ආගමේ නාමයෙන් කෙරෙන සියලු හිංසනයන් පිටුදැකිය යුතු ය | Cruelty covered to religion should be banned
( 2010 අගෝස්තු 31, W3Lanka ) මුන්නේශ්වරමේ සත්ව බිලි පූජාව ආගමේ නාමයෙන් සිදු වු කෲර හිංසනයක් බවට කිසිදු විවාදයක් නැත. මිනිසුන් මස් ආහාරයට ගැනීම පිළිබඳ අපගේ විරෝධයක් නැති මුත්, ශිෂ්ටත්වයෙන් අංශු මාත්‍රයක් හෝ තිබෙන සමාජයකට නො හොබිනා වූ, ප්‍රදර්ශනාත්මකව පැවැත්වෙන මෙවැනි කෲර සත්ව හිංසනයන් අනිවාර්යයෙන් ම තහනම් කළ යුතු ය. එහෙත්, ඒ සමගම සිතිය යුතු තවත් කාරණා තිබේ. ආගමේ නාමයෙන් කටු ගසාගෙන, කොකුවලින් එල්ලීගෙන වීදිවල ප්‍රදර්ශනය වෙමින්, සෙසු මිනිසුන් තුළ පිළිකුල හා සංත්‍රාසය ඇති කරන මිනිස් ස්වයං හිංසනයන් පිළිබඳව ද අප සිතා බැලිය යුතුව තිබේ. එසේ ම, සාමාන්‍ය ජිවිතයේදී දිනකට සැතපුම් පනහකටත් වඩා සැරිසැරීමේ ජෛවී අවශ්‍යතා ඇති අලි ඇතුන් අල්ලා, මුළු ජීවිත කාලය පුරා ම යදමින් බැඳ තබා උමතු තත්වයට පත් කර, කකුල් හතර හරි හැටි සොලවන්නටත් බැරි ලෙස යදමින් බැඳ, නුහුරු ඇඳුම් අන්දා සාදු, සාදු කියමින් පෙරහරවල ගෙන යමින් කරන සත්ව හිංසනයට බුදුන්ගේ බුදු දහම අදහන බෞද්ධයන්ට නම් එකඟ විය නො හැකි ය. බුදුන්ගේ බුදු දහමට අදාළ නො වන ආගමික, සංස්කෘතික, සම්ප්‍රදායික, ව්‍යාපාරමය, සංචාරක, ර...