ගිංතොට ජාතිවාදී කලබලවලට වගකිව යුත්තේ කවුරු ද?

Photo from thefakawitraveller.com
දින කිහිපයක් තිස්සේ ගිංතොට ප්‍රදේශයේ සිදු වෙමින් තිබෙන බව කියන සිංහල මුස්ලිම් ගැටුම පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව ද, ඇතැම් ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව ද වාර්තා වේ.

සාමය කඩ කරන්නන්ට වෙඩි තැබීම දක්වා බලතල පොලිසිය සතු වන අතර ඒවා අවශ්‍ය නම් මෙවැනි තත්වයන් පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ය.

විවිධ පුද්ගලයන් විසින් විවිධ කටකතා පතුරුවමින් සිටින අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් හා මතවාද ඉතා පැහැදිලිව ම විශ්වසනීයත්වයකින් හා වගකීමකින් තොර ය.

විශේෂයෙන් ම, මෙවැනි සිදුවීම් ආණ්ඩුව සමග පටලැවීමට උත්සාහ කරන බවක් ද පෙනෙන බැවින් ආණ්ඩුව විසින් කළ යුතුව තිබෙන දෙය වන්නේ නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කිරීමයි. මේ වන විටත් ගැටුමට මුල් වූ ඇතැමුන් අත්අඩංගුවට ගෙන තිබේ. ජාතිභේදයකින් තොරව සියලු වැරදිකරුවන් අත්අඩංගුවට ගත යුතු ය. එසේම, මෙම සිදුවීම භාවිතා කරමින් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරන පිරිස්වලට එයට කිසි සේත් ම ඉඩ නො දීමේ වගකීමක් ද ආණ්ඩුවට තිබේ.

මේ පිටුපස ඇමති වජිර අබේවර්ධන සිටින බව මෙම භික්ෂුව ප්‍රසිද්ධියේ ම පවසයි. මේ සම්බන්ධයෙන් ඒ භික්ෂුව යූටියුබ් මගින් ප්‍රචාරය කළාට පොලිසියට පැමිණිලි කර තිබේ ද යන්න විමසා බැලිය යුතු ය. එසේ ම, එය සත්‍යයක් නො වේ නම්, මෙම භික්ෂුව සම්බන්ධයෙන් අපහාස නීතිය යටතේ පියවර ගැනීම වජිර අබේවර්ධනගේ වැඩකි. ජාතිවාදී ගැටුම ඇති වීම පාලනය කිරීමට මෙවැනි පියවර ද ඉතා වැදගත් ය.

ප්‍රාදේශීය දේශපාලනය මේ පසුපස තිබෙන්නට ඉඩ ඇති බව අපි ප්‍රතික්ෂේප නො කරමු. එසේම, සිංහල, මුස්ලිම් අන්තවාදී බලවේග ද මෙවැනි අවස්ථාවලදී සංවිධානාත්මකව තත්වය තීව්‍ර කිරීමට ඉදිරිපත් වන බව පැහැදිලි ය.

අනෙක් පැත්තෙන් මේ පසුපස ව්‍යාපාරික ගැටුම්, ආර්ථික ඊර්ෂ්‍යාවන් වැනි දේ ඇති බව ප්‍රහාර දෙස බැලූ විට පෙනේ. වැඩිපුර ප්‍රහාර එල්ල වන්නේ ව්‍යාපාරික ස්ථානවලට හා ව්‍යාපාරිකයන්ට ය. සමස්තයක් ලෙස ම මේ අන්තවාදයන් අවුළුවන පිරිස් පිටුපසින් සිටින කඩාකප්පල්කාරීන්ගේ ප්‍රධාන ඉලක්කය ආර්ථිකයයි.

මෙය ද බොහෝ දුරට ධර්ගා නගරයේ සිදුවීමට සමාන ය. සිදු වී තිබෙන්නේ අහම්බ හදිසි අනතුරක් සම්බන්ධ සාමාන්‍ය ගැටුමක් වුව ද, එයට ජාතිවාදී අර්ථකථනයක් දීම හේතුවෙන් මෙම ගැටුම නිර්මානය වී තිබේ.

මෙය දෙමළ ඊලාම් සටනේ නිමාවෙන් පසු සිංහල ජාතිවාදී ව්‍යාපාර විසින් මතු කර ගන්නා ලද මුස්ලිම් බිල්ලකු පිළිබඳ සංකල්පයේ ම ඉදිරි පියවරකි. සිංහල ජාතිවාදී ව්‍යාපාරවලට සිය පැවැත්ම සඳහා එවැනි බිල්ලකු අවශ්‍ය ය. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජාතිවාදීන්ට ද මේ ඔස්සේ අලුත් පැවැත්මක් නිර්මානය වී තිබේ. මේ දෙපිරිස ම විසින් කරනු ලබන්නේ සමාජයට බිය විකිණීම හා ඒ ඔස්සේ අරමුදල් සම්පාදනය කර ගැනීමයි. එකතු කර ගන්නා මුදල් වෙනුවෙන් කලින් කල මෙවැනි සංදර්ශන පෙන්විය යුතු ය.

රටක ආණ්ඩුවක්, රජයක්, පොලිසියක්, හමුදාවක් අවශ්‍ය මේ තත්වයන් තේරුම් අරගෙන නියපොත්තන් කැඩිය හැකි මට්ටමේදී ම ඒවා මර්දනය කිරීමට ය. මහජනතාව ලෙස අප බදු ගෙවා ඒ ආයතන නඩත්තු කරන්නේ ඒ වෙනුවෙනි. එහෙත්,  සුපුරුදු පරිදි මෙතනත් සිදු වී තිබෙන්නේ පොරවෙන් කපන්නට සිදු වන තරමට ප්‍රශ්නය වර්ධනය වීමයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජාතිවාදය අවුස්සලා සතුටුවෙන පිරිසක් මේ දවස්වල දකින්න පුළුවන් සමහර සමාජ වෙබ් අඩවි මේවට රුලුක් සපයනවා.අපේ රටේ සමාජ වෙබ් අඩවි වැඩිපුර භාවිතා වෙන්නේ වැරදි දේ වෙනුවෙන්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. එතකොට ඔහේගේ පියා 88/89 අහිංසක මිනිසුන් සැකකරුවන් කියලා වෙඩිතියල මරලා දැම්මේ මිනි මරලා සතුටුවෙන පිරිසක්, ලුතිනන් ඉඳලා කැප්ටන් වෙන්න තව තරුවක් ගහ ගන්න ප්‍රොමෝට් වෙන්න නේද තෙල් කොච්චි ටැංකි මුරට හිටපු එවුන් රේල්පරේ යන එන එවුන්ට වෙඩිතින්න මොකටද ලොක්කනට් මරපු හන කියලා ප්‍රොමෝට් වෙන්න පුළුවන් වුනාට අන්තිමට වින්දවලා මලා කලපව් මෙලවදීම පලදිලා

      Delete
  2. ආ ඔවු සිංහල උන්ටම බැනපං..... බැන්නත් ඉවසන් ඉන්නෙ අපි විතරනේ...

    ReplyDelete
  3. මිනිසා යනු හුදෙක් මිනිසාම බව පමණක් තේරුම් ගන්නා තුරු බෙදී වෙන්වී කුලල් කාගනු ඇත.චින්තන විප්ලවයක් කිරීමට බැරි නිසා සේරම වර්ග වාදීන්ට එරෙහිව නීතිය දැඩි විය යුතුමය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා