බජට්ටෙක
බජට්ටෙක කියන්නෙ එච්චර ලොකුවට ගන්න ඕනැ සීන්කෝන් එකක් නෙමෙයි. මොකද, ඕක මේ රටේ බජට්ටෙක නෙමෙයි. ඕක රජයෙ බජට්ටෙක.
රජයෙ බජට්ටෙක වැඩියෙන් ම වැදගත් රජයේ සේවකයන්ට, නිලධාරීන්ට, දේශපාලකයන්ට සහ රජය සමග කොන්ත්‍රාත් කරන අයට. අපි ඉතින් දෛනික කුලී කුරක්කමක් කරලා එදා වේල හොයා ගන්න වැඩ කරන ජනතාව නේ. අපට ඔය රජය ගොඩක් අදාළ නැහැ. ටිකක් අදාළයි.
එක පැත්තකින් රජය අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය වෙන කාගෙන්වත් ගන්න එපා, අපෙන් විතරක් ගනිල්ලා, අප කැමති විදියට විතරක් ගනිල්ලා ය කියලා අපට ඒ දේවල් සාධාරණ මිළකට මිළ දී ගන්නට අවස්ථාව අහුරලා තිබෙනවා. අනෙක් පැත්තෙන්, මේ දේවල් අපට නොමිළේ දෙනවා ය කියලා රජය ඒ වෙනුවෙන් අපෙන් අම්බානක් හූරා කනවා.
ලංකාවෙ තියෙන ලොකු ම සූරාකෑම් කරන්නෙ ඔය ධනපති සමාගම් නෙමෙයි. රජය තමයි ලොකුම සූරා කන්නා. සූරාකෑමට වාමාංශික ශබ්දකෝෂයේ නිශ්චිත අර්ථයක් තිබෙන එක මෙතනට අදාළ නැහැ. අප ඒ නිශ්චිත අර්ථ ගණන් ගන්නෙ නැහැ.
මොන රෙද්ද වුණත් කමක් නැහැ. අරක්කු බෝතලයක් ගන්නකොට රුපියල් දාහකට වඩා ගානක් පැත්තක ඉඳන් අපෙන් අරන් සාක්කුවෙ දාගන්න එකා, පෙට්‍රල් ලීටරයක් ගහනකොට විතරක් නෙමෙයි එස්එම්එස් එකක් ගහනකොටත් ඒකෙන් හෙණ ගානක් සාක්කුවට දාගන්න එකා, කාරෙකක් ගන්නකොට කාරෙකේ වටිනාකම වගේ තව ගුණයකට වඩා අපෙන් ඩැහැ ගන්න එකා, තව එක එක විදියට එක එක බදු පනවමින් අපේ සාක්කුවේ පතුල අතගාන එකා කරන ඒ අසමජ්ජාති, දහදුරා, බලු වැඩේ සූරාකෑම නෙමෙයි නම් ඉතින් බලෙන් ගුදේ ඇරීම වගේ දෙයක් වෙන්න ඕනැ. කොහොම වුණත් මාක්ස්වාදීන් කැමති නැහැ රජය අපව සූරා කනවා ය කියනවාට. මොකද උන්ගෙ දේශපාලනය වන්නෙ ක්‍රි.ව. 2500දි හරි මේ රජය පාලනය කරන ආණ්ඩුව වෙන්නනේ.
නිශ්චිත අර්ථෙ මොක වුණත්, මේ විදියට අපෙන් හූරා ගන්නා බදුවලින් අපට සාධාරණ සේවාවක් ලැබෙනවා ද? බදු ගෙවන අපේ දරුවන්ට අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන, යටිතල පහසුකම් වැනි සේවාවන් හරියට ලැබෙනවා ද? මං සරලව ම මේක පැහැදිලි කරන්නම්. රජය ඇත්තට ම කරන්නෙ අපෙන් ඩැහැ ගන්නා බදු මුදල් දේශපාලකයන්, නිලධාරීන් හා රජයේ සේවකයන් අතර ලාභ ලෙස බෙදා ගන්නා එක. මේක කරන්නෙ වැටුප්, වාහන, විදේශ චාරිකා, උත්සව, බදු සහන ආදිය හරහායි. ඒක සාධාරණීකරණය කරන්නට යන්තමින් සෑහෙන්නට මහජන සේවාවල් සපයනවා. මේක ඕනැම රජයේ ආයතනයකට ගියාම විනාඩි පහෙන් තේරුම් ගන්නට පුළුවන් උවමනාවක් තියෙනවා නම්. එහිදී වැදගත් වෙන්නෙ ඒවායේ රැකියා කරන අය මිසක්, ඒවායින් සපයන සේවාව නෙමෙයි. බොහෝ රජයේ සේවකයන්ට මහජනතාවට සේවා සැපයීම තරම් එපා කරපු වෙන දෙයක් නැහැ. ඒකනෙ මූණෙ ලේ කළඳක් නැති, කවදාවත් සේවාලාභියෙකු එක්ක හිනා නො වෙන රජයේ සේවක හැතිකරයක් අපට දිනපතා හමු වන්නෙ.
මට නම් බජට්ටෙක වැදගත් මෙන්න මේ තත්වයන් වෙනස් කරන්නට එය කොයි තරම් ඉවහල් වෙනවා ද කියන කාරණය මත විතරයි.
2018 වසරේ ඇස්තමේන්තු කරන ලද රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වසරේ සම්පූර්ණ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් පමණයි. ඉතුරු ටික ණය. ණය ගෙවන්නෙ කවුරු ද? අය වැය පරතරය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5කට අඩු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා යි මුදල් ඇමති මංගල සමරවීර පැවසුවා.
මේක කරන්නට නම් රාජ්‍ය වියදම්වල නාස්තිය අවම කරන්න ඕනැ. ඒ වගේ ම රාජ්‍ය ආදායම් වැඩි කර ගන්නට ඕනැ. ලක්ෂ 14ක් රජයේ සේවකයන් හිටියාට රජයට හරියට ආදායම් බදු ටිකවත් එකතු කර ගන්නට බැරි බව අමතක නො කළ යුතුයි. ඒකට යාන්ත්‍රණයක් හදා ගන්නට බැරි නිසා රජය කරන්නේ වෙළඳපොළෙන් සියලු පාරිභෝගිකයන්ට බදු පනවන එක. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ආදායම් ලබන අය බදුවලින් ගැලවෙමින්, පහළ ආදායම් ලබන අය බදු බරින් මිරිකෙනවා.
රජයේ ආදායමෙන් 78%ක් වැය කරන්නෙ ණය ගෙවන්නට නම්, ඒ වගේ රජයකට සුරංගනාවියක වගේ සියල්ල නිකම් දෙන්නට බැරි බව තේරුම් ගැනීම අපහසු නැහැ. ඒ නිසා දෙයියන්ගෙ නාමෙට අඩු ගානෙ තව ණය ගන්න එක හරි අඩු කරන එක තමයි රජයට මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්නට තිබෙන ලොකුම සේවය. ණය ගත්තට කමක් නැහැ, ඒ ණය නිසා ආදායම් උත්පාදනය වෙනවා නම්.
දැවැන්ත අකාර්යක්ෂම රජයක් නඩත්තු කරන්න, දේශපාලකයන්ට හා නිලධාරීන්ට කාර් ගන්න ණය අරගෙන ආපහු ඒවා ගෙවන්න අප මත බදු පටවන්න එපා ඉදිරියේදිවත්.
රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධ යෝජනාව කාර්යක්ෂමතාව සමග සම්බන්ධ වෙනවා නම් ඉතා හොඳයි. පොදු වැටුප් ක්‍රමයක් කියන්නෙ මොකක් ද දන්නෙ නැහැ. මහජනතාවට නම් වැදගත් රජය විසින් තමන්ගේ බදු මුදලට සාධාරණ අන්දමින් සේවා සපයනවා ද කියන එක විතරයි. එහෙම කරන්නට බැරි නම් මහජනතාවට සේවා සාධාරණ මිළකට මිළ දී ගන්නට ක්‍රම සැලැස්වීමත් රජයේ වගකීමක්.
ලංකාවෙ රජය බිස්නස් කරන්නට යන එක කිසිම තේරුමක් නැහැ. උදාහරණයක් විදියට ලංගම වගේ ආයතන බස් දුවනවාට වඩා හොඳයි, ඒ බස් නැවතුම්පොළවල කඩ එහෙම හදලා, බස් නැවතුම්පොළත්, ඒ කඩත් කුලියට දීලා ඒ ලැබෙන ආදායමෙන් ඔය ඉන්න සේවකයන්ට පැන්ෂන් යනකල් පඩි ගෙවන එක. වැඩට නො ආවත් කමක් නැහැ. අඩු ගානෙ තව මිනිහෙකුගෙ දවස හරි කාලකණ්ණි නො වී තියෙයි ඒ මූණු බලලා.
දැන් ඔය ලංගමට විදුලි බස් දෙන්නට යනවා නේ. ඊට කලින් ලංගම සේවකයන්ට හවසට බස්සෙක අතුගා තැබිය යුතු බව කියා දිය යුතුයි. සමහර ලංගම බස්වල ඇතුලෙ ගොවිතැන් වුණත් කරන්නට පුළුවන්. මහින්ද ලෝක තරුණ සමුළුවට ගෙනාපු සුඛෝපභෝගී බස් ලංගමට දුන්නනේ. පසුගිය කාලෙ ඒවා අධිවේගී මාර්ගවල දිව්වා. අඩු ගානට දිව්වෙ නැහැ නේ. දැන් මේවා හරියට නඩත්තු නො කිරීම නිසා මග කැඩෙනවා. ඒ අතරෙ ලංගම සේවකයන් රු. බිලියන තුනක් ඉල්ලනවා වැටුප් ඇරියස් වෙනුවෙන්. මෙන්න මේක තමයි රජයෙ බිස්නස්වල කටුක යථාර්ථය.
ඒ නිසා රජය මේ බිස්නස්වලට ආයෝජනය කරනවාට වඩා හොඳයි තියෙන බිස්නස් කළමනාකරණය කරන්නට පුළුවන් ව්‍යූහයක් හදන එක. සරලව කියනවා නම් ලංගම වගේ මහජනතාවගෙන් මුදල් අය කරන, බදුත් නො ගෙවන බිස්නස් මුලින් ම ආදායමෙන් වැටුප් ටික බේර ගන්න තරමට හෝ ගොඩනගා ගන්න ය කියලා ඒවායේ සේවකයන්ට කියන්න. ඔය බස් එකක්, දෙකක් තියෙන පොඩි මුදලාලි කෙනෙකු වුණත් ඕක කරන හැටි දන්නවා.
මේ බජට්ටෙකෙත් මේ රටේ දුම්රිය සේවය නැංවීම සඳහා කිසිදු යෝජනාවක් නැහැ. මේ තියෙන රේල් පාරවල්වල තව කෝච්චි දුවවන්නට පුළුවන්. අන්න ආයෝජන අවශ්‍ය ක්ෂේත්‍ර.
අයවැය කියන්නෙ යෝජනාවලියක්. එය ඒ වගේ ම ඉතා සුන්දර සිහිනයක්. මෙම අයවැයෙත් එවැනි සොඳුරු මාතෘකා තිබෙනවා. ඒත්, සියල්ලම බැරි වුණත් ඇතැම් සිහින හෝ සැබෑ කර ගන්නට උත්සාහ කරන්නට අපට බැරිකමක් නැහැ. අයවැය පසු විපරම් ඒකකයක් මුදල් අමාත්‍යංශයේ පිහිටුවීමට කරලා තිබෙන යෝජනාව ඉතා වැදගත් ඒ නිසායි.
අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කිරීම කොළඹ කසල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීමට ඉවහල් වේවි.
සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පරිසර හිතකාමී උද්‍යානයක් ඉදි කිරීමත් කළ හැකි දෙයක් වගේ ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවිත ගුණය ඉහළ නංවන්නට වැදගත් සාධකයක්.
මේ සියල්ලට ම වඩා අයවැයේ වැදගත්කම තියෙන්නෙ හැම මට්ටමක ම ව්‍යවසායකත්වය දිරිගැන්වීමට යොමු වී තිබීමයි. ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ මේ දැක්ම ඉතා වැදගත්. අපේ රටට ඉදිරියට යන්නට පුළුවන් ව්‍යවසායකත්වය ඔස්සේ මිනිස් නිර්මානශීලිත්වය නිෂ්පාදනයට යොමු කිරීමෙන් පමණයි.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

පැරා බොක්කෙන්ම ලියපු ලිපියක්, අපිටත් මේ අයවැය බිජ්ජෙන් වැඩක් නෑ. මැද මුලන බද්ද කියල එකකුත් තියෙන්නෙ. මංගල බද්ද කියලත් කියන්නෙ. කොහොම හරි කැරකිල ඔය බද්දත් අපිටම ගෙවන්න වෙයි. මැද මුලනින් නම් සතයවත් ගන්නෙත් නෑ. රනිල් ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.
ReplyDeletemeta tika dawasakata kalin aluth Income tax yojanawak genalla thibuna. Eke wishramikayan ge banku poliyata badu dala thibuna. Api hithuwe anduwata salli na kiyala.
ReplyDeleteNamuth me para beer walata badu adukaralalu.
Meke pathipaththiyak nadda?
නොවැම්බර් 20 වනදාට බැඳුම්කර කොමිසම ඉදිරියේ පෙනිසිටින්න කලින් අගමැතිකම තාවකාලිකව කරුට හරි මංගලට හරි දීලා step down වෙලා සාමාන්‍ය පුරවැසියෙක් විදියට කොමිසම ඉදිරියට යන්න කියලා රනිල්ට ජනපතිගෙන් උපදෙස් ලැබුණයි කියන්නේ! අන්න හොඳ වැඩක්. ඔය ගැම්මටම සබිතගේ බිල්ඩිම ගැනත් කියලම ආවනම් තමා හොඳ. අයවැය පරතරය පියවන්න මෙන්න ක්‍රම!!
ReplyDeleteමං අද බාර් එකට ගිහිං සුපුරුදු පරිදි රුපියල් 800 ක් දීලා ස්පෙෂල් බ්‍රෙව් බියර් ලොකු ටින් දෙකක් ඉල්ලුවා. බාර් එකේ ගෝලයා බියර් ටින් දෙකයි රුපියල් 200 කුයි ආයේ දුන්නා. මිනිහා කිව්වා දැන් බියර් අඩු කළා කියලා. 400 ට දුන්නු ටින් එක දැන් 290 යි.
ReplyDeleteමෙව්වනි යකෝ මුදල් ඇමතිකම් කියන්නේ. මංගල සමරවීර කියන්නේ පට්ටම රැඩිකල් ඩයල් එකක් මට නම්. ඒ වගේ කෙනෙක් තමයි මේ රටේ ජනාධිපති වෙන්න ඕනි වෙනසක් වෙන්න නම්. හැබැයි මෙහෙ ඉන්න හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස් ඩයල් එක්ක ඒක වෙයිද කියාලා ෂුවර් නෑ පැරා.
මංගල කියන්නෙ මේ රටේ ඉදිරි නායකත්වයට සුදුසුකම් පෙන්වමින් සිටින දේශපාලකයෙක්.
Deleteඑකෙන්ම. රනිල් ගාව තිබෙන බොරුව මංගල ගාව නැහැ. ලංකාව වගේ සංවුර්ත සමාජයක තමන්ගේ ලිංගිකත්වය ගැන කෙලින් කථාකරන්න පුලුවන් කම ඊට හොඳම නිදසුනයි. ඔහු රනිල්ට වඩා බොහෝ කාර්යක්ෂම නායකයෙක්. (රනිල්ට කාර්යක්ෂම කමක් ගෑවිලාවත් නැති නිසා අනිත් අය රනිල්ට වඩා හුඟක් ඉදිරියෙනුයි ඉන්නේ)
Deleteයකෝ මගෙ උඩම තියෙන කොමන්ට් එකත් කොපිකරල මේ කොමන්ට් එකත් අලෝල මාතලන්ගෙ එකේ දාලනෙ. යකෝ උඹත් යහපාලනේ ඇමති කෙනෙක්ද? :) :)
Delete//මංගල කියන්නෙ මේ රටේ ඉදිරි නායකත්වයට සුදුසුකම් පෙන්වමින් සිටින දේශපාලකයෙක්.//
Deleteඑකෙම්ම පැරා....
ඔන්න ෆයිනෑන්ෂ් මිනිෂ්ටර්ලා.... මංගල ෂමරෂිංහ 2020 පොදු අපේක්ෂකයා කරමු!
- Dimithri
පැරා, මට නම් මතක ඇති කාලෙක මේ වගේ යම්කිසි දැක්මක් (සිංහලෙන්ම කිව්වොත් vision එකක්) තියන බජට් එකක් දැක්කමයි. අඩු පාඩු තියන බව ඇත්ත. උදාහරණ හැටියට, ලංකාවේ ආහාර සුරක්ෂිතභාවයට වැදගත් වන ගොවිතැනට දක්වා ඇති සැලකිල්ල මදි. ඒ වගේම, විදුලි බස් පනහකින් පොදු ප්‍රවාහනයට මොනවා කරන්නද? පැරා ලංගමය ගැන කියන දේට මම එකඟ නැහැ. පොදු ප්‍රවාහනය බිස්නස් එකක්ම නොවෙයි, පාරවල් වගේ පොදු සේවාවක්. ඒක පවත්වාගෙන යා යුත්තේ ලාභ ලැබීමට නොවෙයි. එහෙත් නීතියේ ආධිපත්‍යය හා මනා කළමනාකරණය මගින්, පාඩු අවම වන විදිහට පවත්වාගෙන යා යුතුයි. ලංකාවේ ඇති අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි වලටත් එකම විසඳුම නීතියේ ආධිපත්‍යයමයි. හැබැයි ඉතීන්, ඒක වෙන්නෙත් බළලාගේ බෙල්ලේ සීනුව එල්ලනවා වාගේ තමයි.
ReplyDeleteආදායම් බදු එකතු කරන්න ආදායම් හරියට ඉදිරිපත් කරන්න එපායැ. අපි දන්නවනේ ආදායම් ඉදිරිපත් කරන හැටි. ඊට වඩා හොඳ නැද්ද වැට් හරි මොනවහරි නමකින් ඔය භාණ්ඩ හා සේවා බද්ද විතරක් ගන්න එක. (මට ගහන්න පනින්න එපා. දුප්පත් මිනිස්සුන්ගෙන් බදු ගන්න කියනව කියල). විරැකියාවෙන් පෙළෙන අය, අඩු ආදායම් ලාභීන්, ආබාධිතයන්, විශ්‍රාමිකයන් ආදී කී නොකී වර්ගීකරණයන්ට ඇතුළත් සමාජයේ දිළිඳු සහන වලට සුදුසුකම් ලබන අයට හැඳුනුම්පතක් නිකුත් කරල ඒ අයගෙන් බදු අය නොකරන්නත් පියවර ගත හැකි ක්‍රමයක් හදාගන්න බැරිද?
ReplyDeleteඅපෝ පුළුවන් එතකොට දිලිදු මිනිසුන් විශාල ලෙස යොදවල මුදලාලිලාට අඩු මිලට භාණ්ඩ මිලදීගෙන වැඩි මිලට විකුනන්න පුළුවන් සරලව සිදුවන්නේ විශාල භාණ්ඩ හිගයක් පසුගිය කාලයේ පෙට්‍රල් පෝලිම් මතක්කරගන්න
Deleteපැරා,
ReplyDeleteමම 2002 දී රනිල් රාජ්‍ය සේවය අඩුකිරීමට ගත්ත යෝජනාව ඉතා වැදගත් බව කියනවා, බොහෝදෙනා මෙයට මට බනින්න පුළුවන් නමුත් ඔහු එවෙලේ ගත්තේ රට පැත්තෙන් වැදගත් තීරණයක්.
දැන් මම ඔබල නොබලන පැත්තක් පෙන්වන්නම්, අද බ්ලොග් කරුවෙක් අපුරු ලිපියක් ලියල තියනවා
මේ බලන්න http://vidya-gaweshana.blogspot.com/2017/11/the-internet-25-jack-ma-alibabacom.html
අලිබබා ආයතනය ගැන මම ලිපි කීපයක්ම ලිව්වා වගේම එහි වැදගත්කම ගැන විවිද අඩවි වල කොමෙන්ට් කොටල ඇති.
අලිබබා ආයතනය දිනකදී ඩොලර් බිලියන 25ක අලවියක් සිදුකරනවා, හිතන්න දිනකදී, මේ මුදල කෙලින්ම චීනයට එනවා සහ චීන ජනයා ගේ මිලදීගැනීම් වෙනවා.
මෙවැනි ආයතනයක් ශ්‍රී ලංකාවේ පටන්ගත්තනම් අපට payment gateway එකක් හරහා ඉන්දියාවත් චීනයටත්, බටහිර රටවලටත් භාණ්ඩ විකිනීමට ගෙවුම් පහසුකම් ලබාදෙන වේදිකාවක් ලබාදුන්නා නම් අතිවිශාල මුදලක් ශ්‍රී ලංකාවට උපයන්න පුළුවන්.
කෙටියෙන් කිව්වොත් මෙය හරියටම PayPal වැනි ක්‍රමයක්, මෙයට උවමනා තාක්ෂණික වුර්තිකයන්ට ඉහල වැටුප් ලබාදෙන්න වෙනවා රජයේ ප්‍රතිපත්ති මත මසකට මෙවැනි වුර්තිකයෙකුට රුපියල් ලක්ෂ 5 වැනි මුදලක් ලබාදෙන්න හැකියාවක් නෑ මෙවැනි සේවකයන් 100 පමණ සිටියානම් මෙවැනි විය්ප්පෘතියක් කරන්න පුළුවන් දැන් ඔබ හිතයි මෙය විශාල මුදලක් නේ කියල නමුත් මසකට කල්ෂ 500 වැනි මුදලක් රජයට දරන්න පුළුවන් (මෙය ඇමතිවරු 2 කුට ලබාදෙන වාහන වලට යන මුදලට අඩු මුදලක් )
අද ශ්‍රී ලංකාවේ fiber optic cable පහසුකම් නිසා එංගලන්තයේ පාවිච්චි වන වේගයට වඩා වැඩි වේගයක් දැනටමත් ලබාදෙන්න පහසුකම් ලංකාවේ තියනවා HSBC බැංකුව රාජගිරියේ පවත්වන ශාකාව මගින් දකුණු ආසියාවටම පහසුකම් සලසනවා.
අද අපට යටිතල පහසුකම් තියනවා උවමනා කරන්නේ වැඩපිළිවලක් පමණයි.
ඇමති වාහන එක්ක මාසික පඩි සසඳන්න බෑනේ. වාහනයක් ගත්තා. ඒක එතනින් ඉවරයි. හැම මාසෙම වාහන ගන්නෙ නෑනේ. හරි කමක් නෑ, ඔහොම පඩියක් දීලා ඔය කියන වෘත්තිකයො ගත්තා කියමු. ඊට පස්සේ හදාගන්නවා වෘත්තීය සමිතියක්.ඉල්ලනවා සේවා ව්‍යවස්ථාව කෝ, උසස්වීම් පටිපාටි කෝ, වැටුප් පරිමාණ විෂමතා විසඳපියව් කියලා බයිලේ. එතකොට මොකෝ කරන්නේ?
DeleteAnonymousNovember 12, 2017 at 8:05 PM,
Delete//ඇමති වාහන එක්ක මාසික පඩි සසඳන්න බෑනේ. වාහනයක් ගත්තා. ඒක එතනින් ඉවරයි.//
ඔව් එකතාව ඉතාම නිවැරදියි! නමුත් ඔබ බලන්න ඕනේ මේකේ ප්‍රතිලාභ ගැනයි මෙවැනි ක්‍රමයක් පටන්ගෙන වසරක් වැනි සුළු කාලයකදී රටතුලට එන විදේශ විනිමය අති විශාලයි, ඔබ බලන්න දිනකදී අලිබබා කියන පුද්ගලික ආයතනය නිසා ඩොලර් බිලියන 25ක ගනුදෙනු උනා කියන්නේ මේ ඩොලර් බිලියන 25 අලිබබා ආයතනයට ලැබුන නෙමෙයි හැබැයි මේ ඩොලර් බිලියන 25න් ඩොලර් බිලියන 12 ක් වත් විදේශ වලින් ලැබෙන විදේශ විනිමයයි, චීනය කියන රටට කෙලින් ම මේ මුදල් ලැබෙනවා.
ඔබට පේනවද දිනකදී මෙවැනි මුදලක් ලැබෙනවානම් කොච්චර අවස්තාවක් තියනවද කියල ? මෙහිදී ඉන්දියාවට නැති පහසුකමක් අපට තියනවා ශ්‍රී ලංකාවේ තමයි මහාබ්‍රිතානයෙන් බැහැරව වැඩිම CIMA ගණකාධිකාරී වරු සිටින රට, අද එංගලන්ත කොටස් වෙළදපොල හසුරවන පරිගණක පද්ධතිය සකසල තියන්නේ අපේ රටේ ශ්‍රී ලාංකිකයන්. මෙනිසා මෙතන පුහුණු ශ්‍රමයෙන් ප්‍රයෝජන ගැනීම වැදගත්.
//ඊට පස්සේ හදාගන්නවා වෘත්තීය සමිතියක්.ඉල්ලනවා සේවා ව්‍යවස්ථාව කෝ, උසස්වීම් පටිපාටි කෝ, වැටුප් පරිමාණ විෂමතා විසඳපියව් කියලා බයිලේ. එතකොට මොකෝ කරන්නේ?//
එක තමයි මම කිව්වේ පටන්ගැනීමේ දීම ඉතා විශාල වැටුපක් ගෙවන්නේ සාමාන්යේ රාජ්‍ය සේවයෙන් බැහැරව විශේෂ නිතිමාලාවක් සමගින් මෙය කරන්න වෙනවා මොකද සාමාන්‍ය රාජ්‍ය සේව්‍ය තුල මෙය ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගිකව බෑ මොකද මොවුන්ට විශාල වැටුප් ගෙවන විට රටේ අනෙක් අංශ වල සේවකයන් වැටුප් විෂමතා ඉවත් කිරීමට උද්ගෝෂණය කරන නිසා.
මෙවැනි මෘදුකාංග නිපදවන පිරිසට අතිවිශාල වැටුප් නොගෙව්වොත් අතිදක්ෂයන් තබාගැනීමට නොහැකි වෙනවා මෙනිසා මෙවැනි වැටුප් ගෙවන්නම වෙනවා.
"The national average Oracle Programmer salary is $82,126. " ඒ කියන්නේ මෙවැනි කෙනෙකුගේ දිනක වැටුප රුපියක් 35000 වෙනවා ඔය මම කිව්වේ ඉහලම ද්ක්ෂයෙක්ගේ වැටුප නෙමෙයි දක්ෂ පුද්ගලයකු දිනකට රුපියල් ලක්ෂ 2 වැනි මුදලක් නැතුව දිගට තියාගන්න බෑ. හැබැයි මෙනිසා ජනනය වන මුදල ඇති විශාලයි වසරකට විදේශ ශ්‍රමිකයන්ගෙන් අපි ඩොලර් බිලියන 7 වැනි මුදලක් වසරක් තුල ගෙන කොට මෙවැනි ක්‍රමයකින් දිනකදී ඩොලර් බිලියන 0.5 ලබන්න පුළුවන් නම් මසකට ඩොලර් බිලියන 15ක මුදලක් රජයට ලැබෙනවා.
මේවගේ විශාල ආදායමක් තමයි අපට ලැබෙන්නේ, දැන් ඔබ අහයි ශ්‍රී ලංකාවේ කිසිවක් නිපදවන්නේ නැතුව කොහොමද මේක කරන්නේ කියල, හිතන්න ඉන්දියාව අපේ අසල්වැසි රටයි අප චීනය සමග ගනුදෙනු කරනවා මෙවැනි ගෙවුම් වේදිකාවක් අපට තියනවනම් (payment gateway ) ඉන්දියානුවන් PayPal මගින් ගනුදෙනු කරන අවස්තාව අපේම ක්‍රමයක් යොදල ඉන්දියාවටත් චීනයටත් ලබාදෙන්න පුළුවන්, ඔබ https://www.payoneer.com ගැන පොඩ්ඩක් සොයල බලන්න මෙහිදී ඔබට ඇමරිකාවේ බැංකුවක checking account එකක් පවත්වන්න පහසුකම දෙනවා ඔබ මේසමග එකතු උනොත් ඔබට ඇමරිකාවේ බැංකුවක් මගින් ඔබේ ශ්‍රී ලංකික බැංකුවට මුදල් ගෙන්වාගන්න පුළුවන් ඔවුන් 3% ක කොමිස් මුදලක් ගන්න අතර මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවකට එවීමට හෝ ඔවුන් ලබාදෙන ණයපත මගින් ශ්‍රී ලංකාවෙ බැංකුවකින් මුදල් ගන්න පුළුවන්.
මෙවැනි ක්‍රමයක් නිසා ගනුදෙනු ප්‍රමාණය වැඩි වීම සමග අතිවිශාල සංචිත රටතුල නිර්මාණය වෙනවා.
මම මේ ගැන ශ්‍රී ලංකාව ගැන වැඩි බරක් තියන්නේ අද වනවිට ශ්‍රී ලංකාව fiber optic cable 5 පමණ සැදුම්ලත් ඉතා වේගවත් අන්තර්ජාල පහසුකම් තියන නිසයි. මෙනිසා මෙය අපට වැදගත් ඇයි කියන දේ සොයාබැලීමයි කරන්න ඕනේ.
එහෙම නැතුව වෙනරටක් කලපලියට අපිට සුදුසු යයි කියල නෙමෙයි මෙවැනි දේ කලයුත්තේ.
මෙවැනි ක්‍රමයක් සිංගප්පුරුවේ ක්‍රියාත්මක වෙන හැටි ගැන දැනුවත් උනානම් මෙය කරන විදිය තේරුම් ගන්න පුළුවන්.
රට ඇතුළේ ද්‍රව්‍යාත්මක දෙයක් නිපදවන්නෙ නැතිව පවා වටිනාකම් නිර්මාණය කරන්න හැකිය කියන මතයේ මමත් ඉන්නවා. ඒත් මම කියන්නේ පවත්නා ව්‍යුහයන්ට පිටින් වෘත්තිකයින් ගන්න ගියාම වෙන අපහසුතාව. ඔය වගේ අවදානමක් දේශපාලකයෙක් ගනීවිද? ඔය වෘත්තිකයො අරන් අපි හිතමු ඔය සංකල්පය යතාර්ථයක් කරා කියලා. ඒත් ඒක දේශපාලකයෙකුට ඡන්ද පදනමක් හදාවිද?ඔහු/ ඇය හිතන්නේ තමන්ට ඡන්ද පදනමක් හදාගන්න. ඒ නිසා ව්‍යුහයට පිටින් අරන් තමන්ට ඡන්දෙට වැඩකරන වෘත්තීය සමිති තරහ කර ගන්න ඔය දේශපාලුවෙක් කැමති වෙයිද?
DeleteAnonymousNovember 14, 2017 at 2:57 PM
ReplyDelete//ඒත් මම කියන්නේ පවත්නා ව්‍යුහයන්ට පිටින් වෘත්තිකයින් ගන්න ගියාම වෙන අපහසුතාව.//
එහෙම කරල තියනවා උදාහරණ නිදහස් ආයෝජන කලාප.
//ඔය වෘත්තිකයො අරන් අපි හිතමු ඔය සංකල්පය යතාර්ථයක් කරා කියලා. ඒත් ඒක දේශපාලකයෙකුට ඡන්ද පදනමක් හදාවිද?//
ඒවගේම ඒවා දෙසපාලකයෝ තම ජනප්ප්රිය බව වැඩිකරගැනීමට පාවිච්චි කළා හොදම උදාහරණ ඇගලුම් කම්හල් 200 මහින් ජනාධිපති ප්‍රේමදාස විශාල ජනතා කැමැත්තක් ලබාගත්ත.
//ඒ නිසා ව්‍යුහයට පිටින් අරන් තමන්ට ඡන්දෙට වැඩකරන වෘත්තීය සමිති තරහ කර ගන්න ඔය දේශපාලුවෙක් කැමති වෙයිද?//
එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි නියම ප්‍රශ්නය අද ඉන්න දෙසපලුවෝ කරන්නේ තමන් බලයට පත්වෙන අවසාන වතාව බව සිතමින් හැකිතරම් ඩිල් වලින් මුදල් සෙවීමයි.
කිසියම් වැඩපිළිවලක් සාර්ථක කරගැනීම මගින් දේසපාලන බලය ගොඩනැගීම කියන දේ කිරීමට මේ ඉන්න අයට උවමනා නෑ.
නමුත් ජනතාව විශාල පීඩනයක් යෙදුවොත් මෙය සාර්ථක කරගන්න පුළුවන්.
ඔබට වෙලාව ඇත්නම් https://www.payoneer.com/ නමැති PayPal ට සමාන ගෙවුම් වේදිකාව ගැන හදාරා බලන්න.
මෙය ලෝකයේ විවිද රටවලට මේ සේවය සපයනවා මේ කතාකරන මමත් මෙය මගින් සේවය ලබාගන්නවා මම වියාපාර කරන්නේ ලංකාවේ, මම ගනුදෙනු කරන්නේ කැනඩාවේ software එකෙක් දියුණු කිරීමට උනත් මම මෙයින් සේවය ගන්නවා කියන්නේ මම මේ රටවල් 2ටම සම්බන්ද නැති ඇමරිකාවට කොමිස් මුදලක් ගෙවමින් ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වනවා.
මෙවැනි ක්‍රමයක් මෙරටේ තියනවනම් මෙයින් මම ප්‍රයෝජන ගන්නවා නමුත් මෙය නැතිවිමන් රටට ලැබියයුතු මුදල් නැතිවීම තමයි වෙන්නේ.
අනෙක් කරුණ තමයි අතිවිශාල දෙසපාලකයන් පිරිසකට සාමාන්‍ය පෙළ වත් නැතුව ඉංග්‍රීසි භාෂාවෙන් සංකීර්ණ ලෙස ලියවී ඇති මෙම ක්‍රම ගැන දැනුවත් වෙන්නේ කොහොමද ?