මැරතන් කරු මරා දැමූ යුගයේ සිට ක්‍රීඩාවේ දයාසිරි යුගය දක්වා

කේ. ඒ. කරුණාරත්න මැරතන් දුවන වයසේදී 
ක්‍රීඩාවේ දයාසිරි යුගය යන වචනය තරමක අතිශයෝක්තියක් විය හැකි ය. එහෙත්, එවැනි යුගයක් නිර්මානය කිරීමට ඔහුට ශක්තිය ඇති බව දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ ය.

මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට යාම වැනි ක්‍රියාවලින් දයාසිරි පෙන්නූ අපරිණතකම මගහරවා ගන්නට හැකි නම් දයාසිරි ජාතික නායකත්වයකට ගොඩනගා ගත හැකි කෙනෙකි. පුරවැසි ක්‍රියාකාරිකයන් ලෙස අප නායකයන් හදා ගත යුත්තේ අපට දී ඇති මිනිස් ද්‍රව්‍යවලින් බව අපි මීට පෙර ද සඳහන් කළෙමු.

මහින්දානන්ද අලුත්ගමගේ වැනි ගොබ්බයකු විසින් කලක් තිස්සේ අරක් ගෙන තිබුණු ක්ෂේත්‍රයකට දයාසිරි වැන්නකු පිවිසි හැටියේ ම එය කක්කුස්සියක හඳුන්කූරක් පත්තු කළා සේ කැපී පෙනේ.

ඉන්දියාව වැනි දැවැන්ත ජනගහණයක් සහිත රටක් හමුවේ ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී පෙන්වන ලද දක්ෂතාව සුළුපටු එකක් නො වේ. එය වනාහි රටක් ලෙස අපට ඇති විභවයන් සංකේතාත්මකව පෙන්වූ අවස්ථාවකි.

එහිදී දක්ෂතා දැක්වූ තරුණ තරුණියන් වනාහි ලංකාවේ ජන විකාශ විවිධත්වය තුළින් මතු වූ පිරිසකි. මහින්දානන්ද අලුත්ගමලාගේ කාලයේ ඔසවා තබන ලද සිංහල, බෞද්ධ, ගැමි, පිරිමිකම තුළින් මතු වූ අය නො වේ.

මෙම ජන විවිධත්වය ගැන අප විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ක්‍රීඩාවේ පමණක් නො ව, සමස්ත සමාජ, ආර්ථික, දේශපාලන දේහයේ ම සාර්ථකත්වය රඳා පවතික්නේ විවිධත්වය දරාගත හැකි සාමය, සංහිඳියාව, සහජීවනය තුළ නිසා ය.

මැරතන් කරු හෙවත් කේ.ඒ. කරුණාරත්න යනු රටක් වෙනුවෙන් ගොඩක් දුර දිවූ මිනිසෙකි. කොටි සංවිධානය මේ අහිංසක මිනිසා මරා දමන්නේ මැරතන් තරගයක් සංවිධානය කරමින් සිටියදී ය. ප්‍රවීණ ජවන හා පිටිය ක්‍රීඩා පුහුණුකරුවකු වූ ලක්ෂ්මන් ද අල්විස් හා තවත් ක්‍රීඩකයන්, ක්‍රීඩා ලෝලීන් රැසක් මෙහිදී කොටි සංවිධානය විසින් මරා දමන ලදී.

ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මිලිටරි ඉලක්කයකැයි දෙමළ ජාතිවාදීන්ට කියන්නට පුළුවන. එහෙත්, ඔහු ලංකාවේ දෙමළ ජනයාටත් වඩා සුළුතර ජන කොටසක් නියෝජනය කළ දේශපාලනඥයෙකි.

අපි 2006දී කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා දමා, මූතූර් මුස්ලිම් වැසියන්ගේ හිසට උඩින් වෙඩි තබමින් යුද්ධයට මුල පිරූ අවධියේ මෙන් ම 2009දී මහින්ද රාජපක්ෂ යුද්ධය ජයගන්නා විටත් යුද්ධයට විරුද්ධව පෙනී සිටියෙමු.

මහින්ද රාජපක්ෂ යනු යුද්ධයේ හේතුවකට වඩා යුද්ධයේ ඵලයකැයි අපි විශ්වාස කරන්නෙමු. යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා තවත් සුළු පිරිසක් පමණක් වරදකරුවන් කරනවාට අප එකඟ නො වන්නේ එම සංදර්භය තුළයි. ලංකාවේ සිදු වූ යුද අපරාධවලට කොටි සංවිධානය ද, කොටි සංවිධානය යුද්ධයට තල්ලු කළ දෙමළ මධ්‍යම පංතිය ද, දෙමළ මාධ්‍ය ද, සියලු සිංහල ජාතිවාදීන් ද, බහුතරයක් සිංහල හා දෙමළ මාධ්‍ය ද, ජවිපෙ, පෙසප වැනි වාමාංශික පක්ෂ ද වගකිව යුතු ය.

මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණයේ තනි අයිතිකරුවා නො වන්නේ ද මෙම සංදර්භය තුළයි. දිගට ම යුද විරෝධීන් ව සිටි අපට නම් ඔහු වනාහි සුසමාදර්ශීය වෙනසක ප්‍රබල කාරකයෙක් පමණි. ඉතිහාසයේ ඔහුගේ භූමිකාව සලකුණු වී තිබේ. එය ආදරෙන් වැළඳ ගත යුතු හෝ වෛරයෙන් පිළිකෙව් කළ යුතු දෙයක් නො වේ. ඔහු කළේ ඔහුට ඉතිහාසය විසින් පවරන ලද වැඩ කොටසකි. ඔහු එය කළේ ය. එතැනින් එහාට දේ කිරීමට අසමත් වුණේ ය.

මහින්ද පසුපස යාම වෙනුවට ඉදිරිය ගැන සිතිය යුත්තේ එහෙයිනි. 

පහත වීඩියෝවේ ඇති සිද්ධිය වැනි දේ නැවත සිදු නො වන්නට නම් කළ යුතුව තිබෙන්නේ සාමය හා සංහිඳියාව ස්ථාපිත කිරීමයි. 

මිලිටරි මර්දනයෙන් හෝ ජාතිවාදයෙන් එය කළ නො හැකි ය. එය කළ හැක්කේ ජනතාව අතර අවබෝධයෙනි. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දයාසිරි සජිත්ගේ ගුලි කාලා තමන්ගේ දීප්තිමත් අනාගතේ නැති කර ගත්ත සෙට් එකෙන් එක්කෙනෙක්.. අනික් අය තමයි බුද්ධික, කරූ, රෝසී සහ සුජීව වගේ අය. රනිල් එක්ක උන්නා නම් ඔහුට නියම දේශපාලන ගමනක් යන්න පුළුවන් නායකත්ව ලක්ෂණ මොනවට තිබූ කෙනෙක්.

    ජෙයරාජ් මැරුවේ නම් කොටි නෙමෙයි කියලා තමයි හැමෝම කියන්නේ..

    ReplyDelete
    Replies
    1. මරාගෙන මැරෙන බෝම්බකාරයන් නිෂ්පාදනය කුලී මිනීමරුවන් නිෂ්පාදනය වගේ වැඩක් නෙමෙයි. ඒක කරන්න ලොකු දේශපාලන මොළ සේදීමක් ඕනෑ. ලංකාවේ ජවිපෙටවත් ඒක කරන්න බැරි වුණා. පුළුවන් වුණේ කොටින්ට විතරයි.

      Delete
    2. //ලොකු දේශපාලන මොළ සේදීමක් ඕනෑ. ලංකාවේ ජවිපෙටවත් ඒක කරන්න බැරි වුණා.//

      ඒ සේදීමට ගොන් ජෙප්පන් කාඩරයන් හට මොලයක් නොතිබූ නිසා ය.

      පැරා ට නම් එම ඉස්ටේට්මන්ටුව බල නොපායි.... ඒ ඔහු ගේ ඇඟ පුරාම මොලේ ඇති බැවිනි

      Delete
    3. හැබයි පැරා, පිල්ලෙයාන් ඇතුලට දාන කොට කියපු කතාත් අමතක කරන්න එපා...

      ඒ නිසා එහෙම කියන මිනිස්සු සාධාරණයි..

      එල් ටී ටී ඊ වෙන්න පුළුවන්... නමුත් පිල්ලෙයාන් කිව්වා වගේ ගේමක් වෙන්න පුළුවන්.. ඔය ද මූ දසනායකද මොකාද එකා මලෙත් ජයරාජ් කියලා රැවටිලා...

      Delete
  2. Don't feel sorry for them. Sinhala people deserve this, only in larger doses.

    Mahinda , Gota and military leaders should be taken to international courts to face justice. No liberal thinker can rationalize what they did to the Liberal Tigers of Tamil Eelam. They stood for the right of living of the innocent Tamil people.

    I Repeat: Mahinda , Gota and military leaders should be taken to international courts to face justice.

    We pray the god that Ranil and the government be granted with all the wisdom and the courage to do just that.

    God bless all.

    ReplyDelete
    Replies
    1. Because don't want to be battered, stoned and burnt alive in the middle of street by sinhalayas again.

      Those bombs were nothing more than My Lord's way of schooling sinhalese fools around as how to treat ethnically minorities. Damnation is waiting for them.

      Delete
  3. //මහින්ද රාජපක්ෂ යනු යුද්ධයේ හේතුවකට වඩා යුද්ධයේ ඵලයකැයි// ++++

    ReplyDelete
  4. සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද "මනුසතා" ගීතය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

    කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව එම පරීක්ණය සිදු කිරීමට නියමිතයි. තවුහිත් ජමාද් සංවිධානය ගොනුකර තිබූ නඩුවක් ඊයේ (11) සැලකිල්ලට ගත් අවස්ථාවේ දී අදාළ නියෝගය ලබා දී තිබේ.

    මනුසතා ගීතය රූප රචනයේ සංහිඳියාවට බලපෑම්වන දර්ශන ඇතුළත් බව ඊයේ (11) නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී එම සංවිධානය විසින්ම අධිකරණය හමුවේ පවසා ඇත.

    එබැවින් අදාළ ගීතය තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බව තවුහිත් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාෆික් මහතා සඳහන් කරයි.

    ReplyDelete
  5. \අපි 2006දී කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා දමා, මූතූර් මුස්ලිම් වැසියන්ගේ හිසට උඩින් වෙඩි තබමින් යුද්ධයට මුල පිරූ අවධියේ මෙන් ම 2009දී මහින්ද රාජපක්ෂ යුද්ධය ජයගන්නා විටත් යුද්ධයට විරුද්ධව පෙනී සිටියෙමු. /

    එහෙව් විප්ලවවාදී පැරා ල දෙපාරක් අවි අතට අරගෙන මිනිස්සු මැරුවා හෝ මරන්න අනුබල දුන්නා කියල හිතනකොට හිතට දැනෙන්නේ උණ සන්නිපාත ගතියක්
    මම යනවා සීතල කොත්තමල්ලි වීදුරුවක් බොන්න

    ReplyDelete
  6. The anonymous person who wrote hatred comment on this blog needs psychological assistance wherever he lives. He could be dangerous to any society he lives, he too a product of the evil war. you deserve the harvest of what you sow. That was what happened in 2009.

    ReplyDelete
  7. නොතකා හැරිය නොහැකි වෙනත් විධියක කියවීමක් දයාසිරි ගැන..

    - Dimithri

    උපුටා ගැනීම ධනන්ජය කරුනාරත්නගේ ෆේස්බුක් පිටුවෙන්..

    ""දයාසිරිගේ සංදර්ශණය ගැන අපේ අයගේ සතුට ඉහවහා යෑම මේ වනවිට සීමාව පන්නා ගොස් ඇති බැවින් අවම වශයෙන් ඔහුව ඊලඟ නිහතමානී නායකයා බවට පත් කරගන්න පෙර අදහසක් ප්‍රකාශ කල යුතුව ඇත.

    ලෝකයේ මීටත් වඩා දක්ෂ ක්‍රීඩකයින් මීටත් වඩා දුශ්කර තැන්වලින් බිහිවී ජයගත්තේ ක්‍රීඩා ඇමතිවරයා පිට්ටනියට බැසිම නිසා නොවේ. සමහරවිට ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පැත්තෙන් තමන් ලඟ සිටින විට ඔයිටත් වඩා ශක්තිය ලැබෙන අය යෝජනා කිරීමට ඇති බවට කිසිම සැකයක් නැත. කෙසේ හෝ මීට පෙර අර මල්මාලා දාලා පිලිගත්ත ජාත්‍යන්තර පදක්කම් ගත්ත සමහර ක්‍රීඩකයින් දැන් උන්හිටි තැන් නැතිව කුලී වැඩ කරන බව පසු ගිය කාලේ ප්‍රවෘති පල විය. ජනතා ඔල්වරසන් මැද සම්මාන ගත්ත වරෙක තරුවූ සමහර කලාකාරයින්ගේ අවසාන භාගයද ඊට වෙනස් නැත. වරෙක වීරයින් වූ අද ආභාධිත සොල්දාදුවන්ගේ අරමුදල් කෝටි ගණනින් ගසා කෑවේ දයාසිරිලා පෙනී සිටි දේශපාලකයින්ම නොවේද?. කල ගුණ ගැන නම් අපටම ආවේනික මාර ඉතිහාසයක් අපිට ඇත! එහෙත් ඇමතිවරු හැම තිස්සෙම ජනතාව සමඟ ඉන්න බව පෙන්වන්න තෝරා ගන්නේ එවැනි ප්‍රශ්ණ වලට විසඳුම් හොයනවාට වඩා තව පිරිසක් කාලයක් පුරා මහන්සිවී වැඩ කර උච්චතම මොහොතකට පැමිණි සංදර්ශණ අවස්ථායි. හේතුව හරිම පැහැදිලියි. එසේම මෙසේ ඇමතිවරු, ජනාධිපතිවරු ජනතාව සමඟ ඉන්න බව පෙන්වන ලස්සන ෆොටෝ් අප වෙත එන්නේ නිකම්ම නොව සැලසුමක් ඇතිවයි. එවැනි කිසිම සැලස්මක් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ඇති රටක් දැන් ඉතිරිවී නැත! පසුගිය කාලේ අපි මෛත්‍රී දියණියද දුක්විඳින මිනිසුන් සමඟ ඉන්නා කලාත්මක පින්තූර රස වින්දෙමු.

    දයාසිරි දුන් ආදර්ශයට අනූව සෑම අමාත්‍යංශයක් යටතේම කෙරෙන මෙවැනි ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් වලට , විශේෂයෙන් ඒවායේ මාධ්‍ය වලින් ආවරණය කරන අංග වලට මේ විදියට ඇමතිවරයාද ශක්ත්ය දෙන්න යන්න පටන් ගතහොත් අප භාවාතිශය ජනතාව රැවටීමට තැන් හොයමින් සිටිනා තක්කඩි දේශපාලකයින්ට ඊටත් වඩා දෙයක් තවත් නැත. බොහෝ විට දැන් ඒ දෙසට යාමට ඉඩ ඇත. මේ වන විටත් මෙසේ රටේ ජනතාවගේ මුදල් වලින් කරන වැඩ විවෘත කිරීම් හා තෑගි බෙදාදීම් ආදී හැකි සියළුම අවස්ථාවන් මේ තක්කඩියන් තම ඡන්ද ව්‍යාපාර බවට පත්කරගෙන අවසන්ය. ඒවායෙන් පමණක් අපි ඔවුන්ව එලවා ගැනීමට නොහැකිව බොහෝ කාලයක සිට අරගල කරමින් සිටින්නෙමු. පසුගිය ඉතිහාසය පුරාම දේශපාලකයින් ජනතාව රැවැට්ටුවේ තම චරිතයට ජනතාවාදී, චාම්-නිහතමානී, දුප්පතුන්ගේ හිතවතා ආදී ටයිටල් හදාගැනීම හරහාය. ඒවා හදාගත්තේ මේ වාගේ සංදර්ශණ හා මාධ්‍ය හරහායි. ජනතාව එක දිගටම රැවටුනේ දේශපාලන භාවිතාවන් වලට වඩා පුද්ගල චරිත වලටය. දයාසිරිලා එක එක පක්ෂ වල ඉන්නකොට කතා කරමින් ආරක්ෂා කලේ මේ ක්‍රීඩකයින්ද ඇතුලු ජනතාව නොව ඒ අවස්ථාවේ තමාට වඩාත් අරෙක්ෂාකාරී වූ තවමත් හිරේ යවාගත නොහැකිව සිටින තක්කඩියන් හා හොරුන්වයි.අප කල යුත්තේ මොවුන්ව සංදර්ශණවලින් තවදුරටත් ජනතාව රැවටීමට ඇති අවස්ථාවන් අහුරා යථාර්තවාදි දේශපාලනයකට යාමට හැකි තරම් ජනතාව අවධිකරවීමයි.""

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා