පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ලාල් කාන්ත හා ගනිකා නිවාස හිමිකාරියක් පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ ජීවත් වන්නේ කෙසේ ද?

සුමේධා
පළමුවෙනි කතාව:

මහජන මුදලින් ඉදි කර පවත්වාගෙන යන පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය තිබෙන්නේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු යාම හා මහජන සේවය වඩා හොඳින් පවත්වාගෙන යාමට ය. 

එහෙව් පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයක පදිංචි කාන්තාවක් පසුගිය දිනෙක පොලිිසිය විසින් වටලන ලද ගනිකා මඩමක හිමිකාරිය බව ඔප්පු වී තිබේ. ගනිකා නිවාසය පවත්වාගෙන ගිය හෝටලය බද්දට ගැනීමේදී මෙම කාන්තාව ඇගේ ස්ථිර පදිංචි ලිපිනය ලෙස සඳහන් කර තිබෙන්නේ පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ නිවසකි. ඇය ඇමතිනී සුමේධා ජී. ජයසේනගේ ඥාති දියණියකි. මේ ඇමතිවරියට බම්බලපිටියේ තවත් නිල නිවාසයක් තිබේ.

දෙවෙනි කතාව:

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා නවකතාවේ දොරට වැඩීමේදී ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පැවසූ කරුණක් වන්නේ තමන් දැන් කලක සිට ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයක බවයි. 

ලාල් කාන්ත කලක් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වී සිටි මුත් 2010න් පසු ඔහු මන්ත්‍රීවරයෙක් නොවේ. 

මේ නිවාස දී තිබෙන්නේ කොළඹින් බැහැර පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා හොඳ සේවාවක් සපයන්නට ය. කොළඹ පදිංචි ලාල් කාන්ත එහි ඉන්නේ ඇයි? දැන් මේ නිවස ඇත්තට ම හිමි මන්ත්‍රීවරයා ඉන්නේ කොහේ ද? ඔහු පාර්ලිමේන්තු එන්නට වාහනයට ඉන්ධන වෙනුවෙන් කෙතරම් මහජන මුදල් වැය කරනවා ද? 

දූෂණ නැති කරන්නට උත්සාහ කරන ජවිපෙ මේ ගැනත් අවධානය යොමු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)