කම්කරුවනි, පාලක මධ්‍යම පන්තියට විරෝධය පළ කරන්නට මැයි දිනය වර්ජනය කරමු
කම්කරු දිනය අභිචාරයක් කරගෙන සමරමින්, තමන්ගේ බලය පෙන්වීමට උත්සාහ කරන මධ්‍යම පන්තික පක්ෂ හා වෘත්තීය සමිතිවලට විරෝධය පළ කිරීම පිණිස, සැබෑ කම්කරුවන් කොහේවත් නො ගොස් තමන්ගේ දූ දරුවන් සමග ගෙදර සිටිය යුතු බව අපේ අදහසයි. ලංකාව පාලනය කරන මධ්‍යම පන්තිය ප්‍රධාන වශයෙන් ම යැපෙන්නේ රජයෙනි. රජයේ සිය ලාභ පංගුව කොන්ත්‍රාත්, කොමිස්, වැටුප් ආදිය හරහා බෙදා ගැනීම පිණිස මෙම පන්තියේ ස්ථර අතර ගැටුමක් තිබේ. පහත දැක්වෙන්නේ අප මෙම මධ්‍යම පන්තිය නියෝජනය කරන පක්ෂ ඒවායේ පදනම අනුව හඳුනා ගන්නා ආකාරයයි. එජාප: ව්‍යවසායක හිතවාදී නාගරික මධ්‍යම පන්තිය ශ්‍රීලනිප: ග්‍රාමීය මධ්‍යම පන්තිය පොදු ජ න පෙරමුණ : රාජ්‍ය මූලික කොල්ලකාරී මධ්‍යම පන්තිය ජවිපෙ: මධ්‍යම පන්තියේ පහළ ස්ථරය පෙසප: මධ්‍යම පන්තියේ පහළ ස්ථරයේ රැඩිකල් බලවේගය ජාතික හෙළ උරුමය: සිංහල ජාතිකවාදී මධ්‍යම පන්තිය දෙමළ ජාතික සන්ධානය : දෙමළ ජාතිකවාදී මධ්‍යම පන්තිය බොදු බල සේනා : සිංහල ජාතිවාදී මධ්‍යම පන්තිය දෙමළ මහජන සභාව : දෙමළ ජාතිවාදී මධ්‍යම පන්තිය මුස්ලිම් කොංග්‍රසය : මුස්ලිම් මධ්‍යම පන්තිය ලංකාවේ සැබෑ කම්කරුවන්ගේ ඍජු නියෝජනයක් තිබෙන පක්ෂ ලෙස ස...