ආණ්ඩුවේ අ‍ඟේ ඉඳන් කණ කන ගුණදාස අමරසේකරලා

ලෝකයේ එක්, එක් යුගයන්හි පවතින පිළිගත් දේශපාලන බල අවකාශයන්ට අභියෝගාත්මක අන්දමින් කටයුතු කරන පාලකයන් මෙල්ල කිරීම සඳහා යොදා ගනු ලබන අවි අතර මානව හිමිකම් ප්‍රශ්න එකකි.


යම් රාජ්‍යයකට එරෙහිව මානව හිමිකම් ප්‍රශ්න මතු කළ හැක්කේ එකී රාජ්‍යය මානව හිමිකම් කැඩීමේ හා එසේ කැඩූ අය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය සිටින විට ය.


යම් තීරණාත්මක දේශපාලන විපර්යාස සිදු වූ ස්ථානයන්හි මානව හිමිකම් කඩ වී තිබීම නිරීක්ෂණය කළ හැකි ය. එවැනි අවස්ථාවන්හිදී සිදු වූ දේශපාලනික විපර්යාසයෙන් පරාජයට පත් වූ පාර්ශ්වයන් ද මානව හිමිකම් ප්‍රශ්න මත එල්ලීම සාමාන්‍ය තත්වයකි.


ලංකාව සම්බන්ධයෙන් නිශ්චිතව කතා කළහොත් ලංකාව සිය මානව හිමිකම් වාර්තාව හොඳ අතට හරවා ගැනීම, ජාතීන් අතර සංහිඳියාව ගොඩ නඟා ගැනීම හා ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඔස්සේ සාමය ස්ථාවර කර ගැනීම කළ යුතු දේ ය.


ඒවා කළ යුතුව තිබෙන්නේ ජාත්‍යන්තර බලපෑම් නිසා නො ව ලංකාව එසේ කළ යුතු නිසා ය.


දැන් සිදු වී තිබෙන්නේ ලංකාවේ පාලකයන්ට රට තුළ ස්ථාවරත්වය හෝ ජාත්‍යන්තර දේශපාලන පිළිගැනීම හෝ ඇති කර ගන්නට නො හැකි වීමයි.


මේ අල්ල පනල්ලේ අයහපත් ආර්ථික කළමනාකරණය හා සීමාන්තික දූෂණ නිසා රටේ ආර්ථිකය ද පිරිහී, ජීවන වියදම දරා ගත නො හැකි තරමට ඉහළ ගොස් තිබේ.


දැන් පාලකයන් කරන්නේ විදෙස් බලපෑමට එරෙහිව ජනතාව උසි ගන්වා රට තුළ බලය රැක ගැනීමට උත්සාහ කිරීමයි. මෙය වනාහි  අතිශය අනතුරුදායක ක්‍රීඩාවකි.


මේ අනතුරුදායක ක්‍රීඩාවේදී උසි ගනුවනු ලබන ජාතිවාදී දඩ බල්ලන් බැඳ දැමීම ලෙහෙසි නැත. මන්ද, ඔවුන්ට ඔවුන්ගේ ම කියා න්‍යාය පත්‍ර ද ඇති බැවිනි.


ආණ්ඩුව වීදිවලට ජනතාව කැඳවා උද්ඝෝෂණ පවත්වන අතරේ ඊයේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ හා සමිබන්ධ ගුණදාස අමරසේකර විසින් නායකත්වය දෙනු ලබන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සංවිධාන එකමුතුවක් විසින් පිටකොටුවේ බෝධිය අසලදී 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කර ඇතැ බලය බෙදීම අහෝසි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදී. ඒ සඳහා බල කරමින් ඔවුහු පෙත්සමකට අත්සන් දස ලක්ෂයක් එකතු කරති.


ආණ්ඩුව ඉන්දියාව ඇතුළු කලාපීය හා ලෝක බලවතුන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ෂේප් කර ගන්නට උත්සාහ කරන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කරන බව කියා ය.


ජාතිවාදී එකමුතුව එකී කාරණය මත ම ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් ආරම්භ කිරීම නියම අ‍ඟේ ඉඳන් කණ කෑමකි. ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබාගෙන එයින් ම පවතින ගමන් තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට යත්න දරන මොවුහු ආණ්ඩුවට සිටින සැබෑ සතුරෝ ය.


ගුණදාස අමරසේකර පසුගියදා රත්නපුරයේ රැස්වීමකදී කළ කතාවකින් ඔහුගේ පාර්ශ්වයේ න්‍යාය පත්‍රය පැහැදිලි කෙරිණි.


"අද රට බාහිර හා අභ්‍යන්තර වශයෙන් අර්බුද දෙකකට මැදිවෙලා. අද ඒ බාහිර අර්බුදය ඉතාමත් බරපතළ තත්ත්වයකට ඇවිත්. ඉන්දියාව සහ බටහිර බලවේග අද ඉතාමත් තර්ජනාත්මක ස්‌වරූපයෙන් අපට කියනවා 13 ක්‍රියාත්මක කරන්න කියා. මේ රට බෙදන්න කියා. විශාල තර්ජනයක්‌ අදවෙනකොට තියෙනවා. අද මානව අයිතීන් කඩ කළාය යුද අපරාධ කළාය කියලා ඔවුන් අපව බය කරනවා.


"13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව උතුරට පොලිස්‌ බලතල හා ඉඩම් බලතල දෙනවානම් මේ කිසිම චෝදනාවක්‌ එන්නේ නැහැ. මෙවැන්නක්‌ ඇති කිරීමට හේතුව කුමක්‌දැයි කියා අපි බැලිය යුතුයි. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කරලා දේශපාලන විසඳුමක්‌ හැටියට මේ රට බෙදන්නය කියන ප්‍රශ්නය තමයි මේ බාහිර අවුල.


"මේක දේශපාලන ප්‍රශ්නයක්‌ හැටියට අපි තේරුම් ගත්ත එකයි වැරැද්ද. ඉන්දියාව තමයි කිව්වේ මේ රටේ දෙමළ මිනිස්‌සුන්ට තිබෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ කියා. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙසට රට බෙදන්න ඉන්දියාව තමයි 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බලෙන් අප පිට පැටෙව්වේ.


....................


"මේකට පාර්ලිමේන්තු කමිටු පත්කරන්න ඕන නැහැ. ඇයි කට ඇරලා කියන්න බැරි මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නැහැ. මම සූදානම් නැහැ තව දුරටත් දේශපාලන විසඳුමක්‌ දෙන්න කියලා."


ආණ්ඩුව වැඩ කරන්නේ මෙවැනි කේවට්ටයින්ගේ උපදෙස් මත නම් ඉතින් ආණ්ඩුවට අබ සරණ ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ආ එතකොට රට දෙකට කැඩුවම ෂෝක් ඇති නේද උඹට

    ReplyDelete
  2. මේ රටේ ජනවාර්ගික ප්‍රෂ්නයක් නෑ කියන තැන මමත් ඉන්නවා.. එදත් අදත්.. අවශ්‍ය උතුරටත් සමානව සැලකීම. දැන් ඔය කොළඹ ඉන්න දෙමල අය ආන්ඩුවේ වැඩ කර ගන්නේ දෙමලෙන්ද... මේක තමයි ලොකුම බොරුව..

    ReplyDelete
  3. ආණ්ඩුවට දැනටමත් අබ සරණ තමා...මර්වින් සිල්වා වැනි අයගේ පිහිටෙන් හැමදාම මිනිසුන් බය කරගෙන ඉන්න බැහැ...ජනයා අතර ආණ්ඩුවට තියෙන තැන ජනයා අතර ඉන්න අපි දන්නවා...අඟේ ඉඳන් කන කන්න ආව අයගෙන් පිරුන ආණ්ඩුවක් මේක...මොලේ තියෙනවා නම් මේ අයගෙන් බේරෙන්න පුළුවන්...හැම වෙලේම බයෙන් ඉන්න තත්වයට ආණ්ඩු නායකත්වය පත් උනාම අඟේ ඉඳන් කන අයට යට වෙනවා...තමා බලය නැතිවීම ගැන බියෙන් ඉන්න තත්වයට පත් උනාම මොලේ යට යනවා..

    ReplyDelete
  4. ආ එතකොට රට දෙකට කැඩුවම ෂෝක් ඇති නේද උඹට
    මේ රටේ ජනවාර්ගික ප්‍රෂ්නයක් නෑ කියන තැන මමත් ඉන්නවා.. එදත් අදත්.. අවශ්‍ය උතුරටත් සමානව සැලකීම. දැන් ඔය කොළඹ ඉන්න දෙමල අය ආන්ඩුවේ වැඩ කර ගන්නේ දෙමලෙන්ද... මේක තමයි ලොකුම බොරුව..
    Tamils are selfish...They need to get done their works by us. We... are selfless. We have to fulfil their needs first. Then about Muslims. Then other minorities (by population). What is the country behave in this manner, Other than us, the damn selfless, fearing minorities. Does India care more about Hindi people or Tamil People. If US & allied nations send their troops to SL and defeat government, are you happy Mr.W3? If they make us a living desert like Afganistan, Iraq or Lybia, are you happy Mr. W3? You activated just after end of teh war. It denotes who are you!

    ReplyDelete
  5. ආ එතකොට රට දෙකට කැඩුවම ෂෝක් ඇති නේද උඹට

    මේ රටේ ජනවාර්ගික ප්‍රෂ්නයක් නෑ කියන තැන මමත් ඉන්නවා.. එදත් අදත්.. අවශ්‍ය උතුරටත් සමානව සැලකීම. දැන් ඔය කොළඹ ඉන්න දෙමල අය ආන්ඩුවේ වැඩ කර ගන්නේ දෙමලෙන්ද... මේක තමයි ලොකුම බොරුව..

    Tamils just think about themselves; & Muslims too. Lets people, with the fear of minorities (by population) think about them first. There are no other country where this type of people can be found; Who yells/coughs on behalf of other minorities, while blaming their own nation. W3 opened blog in June 2009. That denotes, who is the invisible hand behing it.

    ReplyDelete
  6. There are many issues that the country has to address. We just got out of 30 years of misery created by the LTTE. All the Sri Lankan’s suffered heavily due to this menace. Some of the issues could not solve over night, not in 5 years not even in 10 years. They need long term strategies. Poverty is not limited to Sinhalese (although they are the most) or Tamils or Muslims. All the issues are equally effect people in general but mostly Sinhalese. Some of the Sri Lankans who enjoyed privileges under the British rule lost their power (divide and rule strategy gave privileges to minorities and others who supported the British Rule). It took place in every British colony. So let the government address the economic issues. Bring development, create jobs, and improve the quality of education, teach languages including Sinhalese, Tamil and English to all the students. Improve the safety of the people by improving the quality and the discipline of the police by paying a reasonable salary, living standards, higher education qualifications and demand for quality uncorrupted service. And there are many more to do. Society should grow to the level of selecting people to the parliament and even Presidents based on their dedication, love and good policies they introduce not because they are Sinhalese, Tamil or Muslim. In USA It took over 230 years since the declaration of independence to win the presidency by a Black American. So if we stop whining and trying to divide the country, work together as a one country one nation to move the bar to a higher level I am sure one day Sri Lanka will have a Tamil or Muslim leader who cares for all the Sri Lankans not just one ethnic group. People will recognize good work and their scarifications.

    ReplyDelete
  7. @ මාතලන්,

    /මේ රටේ ජනවාර්ගික ප්‍රෂ්නයක් නෑ කියන තැන මමත් ඉන්නවා.. එදත් අදත්.. අවශ්‍ය උතුරටත් සමානව සැලකීම. දැන් ඔය කොළඹ ඉන්න දෙමල අය ආන්ඩුවේ වැඩ කර ගන්නේ දෙමලෙන්ද... මේක තමයි ලොකුම බොරුව.. /

    ඔබ පලකරන අදහසෙම උත්තරෙත් තියනව මාතලන්, '' එදත් අදත් අවශ්‍ය උතුරට සමානව සැලකීම '' ... හෙහ්, හෙහ්,...... ඒ කියන්නෙ එදත් උතුරට සමානව සැලකුවෙ නෑ..අදත් සමානව සලකන්නෙ නෑ..ඔබ පිළිගන්නව ඒක...එහෙම නේද?...උතුරට එහෙම සමානව සැලකුවෙ සහ සලකන්නෙ නැත්තෙ මොකද?...... උතුරේ වැසියන් දෙමල වීම නිසා..ඒකයි හේතුව....ඉතිං ජනවාර්ගික අර්බුදය කියන්නෙ ඒකට තමයි...වෙන මොකක්ද?

    ඔබ කියන විදිහට උතුරට සමානව සලකනව නම් ජනවාර්ගික අර්බුදයක් නෑ....ඒක හරි,මම පිළිගන්නවා. එකම වෙනස ඔබ මේ තියෙන ප්‍රශ්නය හඳුන්වන්න ජනවාර්ගික අර්බුදය කියන යෙදුම පාවිච්චි කරන්ට අකමැතියි...එච්චරයි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා