ඕතොඩොක්ස් හා ෆන්ඩමෙන්ටලිස්ට් බෞද්ධ නිකාය අතර මාරාන්තික ගැටුම / Clashes between Orthodox and fundamentalist Buddhists of Sri Lanka

පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ට ගුටි දී පන්නා දැමීමට ඕතොඩොක්ස් හෙවත් ගතානුගතික බෞද්ධ පිරිසක් කටයුතු කර තිබේ. 


ඕතොඩොක්ස් බෞද්ධයන් හා ෆන්ඩමෙන්ටලිස්ට් හෙවත් මූලධර්මවාදී නිකායන් අතර මේ වන විට මාරාන්තික කුළල් කෑමක් ඇති වී තිබේ. 


පෙනුමෙන් නම් මේ වනාහි බුදුන්ගේ දහම වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබා ගන්නට ය. 


අපට වැටහෙන පරිදි නම් ඕතොඩොක්ස්, ෆන්ඩමෙන්ටලිස්ට් හා ඕල්කට් වර්ගවල බෞද්ධයෝ එකෙක් හෝ සැබෑ බෞද්ධයෝ නො වෙති. මුල් බුදු දහම හා ලංකාවේ ආධිපත්‍යවාදී සිංහල බුදු දහම අතර ඇත්තේ පුළුල් පරතරයකි. 


ප්‍රභාකරන් සිටින තුරා ජාතිවාදය දේශනා කිරීම ජීවිකාව කරගෙන සිටි මේ බෞද්ධ නිකායෝ උන්, උන් මරා ගැනීම ආරම්භ කර තිබෙන්නේ පශ්චාත් නන්දිකාඩල් තත්වයේ තවත් පැතිකඩක් ලෙස ය. 


මොවුන් මේ කුළල් කා ගන්නේ බුදුන්ගේ නම රැක ගන්නට නොව අන්ධ, අසරණ, මෝඩ, බැතිමතුන්ගේ තුට්ටු දෙකට තට්ටු කිරීමේ තෘෂ්ණාව වෙනුවෙනි. මේ ෆන්ඩමෙන්ටලිස්ට් ධර්මයෝ යනු ඕතොඩොක්ස් දහම සමග තරගකාරී වෙමින් ආක්‍රමණශීලී ලෙස විඥානවාදී දෘෂ්ටිවාදී වෙළඳපල අල්ලා ගැනීමට බිහි වුණු අලුත් වෙළඳපල උපායමාර්ග වේ. 


ෆන්ඩමෙන්ටලිස්ට්කාරයෝ වනාහි ඕතොඩොක්ස්කාරයන්ගෙන් ම බිහි වූ පිරිසකි. ඔවුහු මුලින් හෙළ උරුමය සමග දේශපාලනයට අවතීර්ණ වූ අසපු ගනින්නාන්සේලා සමග සිට සිය සංක්‍රාන්තිය සම්පූර්ණ කරමින් ප්‍රාතිහාර්ය පෑ හැකි ශාස්තෲවරුන් බවට පත් වූ අය වෙති. 


බුදුන්, බෝසතුන් ආදී වශයෙන් පෙනී සිටින ඔවුන්ගේ මේ ශාස්තෲකම හුදෙක් ධන තෘෂ්ණාව ම පමණක් විය නො හැක. මන්ද, සමන්තභද්‍රලා, සිරිවර්ධනලා දැන් කෝටිපතියෝ ය. දැන් ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ භින්නෝන්මාද සුරතාන්තය විය හැකි ය. 


ඕතොඩොක්ස් හාමුරුවරු සිය ධනයේ හා බලයේ වෙළඳපොල ආධිපත්‍යය වෙනුවෙන් අතිශය ප්‍රචණ්ඩ ලෙස නැගී සිට ඇත. ජනමාධ්‍ය, පොලිසිය හා ජනතාව හුරේ දමති. 


නින්දිත පුද්ගලයන් බුදුන්, මාර්ගඵල ලෑබූවන් හා බෝසතුන් ලෙස පෙනී සිටීම සිනහ උපදවන මුත්, ඔවුන් එසේ පෙනී සිටීම වැළැක්වීම සඳහා ප්‍රචණ්ඩත්වය භාවිතා කරන්නට ඕතොඩොක්ස් බෞද්ධයන්ට අයිතියක් නැත.


ධර්මය අධර්මය වී බොහෝ කල් ය. අපි උපේක්ෂාවන් බලා සිටිමු. 


ඉරිසියාවට බඳ්න් වන සිරිධම්මගේ වාහනය



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය ඔක්කොම පටන්ගත්තේ JVP කාරයෝ සහ වමනශිකයෝ .... ඔවුන්ගේ බම්බු කැරලිවලට හාමුදුරුවරු යොදාගැනීමෙන්

    ReplyDelete
  2. සහතික ඇත්ත ය. පසුගාමී සමාජ බලවේග මුදුනට ඔසවා තැබීමේ ආදීනව දැන් රට ම විඳිමින් සිටියි.

    ReplyDelete
  3. නියමයි. ඇත්ත බුදු දහම දන්න මිනිහෙක් මේ දෙගොල්ල එක්කම හැප්පෙන්නෙ නෑ. ඒකට අවශ්‍ය තාක්ෂණය දැන් තියෙනවා. පොඩි කාමරයක් මේ බුදු දහම ගබඩා කරල තියන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. අවශ්‍ය කෙනෙකුට බුදු දහම රඟපාන්නෙ නැතිව බුදු දහම යෙදෙන්න පුළුවන්. බුදු දහම කියන්නෙ රඟපාන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදු දහම ට අනුව හැසිරෙන අය එයාල ගැන එයාලම කියන්න අවශ්‍ය නෑ. ඒක පේනවා.

    ReplyDelete
  4. [ඔය ඔක්කොම පටන්ගත්තේ JVP කාරයෝ සහ වමනශිකයෝ .... ඔවුන්ගේ බම්බු කැරලිවලට හාමුදුරුවරු යොදාගැනීමෙන්]

    උබ කතාකරන්නේ කටින්ද?පු_න්ද?
    සග වෙද ගුරු ගොවි කම්කරු කියලා ඉස්සඉස්සල්ලාම හෝල්සේල් වශයෙන් චීවරය විකුනන්න පටන්ගත්තේ සීල0කා නිදහස්පක්සයේ නිර්මාතෘ සෙවල බන්ඩා නේද ගොනෝ????
    හෑබෑයි ඊට කලින් ඉදන්ම රීටේල් වශයෙන් චීවරය විකිනීමේ වි‍යාපාරය කරගෙන ගියා UNPහොරු ටික.සමසමාජයෙන් බුද්දාගම බේරාගමු කියලා පෝස්ටර් ගහපු JRපප්පා අන්තීමට නතර උනේ ගෑටබේ පන්සලට කටුකම්බිත් ගහලා.

    රටේ කොයි ඵකටත් වගේම බුදුසසුනටත් කෙලවීමේ වගකීම(මේ වචනය පාවිච්චිකරාට සමාවෙන්න නමුත් මේවෙනුවට යොදන්න වචනයක් මුන් අපිට ඉතුරුකරලා නෑ ) 1948 ඉදන් මාරුවෙන්මාරුවට රට කාපු UNP,SLFP මහ පක්ශ දෙකේ කාලක්න්නි දේසපාලූවෝ බාරගතයුතුයි.
    වාමා0ශික පක්ශවලටත් මේ ගෑන යම් වගකීමක් තිබුනත් මහ පක්ශ දෙක සාසනේට කරපු තුප්පහි වෑඩත්ඵක්ක බලනකොට අහසට පොලව වගෙයි.
    අදටත් බිශොප් කතාකරනකොට මහ පක්ශදෙකේම මහඋන්ගේ කකුල් වෙවුලනවා.ඵ්ත් මහනායක ස්වාමීන්වහන්සේලා මුන්ට බයිට් ඵකක් වෙලා.
    මුස්ලිම් ජාතිවාදීන් ඉන්න විදිය ගෑනනම් කියලා වෑඩක් නෑ.ඵ් තරමට උන්ට පවර්.

    බලය ලබාගන්න සි0හල ජාතිවාදයත් බලය පවත්වාගෙන යන්න සුලුජාතික දෙමල හා මුස්ලිම් ජාතිවාදයත් තීරනාත්මක අවස්තාවල නෑවත සි0හල ජාතිවාදයත් මතුකර යොදාගෑනීම මහ පක්ශ දෙකේ ජාති ලක්ශනය වෙලා තියෙන්නේ.

    -Nuwan.

    ReplyDelete
  5. සිංහල නායකයින් ඉන්න සාම දේශපාලන පක්ෂයටම කඩේ යාම සඳහා හාමුදුරු කණ්ඩායම ඇත.. මේ ගඳ ගහන තත්වය පිළිබඳව ඔය එක පක්ෂයක්වත් කතා නොකරන එක නම් ඇත්තය. පුජ්‍ය පක්ෂයට දේශපාලනය සපුරා තහනම් විය යුත්තේ මහානායකවරුන් අතිනි.. එහෙත් උන්වහන්සේලාත් පත්වෙන්නේ දේශපාලනයෙනි.. ලාබ ප්‍රයෝජන මත පවතින උන්වහන්සේලාත් මේවාට විරුද්ධ නොවෙති..මෙසේ කොන්ද පන ඇතිව මේ ගැන ලිවීම පිළිබඳව ඔබ ට තුති..

    ReplyDelete
  6. ඇයි තලිබාන් බවුද්දයෝ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා