විදුලි බල මණ්ඩල අධ්‍යක්ෂවරු හා කොක්කු / Sri Lanka Electricity Board strike and the directors' pledges

විදුලි බල මණ්ඩල සේවකයෝ බදදා වැඩ වැරුමකට සැරසෙමින් සිටිති. 


ඔවුන්ගේ ඉල්ලීම 2009 වසරට හිමිව තිබුණු වැටුප් වැඩි වීම ලබා දීමේදී ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය සඳහා නො ගෙවන ලද හිඟ වැටුප ලබා ගැනීමයි. 


අද පවතින ආර්ථික තත්වය තුළ මෙම හිඟ වැටුප අතට ලැබුණොත් එය විදුලි සේවකයන්ට හදිසි ලොතරැයි දිනුමක් ඇදුණා වනු ඇත. ඒ නිසා මාරාන්තික සටනක් කිරීමට වුව විදුලි සේවකයන් පෙළඹේ නම් පුදුම විය යුතු නැත. 


පසුගිය දිනවල විදුලි බල හා බල ශක්ති ඇමති චම්පික රණවක විදුලි බල මණ්ඩලය ලාභ ලබනවා යයි කියමින් කී නරිවාදං දැන් රෙද්ද පල්ලෙන් බේරෙමින් ඇත. දැන් ඔහු හඬන්නේ මණ්ඩලය පාඩු ලබන නිසා ඇරියස් ගෙවන්නට බැරි ය කියා ය. 


ඇත්තට ම විදුලි බල මණ්ඩලයට කණ කොකා හඬා ඇත. ජල විදුලි බලාගාර පෙදෙස්වලට වහින්නේ නැත. නොරොච්චෝලේ අලුතින් හැදූ ගල් අඟුරු බලාගාරය කොයි මොහෝතේ ගිනි ඇවිලේදැයි ෂුවර් නැත. කොමිස් ගහන්නට හැදූ අනෙක් බලාගාර ද අවුල් ය. 


ඇමති පසුගිය දිනවල කීවේ ආයෙ නම් ගල් අඟුරු බලාගාර හදන්නේ නැති ය කියා ය. එහෙත් සාම්පූර්හි ගල් අඟුරු බලාගාරයක් හදන්නට හෙට ඉන්දියාව සමග ලංකාව ගලධාරි හෝටලයේදී ගිවිසුමක් අත්සන් කරන්නේ චම්පික ඇමතිට වඩා ලංකාවට ඉන්දියාව වැදගත් නිසා ය. 


විදුලි සේවකයන්ගේ හිඟ වැටුප ගෙවන බව විදුලි බල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය පොරොන්දු වී ඇත. එහෙත් පොරොන්දුව අද දවල් 12ට පෙර ලිඛිතව දෙන ලෙස සේවකයෝ ඉල්ලති. ඔය ලොකු ලොක්කන් කියන කතා විශ්වාස කරන්නේ කොක්කු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මණ්ඩලේ කචල්
    මෙතනින් කියවන්න..

    http://maathalan.blogspot.com/2011/08/kachal-board.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා