ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බවද හෙතෙම කීය.
සිද්ධිය වූ සැණින් මගේ රියෑදුරු සියලු තැන්වලට කතා කරලා මේ ගැන කියා තිබුණා. ජීවන් කුමාරතුංග අයියා වහාම මැදිහත් වී ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කර මාව බේරා ගැනීමට හැකි උපරිම පියවර ගෙන තිබුණා.
එසේ යන විට ස්‌ථාන දෙකකදී එහි සිටි අයට දුරකථන ඇමතුම් ලැබුණා. විනාඩි දෙක තුනක් ඔවුන්ගෙන් අයෙක් කා සමග ද කතා කරමින් සිටියා. මට වට පිට බලන්නවත් කෑගහන්නවත් දුන්නේ නැහැ.
බොහෝ දුරක් යන විට වෑන් රථය පැදවූ අයට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒත් සමඟ ඔහු "මූව දමලා යමු" කිව්වා.ඔහු බේරුණේ යම්, යම් පුද්ගලයන්ගේ මැදිහත් වීම නිසා බව මේ වින්දිතයා පුන-පුනා කියයි. ඒ ඇයි?
මගේ ජීවිතය ගලවා ගැනීමට හැකිවූයේ සිද්ධිය වූ මොහොතේ සිට ජීවන් අයියා, ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා හා පොලිසි උනන්දුවෙන් ක්‍රියාත්මක වීම නිසයි. ඒ සියලු දෙනාට මගේ ස්‌තුතිය පුදකරනවා.
එම පුද්ගලයන් මැදිහත් වූයේ කුමන අන්දමකින් ද?
ඔහු පැහැරගෙන ගිය අයට ලැබුණු බව කියන දුරකථන ඇමතුම් දුන්නේ කවුරුද?
මේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ නැද්ද?
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න