උදයන්ට මෙතරම් ගහන්නේ ඇයි? උදයන්ට ගහනකොට ඩයස්පෝරා අඬන්නේ ඇයි?

යාපනය නගරය න්ද්‍ර කරගෙන පළවන උදයන් පුවත්පතට නැවතත් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ එම පුවත්පතට එල්ල කරන ලද කෙළවරක් නැති ප්‍රහර මාලාවක තවත් එකකි. 

තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදේ පහට පමණ පුවත්පත් කාර්යාලයේ මුද්‍රණ අංශයට බලහත්කාරයෙන් ඇතුළු වී සේවකයන්ට අවි පෙන්වා මරණ තර්ජන කර, යන්ත්‍රවලට වෙඩි තබා, අනතුරුව ගිනි තබා තිබේ. ප්‍රධාන මුද්‍රණ යන්ත්‍රය ඇතුළු යන්ත්‍රවලට අලාභ හානි වී තිබේ. පුද්ගලයෝ කිසිවෙක් තුවාල ලබා නැත.

මෙය සිදුවන්නේ දසදහස් ගණනින් හමුදා යොදවා 'ආරක්ෂා' කර තිබෙන යාපනය නගරය මැදයි. අප්‍රේල් 3දා උදයන් පුවත්පතේ කිලිනොච්චි කාරයාලයටද පහර දෙන ලදී. කිලිනොච්චි වනාහි හමුදා අධිආරක්ෂක කලාපයක් වැනි නගරයකි. 

උදයන් පුවත්පතට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ වන විට මාධ්‍යකරුවන් ගණනාවක් ඇතුළු සේවකයෝ රැසක් මිය ගොස් හා තුවාල ලබා තිබේ. මේ ප්‍රහාරවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ ඉතා අවම වශයෙනි. කිසිවෙක් නීතිය හමුවේ වරදකරුවෝ වී ඇති බවකි වාර්තා වී නැත. 

උදයන් පුවත්පත යුද්ධය මැද වාර්තාකරණය සිදු කළ ආකාරය සුවිශේෂය. කොටි සංවිධානය විසින් යාපනය නගරය පාලනය කරන ලද, දැඩි ආර්ථික සම්බාධක පනවා තිබුණු යුගයේ, උග්‍ර කඩදාසි හිඟයක් මැද පවා උදයන් පුවත්පත පවත්වාගෙන යන ලදී. 

උදයන් පුවත්පත නිරතුරුවම උතුදෙමළ වැසියන්ට සිදු වන අසාධාරණකම් පිළිබඳ වාර්තා කරයි. එම පුවත්පත ලංකාආණ්ඩුවට පාලනය කරගත ොහැකි ප්‍රධාන ධාරාජනමාධ්‍යයකි. නුදුරු අනාගතේදී උතුරු පළාත් සභාව සඳහා මැතිවරණ පැවැත්වීමට රජය සූදානම් වන සංදර්භයක් තුළ, උදයන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම පිටුපස ඇති උපායමාර්ගය හඳුනාගැනීදී සන්ේ ලීඩර් පුවත්පත නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. දිගින් දිගටම එම පුවත්පතට විවිධාකාරයෙන් පහර දී එය දුර්වල කිරීමෙන් අනතුරුව ආණ්ඩුේ හිතවතකු මගින් එය මිළ දී ගන්නා ලදී. 

උදයන් පුවත්පේ හිමිකරු වන්දෙමළ ජාතික සන්ධානයාපනය දිස්ත්‍රික් පාර්ලිේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන්ය. 

මෙම ප්‍රහාරය පිටුපස සිටින්ආරක්ෂක අංශ ෝ දා ආණ්ඩුේ මැර කල්ලි ේනම් මෙම සිද්ධියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි බලාොත්තු විය හැකිය. නැතිනම් උදයන්ට පහර දී ගත්ේ උදයන්ම බව කියන පුවත්ද හෙට වනවිට සෙන්නට පුළුවන. 

දෙමළ ඩයස්ෝරාවට බැලමෙහෙ කරන රාජ්‍ය ොවන මාධ්‍ය සංවිධාන වහා නින්දෙන් අවදි වී අධික ලෙක්‍රියාත්මක ‍ ආකාරයෙන් පෙනෙන දෙයක් වන්මෙම සිද්ධිය වැනි කෙරෙහි ඔවුන්ඇති අධික ආශාවයි. 

ආණ්ඩුබලෝභී මුග්ධ ක්‍රියාමාර්ග ලංකාව දෙකඩ කිරීමට බලා සිටින දෙමළ ජාතිවාදීන්ට කෙතරම් උපකාරී වී තිේද යන්න මෙම සිද්ධිය පදනම් කරගෙන ජාත්‍යන්තරව සිදු වන ප්‍රචාරයන් තුළින් මනාව පැහැදිලි ේ. 

උදයන් පුවත්පතේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසිය හැකිය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. උදයන් කියන්නේ කොටි හඬ. කොටියට පන දෙන්න කැසකවන රැලක් තමයි මෙව්වා ගැන කතා කරන්නේ.

    සමන්

    ReplyDelete
    Replies
    1. Saman ai uba Seman maaluwek nove Saman wunay

      Delete
    2. koti hada nam thahanam karanda kiyapanko ban gahan nathuwa.umbala wage modayo thama kiyanakotama gini thiyanda yanne

      Delete

  2. මට දැන් දැන් හිතෙනවා ඩයස් පෝරාව උනත් ස්වාධීන
    නැහැ.අපේම අපේම අපේම ආශීර්වාදය ඇතුවයි ඒ අය
    ඔය ගමන යන්නේ ..

    මම මේ වහෙන් ඔරෝ කියන දේ වටහා ගැනීමට හැකි
    යැයි සිතමි ..

    ReplyDelete
    Replies
    1. ඔව්, අපට ඒහෙම හිතන්න හේතු සාධක තියෙනවා. මොකද? කොටි සංවිධානයේ දැනට ඉතිරිව සිටින ප්‍රබලයින් ඉන්නේ අපේ රජයත් ඒක්කනේ. සමහරවිට ඔවුන් අප සියළු දෙනාම අන්දවාගෙන ඔවුන්ගේ ගමන යනවා වෙන්න පුළුවන්.

      Delete
    2. ඇත්ත කීර්ති ..

      Delete
  3. //
    නැතිනම් උදයන්ට පහර දී ගත්තේ උදයන්ම බව කියන පුවත්ද හෙට වනවිට ඇසෙන්නට පුළුවන.
    //

    Director General of the Media Center for National Security (MCNS), Lakshman Hulugalle said that initial Police investigations into the attack on the Uthayan office in Jaffna had revealed that it was an 'inside job'.
    http://www.dailymirror.lk/top-story/28100-it-was-an-inside-job-hulugalle.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා