාර්තු 23 වනදාය. අද ඇත්තේ මහින්ද සමරසිංහගේ කතාව පමණි. හෙට.. උද්ඝෝෂන වලට බයේ යෝජනාව ගෙන ආවේ නැතැයි කියා ගොබෙල්ස්ලා තව අමු කෙප්පයක් කෙලියද පුදුම විය යුතු නැත. මෙතන් විශේෂ දෙයකට තිබෙන්නේ වගවීමේ ක්‍රියාවලිය සඳහා එකසත් ජාතින්ගේ නියෝජිතයෙක් නිරික්ෂකයකු ලෙසින් එම කමිටුවට එක්කර ගන්න යන්න පමණි.

    මෙහිදි මගේ මතය සමාන අදහසක් ඉදිරිපත් කලේ කඹුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ පමණි. එනම් යුද්ධය දිණූ පසු කරන්න තිබුනේ 13 අහෝසි කිරීම යන්නය. සහතික ඇත්තකි. කළ යුතුව තිබුනේ රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. නමුත් කළේ තමන්ට බලයේ සිටීම සඳහා වෙනසක් කර ගැනීම පමණි. ඒ අතින් ආන්ඩුව සිටින්නේ මොන්ටිසෝරී තත්වයේය. අනාගතයේ හෝ කළ යුතු මුල්ම කාර්යය එයයි. ඡන්ද ක්‍රමයේ වෙනසක් ඇති. පලා බබා නැති. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. එසේ නොවන තාක් මේ ප්‍රශ්න එසේම පවතිනු ඇත.

    ReplyDelete
  3. "ඇමරිකාව උත්සාහ ගනිමින් සිටින්නේ අවශ්‍ය නීති රාමුව සකස්‌ කිරීමෙන් පසුව ඊනියා යුද අපරාධ චෝදනාවලට ලක්‌කර මහින්ද රාජපක්‍ෂ මහතාට පිටරට යැම තහනම් කර, දරුණු පුද්ගලයකු යටතේ බටහිරට ගැති පාලනයක්‌ මෙරට ස්‌ථාපිත කිරීමට බව ද ඒ මහතා පෙන්වා දුන්නේය." - දිවයින

    යකෝ මේක කියෙව්වම මුඛයට කලින් අදෝමුඛයට හිනා ගියා. මේවා අහල පන පලයන් පෙරේදා කිව්වලු.

    ReplyDelete
  4. ජිනීවා වලත් යමක් වෙනවා...ආණ්ඩුව බොරු පොරොන්දු ගොඩක් දෙනවා...උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැගීම ගැන සැලසුමක් ඉදිරිපත් කොරනවා...ලස්සන වචන හරඹයක් ඒකට ඇතුලත්...ඇමති සමරසිංහ ලකුණු දාගන්නවා...ජී එල් තුමා ඒක කපන්න ෆුල් ටෝක් එකක් දෙනවා...ඉන්දියාව තමා රවට ගන්න ඕන...මොකද? ලෝකේ පුරාම ඉන්න රස්තියාදු කාරයෝ මෙහෙ ගෙන්න ගැනීම විතරක් නෙවයි අමෙරිකාවත් මෙහෙට එනවට ඉන්දියාව කැමති නැහැ...ඉන්දියාව ෂේප් කරගන්න බැරි උනොත් රනිල් වෙනුවට ෆොන්සේකාව ප්‍රොමෝට් කරන්න ඉඩ තියෙනවා...ඒ නිසා ඇමෙරිකන් විරෝදය ඇවිස්සීම කරන්න ඕනේ...මොකද ග්‍රීන් කාර්ඩ් කාරයන්ගෙන් ඇමෙරිකාවට දැන් ඉන්නේ එය විතරයි...රනිලුත් එනිසා මේදවස්වල ෆුල් රැඩිකල්...ඔය වෙන හරිය මදි ද?
    (...අපේ බඩට වදින එකත්...කට වහන එකත් කෙරෙනවා නේ...එකත් නරක නැහැ...නේ)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා