කරන කලට පව් මීරි ය මී සේ - විඳින කලට බිල් වැඩි වෙයි ගිනි සේ

අපේ පාඨකයකු පෙන්වා දී ඇති පරිදි ඩීසල් මිළ වැඩි කර ඇත්තේ 37%කිනි. එහෙත් විදුලි බිල 40%කින් වැඩි කර තිබේ. 


විදුලි බල මණ්ඩලය එතැන ම 3%ක ලාභයක් ලබන බව ඔහු පෙන්වා දෙයි. 


මේ අප ගෙවන්නේ චීනයෙන් ආනයනය කළ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය නම් ලදරම වෙනුවෙන් චීනයෙන් ණයට ගත් ඩොලර් මිලියන 450 පොලියත් සමග ය. 


ජනවාරි 21 සිට ඒ ලදරම කැඩිලා ය. නැවත පණ ගන්වන දිනයක් තවමත් නැත. මීට පෙර ද එය සතියක් දිව්වේ නැත. 


රුපියල් හතරට විදුලි ඒකකයක් දෙන බවට පාරම් බාමින් මේ ගල් අඟුරු බලාගාරය හැදූ අය දැන් කියන්නේ එය කැඩුණු විට පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නට දිනකට රු. මිලියන 80ක් වැය වන බවකි. 


විදුලි බල මණ්ඩල‍යට විදුලි ඒකකයක් ජනනය කිරීමට රු. 18ක් යන බව හා ඒකකයක් විකුණන්නේ රු. 13 ගණනේ බව ද මහජන උපයෝගිතා කොමිසම පසුගිය දිනවල පැවසී ය. 


මේවා මෙහෙම වුණේ පාලකයන්ගේ වැරදි තීරණ නිසා ය. අසීමිත දූෂණය නිසා ය. 


දැන් ඉතින් ආශ්චර්යය බැලූ යුගය අහවර ය. ඔන්න ඩොලරයත් නගිනවා ය.


කරන කලට පව් මීරි ය මී සේ - විඳින කලට බිල් වැඩි වෙයි ගිනි සේ


ඉතින් අපි ගෙවමු උන් කළ පව්!


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය ගණනය කිරීමත් වැරදියි. ඩීසල් වැඩිවුනා 37%, රටේ විදුලිය නිශ්පාදනයෙන් 60% තාප බලාගාර කියල හිතුවොත් (ජල විදුලියත් තවම භාවිතා කරන නිසා) විදුලි බිල වැඩි වෙන්න ඕන (0.37 x 0.6) = 22.2% මේ වැඩි වීම අන්තිම අසාධාරණයි. අනිත් එක විදුලි බිල ගණනය කිරීමේදී 16 වෙනිදා සිට භාවිත කරපු ප්‍රමාණයට පමනක් වැඩි කරන්න ඕන.

    ReplyDelete
  2. fuel surcharge will only apply when the electricity generated by the fuel. Normally in rain period it uses water to generate. In 2009 also they imposed this kind of charge and later withdrawn.
    Lak Vijaya power station is scheduled to start 18-02-2012. This time the fault was it has been used excessively. Since this technology is new to Sri Lanka it takes sometimes to get used. If the machine breaks down it takes 14 days to cool off. Simple it takes nearly more than half to do any small repair.
    When it operates there is no need to add fuel surcharge.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා