සයිටම් විරෝධීන්ට සුබපැතුම්! එහෙත් නිහඬ බහුතරය වෙනුවෙන් අපි හෙටත්



සයිටම් හෙවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට (පමණක්) එරෙහිව පැවති විරෝධය ජයගෙන ඇති බව එය මෙහෙයවූ අය මහ හඬින් කෑගසා කියති.

අපි ඔවුන්ට සුබ පතමු. මේ රටේ බහුතර විශාල පිරිසක් තම අධ්‍යාපන නිදහස වෙනුවෙන් අරගල නො කර සාමකාමීව නිහඬව සිටියදී සයිටම් විරෝධීන් ඔවුන්ගේ සටන පාවිච්චි කළ හ. ජනතාවගෙන් ප්‍ර‍තික්ෂේප වෙද්දී මාරාන්තික උපවාස තර්ජන ආදිය කරමින් සමාජය බිය වද්දමින් හෝ තම අරමුණ දිනා ගන්නට ඔවුන් සමත් වී ඇති බව පෙනේ.

එහෙත්, අපට නම් අප සිටි ස්ථාවරන් කිසිවක් වෙනස් කර ගන්නට අවශ්‍යතාවක් නැත. නැවත නැවත ඔප්පු වෙමින් තිබෙන්නේ අප ඉදිරිපත් කළ කරුණු ම ය.

ලංකාවේ රාජ්‍ය බලය හිමි මධ්‍යම පන්තිය සිය පන්ති උවමනාවන් වෙනුවෙන් අවසානයේදී පන්තියේ වඩාත් ආත්මාර්ථකාමී කොටස් සමග සම්මුතිගත වෙයි.

අධ්‍යාපනය වෙළඳපොළකරණය කරනවාට විරුද්ධව කරන බව කියනමුත්, මෙම ව්‍යාපාරය අවසානයේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මට්ටමෙන් ඔබ්බට නො යන්නට බොහෝ ඉඩ තිබේ. (උදාහරණයක් ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය කුමාර් ගුනරත්නම් නිදහස් වූ පසු අවසන් විය.)

මෙම සටනට සම්බන්ධ වූ ජවිපෙ පෞද්ගලික අංශයට හා ව්‍යවසායකයන්ට එරෙහි පක්ෂයක් ලෙස සලකුණු වන අතර, එමගින් ඔවුන් සිය නාගරික ඡන්ද පදනම අහිිමි කර ගන්නට ඉඩ තිබේ. ව්‍යවසායකයන්ට, පෞද්ගලික අංශයට එරෙහිව යන පක්ෂයකට ලංකාවේ දේශපාලන බලය ගැන සිතන්නට බැරි ය. 2020 සිහිනය තව බොහෝ පසුපසට යනු ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ පුවත්පත්වල පළ කර තිබූ දැන්වීමකට අනුව සෑම ලාංකික දරුවකු ම උපදින්නේ රු. ලක්ෂ පහක ණය බරක් දරාගෙන ය. රජයේ ණය බර 2016 වසරේ මුළු වාර්ෂික ආදායම මෙන් පස්ගුණයකි. ලබන අවුරුද්දේ රජයේ වාර්ෂික ආදායමෙන් 78%ක් වැය කරන්නට සිදු වන්නේ ණය ආපසු ගෙවීමට ය.

එහෙම රජයකට සියල්ල නිකම් දෙන සුරංගනාවකගේ භූමිකාව රඟපාන්නට බැරි ය. නිකං දෙන එක තව පුළුල් කරන්නට නම් තව තව බදු බර වැඩි කළ යුතු ය.

රජය තව තවත් පුළුල් වන තරමට අඩුවෙන් වැඩ කර සාපේක්ෂව වැඩියෙන් මහජන මුදලින් වැටුප්, වරප්‍ර‍සාද ආදිය ලබා ගන්නා දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු මධ්‍යම පන්තිය ද විශාල වනු ඇත. එසේම, ඔවුන් දේශපාලනිකව ද බලවත් වන නිසා රාජ්‍ය ප්‍ර‍තිපත්ති සම්පාදනය වනු ඇත්තේ ඔවුන්ට වාසිදායක ලෙස ය. මූලිකව ම මෙම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කරන්නට බැරි ය. මන්ද, එහි හිමිකාර පන්තියට එසේ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. ඔවුන්ට අවශ්‍ය වරප්‍ර‍සාද පමණි.

මේ පංතියේ බර කර ගසාගෙන යන්නට සිදු වන්නේ මේ රටේ ඵලදායී වැඩ කරන ජනතාවට ය. මේ රජයෙන් අවම සේවාවක් ලැබෙන්නේ ද මෙම ඵලදායී වැඩ කරන ජනතාවට ය. එය කෙසේ වන්නේදැයි මම සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

ඔවුන්ට ආදි ශිෂ්‍ය සංගම් පසුපස යන්නට, හොර ලේඛන හදා ගන්නට, උපදින්නටත් පෙර සිට දරුවන් පාසල් දමා ගැනීම ගැන සැලසුම් කරන්නට බැරි ය. ඒ ඔවුන් වැඩ කරන නිසා ය. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට පළමු ශ්‍රේණියෙන් ම හොඳම රජයේ පාසල් ටික අහිමි වේ. එතනින් එහාට රජයේ අධ්‍යාපනය හරහා ඉදිරියට යන්නට හැකි වන්නේ අසාමාන්‍ය දක්ෂයන්ට පමණි. ඔවුන් අසීරුවෙන් අත් කර ගන්නා පෞද්ගලික අධ්‍යාපනයට ද නිසි පිළිගැනීමක් ඇති කර ගැනීම ද මෙම වාමාංශික වැඩසටහන නිසා නැති වේ.

හොඳම පාසල් ළඟ ඉඩම් අයිති ධනවත් කොටස් ඉතා පහසුවෙන් එම පාසල්වලට ඇතුළත් කරති. මෙම අවස්ථාව දිළිඳු සමාජ කණ්ඩායම්වලට අවම ය.

අවාසනාව මේ නිහඬ බහුතරයට වීදි බැස උද්ඝෝෂණය කරන්නට ද වේලාවක් නැති වීමයි. හේතුව ඔවුන්ට වැඩ කරන්නට සිදු වී තිබීමයි. ඔවුන්ට දේශපාලනය කරන්නට ද වෙලාවක් නැත. ඔවුන්ට වැඩ කරන්නට තිබේ. ඡන්දය දෙනකොට ද ඔවුන්ට හිතන්නට වෙලාවක් නැත. ඒ නිසා මධ්‍යම පන්තික පක්ෂවල මධ්‍යම පන්තික වැඩසටහන්වලට ම බලය ද දෙති.

ලංකාවේ දේශපාලන ගැටලුව මෙයයි. මේ රටේ කම්කරුවන්ට මෙන් ම ව්‍යවසායකයන්ට ද හඬක් නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. haven't you read this

    https://sudukukula.blogspot.com/2017/11/blog-post.html

    ReplyDelete
  2. පැරා,

    මමනම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට කිසිම අකමැත්තක් නෑ, හැබැයි සයිටම් කියන්නේ පට්න්ගැනීමේ සිටම කරලා තියන්නේ වංචාවක්.


    // මූලිකව ම මෙම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කරන්නට බැරි ය. මන්ද, එහි හිමිකාර පන්තියට එසේ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. ඔවුන්ට අවශ්‍ය වරප්‍ර‍සාද පමණි. //

    ඇයි පැරා මෙහෙම කින්නේ ? සිංගප්පුරුවේ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව කොහොමද වැඩිකරලා තියෙන්නේ ?

    බොහෝදෙනා සිතනවා වෛද්‍යවරු වැඩි නම් රටේ මිනිසුන් ගේ සෞඛ්යය හොදවෙනවා කියල නමුත් ඔබ ඇමරිකාව බලන්න විශාල වියදමක් කලත් ප්‍රයෝජන නැත්තේ ඇයි https://articles.mercola.com/sites/articles/archive/2014/03/15/bad-american-health-care-system.aspx

    මෙන්න බලන්න http://www.huffingtonpost.co.uk/dr-raj-persaud/when-doctors-go-on-strike_b_1513689.html
    දොස්තරවරු උද්ගෝෂණ කරන විට රෝගීන් මියයාම අඩු වෙයි, මෙන්න ලෝකය පිළිගත් තොරතුරු.

    ReplyDelete
    Replies
    1. ලාංකීය සිතුවිලි,
      ඔබ You Tube වලින් ඔබ්බට පැමිණීම සතුටකි. නමුත් ඔබ යා යුතු දුර බොහෝය. Joseph Mercola ගෙන් ඉගෙන ගැනීමට පෙර ඔහු කවුදැයි සොයා බලන්න.
      Dr. Joseph Mercola Ordered to Stop Illegal Claims!

      Delete
    2. ලාංකික,

      'මමනම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට කිසිම අකමැත්තක් නෑ, හැබැයි සයිටම් කියන්නේ පට්න්ගැනීමේ සිටම කරලා තියන්නේ වංචාවක්.' - මේ කතාව නං හරියටම හරි නමුත්;

      'සිංගප්පුරුවේ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව කොහොමද වැඩිකරලා තියෙන්නේ ?'
      පිළිතුරෙන් කොටසක් පැරාගේ චෙදයේම තිබෙනවා. කුමක්ද ? "මන්ද, එහි හිමිකාර පන්තියට එසේ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැත." ලෙසට.
      අනෙක ඔය රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කරගෙන සිටින්නේ ලෝකයේ ඉතාමත්ම සුළු රටවල් සංක්‍යාවක් පමණයි. ඔවුන් එම රටවල නීති රීති දැඩි ලෙස අනුගමනය කරනවා. වැඩි දෙයක් ඕනේ නැහැ, ඔබ සිංගප්පුරුවේදී කහ ඉරක් නොමැති තැනකදී පාර මාරුවෙන්න බලන්න. හෝකර් ජොයින්ට් එකකින් කාලා බඩේ අමාරුවක් හැදිලා කොම්ප්ලේන්කරන්න බලන්න. කඩේ හාදයට දඩ විතරක් නොවේ නැවත ජීවිතේටම කඩ කිරිල්ලට ලයිසන් දෙන්නේ නැහැ. බොහොමයක් අනිත් රටවල ඕක ඔය ආකාරයට සිද්ද වෙන්නේ නැහැ.
      මෙතැනදී සිංගප්පුරුව outlier කෙනෙක් පමණයි.

      ඇමරිකාව කොපමණ විශාල වියදමක් කලත් සෞඛ්ය සේවා ලබාගැනීමට නම් ජනතාව ඉතා විශාල මුදලක් ගෙවිය යුතුයි. ලංකාවේ සහ ඇමරිකාවේ සෞඛ්ය සේවයේ ක්‍රමය සම්පුර්නයෙනම එකිනෙකට ප්‍රතිවිරුද්ධයි.

      'දොස්තරවරු උද්ගෝෂණ කරන විට රෝගීන් මියයාම අඩු වෙයි'
      මේක හරියට අපි ලංකාවට තිරිඟු/ තිරිඟු පිටි ගෙන්වීම නතර කලොත් පාන් කෑම අඩුවෙයි වගේ කිසිම පදනමක් නැති කතාවක් නේ.
      දොස්තරලා ඉට්ටයික් කලාම කොහොමද ශල්‍ය කර්ම කරන්නේ ! පොඩ්ඩක් නිවී හැනහිල්ලේ ඔය කින්ක් එක කියවල බලන්නනකෝ. එතකොට ටිකක් තේරෙයි මගේ හිතේ.

      Delete
    3. Lankika ඇමරිකාවේ වෛද්‍ය සේවයේ ප්‍රයෝජනයක් නෑ කියන එක අමු මෝඩ කතාවක්...මම වසර ගනනක් ඇමරිකාවේ ජීවත්වෙන කෙනෙක්.. ලෝකයේ නවීනතම ප්‍රතිකාර ක්‍රම සොයාගන්නේ ඇමරිකාවේ... කැනඩවට සහ යුරෝපයට වැඩිය ඇමරිකාවේ පිලිකා ආදී රෝගීන්ගේ survival rate එක වැඩියි... ඇමරිකාවේ සෞක්‍ය සේවය නිකන් දෙන්නෙ අඩුවෙන් (charity hospitals තියෙනව ) නමුත් ඇමරිකාවේ 80% වඩා රක්ශන ආවරන තියෙනවා... ඔනෑම සමාගමක පූර්න කාලීන සේවකයින්ට සමාගෙමෙන් රක්ෂන දෙන්න ඔනෙ.... තමන් මහදැනමුත්තා කියල කවුරුහරි කෙනෙක් කොහේ හරි කියපු එකක් මෙතන කියවන්න ඇවිත් නොදන්නාකම පෙන්නන්න එපා

      Delete
    4. AnonymousNovember 9, 2017 at 7:57 PM,

      හිහ් හි,

      අන්තර්ජාලයේ කිසිම පිලිගතහැකි වෙබ් අඩවියක් පෙන්වන්නේ නැතුව කොහෙවත් තියන ඕපාදුප බලන්න ඉස්සල්ල කරුණාකර ටිකක් වගකීමෙන් හොයාල බලන්න මෙන්න ඔය පුවතේ මුල https://www.fda.gov/MedicalDevices/Safety/AlertsandNotices/ucm257259.htm

      කරුණාකරලා Warning Letter to Dr. Joseph Mercola, Dr. Mercola’s Natural Health Center (March 22, 2011) කියන ලින්ක් එකට ගිහිල්ල බලන්න ඔබට පෙනෙයි Page Not Found කියල.

      මේවා තමයි විහාල ආයතන වල කරන අතිවිශාල වංචා මේ පිළිබද ඇමරිකානු අධිකරණයේ නඩුවක් පැවරුන බව දන්නවද ? මෙය සිදුවුනේ 2011 දී බවවත් දන්නවද? මෙහිදී FDA ආයතනයට මේ කරුණ ඔප්පු කරන්න බැරිවුණ බවවත් දන්නවද ?

      Delete
    5. AnonymousNovember 10, 2017 at 6:29 AM

      https://www.youtube.com/watch?v=qxr-cv-JuI8&t=54s

      ඔබ මේක දන්නේ නැද්ද දන්නේ නෑ මෙතමයි ඇමරිකාව දැනට වසර 3ට පෙර CDC ආයතනය කල විශාල වංචාව පිළිබද විමර්ශනය කරන ලෙස කොන්ග්‍රස් සභික Posey විසින් කරන ඉල්ලීම.

      කෙටියෙන් කතාව මෙහෙමයි 1998 දී Andrew wakefield ඔටිසම් රෝගයට වැක්සින් සම්බන්දයක් ඇතිබව කිව්වා මෙනිසා ඔහුට විරුද්දව විශාල පරීක්ෂණයක් සිදුකර ඔහු වංචා කරුවකු බව කියමින් ඔහුගේ වෛද්‍ය වුර්තිය තහනම් කරනවා මෙය සිදුවන්නේ මහා බ්‍රිතානයේ නමුත් මිට බ British medical council පාවිච්චි කරන්නේ ඇමරිකාවේ CDC ආයතනය කල පරීක්ෂණයක්, මෙම පරීක්ෂණයෙන් ඔටිසම් සහ වැක්සින් අතර සම්බන්දයක් නැතිබව කියනවා,
      2004 තමයි මෙය සිදුවන්නේ නමුත් 2014 දී වසර 10ට පසු මෙයට මුලිකවූ වෛද්‍ය වරුන් 3 දෙනාගෙන් එක්කෙනෙක් Dr William Thompson කියනවා තමා විසින් ඔටිසම් සහ වැක්සින් අතර සම්බන්දයක් පරීක්ෂණ වලින් ඔප්පු උනත් ඉතිරි වෛද්‍යවරු තුන්දෙනා සමග එකතු වී අසත්‍ය වාර්තාවක් ලබාදුන් බව කිව්වා විතරක් නෙමෙයි සාක්ෂි පවා කොන්ග්‍රස් සභික Bill Posey ට ලබාදෙනවා.

      දැන් මෙය ලබාදීලා වසර 3ක් ගතවෙලත් කිසිම පරීක්ෂණයක් වෙන්නේ නෑ. ඊට හේතුව සරලයි මෙයින් වූ හානියට වන්දි ගෙව්වොත් ඇමරිකාව බංකොලොත් වෙයි.

      ඔබේ දැනගැනීම සදහා මිට පෙර විශාල ඔවුෂද සමාගම් වංචා වලට වන්දි ගෙව්වේ මෙහෙමයි https://www.justice.gov/opa/pr/glaxosmithkline-plead-guilty-and-pay-3-billion-resolve-fraud-allegations-and-failure-report

      මේ සේ වරද පිළිගන්න ඔවුන්ට කොපමණ කලක් ගියාද කියල බලන්න

      Delete
  3. /අවාසනාව මේ නිහඬ බහුතරයට වීදි බැස උද්ඝෝෂණය කරන්නට ද වේලාවක් නැති වීමයි. හේතුව ඔවුන්ට වැඩ කරන්නට සිදු වී තිබීමයි. ඔවුන්ට දේශපාලනය කරන්නට ද වෙලාවක් නැත. ඔවුන්ට වැඩ කරන්නට තිබේ. ඡන්දය දෙනකොට ද ඔවුන්ට හිතන්නට වෙලාවක් නැත. ඒ නිසා මධ්‍යම පන්තික පක්ෂවල මධ්‍යම පන්තික වැඩසටහන්වලට ම බලය ද දෙති. /
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. ෂික් විතරක් මුං මෙච්චර දඟලලත් එකෙක් වත් මලේ නැහැනෙ. එකෙක් හරි මලානම් තමයි සයිටම් ජයග්‍රහනය උත්කෘෂ්ඨ වෙන්නෙ.

    ReplyDelete
  5. Lankika oba saitm patangenme sita wanchawak kiyanna kalin e gena study karanna. Assume tharamin saitm student day appeal court Naduwe theenduwa wath kiyanna.

    ReplyDelete
  6. I wrote this in FB. I think some other wheeller dealing went on.
    අපේ පෙසපේ හා අන්තරේ යාළුවන්ගේ ආතල් කඩනවට සමාවෙන්න. රනිල් අකිල එක්ක එකතු වෙලා මෛත්‍රී/මහින්ද ව්‍යාපෘතියට කනේ පාරක් ගැහුවා කියල හිතෙන්නේ මට විතරද ? ඒ එක්කම රාජිතගේ අගමැති හීනෙටත්. කවුරුත් මැරෙන්නේ නැතිව හොඳින් ඉවර වුන එකට නම් මනාපයි.

    ReplyDelete
  7. ස්පොටොන් පැරා! මෙච්චර සරලව තේරුම් යන ආකාරයට මේ වගේ ලියන්න පුලුවන් ඔබට විතරයි.

    //හොඳම පාසල් ළඟ ඉඩම් අයිති ධනවත් කොටස් ඉතා පහසුවෙන් එම පාසල්වලට ඇතුළත් කරති. // විතරක් නොවෙයි, ලඟ ඉඩම් නැති අය වුනත් බලන්න... සල්ලිකාරයො හැමෝගෙම ලමයි ඔක්කොම යන්නේ හොඳම ඉස්කෝලවලට.

    - Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා