ඔපරේෂන් ගංවතුර ගැන නිරීක්ෂණ කීපයක්

මේගොල්ලන් ගැන හිතපු මිනිස්සුත් හිටියා
2016 මැයි ගංවතුර හා නායයාමෙන් විපතට පත් අනාථයන්ට පිහිට වීමේ මෙහෙයුම තවමත් ඉදිරියට යනවා. එය ලංකාවේ මිනිසුන් තමන් අනුන්ගේ දුක වෙනුවෙන් උණු වන හිත හොඳ මිනිසුන් බව පෙන්වන්නට ලොකු උත්සාහයක් ගත් අවස්ථාවක්. 

හොඳ මිනිසුන් ලෙස පෙනී ඉන්නට උත්සාහ කරන එක වුණත් නරක නැහැනේ. එතකොට සමාජය සමස්තයක් ලෙස අංශු මාත්‍රයකින් හරි ඉදිරියට යනවා. 

විවිධ අරමුණු වෙනුවෙන් ජන සමූහයන් ගොඩනගාගෙන සිටින බොහෝ දෙනෙක් ආධාර එකතු කරන්න, බෙදා දෙන්න, උදව් කරන්න මහන්සි වෙනවා. තම තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් බොහෝ අය බොහෝ දේ කරනවා. 

මේ අතරෙ දේශපාලන, ව්‍යාපාරික හා මාධ්‍ය මුද්‍රා තබා ගැනීමේ උත්සාහයකුත් දකින්න ලැබෙනවා. ඒත්, ඉතින් වැඩක් කරලා ලකුණු දාගත්තත් මොක ද? 

හැබැයි ඉතින් වටින්නේ කිසිදු අපේක්ෂාවකින් තොරව නිහඬව වැඩ කරපු මිනිසුන්ගේ මිනිස්කමයි. වැදගත් වන්නේ තමන්ගේ කාර්යභාරය කිරීම මිස එය කළ බව කියා කෑ ගැසීම නෙමෙයි.

මේක ලංකාවේ ආරක්ෂක හමුදාවල නව මානයක් මතු වුණ අවස්ථාවක්. මෙය ආරක්ෂක හමුදා වෘත්තික මට්ටමේ සැබෑ මානුෂික මුදාගැනීමේ මෙහෙයුමකට උර දුන් අවස්ථාවක්. ඒ වගේ ම ඔවුන් රජය නියෝජනය කරමින් ඉතා නිහඬව හා වෘත්තික ස්වරූපයෙන් එම කාර්යයට මැදිහත් වුණා. මම හිතන්නේ මේ දේ උතුරේ වුණත් ඔවුන් වර්තමානයේදී මේ විදියට ම වැඩ කරයි.

රජයත් මෙයින් ලකුණු දාගන්නට සංදර්ශනාත්මකව කටයුතු කරනවාට වඩා මෙහෙයුම විධිමත් කරන්නට උත්සාහ කළා. මෝස්තරේට ආණ්ඩුව කෝ අපි තමයි ඔක්කොම කරන්නෙ කියලා කෑ ගහන කට්ටිය කෑගැහුවත්, රජය කියන්නේ දේශපාලකයන් විතරක් නෙමෙයි. ඇමතිවරු, නිලධාරි, රජයේ මාධ්‍ය හමුදා සෙබළු, වෛද්‍යවරු, හෙදියෝ, රියදුරෝ, කම්කරුවෝ ආදී පුළුල් යාන්ත්‍රණයක් රජයට අයිතියි. රජය මෙතනදී කරන මැදිහත්වීම තමයි ප්‍රධාන. අනෙක් අයට පුළුවන් ඒකට උදව් කරන එකයි. රජයට තමයි මෙහිදී වැඩි වගකීමක් තියෙන්නේ. කවුරුවත් ඒකට ආදේශ වෙන්න උත්සාහ කරන්නට ඕනැ නැහැ.  

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් කළ කාර්යය වැදගත් වන්නේ ජනතාවගේ හෘදය සාක්ෂිය අවදි කරන්නට එය දැක්වූ දායකත්වය නිසායි. මානුෂීය ආධාර සැපයීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අව්‍යාජ ලෙස මැදිහත්ව කටයුතු කරනු දක්නට ලැබෙනවා. ඒ වුණාට වැඩි වැඩ කොටසක් කළේ ඒ පිළිබඳ ෆේස්බුක්හි සටහන් නො තැබූ මිනිසුන් විසින් ය කියන එක සමාජ මාධ්‍යවල ඉන්න අපි නිහතමානීව පිළිගන්නවා නම් හොඳයි. ඒ නිසා ටිකක් කල්පනා කරලා ඕනෑවට වඩා ෂෝ එක දාන එක නවත්තනවා නම් හොඳයි.

සමහරු වැඩ කරන ගමන් බැබළෙන්නත් උත්සාහ කළා. ඒකෙ වරදක් නැහැ. වැඩක් කරන ගමන් නේ. 

මේ ගැන ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර සහෝදරයා දක්වා තිබෙන අදහස ඉතා වැදගත් ය කියා මා සිතුවේ, ඇතැම් වාමාංශිකයන් 2009 මැයි සිහිපත් කරමින් ආන්තික අදහසක් ඉදිරිපත් කළ නිසායි. රටේ ම විපක්ෂ නායකකමට පත් කර ගත්තත්, යාපනේ අර්ධද්වීප මානසිකත්වයෙන් එළියට එන්නට බැරි ආර්. සම්බන්ධන් අයිති වෙන්නෙත් මේ අයගේ වර්ගයට ම තමයි. සකල දේශවාසී දෙමළ, සිංහල, ජාතිවාදීන් එක්සත්ව, එක් සිත්ව මොකුත් නො වුණා වගේ හැසිරෙන හැටි දැක්කා ම විලි ලැජ්ජාවෙ සන්තෝසයි අප්පා. 

පහත පළ වන්නේ ප්‍රියාන්ගේ අදහස අන්එඩිටඩ්: 

“2009 වසරේ වෙසක් මාසයේ උතුරේ ජනයා යුද්ධයේ ඊනියා ජයග්‍රහණයෙන් ජීවිත,උන්හිටිතැන්,අහිමිව පීඩාවට පත්වෙද්දී හඬක් නොනැගූ මාධ්‍ය 2016 වසරේ දකුණේ ගංවතුරින්,නායයාමෙන් පීඩාවට පත්වන මිනිසුන් ගැන හඬ නැඟීම සමහර සංවේදී කවියන්ට,බ්ලොග්කරුවන්ට,ෆේස්බුක් පොරවල්ට ප්‍රශ්නයකි.මට නම් එකී ප්‍රශ්නයම උත්තරයකි.සිදුවූයේ වාර්ගික යුද්ධයක් යයි අර්ථ ගන්වා ගැනීමට මොළය ඇති මේ මහත්තුරුන්ට වාර්ගික යුද්ධයකදී යුද්ධ කරන්නේ ජනවර්ග දෙකක් නිසා ඊනියා ජයග්‍රාහී ජනවර්ගය,පරාජිතයින්ගේ පීඩාව කෙරෙහි සංවේදි වෙන්නේ නැති බව වටහාගන්නට අමාරුය.ඊනියා ජයග්‍රාහී ජනවර්ගයේ දෘෂ්ටිවාදයෙන් පෝෂිත ජනමාධ්‍ය යුද්ධයේ ජයග්‍රහණය උත්කර්ෂයට නංවන තරමට පරාජිතයාගේ සෝ සුසුම කෙරෙහි සංවේදි වන්නේ නැති බව පිළිගන්නට අමාරුය.ගං වතුර හෝ නායයාම් වලට වාර්ගික බේදයක් නැත.ඊනියා ජයග්‍රාහකයෙක් හෝ නැත.මේ මොහොතේ පීඩාවට පත්වූ මිනිසුන්ට ශ්‍රමයෙන්,අත ඇති සොච්චමකින් හෝ අත නොදී බුකියේ වීරයින්වී 'අද නඟන හඬ එදා තිබුණේ නෑ'යි පොර ටෝක් දීම 'අතීත සිංහල රට මාරයි."කිය කියා මේ මොහොතේ නිකමුන්වී උඩ බලාගෙන සිටින සිංහල ජාතිවාදී/ගෝත්‍රිකවාදීන්ගේ මානසිකත්වයේ අනෙක් පස නෙවෙයිද?

“ජනමාධ්‍ය විසින් මේ විපත විකුණාගෙන කන බව මේ මහත්තුරුන්ගේ තවත් ජනප්‍රිය මතයකි.ඒක ඇත්තය.ඒත් ඒක එහෙම වෙන්නේ'ජනමාධ්‍යට ආවේණික ප්‍රශ්නයක්'නිසා නොවන බව මේ මහත්තුරුන්ට තේරුම් ගැනීම අසීරුය.ධනවාදය යැපෙන්නේ ව්‍යසන මතය.එය තේරුම් ගැනීමට අවශ්‍යනම් නයෝමි ක්ලෙයින්ගේ'ව්‍යසන මත යැපෙන ධනවාදය'නම් කුඩා ලිපිය වුවද ප්‍රමාණවත්ය.ධනපති ජනමාධ්‍ය ක්‍රියාකරන්නේද මේ ව්‍යුහයේ කොටස්කාරයින් ලෙස විනා එයින් ස්වායත්ත වූ 'ශුද්ධ ගැලවුම්කරුවා'ලෙස නොවේ.එසේ ක්‍රියා කිරීමට හැකියාවක් ඊට නැත.ඒත් මහ පොළොවේ යථාර්ථය පිළිගැනීමට අප මැලිවිය යුතු නොවේ.එන්.ජී.ඕ බිල්ලා රටේ මතවාදයේ අධිපති වුවද සුනාමි ව්‍යසනයෙන් පසු එන්.ජී.ඕ කළ වැඩ කොටසෙන් දශමයක්වත් කරන්නට ආණ්ඩුවට හැකිවූයේ නැත.මෙහි තේරුම සුනාමි ආධාර ලෙස එන්.ජී.ඕ වලට ලැබුණු මුදල් සියල්ල පීඩාවට පත් ජනයාට ලැබුණු බව හෝ ඔවුන් හොරා නොකෑ බව නොවේ.ඔවුන් හොරු නම් පාලකයින් කම්බ හොරු බවය.හිටපු පාලකයා බව සුනාමි ආධාර තමන්ගේ පුද්ගලික බැංකු ගිණුමෙහි තැන්පත් කර යටිමඩි ගසා ගත් බව නොරහසකි.එහෙව් තත්ත්වයක ජනමාධ්‍ය ආයතනයක් විපතකදී මැදිහත්වීම ලංකාව වැනි කුඩා මාධ්‍ය වෙළඳපොළක් ඇති,දුප්පත් මාධ්‍ය කර්මාන්තයක් ඇති රටක ඉතා සුළු'බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන්'එකක් මිස වඩා ලාභ ලැබිය හැකි ආයෝජනයක් නොවේ.ලැබෙන්නේ සංකේත ප්‍රාග්ධනයක් පමණි.ජනමාධ්‍යට මේ හිස් අවකාශය හෝ පුරවන්නට හැකිවෙන්නේ පාලකයින් ඇතුළු වගකිව යුත්තන්ගේ නොහැකියාවේ පරිමාව අනුවය.නිදසුනක් ලෙස එදා සුනාමි උවදුරට එන්.ජී.ඕ මැදහත් නොවුණා නම් මේ සා අවම මට්ටමකින් හෝ පීඩාවට පත්වූවන්ට නැඟිටින්න‍ට නොහැකිය.මෙදා ජනමාධ්‍ය මැදිහත් නොවුණානම් පීඩාවට පත්වූ ජනයාට හුළංය.

“දින දෙකක් යනතුරුත් ආහාරපාන නැතිව,මරුවා පෙනි පෙනී හිටපු බොහෝ පිරිසක් ගැන පුද්ගලික අත්දැකීම් මං අත්දුටුවෙමි.ඒ බොහෝ අය සම්බන්ධයෙන් මාධ්‍ය මැදිහත්වී බලධාරීන්ට විටෙන් විට කරනු බලපෑම් අහක දැමිය නොහැකි තැනකට ඔවුන් තල්ලු වූයේ අවසාන මොහොතේ හෝ ඉදිරිපත් නොවුණහොත් තොරතුරු දැන්නා මාධ්‍ය මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් එය තමන්ගේ පැවැත්මට බාධාවක් වන නිසා මිස මොවුන් බේරාගැනීමෙන් පිං අත්වන බව ඔවුන් විශ්වාස කළ නිසා නොවේ.දින දෙකක් යනතුරුත් ආපදා කළමනාකරණ ඇමතිට මාධ්‍ය හමුවක් තියා අදහසක් හෝ ප්‍රකාශ කරන්නට බැරිවිය.ජනපතිට අගමැතිට විශේෂ ප්‍රකාශයක් කළේත් දින දෙකකට පසුය.එහෙත් ආපදා ඇමතිගේ ප්‍රකාශයේ පීඩාවට පත් මිනිසුන්ගේ සංඛ්‍යා ලේඛන හෝ ජනපති/අගමැතිගේ ප්‍රකාශවල ආපදාවන්ට වෙන් කළ මුදල් ගැන සංඛ්‍යා ලේඛන මිස වෙනයම් ගත යුතු කිසවක් තිබුණේ නැත.සැබවින්ම ඒවා විශේෂ ප්‍රකාශ නොවුණා පමණක් නොව ඒ සියලු තොරතුරු ඒ වනවිටත් රටේ ජනයා දැන සිටියේය.ආපදා කළමනාකරණය කියන්නේ පීඩාවට පත්වූ මිනිසුන්ගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන එකට නොවේ.රටක් පාලනය කිරීම යනු මුදල් වෙන් කිරීම පමණක් නොවේ.අහවල් අහවල් නාලිකාව යයි උඩදැමිය යුතු නැති වුවද එහෙව් නාලිකා හෝ නොතිබුණේ නම් විපතට පත් වූවන්ට බත් පැකැට්ටුවක් වත් ලැබෙන්නේ නැත.සංවිධාන හෝ ආයතනවල නම් ඉස්සරහට දමා නොගත්තද,ෆේස්බුක් එකේ ෆොටෝ නොදැම්මද,පොර ටෝක් නොදුන්නද නිහඬව බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් මේ මොහොතේ වැඩකරන බවද නොකියා බැරිය.කෙටියෙන්ම කිවහැක්කේ මෙයයි.අශ්වයා ගිය පසු ඉස්තාලය වසාදැමීමෙන් පලක් නැතිවා සේම අශ්වයන් නැති තැනක ඉස්තාල පමණක් වසා තබාගැනීමෙන්ද පලක් නැත.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. We must help flud distroy area people. No divitions to there. All people must help all people in flud areas. This new garment do good work to save troubal face people. President Mithipala do all things posibale. I know Parkum sir also help people this time. That reponsibality all good people.

    ReplyDelete
    Replies
    1. Elizabeth WindsorMay 25, 2016 at 2:25 PM

      what's got in to you dude???
      you being half wit or something

      Delete
  2. හරියටම අවුරුදු 7 කට කලින් යුද්ධය මුළුමනින්ම අවසන් කරගන්න විශිෂ්ට මෙහෙයක් කළ ආරක්ෂක අංශ මෙදා ජලගැලීම් හා නායයෑම් හමුවේ විපතට පත් ජනතාව ගලවගන්න කරමින් සිටින මෙහෙය නම් අති විශිෂ්ටයි. ඔවුන් නොවෙන්න ඇතැම් ජනතාව මේ මොහොතේ ගං දියේ. ඇතැම් මළ සිරුරු තවමත් පස් යට. යුද්ධ කළා වගේම , වතුර බහින්න කානු කැපුවේ , වැව් හෑරුවේ , පාර්ලිමේන්තුව යට වෙන්න යද්දී වැලි කොට්ට දැම්මේ , ගිලෙන්න ගිය ජනතාව බේරගත්තේ ඔක්කොම කළේ මේ අය..... හැබැයි ඒ වැඩවල ලකුණු දාගන්නේ අන්තිමට කාලකණ්ණි දේශපාලකයෝ. මොන ආණ්ඩුවල හිිටියත් ජල කළමනාකරණය හරියට කරගන්න බැරිවුණු , කුණු ප්‍රශ්න විසඳන්න බැරිවුණු කාලකණ්ණි දේශපාලකයෝ ගංවතුර ආවාම ආධාර දෙන්නයි , දුක සැප බලන්නයි යද්දී පේන්නේ Charlie Chaplinගේ කොමඩියක් වගේ..... අන්තිමට ඒ අයගේ නොහැකියාවේ කුණු අදින්න වෙලා තියෙන්නෙත් හමුදාවටයි , පොලිසියටයි. Three forces & police are great , Politicians are fail.......!

    ReplyDelete
    Replies
    1. ජනතා විමුක්ති පෙරමුනේ දේසපාලකයො නම් වතුරෙ බැහැගෙන උදව් කරනව දැක්ක.

      Delete
    2. ජ වි පෙ ගැන දේශපාලන විවේචන තිබුණත් සංවිධානයක් විදියට 2004 සුනාමියේ වගේම වැඩ කලා. වැඩ කරන උන්ට ඒකේ ගෞරවය දෙන එක වරදක් නෑ . ආණ්ඩුව ෆේල් හමුදා දායකත්වය ඇරුණම. බ්ලොග් වල ලිපි වලින් මනුෂ්‍යත්වය හරහා සමාජවාදය ආදරය ගැන පොරටෝක දෙන හුදකලා විප්ලවවාදීින්ටත් ගංවතුර ආවනම් බලන්න තිබ්බා.

      Delete
  3. පාලක හැතිකරයයි, උන්ගෙ වන්දභට්ට රොත්තයි මොනවා කීවද මෙවර ආපදාවේදී බලධාරීන්ගේ මැදිහත්වීම තුච්චය. අධමය. නින්දිතය. ටී.වී කැමරාවන්ට මොනවා කීවද රට වටා සිදුකෙරෙන දේවලින් ඒ බව මොනවට පැහැදිලිය.

    ReplyDelete
  4. මට හිතෙන්නේ මේ අත්‍යාවශ්යම අවස්තාවේත් සමහරුන්ගේ අදහස් පටු දේශපාලනිකයි සහ න්‍යායත්මකයි කියලා. ආපහු පට්ට ගහන තියරි ටික ගංවතුරත් එක්ක එලියට ගේනවා. මීඩියා කාරයෝ දන්නවා උන්ගේ ගේම. පක්ෂ දන්නවා උන්ගේ ඇජෙන්ඩා එක. හැබැයි මේ මොහොතේ කන පරිප්පුවට ඔය කිසිම මගුලක් අදාල නැහැ. බඩගින්නට පාන් බාගයක් ඕන මිනිස්සුන්ට, සමාජවාදය හැදෙනකම් ඉන්න කියනවාට වඩා රතු කොඩියක් හෝ රතු ලන්කට් එකක් ගහගෙන හරි වැඩේට බැහපු එවුන් පිලිබඳ විවේචන තියෙන්න බැහැ. එතන තියෙන්නේ දේශපාලනික කුහකත්වය. සමාජවාදී සුපිරි රාජ්‍ය ගොඩනගනකම්, ඔලුවට උඩින් වතුර ගලන කම් බලා ඉමු. මලවුන් අතරින් නිර්මාන්ය වෙන ඒ රාජ්‍යයේ අපි ස්විමින්ග් සූට් ඇඳන් පීනමු. පීනන ගමන් මැරිච්ච එවුන්ට රතු රෙදි අන්දලා ජීවිත පුදකරපු එවුන්ට දිනයක් වෙන්කරමු. දාස් කැපිටාල් එකේ හරි පිටුව හොයාගන්නකං තොපි ගිලිලා මැරියවු.

    ReplyDelete
  5. රැලි වලට අහුවන අපේ සමාජය මේකත් රැල්ලක් කර ගත්තා. හැබැයි ඒක හොඳ දෙයක්. පරිසර හිතකාමීත්වය වගේ අනෙකුත් සාධනීය ආකල්පත් මේ වගේ රැලි විදිහට හරි සමාජගත කරන්න පුළුවන්නම් එකත් දෙයක්.

    අනෙක් නිරීක්ෂණය තමයි විපතකදී අනෙක් සමාජ කොටස් ගැන සිංහල බෞද්ධයින් තුළ ඇති සහකම්පනය (empathy). සිංහල බෞද්ධ ජන විඥාණය තමා ඒ. හැබැයි ඒවගේ හැඟීමක් අනෙක් ජන කොටස් වල තියනවාද කියන එකත් ප්‍ර‍ශ්නයක්.

    කලින් මේකෙම අහලා තියෙන ඔය සම්බන්ධන් ගැන ප්‍ර‍ශ්නය ඒකට උදාහරණයක්. සම්බන්ධන් වැඩ කරන්නේ දෙමළ ජාතිකයන්ගේ විපක්ෂනායක විධියට. ඒ වගේ තත්වයක් ඇතුළේ මහින්ද සිංහල මිනිස්සුන්ගේ විපක්ෂනායක විධියට මතු වෙන එකත් පුදුමයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. සම්බන්ධන් දෙමළ ජාතිකයන්ගේ විපක්ෂනායක නොවේ. ඔහු වැඩ කරන්නේ උතුරේ යාපනය ප්‍රමුඛ වෙල්ලාලර් කුලකයේ දමිළයින්ගේ ප්‍රධානියා විධියටය. නැගෙනහිර ඇතුලු මුක්කුවර් කුලකයේ නායකයින්ගේද කොලඹ, නුවර සිටින අනෙක් දෙමළ ප්‍රජාවගෙන්ද සහායක් ඇති අයෙකි. නමුත් ඔහුගේ මුඛ්‍ය පරමාර්ථය තනිකර දමිළ රාජ්‍යක හෝ අවම වශයෙන් පූර්ණ බලතල ඇති ප්‍රාන්තයක විධායක නායකයා වීමය.

      කෙසේ නමුත් වතුකරයේ සිටින ඉන්දීය දමිළයින් සහ වෙනත් විරුද්ධ දමිළ කොටස් ඔහුගේ නායකත්වය පිළි නොගනිති. මරා ඇතුළු කල්ලිය මෙරට සිංහල විපක්ෂයේ සැබෑ නායකත්වය දරණ අතර ඔවුන්ගේ සැබෑ ජන බලය පාර්ලිමේන්තු නියෝජනය ඉක්මවූවකි (ඒ.වි. මන්ත්‍රීන් 40ක් පමණ). මෙය එජාපයටද 2007/ 2010 දී සිදුවූයේ මරා ඔවුන්ගේ මන්ත්‍රීන් කොල්ලකෑ නිසාය. දැන් මරා ඇතුලු කල්ලියටද එය (මෛත්‍රීගේ ජනවරම් කොල්ලයෙන් පසු) පලදී තිබේ.

      Delete
  6. පින්තුරේ ෂර්ට් එකක් නැතුව ඉන්නේ පශුවෛද්‍යවරයෙක් - තුසිත සූරසේන. විපතකදී බල්ලෝ බළල්ලු ගැන මීට කලින් පොදුවේ හොයාබැලුනා බොහොම අඩුයි. දැන් ඒ අතිනුත් අපි දියුණුයි!

    ReplyDelete
  7. කවුද කියන්නෙ 2009 අවතැන් මිනිස්සු ගැන අවධානයක් දැක්කුවෙ නෑ කියලා? අමු පච නෙ.එක සැරේටම ආපු ඒ ජන ගඟට ආහාර ගෙනගිය හෙලිකොප්ටර් පුරෙව්වෙ සාමාන්‍ය ජනයා..ඒ මිනිස්සුන්ටත් මූලික අවශ්‍යතා එකතු කරලා මෙහෙ ඉඳන් ඔය වගේම ගෙනිච්චා.. කෙල උනාම ජාති බේධ හොය හොය ඉන්නෙ නෑ සාමාන්‍ය මනුස්සයො.මුන්ට පිස්සු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. [කවුද කියන්නෙ 2009 අවතැන් මිනිස්සු ගැන අවධානයක් දැක්කුවෙ නෑ කියලා? අමු පච නෙ.එක සැරේටම ආපු ඒ ජන ගඟට ආහාර ගෙනගිය හෙලිකොප්ටර් පුරෙව්වෙ සාමාන්‍ය ජනයා..]

      ඩොලර් කාසි ලැබෙන්නෙ ඒ විදිහට ලිව්වම බව දන්නේ නැද්ද
      මුට පිස්සු නැහැ, මු හොඳ සිහියෙන් පොනිල් හාමුට කඩේ යනවා
      ඕනේ දෙයක් පොනිලගේ වාසියට හරවන්න හදන එකට තමයි මුට ගෙවන්නේ

      Delete
  8. The most dull post in the history of w3lanka. Uninspiring, non-catalytic and unyielding, this Paraian writing has just extinguished the passion for inaugurating a scholastic discourse. As the Milton Friedman of Sri Lankan liberal capitalism, Ajith Perakum Jayesinghe should have traversed the superstructure and utilised a Friedmanian sequential sampling, before extolling an already failing government apparatus, even in the liberal capitalistic definition. It is boisterous how superficially Jayesinghe legitimates the military integration into the civil intercourses. A liberal intellect of Ajith Perakum Jayesinghe’s capacity should have engaged in a more prospective investigation of the anterograde dynamics of the military integration into the civil intercourses, rather than engaging in a more retrospective sublimation of its retrograde dynamics. We do not want “Azzam Ameen reporting from Sri Lanka” type narrative commentaries from a bright liberal thinker like Ajith Perakum Jayesinghe.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් උත්සාහ කරන්න. ඔබ්සර්වර් පත්තරේ චන්ද්‍රිකා වෙනුවෙන් කතුවැකි ලියන වාමාංශික මහතාගේ මට්ටමට පැමිණිය හැකි ය. සාහිත්‍ය කෑලි ටිකක් ඉන්ටනෙට් එකෙන් සොයා කොපි කර මෙයට එකතු කිරීමෙන් මෙය වැඩි දියුණු කළ හැකි ය. සාමාන්‍ය වචන භාවිතාවෙන් වළකින්න. හැකි තරම් ආකයික් ඉංග්‍රීසි භාවිතා කරන්න.

      Delete
  9. //2009 වසරේ වෙසක් මාසයේ උතුරේ ජනයා යුද්ධයේ ඊනියා ජයග්‍රහණයෙන් ජීවිත,උන්හිටිතැන්,අහිමිව පීඩාවට පත්වෙද්දී හඬක් නොනැගූ මාධ්‍ය/// මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි - එවකට ලංකාවේ වැඩිම තැනකට දර්ශනට වෙන ජාතික රූපවාහිනිය හා අයි ටී එන් එක මේ දෙමළ ජනතාවගේ ඛේදනීය තත්ත්වය දකුනේ ජනතාවට දැක්වූවා -එම නිසාම දකුණෙන් මේ දෙමල ජනතාව සඳහා ආදාර එකතු වූ බවත් සත්‍යයක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා