මෝටර් බයිසිකල් හා තවත් භාණ්ඩ මැද භාණ්ඩ ඉක්මවා ගිය චිත්‍රපටයක්

මෝටර් බයිසිකල් චිත්‍රපටයේ තරුණයා ලාංකික නාගරික හෝ අගනාගරික දිළිඳු තරුණයාගේ හරස්කඩක් ද නැද්ද යන්න මම නො දනිමි. එහෙත් ඒ තරුණයා වැනි තරුණයෝ අපට හමු වෙති.

මා ඔහු කියවන්නේ මෙසේ ය. ඔහු නාගරික දිළිඳු සමාජයේ ඉපිද, එම සංස්කෘතියට ඇබ්බැහිව, එයින් මිදී නව ඉසව් සොයා යන්නට ආසා කරන, ඒ සඳහා දිරියෙන් සටන් ද නො කරන තරුණයෙකි.

මතක හැටියට රංගන යන නම හිමි මෙම තරුණයා සමාජ හිනිපෙතේ ඉහළ යාමට අවස්ථා උදා කර දෙන උසස් අධ්‍යාපන ලොතරැයිය සඳහා අවස්ථා නො ලද අයෙකි.  කය වෙහෙසන රැකියා කරන්නට අකැමැති අයෙකි. කම්කරුවෙකු වීමට සිතක් ඔහුට නැත. ඔහු ඒ වෙනුවට වෘත්තීය කලාකරුවකු, ගායකයකු වීමට ආසා කරන අයෙකි. තරුණයන් ගායකයන් වන්නට ම පෙරුම් පුරන්නේ ඇයි? සිංදු කියන්නට හැකි අයට පමණක් සුපිරි තරු හා සුපිරි ධනවතුන් වීමට මාවත් තිබෙන නිසා ය. 

එම තරුණයා රැඩිකල් සංගීත ශෛලීන් ඇසුරු කරන්නෙකි. එහෙත්, ඔවුන්ගේ ගීත සාහිත්‍යයේ ඇත්තේ බොල්, නිසරු අදහස් ය. සංගීතය ද ගැඹුරක් නැති විරෝධාකල්පයක් පමණි. ඔහුගේ උන්නතිකාමය වන්නේ රියැලිටි වැඩසටහනක් ඔස්සේ සුපිරි තරුවක් වීමයි. එහෙත්, ගිටාරයක් වාදනය කරමින් සිංදු කියනවා හැරෙන්නට සංගීතය ගැඹුරින් හැදෑරීමක් ද නැත.

ඔහුට සිංදු කියන්නට ලැබෙන්නේ ඩොගි බාර් එකක ය. එළියට එන්නේ සුළු මුදලක් අතින් රැගෙන ය. පාරේ මිනිසුන් මරා දමන, පාතාලය රජ කරන පාළු වීදි දිගේ ඔහු පා ගමනින් එයි. බියපත් ඔහු රැගෙන එන තමන් වැනි ම දිළින්දකු වූ ත්‍රිරෝද රියදුරාගේ කුලිය නො ගෙවා පළා යන ඔහු සහකම්පනය නැත්තෙකි.

එහෙත්, මේ සංගීත ව්‍යාජයන් ඇසුරු කරමින් අජිත් කුමාරසිරි මවන්නේ ප්‍රශංසනීය සිනමා සංගීතයකි. සිනමා සංගීතය තිබෙන්නේ සංගීතකරුවාට දන්න වැඩකිඩ ඔක්කොම පෙන්නන්නට නොව, චිත්‍රපටය සමග ඓන්ද්‍රිය වන සංගීතයකට බව අජිත් කුමාරසිරි මැනැවින් පෙන්වා දෙයි.

රංගන සිය මවගේ මාලය උගස් කර, පරණ මෝටර් බයිසිකලයක් මිළ දී ගනියි. එය සොරකම් කළ, නීති විරෝධී එකකි. ඔහුට හෙල්මටයක් මිළ දී ගැනීමට හෝ මුදල් නැත. ඔහු මෝටර් බයිසිකලයෙන් සිය පෙම්වතිය කැටුව දවසක් ගත කිරීමට යයි.

දවසක් පුරා ඔහු සොයන්නේ ආදරය කරන්නට නිදහසයි. මුදල් නොමැතිව ඒ නිදහස දිනා ගත නො හැකි ය. ඔවුන් දවස අවසන් කරන්නේ ජීවිතය ගැන වෙහෙසට පත් ව ය.

තරුණිය ඔහුට වඩා මඳකින් ඉහළ සමාජ මට්ටමක අයෙකි. ඇය ඔහු හමු වන්නට එන්නේ පන්ති නො යා ය. ඇය පන්ති යන්නේ ඇයි? රැකියාවක් සහිත වඩා සුරක්ෂිත ජීවිතයක් ගැන ඇයට අපේක්ෂා තිබේ. ඇයට අවශ්‍ය ඇය සුරක්ෂා කරන අනාගත සැමියෙකි. එහෙත්, ඇයට ආදරය කරන, ඇය ආදරය කරන තරුණයා මංමුලා වූවෙකි. ජීවිතයෙන් ගොඩ ඒමට ඔහුට ඇත්තේ ලොතරැයි හා එවැනි ම වූ රියැලිටි සුපිරි තරු මාවත් පමණි.

භාණ්ඩ ලෝකයක ආදරවන්තයා භාණ්ඩ මිළ දී ගෙන පෙම්වතියට තෑගි කරන්නකු විය යුතු ය. එහෙත්, ඔහු හුදෙක් සිය පෙම්වතියගේ ආසාවන් දෙස අසරණව බලා සිටින්නට සිදු වූ දිළින්දෙකි. 

අපේක්ෂා සුවිසල් ය. එහෙත්, අවස්ථා ඉතා සීමිත ය. ජීවිතය ජය ගැනීමට එක්කෝ සුපිරි තරුවක් විය යුතු ය. නැතිනම් ලොතරැයියක්වත් ඇදිය යුතු ය. 

ඔහුගේ සමාජයේ උන්නතිකාමී තරුණයන්ගේ ඉරණම පාතාල මෙහෙයුම් සමග ගැට ගැසී තිබේ. ආශාවන් සංතෘප්ත කර ගත හැකි කෙටි මාර්ගය අවදානම් ය. එයින් ලබන ප්‍රමෝදය තීව්‍ර වුවත් චිරස්ථායී නැත. අම්මලාට උවමනා තම දරුවන්  ඒ ලෝකයෙන් මිදී නව ලෝකයක් ගොඩනගා ගැනීමයි. 

“මේ ජීවිතයේ - අම්ම මගේ - මං අම්මගේ" යි ගැයූ දරුවකුගේ කතාව අවසන් වන්නේ “අම්මගේ මාලේ -ටවුමෙ උකස් කඩේ - සමනල කාලේ මොකට ද - කඳුළු මේ" යන අපේක්ෂා භංගත්වයෙනි.

මෝටර් බයිසිකල් චිත්‍රපටය ආදරයේ භෞතික ලෝකයට අප දෙනෙත් විවර කරයි. ආදරය කරනවා යනු කුමක් ද? තමන් ආදරය කරන තරුණිය දැක ගන්නට නිවස අසලට යාම, පන්ති නො ගොස් ඇය සමග ගමන් බිමන් යාම, සුරතල්, විහිළු, දඟකාරකම්, ළං වී සිටීම, පෙම් බස් දෙඩීම, ස්පර්ශ සුවය, ලිංගිකත්වය යන මේවා ආදරය සමග වෙළී පවතී. එහෙත්, ඔවුන්ට ඒවා රිසි සේ ලබා ගත නො හැකි ය. හේතුව දිළිඳුකම හා සංස්කෘතික සීමා ය. 

ඔහු නො ලබන ප්‍රමෝදය ලබන, ඔහුට අහිමි ට්‍රේල් මෝටර් සයිකල් පදින, අත යහමින් මුදල් ගැවසෙන, ආයුධ හෙවත් බලය හිමි පාතාල මැරවරයා ජීවත් වන්නේ සතුටින් ද? නැත. පාතාල මැරවරයා රංගනට ඉරිසියා නො කරන්නේ යයි කිව හැකි ද? රංගනගේ නිදහස්කාමී යව්වන දිවිය ඔහුට අහිමි ය. 

කිසිවෙක් කිසිවක් දිනා තිබේ ද? 

නූතන පීඩිත පංතික තරුණයා මධ්‍යම පංතික අපේක්ෂා ලෝකයක උපන්නෙකි. ඔහුගේ ජීවිත අරමුණ පාරිභෝජනයයි. ඔහුට නවීන ස්මාට් දුරකථනයක් තිබිය යුතු ය. නවීන මෝටර් සයිකලයක් තිබිය යුතු ය. විවාහයෙන් පසු පොඩි කාර් එකක් ගෙන පසුව ලොකු කාර් එකක් ගත යුතු ය. කලාගාරයක් වැනි නිවසක් තිබිය යුතු ය. ලස්සන, සුදු කෙල්ලෙක් සිටිය යුතු ය. තරුණියට නම් වෙන මොනවා නැතත්, ඉහත කී උපයෝගී වස්තු හිමි කොල්ලෙකු සිටිය යුතුය. ඔහු ඇය කැමති භාණ්ඩ මිළ දී ගෙන දිය යුතු ය. ධනවාදය තුළ ආදරය හා භාණ්ඩ එකට බැඳී තිබේ. මිනිසුන් ද භාණ්ඩ බවට පත් වේ. ගැහැනිය බඩුව වන්නේ ද, ආදරයේ උසස් රසයක් වන ලිංගිකත්වය බඩු ගැසීම වන්නේ ද එම සංදර්භය තුළ ය.

ආසාවන් සමුදායක් මැද, ආසාවන් ම ප්‍රවර්ධනය කරන සමාජයක, ආසාවන් සන්තර්පණය කිරීම ම පරම අරමුණ කර ගත් ජීවිතවලට හිමි  වන එක ම දෙය අහිමි වීම පමණි. ‍පොත නැති, ලයිසන් හෝ ඉන්ෂුවරන්ස් හෝ නැති 81 ශ්‍රී පරණ ස්කූටරයක් පැද්දත්, නවීන ට්‍රේල් බයිසිකලයක් පැද්දත්, භාණ්ඩ වන්දනා කරන සමාජයේ ආදරය හමු වන්නේ නැත. හමු වන්නේ තාවකාලික සුවයක් පමණි.

ශ්‍රම විරෝධී, ක්ෂණික ආදායම් පසුපස යන, පාරිභෝජනවාදී මධ්‍යම පංතික ජීවන අපේක්ෂාවන්ට එදිරිව කම්කරු අභිමානය නැවත ස්ථාපිත කරන තෙක් පීඩිත පංතිවල තරුණයන් මංමුලා වීම වැළැක්විය නො හැකි ය. 

සමීර නාඔටුන්නගේ මෝටර් බයිසිකල් ලංකාවේ බිහි වූ විශිෂ්ට චිත්‍රපට අතරට එකතු වන කෘතියක් බව නිර්ලෝභීව කිව හැකි ය. විශිෂ්ට අධ්‍යක්ෂණය තුළ චිත්‍රපටයේ රංගන ප්‍රතිභා, සංගීතය, කැමරාව, සංස්කරණය වැනි අංග මනාව එක්වෙමින් කදිම සිනමා සංරචනයක් බිහි කර තිබේ. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බලන්න ඕනා... අජිත්ගේ මියුසික් නම් ආයේ නෝ කතා නෝ සිනා...

    ReplyDelete
    Replies
    1. මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමේදීද හඳහන බලන්න ඔනාමද ?

      Delete
    2. හහා ක්ලැසික්

      Delete
  2. ඔහේ කතාව කියනා විට වල්මත්වූවෝ චිත්‍රපටිය මතක් වුනා හිටන්!##

    අපේක්ශාබන්ගත්වය!

    ReplyDelete
  3. පැරාගේ සිනමා විචාර අපූරුයි.. වැඩේ කියන්නේ මෙහෙම චිත්‍රපටයක් ගැන මම දැනාත්තෙත් මේක කියවලා.. පැරා කොහොම වෙලාව හොයන් මේවා බලනවද මංදා..

    ReplyDelete
  4. //එම තරුණයා රැඩිකල් සංගීත ශෛලීන් ඇසුරු කරන්නෙකි. එහෙත්, ඔවුන්ගේ ගීත සාහිත්‍යයේ ඇත්තේ බොල්, නිසරු අදහස් ය. සංගීතය ද ගැඹුරක් නැති විරෝධාකල්පයක් පමණි. ඔහුගේ උන්නතිකාමය වන්නේ රියැලිටි වැඩසටහනක් ඔස්සේ සුපිරි තරුවක් වීමයි. එහෙත්, ගිටාරයක් වාදනය කරමින් සිංදු කියනවා හැරෙන්නට සංගීතය ගැඹුරින් හැදෑරීමක් ද නැත.//
    බ්ලොග් ඔස්තාර් කෙනෙක්ව මතක් උනා.

    ReplyDelete
  5. /* ආදරයේ උසස් රසයක් වන ලිංගිකත්වය බඩු ගැසීම වන්නේ ද එම සංදර්භය තුළ ය.*/

    ලිංගිකත්වය නොව සංසර්ගය නැතහොත් ලිංගික එක්වීම විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. Hoyagena wage amaruwen hari adupaduwak....

      Delete
    2. ලිංගිකව එක්වීම නෙමෙයි බන්. ලිංගිකත්වය.
      ලිංගිකත්වය කියන එක තේරෙන්නේ නැති උන් තමයි සංසර්ගය කියන්නේ ලින්ගිකත්වෙට කියල හිතන්නේ. ලිංගිකත්වය කිව්වම සන්සර්ගේ විතරක් නෙමෙයිනේ

      Delete
    3. ඇනෝලා ලියා ඇත්තේ මා ඇසූ දෙයට පිළිතුරක් නොවේ!

      Delete
    4. මොකක්ද කියන්නකෝ එහෙනම් පිළිතුර.
      මෙහෙමද දැන් මේ වාක්‍ය ලියවෙන්න ඕනේ?
      /* ආදරයේ උසස් රසයක් වන ලිංගිකව එක්වීම බඩු ගැසීම වන්නේ ද එම සංදර්භය තුළ ය.*/

      Delete
  6. ඔබ බොහොම අපූරු විචාරයක් ඉදිරිපත්කර තිබෙනවා. එය, මේ චිත්‍රපටිය බලන්නට අපව පොළඹවනසුළුයි.

    ReplyDelete
  7. අව්‍යාජ විවරණයක්. අතිශය සරල සංරචනයක් තුළ අධ්‍යක්ෂ වරයා වියන දේශපාලනික වියමන සාර්ථකව හසුකර ගන්නට සමත්ව තිබෙනවා.

    ReplyDelete
  8. බලන්න යන්න හිටියත් වැඩ නිසාම තාම බැරිවුණා. ඉක්මණින්ම බලන්න ඕනෙ.

    ජයවේවා!!!

    ReplyDelete
  9. මිනිසුන්ට ෆිල්ම් එක බලන්නට පොළඹවන අපූරු විචාරයකි.....

    ReplyDelete
  10. Dan Sinhala blog awakashe pare yana pissekta gal gahala kunuharupa kiyawaganna thanak wela, mehen gal gahanawa, arahe kunuharupa dore galanawa, ane kale kiwwalu..

    ReplyDelete
  11. //කිසිවෙක් කිසිවක් දිනා තිබේ ද?//

    හරි අපූරු කියමනක්..

    ReplyDelete
  12. ගූතෙත් නිකන් මේ ෆිල්ම් එකේ බුවා වගේ කියල හිතෙන්නේ මට විතරද? සංගීතේ වෙනුවට ලිවීම ආදේශ කලොත්.
    //එම තරුණයා රැඩිකල් සංගීත ශෛලීන් ඇසුරු කරන්නෙකි. එහෙත්, ඔවුන්ගේ ගීත සාහිත්‍යයේ ඇත්තේ බොල්, නිසරු අදහස් ය. සංගීතය ද ගැඹුරක් නැති විරෝධාකල්පයක් පමණි. ඔහුගේ උන්නතිකාමය වන්නේ රියැලිටි වැඩසටහනක් ඔස්සේ සුපිරි තරුවක් වීමයි. එහෙත්, ගිටාරයක් වාදනය කරමින් සිංදු කියනවා හැරෙන්නට සංගීතය ගැඹුරින් හැදෑරීමක් ද නැත.//

    ReplyDelete
  13. ඇත යනුවෙන් පවසන කිසිම දෙයක් නැත

    ReplyDelete
  14. මට ඊයේ ලියන්නට අතපසු වුණු දෙයක නම්-

    නාගරික තරුණයින් ගැණ පැරා මෙහි කියා ඇති කරුණු ගැමි තරුණයින් සඳහා දිගළු වෙන්නේ පසුගිය දිනවල කතාවුණු පරිදි ඔවුන් ගේ ලේසි තේරීම වන ත්‍රීවීල් රැකියාව ලෙස බවයි?

    ReplyDelete
  15. සිංහල බ්ලොග් ලොව පකීර්ලා තිදෙනෙකි
    එකෙකු හොඳින් ඉගෙනගත් බොහෝ අත්දැකීම් ඇති වෘතිකයෙකි
    තවකෙකු ජීවිතයෙන් ඉගෙනගත්, සමාජය වෙනස් කිරීමේ දැඩි උවමනාවක් ඇති නිදහස් මතධාරියෙකි
    ඉතිරි එකා මෙලෝ රහක් නැති නිකම්ම නිකම් පකයෙකි

    ReplyDelete
    Replies
    1. //ඉතිරි එකා මෙලෝ රහක් නැති නිකම්ම නිකම් පකයෙකි// ඒත් ඒකා සිංහල බ්ලොග් ලොව පකීර් කෙනෙකි, කොහොමද එහෙම වෙන්නේ?

      Delete
  16. //මුදල් නොමැතිව ඒ නිදහස දිනා ගත නො හැකි ය//
    මුදල් නොමැතිව දිනා ගත නොහැකි නම් ඒ නිදහසක් නොවේ...

    ReplyDelete
  17. //ඔහු නො ලබන ප්‍රමෝදය ලබන, ඔහුට අහිමි ට්‍රේල් මෝටර් සයිකල් පදින, අත යහමින් මුදල් ගැවසෙන, ආයුධ හෙවත් බලය හිමි පාතාල මැරවරයා ජීවත් වන්නේ සතුටින් ද? නැත. පාතාල මැරවරයා රංගනට ඉරිසියා නො කරන්නේ යයි කිව හැකි ද? රංගනගේ නිදහස්කාමී යව්වන දිවිය ඔහුට අහිමි ය.

    කිසිවෙක් කිසිවක් දිනා තිබේ ද? //

    මේ සියළු ප්‍රශ්න වලට විසඳුම් බුදු දහමේ පෙන්වනවා නේද..??
    ඉතින් මේ දේ තේරුම් ගන්න හොඳම මූලාශ්‍ර අත ලඟම තියාගෙන, චිත්‍රපට වලින්, නොයෙකුත් වාද වලින් විසඳන්න යන එකෙන් හැම වෙලේම හිටපු තැනටම අයෙත් එනවා.. මම හිතන්නේ මිනිස්සු කැමතියි ප්‍රශ්න විසඳනවට වඩා ඒවා ගැන කතා කර කර ඉන්න.. පැරා කරන්නෙත් ඒක, අනිත් අය කරන්නෙත් ඒක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා