Posts

Showing posts from September, 2024

ගැහැණු අපි එක මිටට – රෝයල් පාක්හිදී ඝාතනය වූ කාන්තාවගේ මිනීමරුවාට

Image
  අජිත් පැරකුම් ජයසිංහ මේ ඉන්නෙ නීතියේ ආධිපත්‍යය ගැන කතා කරනවාය කියන මාලිමා නීතීඥ රැස්වීමෙ ප්‍රධාන දේශකයෙක්. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා මාරසිංහ. ඔබට මතකද රෝයල් පාක් මිනීමැරුම? 2005 ජුලි 1දා 19 හැවිරිදි ස්වීඩිෂ් තරුණියක වූ ඉවෝන් ජොන්සන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කළේ ඇගේ පෙම්වතා යයි කියූ ශමන්ත ජූඩ් ඇන්තනි ජයමහ. මේ ජයමහට 2013දී අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනවා. 2019 නොවැම්බර් 9දා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයමහට ජනාධිපති සමාවක් දී නිදහස් කරනවා. ඔහු වහාම රටින් පළා යනවා. මේ සමාව දීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය 2024 ජුනි මාසෙ තීරණය කරනවා. පළාගිය විත්තිකරුව අත්අඩංගුවට ගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නටත් නියෝග කරනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ රෝහිණී මාරසිංහ ගැනත් සඳහන් වෙනවා. ඇය ශමන්ත ජූඩ් ඇන්තනි ජයමහට සමාව දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ප්‍රධාන පුද්ගලයෙක්. ජයමහගේ අභියාචනය ජනාධිපතිවරයා වෙත යොමු කරන්නෙ රෝහිණී. ලංකාවේ කාන්තාවන් අතර අසාමාන්‍ය මරණවලට ප්‍රධාන හේතුව සමීප සහකරුගේ ප්‍රචණ්ඩත්වය බව අධ්‍යයන මගින් සොයාගෙන තිබෙනවා. ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් වරද

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්

Image
  2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’  කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත් කළ අයට විරුද්ධව කළ එකකැයි ප්‍රචලිත අදහසක් ඇත. රට බංකොලොත් වූයේ කෙසේද? රජයට විදේශ ණය ගෙවා ගැනීමට බැරි වූ නිසාය. එසේ බැරි වූයේ ඇයි? ණය ගෙවීමට තවත් ණය ගන්නට බැරි වීම එක හේතුවකි. එසේ වූයේ ඇයි? ණය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීම් සිදු කරන ෆිච් රේටිං වැනි සමාගම් ලංකාවේ රජය ණය පැහැර හැරීමක් කළ හැකි මට්ටමක ඇති බවට ශ්‍රේණිගත කළ නිසාය. එවැනි රටවලට ණය දෙන්නට ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නැත. ඉදිරිපත් වුණත්, අවදානම අධික නිසා අධික පොළියක් ඉල්ලා සිටිනු ලැබේ. ලංකාව විදේශ ණය ගෙවීම පැහැර හරින්නට ඉඩ තිබෙන මට්ටමට පත් වන්නට හේතු වූයේ කොවිඩ්-19 අධි වසංගතයත් සමග අපනය ආදායම් අඩු වීම, විදේශ ශ්‍රමිකයන් එවන මුදල් හෙවත් ප්‍රේෂණ අඩු වීම හා සංචාරක ආදායම් අඩු වීම නිසාය. මේ අතර, රජයට දේශීය මුදල් ද හිඟ විය. එයට හේතු වූයේ වැට් බද්ද අඩු කිරීම, උපයන විට ගෙවීමේ බද්ද අය කරන ආදායම් සීමාව ඉහළ නැංවීම නිසා එම බ

කෑම සීල් තියන කොමිෂන් හා Do No Harm Policy

Image
  මේ වෙලාවේ මැතිවරණ කොමිෂන් සභාව හා කොමසාරිස්වරයා කටයුතු කරන ආකාරය අනුව, අම්පයර්ලා ද ෆීල්ඩිං කරමින් ‘කැච් අල්ලන’ තත්වයක් නිර්මාණය වී තිබේදැයි සැකයක් මතු වේ. ප්‍රජාතන්ත්‍රවාදය උස්මුරුත්තා වී සිටින ලාංකිකයන්ට බටහිර ප්‍රමිතියක් උගැන්වීමට අදහස් කරමි. ඒ වනාහි ඩූ නෝ හාම් පොලිසි හෙවත් කිසිවකුට කිසිදු හානියක් සිදු නොකිරීමේ ප්‍රතිපත්තියයි. මැතිවරණ රැස්වීම්වලට එන අය කවුන්සිලේට ගිහින් කාර් පර්මිට් ගන්නේවත්, ඔය රාජ්‍ය නිලධාරීන් මෙන් විශ්‍රාම යන විට පාවිච්චි කළ වාහනය මහජන මුදලින් අලුත්වැඩියා ද කරගෙන ගෙදර ගෙන යන්නේවත් නැත. ඔවුන් ඡන්ද රැස්වීම්වලට එන්නට ඕනෑ අතින් කයිට් කරගෙනය. දවසේ රැකියාවට ද බාධා සිදු වේ. එමෙන්ම, වතුර බෝතල්, බත්මුල් අතින් කටින් ඩැහැගෙන ආවත්, ඔය රැස්වීම් පවත්වන තැන්වල ඒවා කන්නට බොන්නට තියා එළිබහින්නටවත් තැනක් නැත. එහෙම මිනිසුන්ට කන්නට කෑම වේලක්, බොන්නට බීමක්, ගමන් ගාස්තුවක්, යන්නට එන්නට වාහනයක් පමණක් නොව දවසේ අහිමි වූ ආදායම වෙනුවෙන් යම් ගෙවීමක් කිරීම ද අතිශය සාධාරණය. එහෙත්, කෑම බීම, බඩු පාර්සල් ආදිය ලබා දෙන්නේ හුදෙක් සහභාගී වන්නන් ආකර්ශනය කරගැනීම සඳහා නම් එය සාධාරණ මැතිවරණවලට බාධාවක්

සම්මාන හා ඉතිහාසගත නොවීම

Image
  අජිත් පැරකුම් ජයසිංහ සම්මානයක් ලැබෙන එකත් මරු වැඩක්. වෙනදා මාව පයිසෙකටවත් ගණන් ගන්නෙ නැති හුඟදෙනෙකු අද මට සුබපැතුවා. සතුටුයි. ස්තුතියි. ඒ වුණාට, හෙට ඉන්නෙත් ඊයේ හා අද හිටපු මංම තමයි. සම්මාන වෙනුවෙන් ජීවත් නොවන නිසා හෙටත් මං ඊයේ ලියපු ජාතියෙ ඒවම තමයි ලියන්නෙ. විදර්ශන සාහිත්‍ය උළෙලට ස්තුතියි. අත් පිටපතේ නම සඳහන් නොවුණ නිසා සහ කෙටිකතා විනිශ්චය මණ්ඩලය නිසා තමයි මේ දුර එන්නට ලැබුණෙ. මේ කෙටිකතා එකතුවට වඩා මා පෞද්ගලිකව කැමති විදර්ශන සාහිත්‍ය සම්මාන වෙනුවෙන් දිගු ලැයිස්තුගත වූ ‘අරුණෝදාකරුවෝ #Dawbreakers’ නවකතාවටයි. එය මා මුලින්ම ලිව්වේ ඉංග්‍රීසි බසින්. සිංහල බසින් නැවත ලියන ලද එම නවකතාව විදර්ශන ප්‍රකාශනයක් ලෙස ඉදිරියේදී පළ වීමට නියමිතයි. විදර්ශන සාහිත්‍ය උළෙලෙන් ලැබුණු තෑගි මුදල පාවිච්චි කරලා ‘ඒ අතේ මල් මිටකි’ කාව්‍ය සංග්‍රහය හෙට අනිද්දාම පළ කරනවා. බංකොලොත් වූ රටවල අත්දැකීම් අළලා මා ලියූ ‘බංකොලොත් වීම හා ගොඩ ඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ නම් පොත ලබන සතියේ We Have a Dream ප්‍රකාශනයක් ලෙස පළ වීමට නියමිතයි. ‘Strengthening Sri Lanka’s Social Safety Nets: A Comprehensive Analysis and Path Forward’ කෘ

රජයේ මුදල් වංචාවකට අනුරට එරෙහිව පැමිණිලි

Image
  පාර්ලිමේන්තුවට කිලෝමීටර් 25 කටත් වඩා අඩු දුරකින්, කඩවත, කිරිල්ලවල, වැවහේන පාරේ නිවසක් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායකට තිබියදී, රජයට මූල්‍ය පාඩුවක් සිදු කරමින් පාර්ලිමේන්තුවෙන් නිල නිවසක් ලබාගෙන වංචනික ලෙස පරිහරණය කර තිබෙන බව සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (27 වැනිදා) පැමිණිලි කළේය. මෙහිදී, සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ කියා සිටියේ පාර්ලිමේන්තු  මන්ත්‍රිවරයකුට නිල නිවසක් ලබාගත හැකි කාරණා මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් සිය සංවිධානය විසින් ඉල්ලා සිටි බවය. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට නිවාසයක් ලබාදීමට හැකි වන්නේ පහත දැක්වෙන කරුණු මතය: අයැදුම්කරු ඇමැතිවරයෙක් නොවිය යුතුය. පාර්ලිමේන්තුවේ සිට සැතපුම් 25ක් ඇතුළත දුරක නිවාසයක් නොතිබිය යුතුය. අයැදුම්කරු සහ කාලත්‍රයා එම දුර තුළ පිහිටි නිවසක් කුලියට හෝ බද්දට නොදී තිබිය යුතුය. අයැදුම්කරුට රජයේ හෝ මහල් නිවාසයක නිවසක් නොතිබිය යුතුය අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා කඩවත නිවස ලබාගෙන ඇත්තේ 2007 වසරේ මැයි මස 20 වැනිදා බවත්, එසේ තිබියදී වසර

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශ

Image
  ප්‍රතිපත්ති ප්‍රකාශ සියල්ල! ⭕️ දිලිත් ජයවීර විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය: ⭕️ අනුර දිසානායක විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය: ⭕️ සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “සැමට ජයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය: ⭕️ රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කල “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය: Adapted from praja.lk

IMF නැතුවම බැරිද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ රටක් දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් සහ කොන්දේසි සහිත රාමු නොමැතිව ඉදිරියට යාම කළ නොහැක්කක් බව වඩ වඩාත් පැහැදිලි වේ. මූල්‍ය කැළඹිලිවලට මුහුණ දෙන ආර්ථිකයන් ස්ථාවර කිරීමට සහ නැවත ගොඩනැගීමට IMF හි ව්‍යුහාත්මක සහයෝගය සහ අධීක්ෂණය අවශ්‍ය බව ගෝලීය අත්දැකීම් නැවත නැවතත් පෙන්නුම් කර ඇත. IMF  සම්බන්ධ ගෝලීය අත්දැකීම ලොව පුරා, මූල්‍ය අර්බුද සමඟ පොරබදමින් සිටින රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමකින් තොරව යථා තත්ත්වයට පත්වීම අභියෝගයක් වී ඇත. නිදසුනක් වශයෙන්, ග්‍රීසිය, ආර්ජන්ටිනාව සහ පකිස්තානය ඔවුන්ගේ ආර්ථිකය කඩාවැටීමේ අද්දරට ළඟා වූ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීමට සිදුවී ඇත. මෙම ජාතීන්ට බොහෝ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ කප්පාදු පියවර, මූල්‍ය ඒකාග්‍රතාව ඇති කිරීම සහ ව්‍යුහාත්මක ගැලපීම් ඇතුළු දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට සිදු විය. මෙම රටවල අත්දැකීමෙන් පෙන්නුම් කරන්නේ, ජාතියක් දැඩි මූල්‍ය අර්බුදයකට ඇද වැටුණු පසු, තම ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ආයෝජක විශ්වාසය නැවත ඇති කිරීමට නම්, ජාත්‍යන්තර

අනුර කුමාරගේ සුරංගනා කතා පොතේ නැති දේ

Image
  මේ කතන්දර පොතේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන එකේ කිසිම වරදක් නැහැ. මේ වගේ කතා තමයි ඉතිහාසය පුරාම මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ විදියට එක එක පක්ෂ විසින් එක එක පාටවලින් නිකුත් කරල තියෙන්නෙ. මේ වැඩි හරියක් ඒ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් කොපි පේස්ට් කරලා මොඩිෆයි කරපුවා. පහුගිය මැතිවරණවලදි ප්‍රතිපත්ති ප්‍රකාශ කියවලා නැති අබ්බ ගොබ්බයන්ට නම් මේවා මාරයි කියල හිතෙයි. මේ ප්‍රතිපත්ති දීර්ඝකාලීනව ක්‍රියාත්මක කළොත් ඇත්තෙන්ම රට පොහොසත් රටක් වේවි. හැබැයි ඉතින් අවුරුදු විස්සක්වත් මෙහෙම අල්ලගෙන ඉන්න වේවි. අපට නම් ප්‍රශ්නයක් නැහැ. අපි උදව් කරන්නම්. ඔය දැන් උන්ටත් දීලා බලනවා කියන ජනතාව නම් මර්දනය කරන්න වෙයි. මේ සුරංගනා කතා පොතේ පරිකල්පනය කරන උතුරුකුරු දිවයින නිර්මාණය කරන්නට තියෙන්නෙ එකම බාධාවයි. එනම්, අත දිගෑරලා වියදම් කරන්නට සල්ලි මවන සුරංගනාවක් නැති එක විතරයි. ආදායම් බදුත්, වැට් බදුත් අඩු කරනවායි කියනවා. ඒ කියන්නෙ රාජ්‍ය ආදායම අඩු වෙනවා. රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා 35,000ක් දෙනවාය කියලත් ඔය කියන්නෙ. පඩිත් වැඩි කරලා තමන්ගෙ වෘත්තීය සමිතිවල ඉල්ලීම් ටිකත් ලබාදෙන නිසා රාජ්‍ය වියදම් තවත් වැඩි වේ