හිඟන්නාගේ පාත්තරයට ආණ්ඩුව වසා ඇත

හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වසා ඇත.


ලංකාවේ හෙනහුරා ආණ්ඩුවයි.


ජාතික දිළිඳු සහන දීමනාව වන සමෘද්ධි දීමනාව මාස තුනකින් ගෙවා නැත. මේ වන විට දිවයින පුරා සමෘද්ධි සහනාධාරය ලබන පවුල් පහළොස් ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය පහළොවක් (1,574,615) සිටිති. පවුලක සිව්දෙනෙක් සිටිතියි ගණන් බැලුවොත් මේ ජනගහණය ලක්ෂ 60කි. රටේ සමසිත් ජනගහණය ලක්ෂ 200කි.


සමෘද්ධි දීමනාව යනු උපරිමය රු. 1200ක දීමනාවකි. ලංකාවේ සමස්ත ජනගහණයෙන් තුනෙන් එකක් පමණ සමෘද්ධි දීමනාවෙන් ජීවත් වන දිළින්දෝ ය.


අඩු ආදායම්ලාභීන්ට කාණ්ඩ 08 ක් යටතේ දැනට දෙනු ලබන සමෘද්ධි දීමනාව ඉහළ දැමීම සඳහා 2012 අයවැයෙන් යෝජනා කර ඇතැයි අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසී ය.


ඒ අනුව රුපියල් 210 සිට 615 දක්වා කාණ්ඩය යටතේ වන සමෘද්ධිලාභීන්ගේ දීමනාව රුපියල් 750 දක්වා වැඩි කිරීමටත් රුපියල් 900 සමෘද්ධි දීමනාව රුපියල් 1200 දක්වා වැඩි කිරීමටත් තීරණය කර ඇති බව ජනාධිපතිතුමා පැවසීය.


මසකට රුපියල් 1200ක දීමනාවෙන් ජීවත් වන්නන් සිටින මේ රටේ ඒකපුද්ගල ආදායම 2016 වන විට ඩොලර් 4000 දක්වා ඉහළ නංවන බව රජය පවසයි.


ඒ බයිලා මොනවා වුණත්, දැන් රටේ එකපුද්ගල ආදායම ඩොලර් 2000ක් යයි කියනු ලැබේ. එසේ නම්, රටේ සෑම පුරවැසියකුගේ ම වාර්ෂික ආදායම අඩු ගණනේ රු. 200,000කට අධික විය යුතු ය. ඒ කියන්නේ සෑම පුද්ගලයකුගේ ම මාසික ආදායම රු. 16,000ක්වත් විය යුතු ය. එහෙම වෙනවා නම්, මෙතරම් දිළින්දන් රටේ ඉන්නේ කෙසේ ද?


ගොවීන්ගෙන් අය කර ගත් මුදලින් ගෙවනු ලබන ගොවි විශ්‍රාම වැටුපට ද මේ අන්දමින් ම කණ කොකා හඬා ඇත.


මේවායින් දිවි ගැට ගසා ගත් අසරණ දිළින්දන් විශාල පිරිසක් මේ වන විට කබලෙේ ලිපට වැටී සිටිති.


ආණ්ඩුව මහ ලොකු ආර්ථික සමෘද්ධියක් ගැන කතා කරන්නේ තත්වය මෙසේ තිබියදී ය.


අපේ රටේ ආර්ථික ඉලක්ක විය යුත්තේ මේ දිළින්දන් දිළිඳුකමින් මුදවා ගැනීම මිස සමෘද්ධියේ ඉලක්කම් විජ්ජා පෙන්වීම නො වේ. ඉලක්කම් විජ්ජාවලින් ප්‍රකාශ වන්නේ ආදායම් විෂමතා පමණි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දැයට කිරුල බලාලා යනවා නේ අපි
    ආශ්චර්ය බලාලා යනවා නේ අපි
    අශ්චර්යයේ පුනර්ජීවනය ඇඟටම දැනෙනවා නේ අපේ
    වෙන කෙන් ගෙඩි ඉල්ලන්නේ මොටද දැන් ඉතින් අපි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා