ආණ්ඩුව රැක ගැනීම සඳහා වූ ඇමරිකන් කුමන්ත්‍රණ හඳුනා ගනිමු

මහින්ද රාජපක්ෂ පාලනයට ආවැඩූ ලංකාවේ ජනතාව මේ වන විට තමන් වැපිරූ බෝගවල අස්වනු  නෙළන සමය උදා වී තිබේ. 


රට හාරා තැනූ වලවල වතුර පුරවා පසුව වතුරට යට වූ ගල් කඩා ඉවත් කිරීම වැනි වැඩවලට හා චීනය සමග කළ නොරොච්චෝලේ ගල් අඟුරු ලදරම වැනි කොමිස් ජාවාරම් වෙනුවෙන් ගිනි පොලියට ගත් ණය ගෙවන්නට සිදු වීමත් සමග රටේ ජනතාවට අමාරු කාලයක් උදා වෙමින් තිබේ.  


දැන් පාලකයන්ට කරන්නට පුළුවන් එක ම දේ වන්නේ පොලිසිය, හමුදාව ලවා සාගින්න නිසා ‍වීදි බසින ජනතාවට වෙඩි තැබ්බවීමයි. 


ලෝක වෙළඳ පොළේ තෙල් මිළ වැඩි වන විට මෙහි ද තෙල් මිළ වැඩි කරන්නට නම් ආණ්ඩුවක් කුමටදැයි ඇසූ මිනිසුන්ගේ ආණ්ඩුව දැන් එම බයිලාව ම කියමින් සිටියි. 


එතැනින් නො නැවතී, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පදයට රුපියල ද පා කර හරිමින් ඔවුන්ගේ ණය ලබා ගනු පිණිස පාත්තරය දිගු කරගෙන සිටියි. 


මේ සියලු පාපී පියවරවල විපාක ජනතාව පිටින් යවමින් තිබේ. 


වීදි බසින ජනතාව නො මඟ යවා සිය පාලනය රැක ගැනීම පිණිස ආණ්ඩුවට නැවතත් මහා බිල්ලෙක් ඕනෑ කර ඇත. එම කාර්යය ඉටු කරමින්, ‍අධිරාජ්‍ය ගැති, ඇමරිකන් පුරවැසියන්ගේ මේ ආණ්ඩුවට උපකාර පිණිස, මෙතෙක් ආණ්ඩුව ආරක්ෂා කළ ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන් තවත් පුස්සක් බිඳින්නට සැරසෙන බව පෙනේ. 


ජගත් මානව හිමිකම් සමුළුවේ එළඹෙන සැසි වාරය ඒ සඳහා අවස්ථාවයි. ලංකාවේ ආණ්ඩුවට එරෙහිව තීරණාත්මක පියවරක් නො ගෙන බොරු අඩව්වක් අල්ලන්නට ඇමරිකාව ප්‍රමුඛ රටවල් කටයුතු කළහොත්, එය පැහැදිලිව ම ලංකාවේ ආණ්ඩුව සමග අවබෝධයකින් යුතුව, මහින්ද රාජපක්ෂ පාලනයට රට තුළ සහයෝගය බල මුළු ගන්වා ගැනීම පිණිස කරන දෙයක් ලෙස තේරුම් ගත යුතු ය. 


මේ මොහොතේ ආණ්ඩුවට උපකාරී ලෙස කටයුතු කළ හැකි තවත් සංවිධාන තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) හා වෙනත් එවැනි විදේශාධාර මත යැපෙන රාජ්‍ය නො වන සංවිධාන ද, ඒවායේ නායක කාරකාදීහු ද මේ මොහොතේ ආණ්ඩුවට ජනතාව බිය වැද්දීම සඳහා අවශ්‍ය බාහිර සතුරා නිර්මානය කර දීමට කටයුතු කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. 


චැනල් ෆෝ වැනි ජනමාධ්‍ය ද සිය කටයුතුවලින් අවසානයේදී සේවය කරන්නේ ලංකාවේ ආණ්ඩුවට ම ය. 


දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා සම්බන්ධ සංවිධාන ද ලංකාවේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉඩ තිබේ.  ඔවුන්ගේ උපාය වන්නේ දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ හැකියාවක් ඇති පාලකයකු දිගට ම බලයේ තබා ගැනීමයි. විශේෂයෙන් ම ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමට සූදානම් නැති, එසේ ම ජාත්‍යන්තර වශයෙන් ගෞරවයක්, පිළි ගැනීමක් නැති, නිරන්තරයෙන් විවිධ චෝදනා මත ගර්හාවට පත් වෙමින් සිටින පාලකයකු ශ්‍රී ලංකාවේ බලයේ සිටීම ඔවුන්ට සිය ඊලාම් අරමුණ කරා යාමට ඉතා හොඳ ය. 


ආණ්ඩුව කල් බලමින් සිටින්නේ චම්පික රණවක, විමල් වීරවංශ, ගුනදාස අමරසේකර, නලින් ද සිල්වා, ඇල්ලේ ගුණවංශ හිමි ආදී වූ සිය ජාතිවාදී බැටෑලියනය පාරට බස්සවා ගන්නට පොටක් පෑදෙනතුරු ය. සාගින්න නිසා මතු වන සැබෑ ජනතා උද්ඝෝෂණ තරබාරු මධ්‍යම පංතික ජාතිවාදීන්ගේ ඊනියා දේශප්‍රේමී සංදර්ශනවලින් යටපත් කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගයයි.


ලංකාවේ ජනතාවට මේ මොහොතේ වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හෝ බොරුවට නඟන යුද අපරාධ ඝෝෂාව හෝ නො වේ. ආණ්ඩුවේ ඒ වැරදි සම්බන්ධයෙන් පියවර ගන්නවා නම් ඒ සඳහා අවුරුදු තුනක් පමණ තිබිණි. දැන් බොරුවට ඒවා මතු කර ගන්නේ වෙන මොකකටවත් නො ව, ජනතාව නො මඟ යවා, ආණ්ඩුව ආරක්ෂා කරගන්නට ය. 


මේ රටේ ජනතාවට අද තිබෙන ප්‍රශ්නය බඩගින්න පිළිබඳ දැවෙන ප්‍රශ්නයකි. ජනතාවට අවශ්‍ය සහන ය. ආණ්ඩුව ගෙදර යවන්නට ද ජනතාවට ඇත්තෙන් ම අවශ්‍ය නැත. ආණ්ඩුව කළ යුත්තේ ජනතාවට සහන දීමයි. යුද්ධය අවසන් කර තුන් වසරක් තිස්සේ ජනතාවට නො දුන් සහන මේ දුෂ්කර අවස්ථාවේ දීමයි. 


ආණ්ඩුව ඉන්ධන හා වෙනත් මාර්ගවලින් කරන ජනතා සූරාකෑම නැවැත්විය යුතු ය. කොටින් ම ඉන්ධන බදු කපා හැරිය යුතු ය. එයින් සිදු වන රාජ්‍ය ආදායම් අඩු වීම තුලනය කිරීම සඳහා දේශපාලකයන්ට කැප කිරීම් කිරීම ආරම්භ කළ හැකි ය. 


දේශපාලකයන්ට සිය ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කළ හැකි ය. මන්ද, රාජකාරි අවශ්‍යතා වෙනුවෙන් වැඩි වූ බස් ගාස්තුව ගෙවාගෙන මහජනතාවට ගමන් බිමන් යන්නට පුළුවන් නම් දේශපාලකයන්ට බැරි ඇයි? අනෙක, සපිරිවර සමගින් පීත්ත පටි කපන්නට රට පුරා දුවනවා වෙනුවට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වී, පාර්ලිමේන්තුව රැස් නො වන කාලයට සිය ගම් ප්‍රදේශයට වී මහජනතාව සමග සිටින්නට පුළුවන. මහජන මුදලින් රට සවාරි යාම ද හැකි තරම් අඩු කළ හැකි ය. තීරු බදු සහන මත ලබා ගත් වාහන වෙනුවෙන් ගෙවිය යුතු සත්‍ය බදු මුදල වාරික වශයෙන් හෝ ආපසු ගෙවා දමා මේ දුෂ්කර අවස්ථාවේ ආණ්ඩුවට උදව් කළ හැකි ය. දේශපාලකයන්ගේ දූෂණ හා වංචා නවත්වනවා නම්,  ආණ්ඩුවේ පැවැත්ම තව ටික කලකට තහවුරු කර ගැනීම දුෂ්කර නැත. 


ජාතික ගැටලුවට විසඳුම් නො දීමේ ප්‍රශ්නය ද, යුද අපරාධ චෝදනා පිළිබඳ කතන්දර ද, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කතා ද පැත්තකින් තියමු. මන්ද, ඒවා වර්තමාන පාලකයින්ගේ සාමාන්‍ය පැවත්මේ කොටස් ය. 


මේ මොහොතේ ඉදිරියට ගත යුත්තේ ජීවන වියදම පිළිබඳ දැවෙන ප්‍රශ්නය පමණි. 


වඩා සංයුක්තව කිවහොත් අද දවසේ සටන් පාඨ විය යුත්තේ අන් කිසිවක් නො ව, පහත සඳහන් ඒවායි. 


තෙල් මිළ අඩු කරනු! 


විදුලි ගාස්තු අඩු කරනු!


බඩු මිළ අඩු කරනු!


පඩි වැඩි කරනු!


සහනාධාර කප්පාදුව නවතනු!


ලෝක වෙළඳපොළේ ඒවා මේවා වෙනවා ය කියා මෙහි ජීවන වියදම වැඩි කරන්නට නම් ආණ්ඩුවක් අවශ්‍ය නැති බවට ආණ්ඩුවේ ගැත්තන් ම එදා කළ ප්‍රකාශය යළි මතක් කර දෙමු. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කාළේකින් දැනෙන්නම ලියලාය. ආන්ඩුවේ කාළකන්නීන්ගේ දීමනා කපා දැමුවානම් ජනතාවට සහන දීම කජ්ජක් නොවේ.

    ReplyDelete
  2. දෙන ගානකට ඩීසල් ගහගෙන මූදු නොගිහින් උද්ඝෝෂනය කරන්නට එනවාට මුන්ට යස වැඩේය............. :P:P

    ReplyDelete
  3. වීදි බසින ජනතාව නො මඟ යවා සිය පාලනය රැක ගැනීම පිණිස ආණ්ඩුවට නැවතත් මහා බිල්ලෙක් ඕනෑ කර ඇත. එම කාර්යය ඉටු කරමින්, ‍අධිරාජ්‍ය ගැති, ඇමරිකන් පුරවැසියන්ගේ මේ ආණ්ඩුවට උපකාර පිණිස, මෙතෙක් ආණ්ඩුව ආරක්ෂා කළ ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන් තවත් පුස්සක් බිඳින්නට සැරසෙන බව පෙනේ.


    ජගත් මානව හිමිකම් සමුළුවේ එළඹෙන සැසි වාරය ඒ සඳහා අවස්ථාවයි. ලංකාවේ ආණ්ඩුවට එරෙහිව තීරණාත්මක පියවරක් නො ගෙන බොරු අඩව්වක් අල්ලන්නට ඇමරිකාව ප්‍රමුඛ රටවල් කටයුතු කළහොත්, එය පැහැදිලිව ම ලංකාවේ ආණ්ඩුව සමග අවබෝධයකින් යුතුව, මහින්ද රාජපක්ෂ පාලනයට රට තුළ සහයෝගය බල මුළු ගන්වා ගැනීම පිණිස කරන දෙයක් ලෙස තේරුම් ගත යුතු ය.

    Para, what is this?
    We always used to believe that you think America is at the opposite side of GOSL. But now, you say America is at the same side of GOSL and cheats our people with false-alarm.
    Nowadays, I'm scanning all of your blogs, even up to year 2009. Actually, when writing you must review your previous comments even they are before 3 years or more.
    First half of your article is an anti-US approach. But, next is Anti-GOSL. If my scanning through your eariler articles correct, you cant appear for these both contrary parties.

    ReplyDelete
  4. ආණ්‌ඩුවට බලපෑම් කළ හැකි පිරිස සිවිල් සමාජය. අපේ රටේ සිවිල් සමාජය අද අතිශය දුබල තත්ත්වයකට වැටිල. මෙයට බලපාන හේතු 2 ක්‌ තිබෙනව. එකක්‌ සිවිල් සමාජයේ මූලික කොටස්‌කරුවන් වන ජනතාවගේ නොදැනුවත්භාවය. අපේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත්, අධිකරණයේ ස්‌වාධීනත්වය ගැනවත්, බලතල බෙදීම ගැනවත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ එහි කාර්යභාරය ගැනවත් දන්නෙ නෑ. අපේ රට දේශපාලන වශයෙන් අතිශය නොදැනුවත් සහ නොසැලකිලිමත් ජනතාවක්‌ ඉන්න රටක්‌. අපේ රටේ ජනතාව ආණ්‌ඩුව ගැනත්, රට ගැනත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැනත්, දේශපාලනය ගැනත්, දන්නේ ජනමාධ්‍ය වලින් පළවෙන බොරු වර්ණනා විතරයි. ඒ අය විශ්වාස කරන්නෙත් එච්චරයි.
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඕ. ඒ. සොයිසා http://www.divaina.com/2012/02/19/politics02.html

    ReplyDelete
  5. ඇමෙරිකන් අධිරාජ්‍යවාදය යනු මේ රටේ දේශපාලන තෙල් වෙළෙන්දන්ගේ බෙහෙත් තෙල් බෝතලයයි...මේක විකුණමින් තමයි පනහේ දශකයේ සිට මේ රටේ ජනතාව ඊනියා ජනතාවාදී පාලකයන් පත් කලේ...අද තිබෙන අධිපතිවාදී...පවුල්වාදී...දුෂිත පාලක පන්තිය තමන්ව බලයේ තබා ගැනීමේ ක්‍රියාවලියට අපි කවුරුත් දායක කර ගන්නේ ද මේක අලවි කිරීමෙන්...මේක දැන්වත් තේරුම් ගත්ත එක ලොකු දෙයක්...මේ තෙල් බෝතලය ඇතුලේ බෙහෙත් සුවඳ විතරයි තියෙන්නේ...බෙහෙත් නැහැ...පොල්තෙල් තමයි තියෙන්නේ...අද අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙන්නේ අයි එම් එෆ් සැලසුම් වලට අනුවයි...ජනතාව මත සියලු බර පටවා...ඔවුන් ඉල්ලා සිටින විදිහට සහන කැපීමෙන්...ජාත්‍යන්තර බැංකු බේරා ගැනීමට දෙන නය වාරිකය ගැනීම ඇතුලත්වෙන වැඩ පිළිවෙල තුල...එහෙම නැතුව ජිනිව වල පාස් කරන යෝජන්වලින් නොවේ...යු ඇන් පිය ආවම මේක කෙලින්ම කරනවා...මෙයාල ඒක අධිරාජ්‍යවාදී තෙල් බෝතලය විකුණමින් කරනවා...ඔබ හරි අධිරාජ්‍යවාදයට විරුද්ධවීම යනු ඔබ ලියා ඇති සටන්පාට ඉදිරියට දැමීම තමා...මෙය ජනතව තේරුම් ගෙන ඉන්නේ...Occupy High Ways...their way of protest

    ReplyDelete
  6. මානසිකව ගිලන් වී සිටි පක්ෂ සාමාජිකයා කීවේ ඔහු සී.අයි.ඒ.කාරයකු යයි පක්ෂය සිතන බවත් ඇත්තෙන් ම ඔහු සී.අයි.ඒ.කාරයකු නොව ජර්මන්කාරයකු බවයි.
    මේ හතර බීරි කතාවේ තේරුම එදා ලේඛකයාට තේරුම් ගන්නට හැකි වූයේ පක්ෂ සහෝදරයාගේ මව ‘මූ පක්ෂෙ අධ්‍යාපන කඳවුරක්ද මොකක්ද එකකට ගිහින් එහෙදී පෙති බීල නැහැ, මහත්තයා’ යි කී පසු ය.
    මේ පක්ෂ සහෝදරයා ලාල් කාන්ත නො වේ. එහෙත්, ජවිපෙ, හෙළ උරුමය වැනි පක්ෂවල ඉන්න සෑහෙන පිරිසකට ඉහත පක්ෂ සහෝදරයාට ඇති අසනීපය අඩු වැඩි වශයෙන් තිබේ.
    මෑතදී මළ ගෙදරකදී ලේඛකයාට හමු වූ ඔහුගේ පැරණි මිතුරකු ද හැම දෙයක් පිටුපස ම ඇමරිකන් තුමන්ත්‍රණයක් දකින්නෙකි. තද සිංහල ජාතිකවාදියෙකි. ඔහුගේ තර්ක ද විධිමත් ය.
    ඇමරිකාව කුමන්ත්‍රණ නො කරන බවට සහතිකයක් දෙන්නට කාටවත් බැරි ය. ලේඛකයාට නම් එහෙම උවමනාවක් ද නැත. එහෙයින් ඇමරිකන් කුමන්ත්‍රණ ගැන කරන තර්කවලට ප්‍රති තර්ක කරන්නට ලේඛකයා කිසි විටෙක නො පෙළඹේ.
    එහෙත්, හැම රෙද්දක් පල්ලේ ම ඇමරිකන් කුමන්ත්‍රණ දැකීම ලේඛකයාට නම් අමුතු මනෝභාවයකි.
    ලේඛකයා කලක් එක් විකල්ප පුවත්පතක කතුකමක් කරන බව සිතා සිටියේ ය. ඇත්තෙන් ම නම් වූයේ ලේඛකයාට නමට එම තනතුර දී එම පුවත්පත පළ කළ වාමාංශික කණ්ඩායමේ ‘ලොක්කා’ ඔහුව අල්ලේ නටවන්නට උත්සාහ කිරීමයි. ඒවා ඉතින් පස්සේ කතා කළ යුතු වෙන කතා ය.
    සුනාමිය ආ සමයේ මේ කණ්ඩායමේ ලොක්කා කරුණු සහිතව මැනැවින් ඉදිරිපත් කළ තර්කයක් වූයේ ඇමරිකාව මෙම ස්වාභාවික ව්‍යසනයෙන් ලංකාවට සිදු වන විපත කල් තබා දැනගෙන ඒ පිළිබඳව ලංකාවට නො දැන්වූ බවයි. ඒ කාලයේ ම ඇමරිකන් හමුදාව ලංකාවට පැමිණි අතර ඔවුන් සුනාමිය දඩ මීමා කරගෙන සිය මිලිටරි න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන බව පුවත්පතේ තර්කය විය. ඒ දවස්වල අප සිතා සිටියේ ඇමරිකන් හමුදාව ආපසු නො යනු ඇතැයි කියා ය.
    ඇත්තෙන් ම ඇමරිකාව යනු තිබෙන දෙයට වඩා ප්‍රබන්ධයකැයි ලේඛකයාට දැන් සිතේ. මේ ප්‍රබන්ධ ඇමරිකාව නොමැතිව ලෝකයේ ම වාමාංශිකයන්ට හා ජාතිවාදීන්ට පැවැත්මක් නැතැයි ලේඛකයාට සිතේ.
    ඇමරිකාව මෙන් ම ඇමරිකාව ප්‍රබන්ධ කිරීම ද කුමන්ත්‍රණයකි. නිතර යෙදෙන කුමන්ත්‍රණය යන දේශපාලන සංකල්පය ද ප්‍රබන්ධයකි.
    අපි ප්‍රබන්ධ ලෝකයක ජීවත් වන මිනිස්සු වෙමු. අපට එම ප්‍රබන්ධය නඩත්තු කර ගැනීමට කුමන්ත්‍රණ අවශ්‍ය ය. ලෝකය තේරුම් ගත හැකි තරම් සරළ වුණොත් මාර ප්‍රශ්නයකි. මන්ද, අපේ ප්‍රබන්ධ ලෝකය එයින් කඩා වැටේ.

    ReplyDelete
  7. මේ තියෙන්නේ ඇමෙරිකන් කුමනත්‍රණ ගැන අජිත් පැරකුම් ජයසිංහම ග ලියපු එකක්.... පැරෝ පමා නොවී පෙත්ත ගනින්.....

    "මානසිකව ගිලන් වී සිටි පක්ෂ සාමාජිකයා කීවේ ඔහු සී.අයි.ඒ.කාරයකු යයි පක්ෂය සිතන බවත් ඇත්තෙන් ම ඔහු සී.අයි.ඒ.කාරයකු නොව ජර්මන්කාරයකු බවයි.
    මේ හතර බීරි කතාවේ තේරුම එදා ලේඛකයාට තේරුම් ගන්නට හැකි වූයේ පක්ෂ සහෝදරයාගේ මව ‘මූ පක්ෂෙ අධ්‍යාපන කඳවුරක්ද මොකක්ද එකකට ගිහින් එහෙදී පෙති බීල නැහැ, මහත්තයා’ යි කී පසු ය.
    මේ පක්ෂ සහෝදරයා ලාල් කාන්ත නො වේ. එහෙත්, ජවිපෙ, හෙළ උරුමය වැනි පක්ෂවල ඉන්න සෑහෙන පිරිසකට ඉහත පක්ෂ සහෝදරයාට ඇති අසනීපය අඩු වැඩි වශයෙන් තිබේ.
    මෑතදී මළ ගෙදරකදී ලේඛකයාට හමු වූ ඔහුගේ පැරණි මිතුරකු ද හැම දෙයක් පිටුපස ම ඇමරිකන් තුමන්ත්‍රණයක් දකින්නෙකි. තද සිංහල ජාතිකවාදියෙකි. ඔහුගේ තර්ක ද විධිමත් ය.
    ඇමරිකාව කුමන්ත්‍රණ නො කරන බවට සහතිකයක් දෙන්නට කාටවත් බැරි ය. ලේඛකයාට නම් එහෙම උවමනාවක් ද නැත. එහෙයින් ඇමරිකන් කුමන්ත්‍රණ ගැන කරන තර්කවලට ප්‍රති තර්ක කරන්නට ලේඛකයා කිසි විටෙක නො පෙළඹේ.
    එහෙත්, හැම රෙද්දක් පල්ලේ ම ඇමරිකන් කුමන්ත්‍රණ දැකීම ලේඛකයාට නම් අමුතු මනෝභාවයකි.
    ලේඛකයා කලක් එක් විකල්ප පුවත්පතක කතුකමක් කරන බව සිතා සිටියේ ය. ඇත්තෙන් ම නම් වූයේ ලේඛකයාට නමට එම තනතුර දී එම පුවත්පත පළ කළ වාමාංශික කණ්ඩායමේ ‘ලොක්කා’ ඔහුව අල්ලේ නටවන්නට උත්සාහ කිරීමයි. ඒවා ඉතින් පස්සේ කතා කළ යුතු වෙන කතා ය.
    සුනාමිය ආ සමයේ මේ කණ්ඩායමේ ලොක්කා කරුණු සහිතව මැනැවින් ඉදිරිපත් කළ තර්කයක් වූයේ ඇමරිකාව මෙම ස්වාභාවික ව්‍යසනයෙන් ලංකාවට සිදු වන විපත කල් තබා දැනගෙන ඒ පිළිබඳව ලංකාවට නො දැන්වූ බවයි. ඒ කාලයේ ම ඇමරිකන් හමුදාව ලංකාවට පැමිණි අතර ඔවුන් සුනාමිය දඩ මීමා කරගෙන සිය මිලිටරි න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන බව පුවත්පතේ තර්කය විය. ඒ දවස්වල අප සිතා සිටියේ ඇමරිකන් හමුදාව ආපසු නො යනු ඇතැයි කියා ය.
    ඇත්තෙන් ම ඇමරිකාව යනු තිබෙන දෙයට වඩා ප්‍රබන්ධයකැයි ලේඛකයාට දැන් සිතේ. මේ ප්‍රබන්ධ ඇමරිකාව නොමැතිව ලෝකයේ ම වාමාංශිකයන්ට හා ජාතිවාදීන්ට පැවැත්මක් නැතැයි ලේඛකයාට සිතේ.
    ඇමරිකාව මෙන් ම ඇමරිකාව ප්‍රබන්ධ කිරීම ද කුමන්ත්‍රණයකි. නිතර යෙදෙන කුමන්ත්‍රණය යන දේශපාලන සංකල්පය ද ප්‍රබන්ධයකි.
    අපි ප්‍රබන්ධ ලෝකයක ජීවත් වන මිනිස්සු වෙමු. අපට එම ප්‍රබන්ධය නඩත්තු කර ගැනීමට කුමන්ත්‍රණ අවශ්‍ය ය. ලෝකය තේරුම් ගත හැකි තරම් සරළ වුණොත් මාර ප්‍රශ්නයකි. මන්ද, අපේ ප්‍රබන්ධ ලෝකය එයින් කඩා වැටේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා