කීර්ති වරණකුලසූරිය ජිනීවා යෝජනාව බල රහිත කරයි

ඉංග්‍රීසි නො දත් සිංහල මිනිසුන් නො මග යවා, සතුටු කර, සිය අරමුණු ඉටු කර ගැනීමේ පවිටු දේශපාලනයේ කොටස්කරුවකු වන දිවයින පුවත්පතේ විශ්ලේසකයකු වන කීර්ති වරණකුලසූරිය ලියූ ප්‍රබන්ධයක් අනුව, ඊශ්‍රායලය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම නිසා එම කවුන්සිලය මෙහෙයවූ මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනා බල රහිත වී ඇත.


මෙම ජනමාධ්‍යකරුවාට ඉංග්‍රීසි කියවා තේරුම් ගැනීමේ ගැටලුවක් ද ඇතැයි අනුමාන කළ හැකි අන්දමේ ලිවීම් රැසක් ඔහු නමින් පළ වී තිබෙන අතර මේ එහි අලුත් ම සිද්ධියකි. 


හෙට දවසේ එසේ නො වන බව ඔප්පු වන මෙවැනි පුවත් මවා අද දවසේ වේල පිරිමසා ගැනීමේ පුවත්පත් ව්‍යාපාරය නම් ඇත්තට ම කණගාටුදායක එකකි. 


ඇත්ත වශයෙන් ම සිදු වී තිබෙන්නේ ඊශ්‍රායලය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම නො වේ. ඉවත් වන්නට ඒ රට එම කවුන්සිලයේ සාමාජික රටක් ද නො වේ. සිදු වී ඇත්තේ ජිනීවා සමුළුවේදී ඊශ්‍රායලය විසින් පලස්තීන භූමියේ පිහිටුවනු ලබන ජනාවාස පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ගත් තීරණයත් සමග එරට මානව හිමිකම් කවුන්සිලය සමග සබඳතා අත්හැරීමයි. 


ඒ අනුව, අදාළ පරීක්ෂණ මණ්ඩලයට පරීක්ෂණ සඳහා ඊශ්‍රායලයේ සහයෝගය හා ප්‍රෙව්ශ පහසුකම් නො ලැබෙනු ඇති අතර පරීක්ෂණ සිදු වනු ඇත්කේ සිරියාවේදී සිදු කළාක් මෙන් වෙනත් මූලාශ්‍ර ඔස්සේ ය. 


ඊශ්‍රායලයට එරෙහි යෝජනාවට රටවල් 36ක් පක්ෂව ඡන්දය දුන් අතර විරුද්ධව ඡන්දය දුන්නේ ඇමරිකා එක්සත් ජනපදය පමණි. 


තවත් විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සික්, මේ වාර්තාව කීර්ති ගොයිය ලියාපු එකක් නං වෙන්ට බෑ. එතුමා ලිව්ව නං ලියන්නෙ මෙන්න මෙහෙමයි....

    මානව හිමිකම් කවුන්සිලයෙන් ඊශ්‍රායලය ඉවත් වෙයි ( israel out of man rights council )
    සම්මත වූ යෝජනා බලරහිත වේ

    කීර්ති වර්ණකුලසූරිය (famous colourcastesun)

    ඊශ්‍රායලය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම නිසා එම කවුන්සිලය මෙහෙයවූ මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනා බල රහිත වී ඇත. ( no tuna fish )

    මේ නිසා මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ බරපතළ ( very heavy ) අර්බුදයකට ලක්‌වී තිබේ.

    මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනාවක්‌ මත පලස්‌තීනයේ බටහිර ඉවුර වෙත විමර්ශන කණ්‌ඩායමක්‌ එවීමට ( send a white van ) නවිපිල්ලේ තීරණය කිරීම ගැන ප්‍රතිචාර දැක්‌වූ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු එම කණ්‌ඩායමට අඩිය තියන්න දෙන්නේ නැතැයි දන්වා ඇත.( no foot allowed )

    මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බව ජිනීවා ආරංචි මාර්ග ( news street ) පැවැසීය.

    මානව හිමිකම් සමුළුව තුළ ඊශ්‍රායලයට එරෙහිව යෝජනාව ගැන නිහඬවීමටත් ( no talk , silence please)ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ගැන ක්‍රියා කිරීමටත් හැකියාවක්‌ නැතැයි ( no possible) ජිනීවාහී තානාපති නිලධාරියෙක්‌ පැවැසීය.

    මේ අතර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්‌වන්නැයි ඊශ්‍රායල් අගමැතිවරයා ලෝකයේ රටවල්වලින් ( all world countries) ඉල්ලා ඇත.

    මානව හිමිකම් කවුන්සිලයේ නීතිරීති ( lawyers ) මත සෑම යෝජනාවක්‌ ( all ideas )සඳහා එක සමානව ක්‍රියාත්මක විය යුතුව තිබේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා