Posts

Showing posts from February, 2014

ඉන්දියාවේ 29වන ප්‍රාන්තය තෙලන්ගානා නමින් බිහි වෙන වගයි

Image
ඉන්දියාවේ දකුණු දිග ද්‍රවිඩ ප්‍රාන්ත රාජ්‍ය හතරෙන් එකක් තමයි ආන්ද්‍රා ප්‍රදේශ්. ආන්ද්‍රා කියන්නේ ලංකාවේ ජන වහරටත් සම්බන්ධ ප්‍රදේශයක්. අන්ඩර දෙමළ කියන වචනය බිඳී ඇවිත් තිබෙන්නේ ආන්ද්‍රා දෙමළ යන යෙදුමෙන් ය කියා කියනවා. අනෙක් ද්‍රවිඩ රාජ්‍ය තුන තමයි, තමිල්නාඩුව, කේරළය හා කර්නාටකය. ආන්ද්‍රා දෙමළ කියා හඳුන්වන්නට පුළුවන් භාෂාව වන්නේ තෙළිඟු බසයි. ලංකාවේ අහිගුණ්ඨික මිනිස්සු කතා කරන භාෂාවත් තෙළිඟු මුලයක් සහිත යයි විශ්වාස කරනවා. තෙලන්ගානා කියන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රාජ්‍යයට අයත් කලාප තුනෙන් එකක්. අනෙක් කලාප දෙක තමයි, වෙරළබඩ ආන්ද්‍රා හා රයලසීමා කලාප. 1950 දශකයේදී ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය ගොඩනැගුවේ කලින් තිබුණු ආන්ද්‍රා රාජ්‍යය හා කලින් පැවති හයිද්‍රාබාද් රාජ්‍යයේ තෙළිඟු බස කතා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශ එකට යා කරලායි. ඉන්දියාව නිදහස් රාජ්‍යයක් වන්නට කලින් තෙලන්ගානා අයත් වුණේ මුස්ලිම් නිසාම්වරුන් විසින් පාලනය කරන ලද හයිද්‍රාබාද් රාජ්‍යයටයි. නිදහස ලබද්දී මුලින් හයිද්‍රාබාද් නිසාම් පාලකයා ඉන්දීය සංගමයට එක් නො වී නිදහස්ව සිටින්නට

කොළඹ අයිති අපට ය; එය රාජපක්ෂලාගේ නින්දගමක් නොවේ

Image
කොළඹ වනාතමුල්ලේ අඩු ආදායම්ලාභී පදිංචිකරුවන් නිවාසවලින් ඉවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මේ වන විට දියත් වෙමින් තිබේ. වතු ගණනාවක ජනතාවට සිය නිවෙස්වලින් ඉවත්ව යන්නැයි විවිධ ආකාර‍යෙන් බලපෑම් කෙරෙමින් පවතී. මේ බලපෑම් නාගරික සංවර්ධන අධිකාරියේ ලියුම්වල සිට, හමුදා බලපෑම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ රැස්වීම් හරහා පුද්ගලයන් පැහැරගෙන යාම දක්වා විහිදී යමින් තිබේ.  රජය ඔවුන්ට දෙමටගොඩ, මිහිඳුසෙන්පුර මහල් නිවාසවල විකල්ප නිවාස ලබා දෙන බව කීව ද ජනතාව ඒ පිළිබඳ ප්‍රශ්න රැසක් මතු කරති. ඒ ප්‍රශ්න අතර, නිවාසවල ඉඩකඩ මඳ වීම, ප්‍රවේශ ගැටලු, සංස්කෘතික ප්‍රශ්න, ඉදිකිරීම් ප්‍රමිතියේ ගැටලු, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු ආදිය තිබේ. ජනතාව කියන්නේ මේ අලුත් තට්ටු නිවාස තමන් කලින් සිටි ගෙවල්වලට වඩා කුඩා, ගුණාත්මකභාවයෙන් අඩු ඒවා බවයි. ආණ්ඩුව එය බොරුවක් ය කියා කියනු අප අසා නැත. එය පැහැදිලි සත්‍යයකි.  අනෙක් පැත්තෙන් නිවාස අහිමි වන ජනතාවට සිදු වී තිබෙන්නේ මේ අලුත් නිවාස මිළ දී ගන්නට ය. ඒ වෙනුවෙන් මුලින් රුපියල් ලක්ෂයක් ගෙවා ඉන් අනතුරුව වසර 20ක් පුරා මසකට රු. 4000 බැගින් ගෙවන්නට නියම කර තිබෙන බව ජනයා පවසති.  මේ ඔ

සටන් කරන අකුරු යළි පැමිණේ! ජනරළ යළි මාර්තු 02 සිට

Image
මම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙක් නො වෙමි. මට ඒ පක්ෂයේ අභ්‍යන්තරය ගැන ලොකු අවබෝධයක් නැත. එහෙත්, අප හිරු පුවත්පත පළ කළ කාලේ අප කෙරෙහි ඔවුන් තුළ නො තිබුණ සුහදකමක් දැන් තිබේ යයි මට සිතේ. වෙනත් මොකුත් බලාපොරොත්තු නැතිව ඒ මිතුරුකමට මම ආදරය කරමි. ජනරළ පත්තරය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් පුවත්පතකි. මම එයට ලියමි. ඇත්තම කියනවා නම් හිරු පුවත්පතේ වැඩ කළ කාලයේ මෙන් ස්වේච්ඡා පුවත්පත් කලාවේදියකු ලෙස ලියමි. එය මගේ දේශපාලන කාර්යයක් ලෙස සලකා ලියමි.  සමාජ වෙනසක් වෙනුවෙන් විවෘත මනසක් ඇති මිනිසුන් පිරිසකට ආමන්ත්‍රණය කිරීම සඳහා ජනරළ වේදිකාවක් වනු ඇතැයි පතමි‍.  එම අරමුණින් ම මෙම බ්ලොගයේ ද මගේ ෆේස්බුක් හා ට්විටර් ගිනුම්වල ද එම ලිපි පළ කරමි. මේ සතියේ විදෙස් පිටුවට මම තරමක ‍අධ්‍යයනයක් කළෙමි. ඒ තෙලන්ගානා ගැනයි. තෙලන්ගානා කියන්නේ ඉන්දියාවේ 29වන ප්‍රාන්තයයි. එය ළඟදීම බිහි වනු ඇත. ලිපිය පුවත්පත පිට වූ පසු බ්ලොග් ගත කරමි.  ජනරළක් මිළ දී ගෙන කියවන ලෙස ඔබට ද ආරාධනා කරමි. එයට ලිව්වාට මා ද එය කියවන්නේ මිළ දී ගෙන ය. ඔබ වැය කරන ඒ මුදල අන්තර්ජාලය පරිහරණය නො කරන, මුද්‍රිත ප්‍රකාශන පමණක් කියවන තවත් මිනි

මහ රජතුමනි, අපේ ලොකු මස්සිනා වැනි මිනිසුන් වෙනුවෙන් හෝ යමක් කරන්න

Image
අපේ ලොකු මස්සිනා සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි. ඔහු කරන ව්‍යාපාරය වන්නේ දකුණේ ගස් කපා මොරටුවට පැටවීමයි. ණයට මිළ දී ගත් ලොරියක් ඔහු සතු ය. ණය වෙනුවෙන් ගෙය උගසට තබා තිබේ. ඊට අමතරව තවත් ණය ද එමට ය. මේ ලියන මට ද ගානක් ලැබෙන්නට ඇත. එය බොල් ණය ලෙස කපා දමන්නට සිදු වී තිබේ.  මේ මනුස්සයා නැගිටින්නට උත්සාහ කරන්නේ මං අපේ බිරින්දෑ කසාද බැඳපු දවස්වලටත්කලින් සිට ය. අපොස උසස් පෙළ සමත් අයකු වුවත් ඔහු කිසි දිනෙක ආණ්ඩුවේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවකට අයදුම් කළේ නැත. හැම විට ම උත්සාහ කළේ ව්‍යාපාරිකයකු වන්නට ය. වතාවක් ණය බර උග්‍ර වූ විට ඔහු වසර දෙකක කාලයක් මැද පෙරදිග රටක රියදුරු රැකියාවක ද යෙදුණේ ය. දැන් ඔහු ඔහුගේ ම ලොරියේ අමතර රියදුරා ය.  දරුවන් මල්ලන් ද නැති හතළිස් විය ඉක්මවා සිටින මිනිසාගේ ජීවිතයේ ස්ථාවර නැගීමක් මට නො පෙනේ. ඔහු යටතේ සේවය කරන මිනිසුන් කීපදෙනාට පඩි නඩි බේරූ විට ඔහුට ඉතිරි වන දෙයක් නැති තරම් ය. තිබෙනවා නම්, අප වැනි අයගෙන් ගත් ණය නො ගෙවා ඉන්නට තරම් ඔහු නරක මිනිසකු නො වේ. ඔහු තදබල මහින්දවාදියෙකි. ගෙයි ඉදිරිපස ‍ජීව ප්‍රම‍ාණයේ මහින්ද රූපයක් ප්‍රදර්ශනය කරයි. ඔහුගේ ජංගම දුරකථනයේ තවමත් තිබෙන

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

Image
ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි. මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය ‍පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී

මංපහරනවා වෙනුවට මහජන මුදල් කොල්ලකෑමට එක්සත් ජාතික පක්ෂයටත් අවස්ථාවක් දිය යුතු ය.

Image
දිවයින පුවත්පතේ මුල් පිටුවේ පළ වූ මෙම ඡායාරූපය වෙබ් අඩවියේ නම් කර තිබෙන්නේ thief කියා ය. http://www.divaina.com/2014/02/24/thief.jpg වෙන්ට ඇමති කෙනෙකු වන එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මීගමුවේ තමන්ගේ ගෝලයකු වන පළාත් සභා මැතිවරණ අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු ගැන අද දිවයින පුවත්පතට මෙසේ කියා ඇත. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‍ෂක ලැයිස්‌තුවලත් විවිධ සිද්ධීන්වලට සම්බන්ධ අය සිටිනවා. ඒගොල්ලෝ නිදැල්ලේ. එජාපයට පමණක්‌ අලුත් නීති. රොයිස්‌ ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත් ආකාරයට රජයට සම්බන්ධ නිදැල්ලේ සිටින සැකකරුවනුත් අත්අඩංගුවට ගත යුතුයි. මීගමුවේ සිදුවූ මුදල් කොල්ලය පසුපස රොයිස්‌ ප්‍රනාන්දු මහතා සිටිනවා නම් එය ඔප්පුකර පෙන්වා දිය යුතුයි. ඔහු තවම සැකකරුවකු පමණයි. ජනාධිපතිතුමාත් සමග මහජන මුදලින් වන්දනාවේ යන වෙන්ට ඇමති ජ‍ෝන් ගැන සලකා බැලුවා ම ඇත්තෙන්ම රොයිස් ප්‍රනාන්දුට ද රජයට සම්බන්ධ සැකකරුවන්ට මෙන් නිදැල්ලේ සිටීමට අයිතිය ඇතැයි ජෝන් අමරතුංග සිතනවා වෙන්නට පුළුවන. එහෙත්, පොලිසියට අභියෝග කරන්නට යන එක එච්චර සුදුසු නැත. මන්ද, ආවේක්ෂණ කැමරා යුගය කියන්නේ අලුත් සංදර්භයකි. ලොකු අයියා ඔබ දෙස බලා හි

ශිරානි යනු කුමක් ද?

Image
හරකුන් මැරීමට විරුද්ධ සිහල රාවය මේ මස් කරන්නට හදන්නේ සිවිල් ඇඳුමින් සිටි පොලිස්කාරයකු යයි සැක කළ නිරායුධ මිනිසෙක්ව ය. පොලිස් ඇසින් සාක්කි තිබියදීත් කෝ නීතිය? ශිරානි බංඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ උපරිමයෙනි. සාමාන්‍යයෙන් නී‍තියේ පාලනයක් නොමැති මේ ර‍ටේ එසේ වන්නේ ඇයිදැයි විමසිය යුතු ය.  ඇත්තෙන් ම ශිරානි රාජපක්ෂලාට ඒ තරම් ම ද්‍රෝහී වුවා ද? රාජපක්ෂලා විසින් ඔසවා තබන ලද ඇය රාජපක්ෂලා‍ගේ අත ඒ තරම් සැරට සපා කෑවා ද? රාජපක්ෂ දූෂණ යන්ත්‍රයේ දැති රෝදයක් වූ ඇගේ සැමියාගෙන් ඔවුන්ට ලොකු අනතුරුදායක තත්වයක් ඇති වුණා ද? පිළිතුර නැත යන්නයි. ශිරානිට කලින් රාජපක්ෂවරුන්ගේ කෲරත්වයේ ඉලක්කය වූ සරත් ෆොන්සේකා තරම්වත් ශිරානි බංඩාරනායක ඔවුන්ට අභියෝගයක් වූයේ නැත.  එහෙනම්, මේ තරම් එළව එළවා සපා කන්නේ ඇයි?  මම නම් හිතන්නේ මෙතැන තිබෙන්නේ රාජපක්ෂලාගේ දූෂණ හා මර්දන යන්ත්‍රයේ තිබෙන ශක්තිමත්කමයි. දැන් තිබෙන තත්වය තුළ ලොක්කා කිසිවක් සැලසුම් කරන්නට උවමනා නැත. ලොක්ක‍ාට හොඳයි කියා හිතෙන සැලසුම් බත්බැලයෝ ක්‍රියාත්මක කරති. ලොක්කාට කඩේ යන මාධ්‍යකරුවෝ උපදෙස්වලින් තොරව ම සතුරා යක්ෂාරෝපණය කිරීමේ ඉතිරි

උතුරත්, ඉන්දියාවත් අතර ගුවන් යානා, නැව් යන එක අසභ්‍ය වැඩක් ද?

Image
අනාකලී ජනීතා ජයතිලක හා දයාන් ජයතිලක දේශපාලනිකව සමාන ද? යාපනයේ හා ත්‍රිකුණාමලයේ සිට ඉන්දියාවට ඍජු ගුවන් ගමන් ආරම්භ කරන්නැයි හා තලෙයිමන්නාරම හා රාමේශ්වරම් අතර මුහුදු යාත්‍රා සේවය යළි ආරම්භ කරන්නැයි උතුරු පළාත් සභාව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.  මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට පළාත් සභාවට කොහොමත් බැරි ය. ඒ සඳහා කටයුතු කළ හැක්කේ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ ය. උතුරු පළාත් සභාව තමන් මේවා ආරම්භ කරන බවක් කියා ද නැත. ඔවුන් ද එ් හා සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට යන්නේ ලංකාවේ හා ඉන්දියාවේ ආණ්ඩුවලට ය. එහෙම යෝජනාවක් කිරීම ඔච්චර කුණුහරුපයක් ද? මේ යෝජනාව ගැන ලංකාවේ ආණ්ඩුව කුපිත වී ඇත. ආණ්ඩවුට රිංගා ගැනීම සඳහා විශ්ලේෂණ ඔස්සේ ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන දයාන් ජයතිලක පවා දෙරණ නාලිකාව ඔස්සේ මෙය හඳුන්වන්නේ මධ්‍යම ආණ්ඩුව ලවා පළාත් සභාව විසුරුවා ගැනීම සඳහා දෙමළ අන්තවාදීන් දරන උත්සාහයේ කොටසක් ලෙසයි. මේ ඊනියා විශ්ලේෂකයා වනාහි වරක් ලංකාවේ ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් යුත් උතුරු නැගෙනහිර පළාත් සභාවේ සිටි කුමන්ත්‍රණකාරී ඇමතිවරයකු බව ද අප අමත

ගව මස් නො කනු! මිනී මස් කනු!

Image
අන්තවාදයට උඩගෙඩි දෙන කුමන දේශපාලනයක් වුව එකී අන්තවාදය විසින් ම ගිල ගනු ලබන බවට උදාහරණ ඉතිහාසයෙන් ඕනෑ තරම් සොයා ගත හැකි ය.  මේ දිනවල තවත් උදාහරණයක් රඟ දැක්වෙමින් තිබේ.  මස් කෑම මිනිසා පරිණාමයේ මුල සිට ම කළ ක්‍රියාවකි. මස් නො කෑම පෞද්ගලික තේරීමකි. මේ පෞද්ගලික තේරීම පොදු සමාජයක් මත පටවන්නට යත්න දරන මුග්ධ අන්තවාදීන් පිරිසක් මේ දිනවල පිටකොටුවේ සංදර්ශනයක් පවත්වති. මුන් ගව මස් නො කෑව‍ාට මිනී මස් කන්නට නම් සූදානම් බව මේ සමග පළ වී තිබෙන ඡායාරූපවලින් පෙනේ.  බල්ලන් මැරීම තහනම් කළ දා සිට බල්ලෝ අයාලේ යති. මේ වන විට පාසල්, පන්සල් වැනි පොදු තැන් බලු අනාථාගාර වී තිබේ.  හරකුන් මැරීම නැවැත්වූ පසු අයාලේ යන ගවයන්ට නවාතැන් දෙන්නේ කොහේ ද?  මේවා අපට අදාළ නැත. මෙවැනි මුග්ධ අන්තවාදයන් පෝෂණය කළ ආණ්ඩුව ම මේ බූරුවන් සමග කටයුතු කරනවා ඇත. අපි නම් කොහොමත් මස් කෑවත් බෙල්ලේ බැඳගෙන කාලා නැත. හරක් ම්‍ස් නැතිනම් ජාතියේ මාංශ ආහාරය කුකුළා ද නරක නැත.  ඉන්දියාවේදී මට හමු වූ එක් ආගමික අන්තවාදියකු ජීවිතය කැප කර තිබුණේ පිරිමි ළමයින් හස්ත සංසර්ගයේ යෙදෙන එකට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට ය. එහෙත්, එහි ආණ්ඩුව සමග එක්

බාහුගේ අසරණකම හා වමේ අසරණකම

Image
මව්බිම පුවත්ප‍තේ අරුණඩේල් විජේරත්න විසින් දුරකථනයෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී බාහු සහෝදරයා ඉතා අසරණ තත්වයට පත් වනු නිරීක්ෂණය කළෙමි.  එවැනි වාම පතාක යෝධයන් සාමාන්‍ය මාධ්‍යකරුවන් අතින් එතරම් අවමානයට ලක් වීම ඇත්තෙන් ම කණගාටුදායක ය.  ගම්පහ නාම යෝජනා ප්‍රශ්නයේදී වික්‍රමබාහු සහෝදරයා අසරණ වී ඇත. ඔහුගේ පක්ෂයේ අය හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. නව සමසමාජ පක්ෂය දැන් නම් ඇත්තෙන් ම ඔහු පමණක් වී ඇති සෙයකි. පක්ෂයේ නායකයාත්, මහ ලේකමුත් දෙදෙනා ම ඔහු ය.  කිසියම් ජයනෙත්ති කෙනෙකු ඔහු පාවා දුන් බව ඔහු කියයි. වාසුදේව ද තමන් පාවා දුන් අයකු බව ඔහු කියයි. මේ ජයනෙත්ති වනාහි ඔහු සිය නෑ සබඳකම් ඔස්සේ පක්ෂයට ගෙන ආ චමිල් ජයනෙත්තිගේ අවතාරයක් විය හැකි ය. මොවුහු මේ වියපත්, හුදකලා මිනිසාගේ කාංසාවන් විය හැකි ය.  තම පක්ෂයට යම් දිස්ත්‍රික්කයක නාම යෝජනා භාර දීමට අවශ්‍ය තරම් අපේක්ෂකයන් සංඛ්‍යාවක් සොයා ගත නො හැකි නම්, තරග කරන්නට යන්නේ කුමට ද? කාට වැඩ පෙන්නන්නට ද?  වික්‍රමබාහු සහෝදරයාගේ අනන්‍යතාව විකුණාගෙන කන කීපදෙනෙකු පමණක් ඔහු වටා ඉතිරි වෙමින් අනන්‍යතාවක් ගොඩ නගා ගත් සියලු දෙනා ඔහු හැර ගොසිනි. ලීනස් ජයතිලක,

අනේ අපොයි “හරි මග ගෙන යන උදය ගම්මන්පිල"

Image
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නීතිය ද, නැතිනම් නීතිය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ද යන ප්‍රශ්නය අදාළ නො වේ. මේ රටේ අද පවත්නා ක්‍රමය අනුව ගෝටඨාභය රාජපක්ෂ යනු නීතියට ඉහළින් පිහිටි බලයකි. එය වත්මන් පාලන ක්‍රමයේ ප්‍රකාශිත මූලික ලක්ෂණයකි. ගම්මන්පිල එච්චර බලයක් නො වේ. ඒත්, ගම්මන්පිල බලය විෂයෙහි ඇඹලයෙකි. මැතිවරණ නීති උල්ලංඝනය නො කරමින් සිය ඡන්ද ව්‍යාපාරය කරන බව කීවත් ඔහු එය දියත් කිරීම සඳහා ‍ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ ගෙන්වන්නට කටයුතු කළේ ය. මෙය ඉතා පැහැදිලිව ම නීති විරෝධී ක්‍රියාවකි. ඒ බව මැතිවරණ කොමසාරිස් ද පිළි ගනියි. එහෙත්, නීතියට ඉහළින් සිටින කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන් කාට ද? මේ ගැන උදය ගම්මන්පිල රාවය පුවත්පතට කියා ඇති කතාව මෙසේ ය: "අමාත්‍යංශයක ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරි තනතුරකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතුවලට සහභාගි වීමට බාධාවක් නැත." ඇත්තට ම මේ නම් අලුත් ම ප්‍රවෘත්තියකි. ඒ අනුව ලංකාවේ දේශපාලන නිලධාරි සේවාව කියා එකකුත් තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් අයත් වනවා ඇත්තේ ඒ සේවාවට ය.  මැතිව

ආණ්ඩුව වෙනුෂා ඉමන්දිගේ චෝදනාවට ලක් වූ විදුහල්පති ආරක්ෂා කරන්නේ ඇයි?

Image
මෙන්න සමාජයට වල් ය කියා පෙනෙන ඡායාරූපය ලංකාවේ පාසල් යනු ළමා මනස විකෘති කරන මර්දනයේ තෝතැන්නක් බව අපි මීට කළින් ද කීවෙමු. එහි සිදු වන්නේ අනාගතය සඳහා අවශ්‍ය ගුණගරුක, බුද්ධිමත්, කුසලතා පූර්ණ පරම්පරාවක් නිර්මානය කිරීම නො වේ. පාසල් අධ්‍යාපනය හැඩගස්වා තිබෙන්නේ සීමිත සුදු කරපටි රැකියා ටිකට පොරකන්නට ය. ඒ වෙනුවෙන් පහේ ශිෂ්‍යත්වයෙන් පටන් ගෙන අ.පො.ස. (උසස් පෙළ) දක්වා වියරුවෙන් මෙන් කට පාඩම් කරමින් විභාග සමත් වන්නට ය. ලබා ගත් දැනුමක් ඇතත්, නැතත්, විභාගවලින් හැකි තරම් අධි සම්මාන ලබා ගන්නට ය. සමබර පෞරුෂයන් නිර්මානය කිරීමට ඉවහල් වන විෂය සමගාමී හා විෂය බා‍හිර කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ ආකල්ප හොඳ තත්වයක නැත. නිදසුනක් ලෙස පාසල්වල මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා උත්සව ගැන අපි සලකා බලමු. මේවායේදී බොහෝ විට කෙරෙන්නේ දැවැන්ත ක්‍රීඩා උත්සවයක් පවත්වා එහි සංදර්ශනවලින් ඇහැ ගිනි කණ වැට්ටවීම මිස සැබෑ ක්‍රීඩා සංවර්ධනයක් නො වේ. පසුගිය දිනෙක මා පාසලකදී ඇසූ විදුහල්පති කතාවෙන් සිදු කෙරු‍ෙණේ රවීන්ද්‍රනාත් තාගෝර් ශූරීන්ගේ ගෝරා නවකතාව පාවිච්චි කරමින් පාසලේ ඉගෙනුම ලබන දෙමළ සිසුන් තමන්ගේ පහත් ජන්මය ගැන ද

වික්‍රමබාහුලා, භාෂණලා, දීප්තිලා කියන්නේ විවේචනය කරන්න බැරි දෙවිවරු ද දිමිත්‍රි?

Image
විවේචනය දරා ගැනීමට නොහැකිකම ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේමත් වාමාංශිකයන්ගේ මූලික ලක්ෂණයකි.  එසේම, සත්‍ය ස්වයං විවේචනය යනු ද වාමාංශික නයින්ට අඳුකොළ වැනි දෙයකි. වාමාංශිකයන් හැම විට ම උත්සාහ ගන්නේ ප්‍රබන්ධ වීරත්වයන් මත පවතින්නට ය. මේ ඒ සඳහා උදාහරණයකි. "(වික්‍රමබාහු) යුධ විරෝධී ස්ථාවරය යුද්ධ කාලෙදිමත් නිර්භයව ප්‍රකාශ කල කීපදෙනාගෙන් කෙනෙක්. (එහෙම කලේ රෝහිත භාශන, ගම්ලත්, x/දීප්ති සහ සමාජවාදී සමානතා පක්ශය ඇතුලු තව කීප දෙනෙක් පමනයි.)" -දිමිත්‍රි දැන් මේ කීපදෙනා අතරට ඔහු එකතු නො කරන නමක් තමයි, මගේ නම. ඒත්, රෝහිත භාෂණ ඔය නිර්භීතව අදහස් ප්‍රකාශ කළ පත්තරේ ඒ යුගයේ කතුකම කළේ මම. රට හැර ගොස් නිහඬව සිටින නිසා රෝහිත භාෂණ අද බොහෝ දෙනෙකුට වීරයෙක් වෙලා. පසුගිය ජනරළ සම්මන්ත්‍රණයේදී ජනරංජනගේ කතාවෙනුත් මේ අදහස කියැවුණා. ඒත්, මේ කට්ටිය රට හැර ගියේ ඔය කියන තර්ජන නිසා ම ද? මංජුල වෙඩිවර්ධනට ලංකාවට එන්න බැරි ඔහු ලියපු කවි නිසා ද? එහෙනම් ඔහුට මෙහේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ කොහොම ද? සියත පත්තරේ පිටු ටික පාස් කර ගන්නට රජගෙදරට අරන් ගියේ මේ මංජුල නෙමෙයි ද? මේ අය දැරූ ස්ථාවරය යුද විරෝධී

වික්‍රමබාහුගේ පක්ෂයේ ගම්පහ නාම යෝජනාව සහ කවුද මගේ අමුඩේ රුන්නේ කතාව

Image
වාමාංශික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත පිළිබඳ ගැටලුවක් ඇති වී තිබේ.  රජයේ මාධ්‍ය විසින් මතු කර තිබෙන කාරණය වන්නේ නාම යෝජනා පත්‍රයේ ව්‍යාජ තොරතුරු ඇති බවයි. කියන අන්දමින් නම්, ඇතැම් අපේක්ෂකයෝ සම්පූර්ණයෙන් ම ව්‍යාජ ය.  මේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා 15දා ගම්පහ පොලිසියේ පෙනී සිටින්නට නියමිත ය.  නෙත් එෆ්. එම්. රේඩියෝවට ඔහු පළ කළ අදහස අනුව එම නාම යෝජනාවට ව්‍යාජ නම් ඇතුළත් කර ඔවුන් අපහසුවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තිබී ඇත.  එක්තරා ගමරාළ කෙනෙකු තමන්ගේ අමුඩේ මළ පහ කළේ කවුදැයි ඇසූ බවක් ජන වහරේ තිබේ. කුමන්ත්‍රණ න්‍යායයන් සම්බන්ධයෙන් වාමාංශිකයෝ කොහොමත් ඔස්තාද්ලා ය.  වාමාංශික පෙරමුණ වැනි පක්ෂවලට දිස්ත්‍රික්කයක නාම යෝජනා සැකසීම සඳහා අපේක්ෂකයන් හතළිහකට වඩා සොයා ගැනීම දුෂ්කර බව ඇත්තකි. එහෙම වී තිබෙන්නේ තම තමන්ගේ ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිඵල නිසා බව ඔවුන් කවදාවත් තේරුම් ගන්නවාද යන්න නම් ප්‍රශ්නයකි. වාමාංශික පෙරමුණේ ක්‍රියාධරයකු හා බීබීසී ජනමාධ්‍යකරුවකු වන චන්දන කීර්ති බංඩාර පසුගියදා ආණ්ඩුවෙන් පොළී රහිත වාහන ණයක් ඉල්ලා සිටියේ ය. ආණ්ඩුවේ දූෂණවලට එරෙහිව පෙනී

වෙනූෂා ඉමන්දි මිය ගියේ ෆේස්බුක් නිසා ද?

Image
ෆේස්බුක් සම්බන්ධ සිද්ධියක් නිසා තවත් සිසුවියක සිය දිවි නසා ගත් පුවතක් පළ විය. සිදු වීම ගැන මාධ්‍ය වාර්තා තරමක් අන්දොස් වුණත්, ඒ ඔස්සේ සිද්ධිය ගැන යම් අනුමානයන් කළ හැකි ය.  මේ ගැහැනු ළමයා සිය දිවි නසා ගන්නේ විදුහල්පති බැන වැදුණු නිසා යයි වාර්තා වුණත්, ඇය විෂාදයෙන් හෙවත් ඩිප්‍රෙෂන් නම් මානසික ගැටලුවෙන් පෙළෙන්නට ඇති බව අනුමාන කළ හැකි ය. මෙවැනි සිය දිවි නසා ගැනීම් පසුපස තිබෙන මෙවැනි ගැටලු ගැන අවධානය ප්‍රමාණවත් පරිදි යොමු වන්නේ නැත. ඒ වෙනුවට සියදිවි නසාගැනීම කතාන්දරයක් බවට පත් කිරීමේ මාධ්‍ය උපායන් නම් බහුල ය. ලංකාවේ පාසල්වල විෂාධයෙන් පෙළෙන දරුවන් ගැන අවධානයක් යොමු කළ හැකි, වෘත්තිකභාවයෙන් පිරිපුන්, බුද්ධිමත්, දයාබර ගුරුවරු හිඟ ය. සමස්තයක් ලෙස මුළු සමාජයම ලිංගිකත්ව විරෝධී, ස්ත්‍රී විරෝධී, විද්‍යා විරෝධී, මිථ්‍යා මතික ලක්ෂණ අඩු වැඩියෙන් කැටි කරගෙන සිටින අතර, ගුරුවරු යනු ඒ සමාජයේ හරස්කඩකි.  මෙම විදුහල්පතිවරයා‍ගේ පසුබිම පිළිබඳ තොරතුරු අනුව, ඔහු මෙම දරුවා කෙරෙහි අකාරුණික වන්නට ඇති බව පහසුවෙන් අනුමාන කරන්නට පුළුවන. තමන් 'වේසි' යන වදනින් ඇමතූ බව දැරිය සිය අවසන් ලියුමේ චෝදනා කරයි.

සිසු ජීවිත බිලි ගන්නා පාසල් ස්පෝට්මීට්

Image
නිවාස සැරසිල්ලක් පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ සැරසිලි වෙනුවෙන් පුවක් ගසක් කැපීමට ගොස් ගසකින් වැටීම නිසා රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙක් මිය ගියේ ය. නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් සැරසිලි කිරීම සඳහා රාත්‍රිය පාසලේ නැවතීම යනු බොහෝ දෙනෙකුට ඉතා සොඳුරු අත්දැකීමකි. සැරසිලි කරනවාට අමතරව, හොර කුරුම්බා කැඩීම, මධ්‍යම රාත්‍රියේ බේකරියෙන් මිළ දී ගත් උණු පාන් කෑම වැනි තවත් රසවත් අත්දැකීම් ද මේ සමග වෙළී තිබේ. මේ අත්දැකීම් නව යොවුන් විය රසවත් කරන මුත්, ඒ සමග බැඳී තිබෙන අනතුරුදායකකම ඉතා භයානක ය. අප කුඩා කාලයේ මෙන් නොව දැන් දරුවන්ට සාමාන්‍ය ජීවිතය තුළින් ලැබෙන හසුරු කුසලතා අඩු ය. ඒ නිසා අනතුරුදායකකම  තවත් ඉහළ ගොස් තිබේ.  පාසල්වල නිවාස සැරසිලි යනු මේ වන විට මළ විකාරයකි. මේවා ස්වාභාවික ද්‍රව්‍යවලින් කළ යුතු බවට පාසල් බලධාරීන් විසින් කර තිබෙන නියෝග නිසා පාසල් සිසුන් අතින් අවුරුදු පතා සිදු වන පාරිසරික හානිය අති විශාල ය. ඵල දරන පුවක් ගස්, කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් කපා දමනු ලැබේ. ඒ මදිවාට ගොක් අතු, පොල් කොළ ආදිය කපා දැමීම නිසා ඵලදාවට සිදු වන හානිය ද විශාල ය.  පසු කාලීනව පාසල්

හිරුගෙන් පසු විකල්ප පත්තර වලංගු ද?

Image
නිවේදනයයි: W3Lanka බ්ලොග් අඩවියේ රචකයා ජනරළ පුවත්පත හැර වෙනත් කිසිදු සිංහල පුවත්පතක‍ට හෝ වෙබ් අඩවියකට හෝ ලියන්නේ නැති බව ද කරුණාවෙන් සලකන්න.  මේ බව සඳහන් කරන්නට සිදු වූයේ අප විසින් ලියන ලද ලිපියක් ලංකා ඊ නිව්ස් විසින් තමන්ට ලියන ලද ලිපියක් ලෙස පෙනෙන සේ පළ කර තිබෙන ආකාරය දැකීමෙනි.  මෙම බ්ලොග් අඩවියෙන් උපුටා ගත් බව සඳහන් කරමින් ලිපි නැවත පළ කිරීම අපි හැම විට ම උනන්දු කරන්නෙමු. එහෙත්, මේ අන්දමින් අනවසරයෙන් ලිපි නැවත පළ කිරීම ආචාර ධාර්මික නො වේ.  කරුණාකර අප අපහසුවට පත් වන අයුරින් ලිපි නැවත පළ නො කරන ලෙස අපි සහෝදරත්වයේ හා මාධ්‍ය ආචාර ධාර්මිකත්වයේ නාමයෙන් ඉල්ලා සිටිමි.  අද පැවැත්වෙන  'හිරුගෙන් පසු විකල්ප පත්තර වලංගුද?' යන මැයෙන් වූ සම්මන්ත්‍රණයට අදාළව අප විසින් ලියන ලද ලිපි දෙකක සබැඳි මෙහි නැවත පළ කරමි. සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත් මෙම කරුණට අදාළව 'රාවය' පුවත්පත විකල්ප පුවත්පතක් ලෙස සලකා බැලිය හැකි ය. ඇත්තෙන් ම රාවය වනාහි ප්‍රධාන ධාරාවේ අදහස් හා මතවාදවලට වෙනස් අදහස් හා මතවාද ඇති ප්‍රභූ මාධ්‍යකරුවන් පිරිස‍කගේ නිර්මානශීලිත්ව

මතුගම ඡන්ද කෙරුවාව ගැන ගම්මැදි හෑල්ලක්

Image
මතුගම ජනතාව යනු 1947 මහ මැතිවරණයේදී නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාව ඡන්දයෙන් පරද්දා එතුමාගේ දේශපාලන අනාගතයට තිත තැබූ ජනතාවකි.  ඒ ජනතාව 2010 මහ මැතිවරණයේදී නීති විරෝධී අවි ආයුධ ළඟ තබා ගැනීම නිසා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටි චන්ඩි හෙවත් පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තු යැව්ව හ. මෙම අවි ආයුධ භාවිතා කෙරුණේ නෙල්සන් මැන්ඩෙලා මෙන් විමුක්ති අරගලයක් කිරීමට නො ‍‍වේ. සිය දේශපාලනික සතුරන් මර්දනය කිරීමටයි. බුද්ධිමත් නායකයකු වන කන්නන්ගරයන් පැරදවූ මතුගම ජනතාව අඩ සියවසකට පසුව චන්ඩිකම පමණක් දන්නා ගුස්ති අල්ලන්නකු  පාර්ලිමේන්තු යවා තිබේ. 2010දී පාලිත තෙවරප්පෙරුමට ආධාර කළ ප්‍රධාන පුද්ගලයකු වන්නේ ඇමති කුමාර වෙල්ගමයි. තමන්ට නො දෙන ඡන්ද තමන්ගේ ප්‍රතිවාදියා වන ඇමති මහින්ද සමරසිංහට නො දී එක්සත් ජාතික පක්ෂයේ පාලිතට දෙන්නට ඔහු දිරි දුන්නේ ය. දැන් පාලිත තෙවරප්පෙරුම යන නාමය මාධ්‍යවල නිතර කියවේ. ඔහුට මේ දවස්වල තිබෙන ලොකුම ගැටලුව ඔහුගේ පුතාගේ නාම යෝජනාවයි. ඔහු‍ගේ බලවත් විරෝධය එල්ල වන එක් අයකු වන්නේ 2010දී ඔහු සිරගතව සිටියදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ බර ඇද්ද පුද්

අනුර කුමාර දිසානායක සහෝදරයාට ලියුමක්

Image
හිතවත් අනුර සහෝදරයා, ජනප්‍රිය සංකේතයක් වන ඔබ ජවිපෙ නායකත්වයට පත් වීම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ බලාපොරොත්තු සහගතවයි. ඒ අනුව ඇත්තෙන් ම පිම්මක් පැනීම සඳහා අලුත් ගැම්මක් ඇති වී තිබේ.  2004දී පැනගත් ජාතිවාදී පිම්ම වැනි පිම්මක් නොව, වඩා සමාජවාදී පිම්මක් පැනීම සඳහා මෙය ඉවහල් කර ගත හැකි වාතාවරණයක් නිර්මානය වී තිබේ. පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ම ඔබ විසින් කරන ලද කාර්ය භාරය හේතුවෙන් ජවිපෙ නියෝජනය සභාවල තිබිය යුතු ය යන අදහසක් ද සමාජයේ තිබේ. ඒ නිසා ඔබට අහිමි වී තිබෙන ඡන්ද පදනමේ හිස් තැන ද පාවෙන ඡන්දවලින් පුරවා ගත හැකි වනු ඇත.  එහෙත්, ජවිපෙ තුළ සිදු වූ ඛන්ඩනයෙන් පසු වත්මන් ජවිපෙ කාවන්ධය නැති හිසකි. ‍එසේම පෙර‍ටුගාමී පක්ෂය ගැන කිව හැක්කේ එය හිසක් නැති කාවන්ධයක් ය කියා ය.  ජවිපෙ කාවන්ධය හිසෙන් ගැලවී ගියේ ඇයි ද යන්න ඔබ ගැඹුරින් සිතා බැලිය යුතු ය. ඔබේ ම භාෂාවෙන් ම කියනවා නම් ජවිපෙ හිස කාලාන්තරයක් තිස්සේ ශරීරයට දුන්නේ ‍ගේම් ය. බලය සඳහා වූ ප්‍රතිගාමී ක්‍රියාමාර්ග ගැනීම සඳහා කුමාර් ගුනරත්නම් ද ඇතුළු ජවිපෙ හිස කඳට අම්බානක් ගේම් දුන්නේ ය. විමල් වීරවංශ වැනි අය නිර්මානය වුණේ ද මෙම ගේම් නිසා ය. ඛන්ඩ