ඕතොඩොක්ස් හා ෆන්ඩමෙන්ටලිස්ට් බෞද්ධ නිකාය අතර මාරාන්තික ගැටුම / Clashes between Orthodox and fundamentalist Buddhists of Sri Lanka
පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ට ගුටි දී පන්නා දැමීමට ඕතොඩොක්ස් හෙවත් ගතානුගතික බෞද්ධ පිරිසක් කටයුතු කර තිබේ. ඕතොඩොක්ස් බෞද්ධයන් හා ෆන්ඩමෙන්ටලිස්ට් හෙවත් මූලධර්මවාදී නිකායන් අතර මේ වන විට මාරාන්තික කුළල් කෑමක් ඇති වී තිබේ. පෙනුමෙන් නම් මේ වනාහි බුදුන්ගේ දහම වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබා ගන්නට ය. අපට වැටහෙන පරිදි නම් ඕතොඩොක්ස්, ෆන්ඩමෙන්ටලිස්ට් හා ඕල්කට් වර්ගවල බෞද්ධයෝ එකෙක් හෝ සැබෑ බෞද්ධයෝ නො වෙති. මුල් බුදු දහම හා ලංකාවේ ආධිපත්‍යවාදී සිංහල බුදු දහම අතර ඇත්තේ පුළුල් පරතරයකි. ප්රභාකරන් සිටින තුරා ජාතිවාදය දේශනා කිරීම ජීවිකාව කරගෙන සිටි මේ බෞද්ධ නිකායෝ උන්, උන් මරා ගැනීම ආරම්භ කර තිබෙන්නේ පශ්චාත් නන්දිකාඩල් තත්වයේ තවත් පැතිකඩක් ලෙස ය. මොවුන් මේ කුළල් කා ගන්නේ බුදුන්ගේ නම රැක ගන්නට නොව අන්ධ, අසරණ, මෝඩ, බැතිමතුන්ගේ තුට්ටු දෙකට තට්ටු කිරීමේ තෘෂ්ණාව වෙනුවෙනි. මේ ෆන්ඩමෙන්ටලිස්ට් ධර්මයෝ යනු ඕතොඩොක්ස් දහම සමග තරගකාරී වෙමින් ආක්‍රමණශීලී ලෙස විඥානවාදී දෘෂ්ටිවාදී වෙළඳපල අල්ලා ගැනීමට බිහි වුණු අලුත් වෙළඳපල උපායමාර්ග වේ. ෆන්ඩමෙන්ටලිස...