බලය බෙදා ගැනීම හා පළාත් සභා ගැන රෙජිනෝල්ඩ් කුරේගේ අත්දැකීම් බෙදා ගනිමු

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ සමග සුභාරතී වැඩසටහනක් කරන්නට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ලැබුණු ආරාධනය පිළි ගත්තෙ ඉතාම සතුටින්. කළුතර සිට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා පමා වුණ නිසා අපි දුරකථනයෙන් ඔහු සම්බන්ධ කරගෙන වැඩසටහන පටන් ගත්තා.

බලය බෙදාගැනීමට පක්ෂ පුද්ගලයෙකු විදියට රෙජිනෝල්ඩ් කුරේගේ අත්දැකීම් උකහා ගැනීම හා සමාජයට සන්නිවේදනය කිරීම ඉතා වැදගත් යයි මා සිතනවා. ඔහු විජය කුමාරතුංග නායකත්වය දැරූ මහජන පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස 1987දී මහත් අවදානමක් දරා ගනිමින් පළාත් සභාවලට පක්ෂව කටයුතු කළා. ඔහු පළමු බස්නාහිර පළාත් සභාවේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වුණා. 1994දී පාර්ලිමේන්තුවට පත් වී ප්‍රධාන ඇමති තනතුරු ද හෙබවූ ඔහු 2000 වසරේ සිට 2009 දක්වා ම බස්නාහිර ප්‍රධාන ඇමතිවරයා වුණා. 2016 වසරේ සිට ඔහු උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයායි.

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදා ගැනීම යෝජනා කරන පුද්ගලයන්ට පළාත් සභා සම්බන්ධයෙන් රෙජිනෝල්ඩ් කුරේගේ අත්දැකීම් වැදගත්. ඒ නිසා විනාඩි 45ක කාලයක් අරගෙන මේ වැඩසටහනට සවන් දෙන්න. එය ඔබට ප්‍රයෝජනවත් වේවි.

බලය බෙදා ගැනීම, පළාත් සභා සම්බන්ධ ආර්ථික සාධක පිළිබඳ ඔහු ඉදිරිපත් කරන කරුණු ඉතා වැදගත් යයි මා විශේෂයෙන් ම හිතනවා.

14වන විනාඩිය දක්වා දුරකථනයෙන් කතා කරමින් පැමිණි ආණ්ඩුකාරවරයා එතැන් සිට මැදිරියේ සිට කතා කළා.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රෙජිනෝල්ඩ් කුරේ-මං කැමති මිනිහෙක්. මා දන්නා තරමින් ඔහු ඉංග්‍රීසි ගුරවරයෙක්. ඉමිතියාස් බාකිර් මාකර්ට වගේ රෙජිනෝල්ඩ්ටත් භාෂා ත්‍රිත්වයම හසුරුවන්න පුලුවන්යැයි සිතමි.

    ReplyDelete
  2. 71 කැ‍රැල්ල සාමාජිකයෙකු ලෙස අත් අඩංගුවට පත්ව පුනරුත්ථාපන කඳවුරේදී තනිවම වැසිකිලි සේදීම පවා කල නිහතමානී සුන්දර මිනිසෙකු වූ මොහු බලය සහ මුදල් ලැබෙන විට ඔහුගේ සරල සුගම ශෛලිය අත්හැර දමා තමා හමු වීමට එන ජනතාව කුනුහරුපයෙන් බැන එලවීමට තරම් විපරීතව පරිනාමය විය.

    ReplyDelete
  3. රෙජිනෝල්ඩ් කුරේ,මංගල සමරවීරලා වැනි අය තමයි ලංකාවේ දේශපාලනයට බොහෝ සෙයින් අවශ්‍ය කරන්නේ.විධායක ජනපති ක්‍රමයට පක්ෂපාති අදහස් තිබ්බත් බලය බෙදීම වැනි කාරණා වලදී පමණක් ඩිලාන් පෙරේරාගේ අදහස් වල තියෙන සාධනීය බවටත් මම කැමතියි.

    ReplyDelete
  4. පැරා මෙතැනදී රෙජිනෝල්ඩ් ගෙන් ඔබ වැදගත් ප්‍රශ්නයක් අහනවා, එනම් දැනට ලබාදීලා තියන බලයෙන් කොච්චර සේවයක් දෙමල ජනයාට දෙමල දෙසපලන්යයෝ කරලා තියනවද කියල එහිදී ඔහු පැහැදිලිව කියනවා, ඔවුන් වැඩි වැඩියෙන් බලය ඉල්ලුවත් දීල තියන බලයෙන් වත් සේවයක් කරලා නැති බව. මේක තමයි කතාව ඔබ ඉන්පසු ඔහුගෙන් අහන්නේ නෑ දීපු බලය තුලින් සේවයක් නොකරන මේ මිනිසුන් තව වැඩි බලයක් ලබාදීමේ ප්‍රයෝජනය මොකද්ද කියල ?

    ReplyDelete
  5. බලය බෙදා හැරිය යුත්තේ ඒකීය පුද්ගලයා අතටයි.
    ඒ හැර අන් සියළු බලය බෙදා හැරීම වලින් සුළුතරයන් පීඩාවට පත්වෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා