ලාභය මාර කුණුහරුපයක් ද?

සයිටම් ලාභ නො ලබන ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම හොඳ දෙයකි. ලාභ නො ලබන, පොදු ආයතන ගොඩනැගීම රජයට විකල්ප වැඩපිළිවෙලක් ලෙස ද සැලකිය හැකි ය.

එහෙත්, ලාභය යනු කුමක්දැයි අප තේරුම් ගත යුතු ය. ලාභය යනු ඔය කියන තරම් මහා නරක දෙයක් ද?

ලාභය ලිබ්බොක්කේ වලලන යුගය අවසන් ය. ලාභ ලබන්නෝ ඒ මුදල් නැවත ආයෝජනය කරති. නැතිනම් ඉහළ මට්ටමින් පරිභෝජනය කරති. මේ මුදල් සංසරණය වන විට සමස්තයක් ලෙස රටේ රැකියා ඇති වේ. ආර්ථිකය ප්‍ර‍සාරණය වේ. නව ලිබරල්වාදී ආර්ථික විශේෂඥයෝ එය ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමක් ලෙස සැලකූ හ. එහෙත් විෂමතා ඇති වීමේ බරපතල ගැටලුවක් තිබේ. ධනවාදයේ ඇති මූලික ගැටලුව මෙම විෂමතා ය.

ලාභය නියාමනය කිරීම ඇත්තෙන් ම දුෂ්කර ය. සමාජවාදීන්ගේ ක්‍රීඩාව ඇත්තේ එතැන ය.

ස්වාධීන ආයතනයකට පවා ලාභය අවශ්‍ය ය. හේතුව, එම ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජන වෙනුවෙන් ණය හා පොළී ගෙවිය යුතු ය. එසේම, ආයතනය සංවර්ධනය කළ යුතු ය. සංවර්ධනය වෙනුවෙන් ගොඩනගා ගත හැකි ඉලක්කවලට සීමාවක් නැත. ස්වාධීන ආයතන ලාභ ලබන ප්‍ර‍මාණය කෙතරම් ද යන්න පවා ප්‍ර‍ශ්නයකි.

සමුපකාර සංකල්පය යනු ලාභය පිළිබඳ නිශේධාත්මක අදහසකින් තොරව මහජනතාව අතරින් පැනනැගුණු ආර්ථික ව්‍යාපාරයකි. ලංකාවේ සමුපකාර ව්‍යාපාරය විනාශ කළේ රජයයි. සමුපකාර දෙපාර්තමේන්තුව පිහිටුවමින් රජය සමුපකාර සංවිධාන වක්‍ර‍ ලෙස රජයට පවරා ගනිමින් විවිධ සේවා සමුපකාර සමිති නමින් රාජ්‍ය ආයතනයක් පිහිටෙව්වේ ය. මේ වන විට සමුපකාරය ඍජුවම රජයේ බූදලයක් වී තිබේ.

බොහෝ දෙනෙකු සිතන්නේ රජය ලාභ නො ලබන ආයතනයක් ය කියා ය. මෙය සම්පූර්ණයෙන් ම වැරදි ය. රජය පමණක් නො ව, දැවැන්ත සමායතන පවා මේ වන විට ලාභය ඉහළ වැටුප් හා වරප්‍ර‍සාදවලට පරිවර්තනය කරගෙන තිබේ. සමාගම් හිමිකරුවන් හා ප්‍ර‍ධානීන් එ් සමාගම්වල නිලධාරීන් ලෙද විශාල වැටුප්, දීමනා, නිවාස වැනි වරප්‍ර‍සාද, විදේශ චාරිකා ආදිය ලබා ගනිති. දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් රජයට කරන්නේ ද එය ම ය. රජයේ විශේෂත්වය වන්නේ පාඩුව මහජනතාව පිට පැටවීමට හැකි වීමයි. හොඳම උදාහරණය මිහින් ලංකා ය. එහි නිලධාරීහු තමන්ගේ ලාභය ගත් හ. පාඩුව අපට ය.

එහෙයින් රජය හෝ කිසිදු ස්වාධීන ආයතනයක් හෝ ලාභයෙන් මුළුමනින් ම ගැලවී ඇතැයි සිතීමට වඩා ලාභය ගැන පුළුල් අන්දමින් විග්‍ර‍හ කර ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ලිපියත් කියවන්න: රාජපක්ෂය සමුපකාර ඡන්ද දිනීම

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* ස්වාධීන ආයතනයකට පවා ලාභය අවශ්‍ය ය. හේතුව, එම ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජන වෙනුවෙන් ණය හා පොළී ගෙවිය යුතු ය. */

    සම්පූර්ණයෙන්ම වැරදියි පැරා.

    ණය සඳහා ගෙවන පොලිය වියදමකි.

    ලාබය යනු ආදායමෙන් සියළුම වියදම් අඩු කළ පසු ඉතිරි වන කොටසයි.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. උපාධියක මිළ ඕනෑම අගයක් විය හැකි ඒ නිසායි.

      Delete
    2. ඔබ නිවැරදියි. උපාධියක මිළ ඕනෑම අගයක් විය හැකි ඒ නිසායි.

      Delete
  2. වාගත හැකිද එක පිට එන ගිනි ගෙඩිය
    ගීතට අහිමි විය බෙන්තර ඇල්පිටිය
    නුඹ ගිය දුර නගේ මට නම් දුර වැඩිය
    ලද දේ හොඳයි මන්ත්‍රී ලාබෙට වැඩිය

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා