රනිල් ඉල්ලා අස් විය යුතු ද?

රනිල් ඉවත් කරන්නට මහා ව්‍යාපෘතියක් මහරාජාගේ මාධ්‍ය ව්‍යාපාරය විසින් දැන් වසර ගණනාවක සිට කරගෙන යනු ලැබේ. ඇත්තෙන් ම එයින් සිදු වුණේ රනිල්ට ඉන්නට අමතර හයියක් ලැබීම ය. දැනුත් එය එසේ ම ය. 

මහරාජා රූපවාහිනී චැනල විසින් පාළු ගෙයක මයික් ටිකක් ඉදිරියෙන් තබා පවත්වන සෙනග නැති මාධ්‍ය සංදර්ශන ඔස්සේ පුම්බනු ලබන පෞරුෂයන්ගේ හිස්කම එසේ වීමට ප්‍රධාන හේතුවයි. සිරසට අහු වී තිබෙන කට්ටිය ඔක්කොම එක ම ජාතියේ අදක්ෂයන් පිරිසකි. සිරසට දක්ෂයන් අවශ්‍ය නැති බව එයින් පෙනේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරික හා බල උවමනාවන් වෙනුවෙන් නැටවෙන ඉත්තන් පිරිසක් පමණක් විය හැකි ය. ඔවුන් හමුවේ රනිල්ට ගේමක් තිබුණේ නැත. සිරස ඇත්තෙන් ම කිව්වොත් නන්නත්තාර ය. ඔච්චර නටලාත් සිරසට රනිල් පන්නන්නට බැරි විය. 

රනිල්ට බැඳුම්කර කොමිසම ඉදිරියේ පෙනී සිටින්නට සිදු වීම නිසා දැන් මේ ඉල්ලා අස් වෙන්නට බල කිරීම තීව්‍ර කර තිබේ. රනිල් ඉල්ලා අස් විය යුතු ද?

පිළිතුර නැත යන්නයි. 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් ඡන්දය දුන් 62 ලක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිවරයාටත්, වික්‍රමසිංහ අගමැතිවරයාටත් පවරන ලද වගකීම් සම්භාරයක් තිබේ. ඔවුන් එ්වා ඉටු කළ යුතු ය. ඒ වෙනුවෙන් 2020 වන තෙක් වැඩ කළ යුතු ය. එය ඔවුන්ගේ වැඩකට වඩා අපේ වැඩකි. කුමන අඩුපාඩු මධ්‍යයේ හෝ රටේ 2015 සිට සිදු වන ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාව සහ විශේෂයෙන් ම ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට යා යුතු ය. රජයේ 2025 ආර්ථික දැක්ම 2020 දක්වා හෝ ඉදිරියට ගෙන යාමේ වගකීමක් මෛත්‍රීටත්, රනිල්ටත් තිබේ. ඔවුන් එය කළ යුතු ය. අප ඔවුන්ගෙන් එය ඉටු කරවා ගත යුතු ය.

බැඳුම්කර සිද්ධිය වංචාවක් නම්, කොමිෂමෙන් පසු වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නො බලා අධිකරණයේ නඩු පැවරිය යුතු ය. රනිල් වැරදි නම් රනිල්ට ද නඩු පැවරිය යුතු ය. මේ නඩු විභාග ද දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ සෙසු වංචා සහ දූෂණ සම්බන්ධ නඩු අසන්නට පත් කරනු ලබන අධිකරණයේ ම ඇසිය හැකි ය. ඒවාට වඩා මේවා ඉක්මණ් කළ යුතු හෝ මන්දගාමී කළ යුතු හෝ නැත. අනු පිළිවෙලින් නඩු ඇසිය යුතු ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින රාජපක්ෂ පිල්ලිවලට අවශ්‍ය පරිදි නඩු ඇහෙන ක්‍රමය වහා වෙනස් කළ යුතු ය.

බැඳුම්කර වංචාවෙන් රජයට පාඩු වූවා නම් ඒ මුදල් ආපසු අය කර ගත යුතු ය. ඒ සමගම, රාජපක්ෂලාගේ සල්ලිවලින් බිස්නස් කරන බව කියන ලොකුවිතාන වැනි අය විනාශ නො කළ පරිද්දෙන් ම බැඳුම්කර සල්ලිවලින් බිස්නස් කරන ඇලෝසියස් ද විනාශ නො කළ යුතු ය. මතක තබා ගත යුතු කාරණය වන්නේ ලාභ ලැබීම ව්‍යාපාරිකයන්ගේ වගකීමක් මිස වරදක් නො වන බව ය. 

ජනාධිපති කොමිසමේ වැඩිපුර ම තිබෙන්නේ මාධ්‍ය සංදර්ශන ය. දේශපාලකයන්ගේ රෙදි ගැලවීමෙන් චූන් වන්නට පුළුවන් බව ඇත්ත ය. එහෙත්, දේශපාලකයන් හොරුන් බව සහ මෙවැනි ජාවාරම්කරුවන් සමග අත යට ගනුදෙනු කරන බව අලුත් සොයා ගැනීමක් නො වේ. මෙතන සිදු වුණේ ඒ රහස් නාට්‍යමය ස්වරූපයෙන් දිගහැරීම පමණි.

රාජපක්ෂලා ගැන මෙවැනි කොමිෂමක් පත් කර ඔය ටික කරන්නට හෝ මේ ආණ්ඩු පාණ්ඩුව සමත් වූයේ නැත. මුන් ආණ්ඩු කරද්දීත් රාපක්ෂලාගේ සියඹලාණ්ඩුව රජය පාලනය කරයි.

එහෙත්, මේ මාධ්‍ය සංදර්ශන ගැනත් කියන්නට තිබෙන්නේ කෝප් කමිටු වාර්තාව ගැන අප කී දේ ම ය. අභ්‍යන්තර රහස් පිටවීමක් සිදු වූ බවට පැහැදිලි සංයුක්ත සාක්ෂියක් සොයා ගන්නට බැරි වෙන්නේ නම් ඔය විමර්ශනයෙන් ද කිසිදු පලක් නැත. අවසානයේ එය රටට විනෝදය සැපයූ කොමඩියක් පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ඔය දැන් හෙළිදරව් වන ඒවා වනාහි සියලු දේශපාලකයන් සම්බන්ධයෙන් සාමාන්‍ය තොරතුරුවලට වැඩි දෙයක් නො වේ.

රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මස් රාත්තල ඉල්ලන අයට අප කියන්නේ මෙයයි. රනිල් හිරේ නොව එල්ලුම් ගස් ඇර ගත්තත් අපට නම් කමක් නැත. හැබැයි, ඕනෑවට වඩා හදිසියක් අවශ්‍ය නැත. රනිල් වෙනුවෙන් විකල්පයක් ගොඩනගා ගන්නට අපට කාලය අවශ්‍ය ය. අනෙක් පැත්තෙන් අප ඔහුට පැවරූ වගකීම තවම අවසන් නැත. 

එසේම, හැට දෙලක්ෂයේ අපි අපේ වැඩේ කර ගන්නට අපට අවශ්‍ය නම් රනිල්ව ම නැවත පාවිච්චි කරන්නටත් පසුබට නො වන බව ද මතක් කළ යුතු ය. ඒකට අවශ්‍ය නම් රනිල්ට සමාව දෙන්නට වුව ද අපට ගැටලුවක් නැත.

එහෙම කොහොමදැයි අහන පොදු ජන පෙරමුණේ අය ගිහින් හෙල්පිං හම්බන්තොට කේස් එකෙන් මහින්ද බේරුණේ කොහොමදැයි බලා ගන්න. (ඒකෙන් මේක තේරෙන්නේ නැතිනම් කියන්න. තව ඕනෑ තරම් උදාහරණ දිය හැකි ය.)

එහෙම කොහොමදැයි අහන ජනතා විමුක්ති පෙරමුණ 1989 කැරැල්ල සම්බන්ධයෙන් සෝමවංශ අමරසිංහට නඩු පැවරුණේ නැත්තේ මන්දැයි මතක් කර ගන්න.

එහෙම කොහොමදැයි අහන පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුමාර් ගුනරත්නම් නොයෙල් මුදලිගේ වූ ආකාරය හා යළි කුමාර් ගුනරත්නම් වූ ආකාරය ගැන තිබෙන නඩු නො පැවරුණු ජාත්‍යන්තර නීතිමය ගැටලු ටික ඔහුගෙන් ම අසා ගන්න.

එහෙම කොහොමදැයි අහන ඊනියා සිවිල් සමාජය ශිරානි බණ්ඩාරනායකගේ අයින් කර ගත් මුල්‍ය වංචා කේස් ටික නැවත අධ්‍යයනය කර බලන්න.

එහෙම කොහොමදැයි අහන අති වාමාංශිකයන් ඔවුන්ගේ කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකයා වූ කේපී ගැන සිහිපත් කර ගන්න.

ලොක්කන්ට එහෙම වුණාට පොඩ්ඩන්ට මෙහෙමයි කියන ඊනියා සුචරිතවාදීන් ගමේ අපරාධකරුවන් කීදෙනෙකු හිරේ ඉන්නවාදැයි බලන්න.

නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වුණාට ඇතැමුන් වැඩිපුර සමාන බව තේරුම් ගන්නට ඉහත උදාහරණ ටික ප්‍රමාණවත් ය.

රනිල් ද එවැනි වැඩිපුර සමාන වීමට සුදුස්සෙකි. යහපාලනය මේක ද අහන අයට කියන්නට තියෙන්නේ මෙච්චර ය. අප කරන්නේ යහපාලනය නො වේ. දේශපාලනය ය. යහපාලනය ඇති කළ හැක්කේ නිවැරදි දේශපාලනයෙන් පමණි. 

ආණ්ඩුවට අප කියන්නේ ඇඹරුණා ඇති ය. දැන්වත් වැඩ කළ යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා අන්තිමට ලගින්නේ රනිල්ගේ කුණුමුල්ලේ ඉදුල් ලොවන්න බව වමේ අපි කීවේ මීට දශකයකට පමන එපිටදීය

    ReplyDelete
    Replies
    1. හුටා! පැරාට ආයෙත් සොරි වෙයි වගේ. වමේ සෙට් එක ආයෙත් ගේමට බැහැලා වගේ. පැරා තමයි වමේ සෙට් එක අවුස්ස ගත්තේ ආයෙත්. මොකක් වුණත් බ්ලොග්වල ඩල් ගතිය යන්නත් එක්ක ආයේ උන් එන එක හොදයි.

      Delete
  2. සිරසේ Faraz Shouketaly (Front Line) ට නින්ද යන්නේ නැති හැඩයි රනිල්ට දඬුවම් කරනකම්. නන්දන ලොකුවිතාන ළඟ තියෙන්නේ රාජපක්ෂලගේ කළු සල්ලි නම් ඒවත් මහජන මුදල්. ඒ මුදල් ආණ්ඩුවට ලැබෙන්න ඕන. ඇමරිකාවේ Bernard Madhoff ඩොලර් බිලියන 60ක වත්කමක් තිබුන මිනිහෙක් එයාගේ Poncy Scheme එක අහුවෙනකොට. වයසත් 65ක් විතර ඇති. අවුරුදු 155කට හිරේට දැම්මා. Colombo Stock Exchange එක හරහා කෝටිපතියන් උන සමහරු කරපු ජාවාරම් නිසා සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් අමාරුවේ වැටෙන්න ඇත්ද? ඒවත් මහජන මුදල්.

    ReplyDelete
    Replies
    1. ටිකිරි මොලේ; ඔය මහජනයාගෙන් වංචා කරගත්තාය කියන මුදල් ආපසු අරන් ඒ මහජන අරමුදල් නැවත තර කරමු, එතකොට ඒ අරමුදල් අපහරණය කරන නිලධාරීන්ට නැවත වතාවක් කොමිස් මුදල් ලබාගත හැකියිනේ.

      Delete
  3. අනේ ප්ලීස් අයියෙ. රනිල්ට කහින එක නවත්තල හොඳ නායකයෙක් විදියට ඉස්සරහට එන එකෙක්ව හෝදන්න ගන්නවද? ප්ලීස්. රනිල් වගේ සටකපටි , මේ රටේ ජනතාවට කෙළවපු එවුන්⁣ට ආයෙ බලය ගන්න දෙන්නෙපා....ප්ලීස්..... වෙන මතයකට බලවේගයකට දොර අරින්න. ප්ලීස් පැරෝ.

    ReplyDelete
  4. හොදට වෙන්දේසි කරන්න පුලුවන් ලිපියක්. හොද ගානකට යයි. සමාජවාදී ජීවන විලාසිතාවෙන් පටන් (බොරුවට ) අරන් ඇලෝසියස්ල වෙනුවෙන් පෙනී සිටින පැරාගෙ ආර්ථිකය ශක්තිමත් වේවා.

    ReplyDelete
  5. This govt. should continue until 2020 , however,people will not tolerate these kind ( bond issue) of blunders any more. Even this bond issue diluted UNP's potential of winning the coming Local govt. election. If RW could not discipline his rogue ministers or would not take timely action to prevent other calamity like this, it is inevitable of collapsing this govt. before 2020. That's not our wish, however it is a possibility.

    ReplyDelete
  6. "ඇලෝසියස්ට කෝල් කලේ පොත ලියන්න කරුණු හොයාගන්න"
    -රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    තණකොළ නෑ ගහ මුදුනේ

    ReplyDelete
  7. ෂෝං පෝල් බෙල්මොන්ඩෝNovember 22, 2017 at 11:21 AM

    ඔබගේ මේ මතවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ සිටින සමයේ මෙසේ නොවූ‍යේ ඇයි? ඔහු පාලනය කළ වසර 10 තුළ රට පැහැදිලි ආර්ථික වර්ධනයක් ඇති කරගත්තා නොවේද?

    ReplyDelete
  8. mul kalaye samajawadeeyo mokada pasukaleka liberal wadeen wenne

    ReplyDelete
  9. පැරාගේ ප්‍ර්ශ්ණයට උත්තරය...

    අහවල්‍ රෙද්දකටද....?

    ReplyDelete
  10. පැරාගේ ප්‍ර්ශ්ණයට උත්තරය...

    අහවල්‍ රෙද්දකටද....?

    ReplyDelete
  11. පැරා පිලිප් හැමන්ඩ් බජට් එකේ artificial intelligence, maths, and computer science වලට සෑහෙන්න වෙන් කරලා. වැදගත් ම දෙයක් වෙන්නේ continued education ගැන උනන්දුව. ලංකාවේ වෘත්තිකයෝ නොකරන ම දෙයනෙ ඒක. කොහොම වුණත් කෝබින්ගේ දවල් හීන වලට වඩා මේ බජට් එක හොඳයි. Single-use plastic ගැන තීන්දුව නියමයි.

    උඹ දැන් පොර ටෝක් දුන්න නේද පහුගිය කාලේ Brexit එක ගැන? දැන් EU ගෑවෙන අන්තිම බජට් එක ගැනත් කතා කරපන්.

    ReplyDelete
  12. අවුරුදු තුනක් තටමල රනිල් කරපු රෙද්දක් තියෙනවද?
    පැරකුම් මේ කියන රනිල්ගෙ මහ ලොකු ආර්ථික දර්ශනේ මොකක්ද?
    අඩුම ගානෙ තනියම කතාවක්වත් කරගන්න බැරි මල අපතයෙක් මහින්ද වගෙම.
    ඡීවිතේට පත්තරේකට ලිපියක් ලියල නෑ. පොතක් පතක් ලියල නෑ.
    අපිට නම් බැළු බැළු අතේ පේන්නෙ මහ පො_ _ පාටක්මයි මුගෙ.

    චම්පික මංගල රාඡිත හොඳයි රනිල් කියන මල හෝන්තුවට වැඩිය.
    ඉතිරි අවුරැදූ දෙක මේ නින්දිත කාඞ හොරුන්ට කියල කරව ගන්නෙ කොහොමද මූ නේද
    ගූ-ගලයි ගූ-ජිතයි දා ගෙන රාජපක්ෂ හැත්ත මෙච්චර කල් බලා ගත්තෙ.

    අපිට නම් ඕකව උන්නත් එකයි නැතත් එකයි.

    ReplyDelete
    Replies
    1. තවමත් චම්පිකයි රාජිතයි හොඳයි කියල හිතන එවුන් ඉන්නව නේද? රනිල් කියන එකාට මොකක් නැතත් ප්‍රතිපත්තියක් තියෙනවා.අරුන් දෙන්නට නැත්තෙම ඒක.

      Delete

  13. දියවන්නාවේ නීති සම්පාදකයින් වීසින් රචිත අප කියවිය යුතු පොත්;
    "බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත" - නීතිඥ සුජීව සේනසිහ
    "වාමාංශික ව්‍යාපාරයේ අනාගතය" - නිතිඥ වාසුදේව නානායක්කාර
    "අධිවේගයෙන් දළදා වඳිමු"- නිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල
    "අපරාධ නීති සංග්‍රහයේ හය හතර"- නිතිඥ නාමල් රාජපක්ෂ
    "සියඹලා මල්ල"- නීතිඥ මහින්ද රාජපක්ෂ
    "කලවැද්දා"- කතෘ අක්ඤාතය
    "ගස් බැඳීම"- ආචාර්ය .........

    ReplyDelete
  14. පැරා, රනිල් ඉල්ලා අස්විය යුතුයි කියන එක සිරස /මහරාජාගේ ව්‍යාපෘතියක් විදියට ඌනනය කරනවාද? එහෙනම් රාජපක්ශ ඉවත් කරපු එක බටහිර / ඉන්දියානු ව්‍යාපෘතියක් ය කියන එකත් හරි වෙන්න ඕනෙ. ඒ පිටිපස්සෙ තිබුන උවමනාව අමතක කරනවාද?

    රනිල්ගේ කේස් එකත් ඒ වගේ. රනිල් එක්ක ඔබ කියන ඒවා කරන්න බැහැ කියලා එයා ඕනවටත් වඩා ඔප්පු කරල තියෙන්නේ. කියවන්න සරත් විජේසූරිය ගේ ලිපිය පහුගිය සතියෙ රාවයේ. මමත් '15 ජන 8 කාලේ මෙහෙම තත්වයක් හිතුවේ නැහැ. රනිල් පස්සේ තවත් යන එක තේරුමක් නැහැ දැන්. සාගල ඉවත් කරනු කියලා තමයි ඒක පටන් ගන්න ඕනේ. රනිල් වෙනුවට වෙන මෛත්‍රිපාල කෙනෙක් හොයාගන්න බැරි වෙයිද? මම නම් ධනාත්මකයි.

    හිතලා බලන්න.

    - Dimithri

    ReplyDelete
  15. Dimithriට එකඟයි. හැබැයි විකල්පයක් තවම හොයාගන්න නැහැ. එකෙකුවත් ඉස්සරහට එන්නෙ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ජේ ආර් ටත් වඩා ලිබරල්වාදියෙකුවූ රනිල්ට සිද්ධ වෙච්ච දේ!

      http://sinhala.lankanewsweb.net/featured/item/12031-2017-11-23-11-19-37

      - Dimithri

      Delete
    2. //හැබැයි විකල්පයක් තවම හොයාගන්න නැහැ. එකෙකුවත් ඉස්සරහට එන්නෙ නැහැ නේ.//

      mangala?

      - Dimithri

      Delete
    3. මංගල නායකත්වයට සුදුසුයි. මංගල ඉදිරියට ගත හැකි නම් එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කුලවාදය, ආගම්වාදය, ජාතිවාදය වැනි බොහෝ සාධකවලින් ජයග්‍රහණයක්.

      Delete
    4. අපි ඉන්නෙ මාදුලුවාවෙ සෝභිත හිමි නැති රටක..

      මම නම් හිතන්නෙ දැනට ලඟම තියෙන හොඳම ඔප්ශන් එක ...
      මංගල සමරවීර

      දේශපාලනයෙන් එලියෙ ඉන්න අයගෙන් ...
      මහින්ද දේශප්‍රිය

      ගෲම් කරන්න පුලුවන්නම් හොඳම සුදුස්සෙක් තමයි ...
      රන්ජන් රාමනායක

      - Dimithri

      Delete
  16. පැරා හිතන් ඉන්නෙ රනිල් දවස් 1827කින් කරන්න කියලා දීපු වැඩ ටික ඔක්කොම 1826වෙනි දවසෙ කරනවා කියලා අපිව අන්දන්නද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා