දෙකයි පනහේ දොස්තරලාගේ පාඨශාලා බොරුව

වෛද්‍යවරුන්ගේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ලබා දී නැති ය කියන එක ඇත්තක් නො වේ. කිසියම් හේතුවක් නිසා පාසලක් නො ලැබුණු ඕනෑ ම දරුවකුට දරුවා පදිංචි කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමු වූ විට පාසලක් ලබා ගත හැකි ය.

වෛද්‍යවරුන් ස්ථාන මාරු ලබා ගත් විට ඔවුන්ගේ සේවා ස්ථානයට ආසන්න පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු ය. හේතුව, රජයේ සේවකයන් ලෙස, ආයතන සංග්‍ර‍හය අනුව ඔවුන් තම රෝහලට ආසන්න ස්ථානයක පදිංචි වී සිටිය යුතු නිසා ය.

එහෙත්, අනිවාර්යයෙන් ම, කොළඹින් හා ප්‍ර‍ධාන නගරවලින් ජාතික පාසල් ම ලබා දිය යුතු ය කියා එකක් නැත. මහජන ආයතනයක් වන රජය එවැනි වගකීමක් භාර ගැනීම ද සමානාත්මතාව නො සලකා හැරීමකි.

ස්ථාන මාරු ලැබෙන්නේ දොස්තරලාට පමණක් නො වේ. වෙනත් රජයේ සේවකයන් ද ස්ථාන මාරුවලට ලක් වෙති. බොහෝ ස්ථාන මාරු සිදු වන්නේ අභිමතය පරිදි ය. පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී ස්ථානමාරු වෙනුවෙන් පමණක් නොව, විදේශයන්හි සිට සිය රට පැමිණීම වෙනුවෙන් පවා වෙන වෙන ම විශේෂ අවස්ථා ලබා දී තිබේ.  

එහෙත් මේ සියල්ල ම රජයේ සේවකයන්ට ය. රටේ ආර්ථිකයට සැබැවින් දායක වන පෞද්ගලික අංශයට, විදේශ ශ්‍ර‍මිකයන්ට මේ කිසිදු වරප්‍ර‍සාදයක් නැත.

මේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට මාස නමයක් තිස්සේ පාසල් නැති කතාව ම අමූලික බොරුවකි. එක්කෝ එම දරුවන්ට පාසල් ලබා දී තිබියදී ඔවුන් එම පාසල්වලට ගොස් නැත. නැතිනම්, ඔවුන් සිය දරුවන්ට පාසල් නො ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී නැත. 

මෙය වනාහි මාස කීපයකට ඉහතදී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ළමයින් ඇතුළත් කරන්නට අපේක්ෂා කළ දරුවන් පිරිසකගේ මව්පියන් සමග එක්ව රඟ දැක්වූ නාටකයේ මීළඟ කොටසයි. ඒ සියලු දරුවන්ට නිවෙස් ආසන්නයේ පාසල් ලබා දී තිබිණි. එ්වායේ ගැටලු තිබිණි නම් ඒවා විසඳිය හැකිව තිබිණි. එහෙත්, ඒ සටන කෙරුණේ මීගහතැන්න ප්‍රාථමිකයට ම දරුවා ඇතුළත් කරන්නට ය. ඒ දරුවන් අවසානයේදී ඇතුළත් කරනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස්වල සිට කිලෝ මීටර් 20කටත් වඩා දුරින් මතුගම නගරයේ පිහිටි පාසලකටයි.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මෙම වර්ජන තර්ජනය අතිශය අසාධාරණ ය. කෙනෙකු වෛද්‍යවරයකු වූවා ය කියා එම පුද්ගලයාගේ දරුවා අනිවාර්යයෙන් ම ඉහළ පෙළේ පාසලකට ඇතුළත් කිරීමේ වගකීමක් රජය කිසි සේත් භාර නො ගත යුතු ය. පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීමේ සාමාන්‍ය පටිපාටියට පිටින් සුවිශේෂ වරප්‍ර‍සාද නො දිය යුතු ය. 

එම පටිපාටිය ද නිවැරදි කළ යුතු ය. පසුගිය යුද සමයේ මෙහෙයුම් ප්‍රදේශවල සිටි හමුදා සාමාජිකයන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා ලබා දුන් සුවිශේෂ පදනම ද ඉවත් කිරීමට කාලය පැමිණ ඇත. 

අධ්‍යාපන කාර්ය මණ්ඩලවල අයට දී තිබෙන සුළු වරප්‍ර‍සාදය පවා ඉවත් කළ යුතු ය. 

වැඩි ම දූෂණයක් සිදු වන පදනම ආදි ශිෂ්‍ය පදනමයි. එවැනි පදනමක් අවශ්‍ය ම නැත. 

රජය කළ යුතුව තිබෙන්නේ සෑම දරුවකුට ම පදිංචි නිවසට ආසන්න ම පාසල ලබා දීමයි.

අනෙක් පැත්තෙන් රජය විසින් කළ යුතුව තිබෙන්නේ සෑම පාසලකට ම පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමයි. එහිදී ජනප්‍රිය නො වන පාසල්වලට වැඩි පහසුකම් ලබා දිය යුතු ය. ජනප්‍රිය පාසල්වලින් ප්‍රාථමික පංති ඉවත් කර ප්‍රාථමික පාසල් ජනප්‍රිය පාසල් සමග අනුබද්ධ කිරීම ද කළ හැකි ය.

රජය විසඳුම් දිය යුත්තේ ජනප්‍රිය පාසල් තරගයට මිස මෙවැනි ප්‍රෝඩාවලට නො වේ. 





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත් පී ජයසිංහ කොහොමත් දොස්තරලා එක්ක තරහයි. එකක් තමයි පී ජයසිංහ හරියට අධ්‍යාපනය ලබා ඇති අයෙක් නෙමෙයි. ඒ නිසා උගත් වෛද්‍යවරුන් සමග තරහයි.

    අනික් කාරණේ තමයි වැදගත්ම එක. ඒ තමයි අජිත් පී ජයසිංහ ගේ බිරිඳ නර්ස් කෙනෙක්. ඉතිං නර්ස් කෙනෙක් කිව්වම රටේ ඉන්න සමහරු කියනවා එයාලා රෑට නයිට් එකට හොස්පිටල් ගියාම දොස්තරලා එක්ක නිදියනවා ඇති කියලා.

    අන්න ඒක අජිත් පී ජයසිංහගේ හිතෙත් තියෙන නිසා එයාට ඊර්ෂ්‍යායි. මොකද දීර්ඝ කාලයක් හිරකරුවෙක් විදියට ඉන්නකොට විඳපු ගැහැට නිසා පී ජයසිංහ කියන්නේ දැන් මානසික වගේම කායිකත් රෝගියෙක්. ඔහුට බිරිඳගෙන් සතුටු වෙන්න බැරි උනාට, බිරිඳව සතුටු කරන්න බැරි උනාට වෙනත් කෙනෙක් ඒ සතුට ලබා ගන්නවා කියලා හිතෙන නිසා අජිත් මානසික අවුලෙන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. "පී ජයසිංහ කියන්නේ දැන් මානසික වගේම කායිකත් රෝගියෙක්."
      කායික රෝගියා කෙසේ වෙතත් මානසික රෝගී අවලම් ජඩයකුනම් ඉහත කමෙන්ටුව තුලින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.

      Delete
    2. එකතුකිරීම. අජිත්ගේ බිරිඳ මා දන්නා තරමින් බ්ලොග් ලියන්නේද දේශපාලනයේ යෙදෙන්නේ නැත. එවන් කාන්තාවක් මේ අවලම් ජඩයා තම කමෙන්ටුවට සම්බන්ධ කරගනිමින් තමන්ගේ ජාතකයේ විස්තර ලොවට හෙළිකරයි.

      අප සමහර විට අජිත් සමග ගැටෙනුයේ මතවාදීමය වශයෙනි. ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග අපට ගැටුමක් නොමැත.

      Delete
    3. 11.02 Ano- isay thamuse maathalanda nikam point ekata nathuwa kunuharupa kiyawanna?

      Maathlange blog adhikaraya binda wage me dostharala asadharana lesa thabagena inna adhipathi manasikathwaya nathi kireemata api wada kala yuthui. Kisima thanaka danuma ho wenath yam deyak penwala samajaye asananathwaya wapuranna ida diya yuthu na. Doctorsla kiyanneth thamange danuma pawichchi karala sewayak salasana shramikayo kandayamak. Owunta amuthu salakillak awashya na. Batahira ratawala balanna owunta nisi thana labaa deela thibena akaraya. Me pilibanda nawatha nawathath katha kala yuthui wagema janathawa wada danu wath kala yuthui

      Delete
    4. මේ ඉහලින්ම තියෙන කමෙන්ට් එක කියෙව්වාම දොස්තරලා ලෙඩ්ඩුවෙලා. ලෙඩ්ඩු දොස්තරලා වෙලාදෝ කියලා හිතුනා. හරිම කණගාටුයි දරුවෝ!!!!!

      Delete
    5. "ඩොක්ටර්ස්ලා" කලබල උනාට පිස්සො කලබල වෙන්න නරකයි....

      Delete
    6. දොස්තරට වඳින ගාථා පන්තිය....

      ගිරාන ග්‍රන්ථ කිරියංච - පරිශීලේන සාගරං
      නළාය දීඝ උරේකත්වා - වචනේන මධුරං සුඛං
      කුළේසු අග්ග බ්‍රාහ්මණෝ - චැනලේන විපුලං ඵලං
      යේ සත්ත මහා කර්තව්‍ය - වෛද්‍යාචාර නමෝ නමං

      රචනංච පෙත්ත පැණියං - ඖෂධේන සමාගමෝ
      බලේන යේන විදේසන්තු - ත්‍යාග ලාභෝ මහත් ඵලං
      වෛද්‍ය විද්‍යා අධ්‍යාපනං - පෞද්ගලිකංච වාරණං
      තං පුග්ගලික රෝගශාලා - මහප්ඵල මාහම් සුඛං

      මහාය ටෝක දේසයන්තු - අහං ජනතා වාදිතං
      දාරක අග්ග පාඨශාලා - නදේත වැඩ වජ්ජනං
      මුඛාසන්න මැක්ක යන්තෝ - සබ්බතේ වැඩ වජ්ජනං
      බලේන යේන දීප භූතං - වෛද්‍යාචාර නමෝ නමං.....
      Thanks rasikalogy

      Delete
    7. Best comment I ever saw on this subject, well formulated verses with some real Pali words added.. Many do not get the meaning of it I guess. Climax of sarcasm!!:-)

      Delete
    8. "ඩොක්ටර්ස්ලා" කලබල උනාට පිස්සො කලබල වෙන්න නරකයි...."
      හරියටම හරි !!!
      ගයිඩො කලබල වෙන්න ඕනැත් නෑ.

      Delete
    9. ගඩ්ඩො කලබල වෙන්නෙ සුද්දො නැතිකොට....

      Delete
  2. //එහෙත්, අනිවාර්යයෙන් ම, කොළඹින් හා ප්‍ර‍ධාන නගරවලින් ජාතික පාසල් ම ලබා දිය යුතු ය කියා එකක් නැත

    කෝටා අනුව ළමුන් ඇතුලත් කරන්නේ ජාතික පාසල් වලට පමණයි.

    //ස්ථාන මාරු ලැබෙන්නේ දොස්තරලාට පමණක් නො වේ. වෙනත් රජයේ සේවකයන් ද ස්ථාන මාරුවලට ලක් වෙති. බොහෝ ස්ථාන මාරු සිදු වන්නේ අභිමතය පරිදි ය.

    ජ්‍යේෂ්ටත්වය මත මිස අභිමතය අනුව නොවේ. පැරා කියන්නේ බොරුය.

    //පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී ස්ථානමාරු වෙනුවෙන් පමණක් නොව, විදේශයන්හි සිට සිය රට පැමිණීම වෙනුවෙන් පවා වෙන වෙන ම විශේෂ අවස්ථා ලබා දී තිබේ.

    මෙවර ඒ සඳහා විදෙශ පුහුනුවෙන් පසු පMඉණි වෛදවරු නොසලකා හැර ඇත. ස්ථාන මාරු සඳහාද එසේමය.

    //පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීමේ සාමාන්‍ය පටිපාටියට පිටින් සුවිශේෂ වරප්‍ර‍සාද නො දිය යුතු ය.

    එසේ නම් අධ්‍යාපන / ආරක්ෂක අංශ සහ විනිසු කෝටා වලටත් එරෙහි විය යුතුය. ඇරියස් ඇති පැරකුම් ඒ ගැන නිහඬය.

    //වැඩි ම දූෂණයක් සිදු වන පදනම ආදි ශිෂ්‍ය පදනමයි. එවැනි පදනමක් අවශ්‍ය ම නැත.

    හාමු මහත්මයා සමග මේ සාකච්චාව කරන්නේ නම් මීට වඩා ප්‍රතිඵලදායක වනු ඇත.

    //අනෙක් පැත්තෙන් රජය විසින් කළ යුතුව තිබෙන්නේ සෑම පාසලකට ම පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමයි.

    මේ ගැන සම්පූර්නයෙන් එකඟයි.

    ReplyDelete
    Replies
    1. හරක් දැකල තියෙනවා. උඩ කමෙන්ට් එක දාපු එකා වගේ එකෙක් දැක්කමයි.

      Delete
    2. මිගාර වීරක්කොඩි කියන්නෙ ගිය ආත්මෙ කරපු දරුණු පාපකර්ම වලට තිරිසන් ආත්මයක් හිමි විය යුතු, ඒත් අවසාන මොහොතෙ සාමනේර හිමි නමක් දැකීමෙන් සිත පහදවා ගැනීම නිසා මනුෂ්‍යාත්මයක් ලද කෙනෙක්. පරණ පුරුදු තාම තියෙනවා.

      Delete
    3. එසේ නම් අධ්‍යාපන / ආරක්ෂක අංශ සහ විනිසු කෝටා වලටත් එරෙහි විය යුතුය. ඇරියස් ඇති පැරකුම් ඒ ගැන නිහඬය//

      මතක විදියට පැරා මීට කලිනුත් කෝටාවලට විරුද්ධව කතා කලා.

      Delete
  3. //කෝටා අනුව ළමුන් ඇතුලත් කරන්නේ ජාතික පාසල් වලට පමණයි.//

    එවැනි ක්‍ර‍මයක් තිබේ නම් එය ඉතා අසාධාරණ ය. ජාතික පාසල් ය කියා පාසල් ප්‍ර‍මාණයක් මධ්‍යම ආණ්ඩුව යටතේ තබා ගැනීම ම වැරදි ය. අධ්‍යාපනය පළාත් සභා සතු විෂයයක් වන අතර සියලු පාසල් පළාත් සභාවලට ම භාර දිය යුතු ය.

    //(ස්ථාන මාරු) ජ්‍යේෂ්ටත්වය මත මිස අභිමතය අනුව නොවේ. //
    අලුත් පත්වීම් ලබන දොස්තරවරුන් හැර සෙසු දොස්තරලා සම්බන්ධ ස්ථාන මාරු සිදු කරද්දී දඬුවම් මාරු සිදු කරන්නා සේ බලහත්කාරයෙන් ඒවා කරන්නේ නැත. මාරු මණ්ඩල සැකසී තිබෙන්නේ වෘත්තීය සමිති නියෝජනය ද සහිතව ය. එහිදී වෛද්‍යවරුන්ගේ කැමැත්තට ඉඩ දේ. බොහෝ විට ලබා දෙන්නේ ඔවුන් විසින් ඉල්ලා සිටින සේවා ස්ථානයි.

    //(පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී) ස්ථානමාරු වෙනුවෙන් පමණක් නොව, විදේශයන්හි සිට සිය රට පැමිණීම වෙනුවෙන් පවා වෙන වෙන ම විශේෂ අවස්ථා ලබා දී තිබේ. මෙවර ඒ සඳහා විදෙශ පුහුනුවෙන් පසු පැමිණි වෛදවරුන් නොසලකා හැර ඇත. ස්ථාන මාරු සඳහාද එසේමය.//
    පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ කටයුතු සම්පූර්ණයෙන් ම මෙහෙයවන්නේ අදාළ පාසල විසිනි. එහිදී කටයුතු කරන්නේ නියමිත චක්‍රලේඛ පරිදි ය. මෙම පදනම්වලදී වෛද්‍යවරුන්ට කියා වෙන ම විශේෂත්වයක් නැත. එසේ ම, වෛද්‍යවරුන් එම පදනම්වලදී නො සලකා හරින්නට ය කියා චක්‍රලේඛයක් ද නැත. තිබේ නම්, එහි අංකය කියන්න.

    //අධ්‍යාපන / ආරක්ෂක අංශ සහ විනිසු කෝටා වලටත් එරෙහි විය යුතුය. ඇරියස් ඇති පැරකුම් ඒ ගැන නිහඬය.//
    අදහස් පළ කිරීමට පෙර ලිපිය කියවන්න.

    //හාමු මහත්මයා සමග මේ සාකච්චාව කරන්නේ නම් මීට වඩා ප්‍රතිඵලදායක වනු ඇත.//
    ආදි ශිෂ්‍ය මාෆියාව ඇත්තේ රාජකීය විද්‍යාලයේ පමණක් නො වේ. ආදි ශිෂ්‍යයන්ට දී තිබෙන අසාධාරණ කෝටාව හේතුවෙන් මේ වන විට මෙම මාෆියාව රට පුරා ම පැතිරී තිබේ.




    ReplyDelete
    Replies
    1. well said. api nodanna sthana maaru.

      Delete
    2. //අලුත් පත්වීම් ලබන දොස්තරවරුන් හැර සෙසු දොස්තරලා සම්බන්ධ ස්ථාන මාරු සිදු කරද්දී දඬුවම් මාරු සිදු කරන්නා සේ බලහත්කාරයෙන් ඒවා කරන්නේ නැත. මාරු මණ්ඩල සැකසී තිබෙන්නේ වෘත්තීය සමිති නියෝජනය ද සහිතව ය. එහිදී වෛද්‍යවරුන්ගේ කැමැත්තට ඉඩ දේ. බොහෝ විට ලබා දෙන්නේ ඔවුන් විසින් ඉල්ලා සිටින සේවා ස්ථානයි.

      මේවා අජිත්ගේ හිතළුය. පුරප්පාඩු ලේකනය ඉදිරිපත් කල විට අදාල පුරප්පඩුව ලැබෙන්නේ එයට ඉල්ලුම් කරන ජ්‍යේෂ්ටම වෛද්‍යවරයාටය. ඉල්ලූ පළියට හැම ඉස්පිරිතාලයම ලැබෙන්නේ නැත. පැරකුම් නොදන්නා දේවල් එක්කෝ ඉගෙන ගත යුතුය. නැත්නම් කතා නොකර සිටිය යුතුය.

      //එවැනි ක්‍ර‍මයක් තිබේ නම් එය ඉතා අසාධාරණ ය.

      දැනට එහෙම ක්‍රමයක් ඇති නිසා ක්‍රමය වෙනස් වන තුරු දොස්තරලාගේ ලාමයින් පාසල් නැතුව සිටිය යුතුද?

      //එසේ ම, වෛද්‍යවරුන් එම පදනම්වලදී නො සලකා හරින්නට ය කියා චක්‍රලේඛයක් ද නැත

      cජක්‍රලේකය ණැත් වුනාට නීතිය යොදවන ආකාරය වෙනස් කළ හැක. විදේශ පුහුනුව රටේ අවශ්යතවයක් නොවේ යයි තර්කයක් නගා එම කෝටාවට වෛද්යවරුන් නොසලකා හැරීම ඉන් එකකි.

      //ආදි ශිෂ්‍ය මාෆියාව ඇත්තේ රාජකීය විද්‍යාලයේ පමණක් නො වේ. ආදි ශිෂ්‍යයන්ට දී තිබෙන අසාධාරණ කෝටාව හේතුවෙන් මේ වන විට මෙම මාෆියාව රට පුරා ම පැතිරී තිබේ.

      එකට කරන්නට දෙයක් නැත. නමුත් හාමුගේ ආණ්ඩුව ඇති ටුරා ඕක නම් අහෝසි වෙන්නේ නැති බව ඉන්තේරුවෙන්ම කියන්නට පුලුවන.

      Delete
    3. //පුරප්පාඩු ලේකනය ඉදිරිපත් කල විට අදාල පුරප්පඩුව ලැබෙන්නේ එයට ඉල්ලුම් කරන ජ්‍යේෂ්ටම වෛද්‍යවරයාටය. ඉල්ලූ පළියට හැම ඉස්පිරිතාලයම ලැබෙන්නේ නැත.// ඉතින් එහි අසාධාරණයක් නැත. පාසල් ලබා දීමේදීත් එය එසේම ය. ඉල්ලූ පලියට හැමෝට ම ජනප්‍රිය පාසල් පමණක් ලබා දෙන්නට බැරි ය.

      අනෙක කිසිදු සාමාන්‍ය වෛද්‍යවරයෙක් හුදෙක් ම අවුරුදු හතරක් කිසියම් රෝහලක සේවය කළ පමණින් ම, අකැමැත්තෙන්, බලහත්කාරයෙන් හිටි හැටියේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට මාරු කරන්නා සේ මාරු කර තිබේ ද යන්න අවංකව කල්පනා කර බලන්න. එහෙම වන්නේ නැත. මේවා සිදු වන හැටි ඔබ හොඳින් දනියි. නිකම් බබා පාට් නො දමන්න.

      වෛද්‍යවරුන්ට, හමුදාවට, අධ්‍යාපන කාර්ය මණ්ඩලවලට පමණක් විශේෂ කෝටා තිබේ නම්, විදේශ ශ්‍ර‍මිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි විදේශ විනිමය උපයන අයට ද විශේෂ කෝටා තිබිය යුතු ය. මේ සියලු කෝටා අහෝසි කළ යුතු ය. වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීම මිස එක්, එක් වෘත්තිකයන්ට කෝටා ලබා දීම අවශ්‍ය නැත.

      //නමුත් හාමුගේ ආණ්ඩුව ඇති ටුරා ඕක නම් අහෝසි වෙන්නේ නැති බව ඉන්තේරුවෙන්ම කියන්නට පුලුවන.//
      ආදි ශිෂ්‍ය පදනම ගැන ඔබේ අදහස්වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියකට එහා යන ආණ්ඩු විරෝධී දේශපාලනයක නිරත වන බව හොඳින් පෙනේ. මෙවැනි කාරණා සම්බන්ධයෙන් වර්ජන කරන්නේ ඒ නිසා ය.

      මේ මාෆියාවට ආණ්ඩුව කොන්ද පණ ඇතිව මුහුණ දිය යුතු ය.

      Delete
    4. චන්ද්‍රිකාSeptember 20, 2016 at 12:43 AM

      කණගාටුව අැත්තේ හාමු මහත්තයා අාදිශිෂ්‍ය මාෆියාව පාසැලෙන් ඒලියට ගෙන ඒය රාජ්‍ය තාන්ත්‍රික කිරීමයි.

      Delete
  4. දන්නෙ නැති නිසා මේ අහන්නෙ පාරා. එතකොට තව මොනවද මේ දොස්තරලට ඕනි කරන්නෙ දන්නෑ මේ රජයෙන්..?

    ReplyDelete
    Replies
    1. ඇයි මහින්ද රාජපක්ෂට අගමැතිකමයි ඊට පස්සෙ ජනාධිපතිකමයි දෙන එකත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උවමනාවක් නේ.

      Delete
    2. රජරට සාත්තර පුංචාSeptember 15, 2016 at 1:55 PM

      හික්ස්,
      පාදෙනිය සවුක්ය ඇමති.

      Delete
  5. වැඩවසම් යුගය අවසන් කල ධනවාදී යුගයේදී වැඩවසම් යුගයේ " රදල" භූමිකාවකට පන පොවන්න දොස්තරලට පුලුවන් වෙන්නහේතු තියෙනවා.
    ඕකට මූලිකම හේතුව ලන්කාවේ වෛද්‍ය අද්‍යාපනය ඉහල ගුනාත්මක එකක් නිසා ලන්කාවෙ වෛද්‍යවරුන්ට ලෝකෙ තියෙන ඉහල ඉල්ලුමයි.. ඕක බිදවැටෙන්න එක්කෝ රජය වෛද්‍ය අද්‍යාපනය පුලුල් කරන්න ඕන.. නැත්නම් වෛද්‍ය අද්‍යාපනය බිස්නස් එකක් වෙලා තොග වශයෙන් බාල දොස්තරල බිහිවෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. Ekane ape mathi amathiwaru hembirissawak hadunath singappuru duwanne.. Ane palayan ban yanna. Umbe choon umbata choon.. Moo methana angata nodani saitam katha danna ena perettek

      Delete
    2. ලන්කාවේ වෛද්‍ය අද්‍යාපනය ඉහල ගුනාත්මක එකක් නිසා ලන්කාවෙ වෛද්‍යවරුන්ට ලෝකෙ තියෙන ඉහල ඉල්ලුම ගැන දැනගන්න අවශ්‍ය නම් සාමාන්‍ය වෛද්‍යවරු පිටරට ගිහින් කරන්නේ මොනවද කියලා හොයලා බලන්න.

      මේ මිථ්‍යා නිසා තමයි ලංකාවේ අධ්‍යාපනය හා වෘත්තික ගුණාත්මකභාවයන් දියුණු නො වන්නේ.

      ලංකාවේ විශ්වවිද්‍යාල එකක්වත් ලෝකෙ හොඳම විශ්වවිද්‍යාල 2000ටවත් අයිති නැහැ. වෛද්‍ය පීඨයක් තියෙන රජරට විශ්වවිද්‍යාලය හොඳම 9000ටවත් අයිති නැහැ.

      Delete
    3. කොහෙද අප්පේ ඔයතරම් ඉල්ලුමක් තියෙන්නේ. ලිඳෙන් එලියට එන්න.

      Delete
  6. සියලු රජයේ පිරිමි පාසල් රාජකීය විද්යාලය ලෙසත් කාන්තා පාසැල් විසාකා විද්යාලය ලෙසත් රී බ්‍රෑන්ඩින් කොල යුතුය!

    ReplyDelete
    Replies
    1. Well said. The best solution for most of the idiots in SL.

      Delete
    2. ෆෝ ද ෆස්ටයිම් ඇග්‍රී විත් සාරස

      Delete
    3. ඉතාමත්ම වටිනා වදනක් සා ර ස

      Delete
  7. ඔයි මිගාර වීරක්කොඩි, ගොනා වුණාට තපුල්ලන්න එපා. කෝටා අනුව ළමයි ගන්නෙ ජාතික පාසල් වලට විතරයි තමා. මොකද ඒවට තමයි ඩිමාන්ඩ් එක තියෙන්නෙ. අනෙක් ඒවාට එන ඕනැ ළමයෙක් ගන්නවා. ඔය දොස්තර නඩේට බැරිද ඒවයින් එකකට ළමයි දාන්න. මුන්ට ජාතික පාස්ල්ම ඕනැ මොකද?

    ReplyDelete
  8. The problem is there are various quotas for different public sector professionals (Armed forces, doctors, teachers etc), initiated by last regime. So it is not easy to stop any existing benefits available for long time. Anyway only way to eliminate this popular school syndrome is abolishing primary schools from those 20 odd popular schools around the country and affiliated them with smaller primary schools nearby. Then students with good academic background or extra curricular background can enter so called popular schools as a secondary school student. But instead of doing those things, government started 'nearest school is the best school' program which will be a another failed program like earlier 'isuru pasal' 'nawodya pasal' programs initiated by past governments to reduce competition to enroll popular schools.
    I have written a article on this 'nearest school is the best school program' earlier.
    https://www.colombotelegraph.com/index.php/will-nearest-school-best-school-program-reduce-demand-for-popular-schools/

    ReplyDelete
    Replies
    1. was there a circular awarding them a quota? GMOA shows there was a cabinet paper approved by Chandrika era in 2005. Is it true?

      Delete
  9. අපේ රටේ සාමාන්‍යය ජන විඤ්ඤාණය, බලය සහ වෘතිය ගරුත්වය හමුවේ ක්‍රියාකරන හැටි ගැන නිරීක්ෂණය කරන්න තියෙන හොඳම වෘතීන් දෙක තමයි පොලිසිය සහ වෛද්‍යය වෘතිය.

    මේ දෙකන් එක පිරිසක්, අනෙකා මත බලය පතුරවන්න නීතිමය වරප්‍රසාදයක් තමන්ට හම්බවෙලා තියෙනවාය කියල හිතන් ඉන්න අතරෙ අනෙක් පිරිස, තමාගේ වෘතිය හේතුවෙන් දැඩි ගෞරවයට පාත්‍ර වීම නිසාම තමන් අමුතු සත්ව කොට්ටාශයක් කියල හිතන් ඉන්නව.

    අපේ රටේ ඔය කියන 'සාමාන්‍යය මනුස්සයාට' බලය සහ දැඩි වෘතිය ගරුත්වය හිමිවුනාම ඔවුන් හැසිරෙන විදියෙ හරස්කඩක් තමයි අපිට වර්තමාන පොලිසියේ සහ වෛද්‍යයවරුන්ගේ හැසිරීම හරහා දකින්න තියෙන්නෙ

    නැතුව, පොලිසිය සහ වෛද්‍යවරුන් කියන්නෙ ලාංකීය සමාජයට පිටසක්වලින් පහල වුන සතුන් කොටසක් නෙමේ.

    අපිට මොවුන් මේ පෙන්වමින් ඉන්නෙ අපේම සමාජයේ වටිනාකම්, ආකල්ප වල අවසාන ප්‍රථිපලය විදියට පෙරිල එළියට එන්නෙ නිර්ලජ්ජිත, ආත්මාර්ථකාමී, හැඟීමක් දැනීමක් නැති කුණුවෙච්චි මිනිස්සු කියන එක.

    මේක තමා සමාජයක් විදියට අපි මුහුණදීල තියෙන ඛේදවාචකය. මේ විදියේ නරුම හැසිරීම් වල මූලයන් තේරුම් ගන්න නම් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ අපේම වටිනාකම් අපෙන්ම ප්‍රශ්න කරගන්න එක විතරයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++!!!!!!!!!!
      ///මේ විදියේ නරුම හැසිරීම් වල මූලයන් තේරුම් ගන්න නම් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ අපේම වටිනාකම් අපෙන්ම ප්‍රශ්න කරගන්න එක විතරයි.////////

      Delete
    2. One of best comment Sanjaya.
      Well said!
      100% agreed!

      Delete
  10. Hariyata hari Sa rasa.

    ReplyDelete
  11. දොස්තරට වඳින ගාථා පන්තිය....

    ගිරාන ග්‍රන්ථ කිරියංච - පරිශීලේන සාගරං
    නළාය දීඝ උරේකත්වා - වචනේන මධුරං සුඛං
    කුළේසු අග්ග බ්‍රාහ්මණෝ - චැනලේන විපුලං ඵලං
    යේ සත්ත මහා කර්තව්‍ය - වෛද්‍යාචාර නමෝ නමං

    රචනංච පෙත්ත පැණියං - ඖෂධේන සමාගමෝ
    බලේන යේන විදේසන්තු - ත්‍යාග ලාභෝ මහත් ඵලං
    වෛද්‍ය විද්‍යා අධ්‍යාපනං - පෞද්ගලිකංච වාරණං
    තං පුග්ගලික රෝගශාලා - මහප්ඵල මාහම් සුඛං

    මහාය ටෝක දේසයන්තු - අහං ජනතා වාදිතං
    දාරක අග්ග පාඨශාලා - නදේත වැඩ වජ්ජනං
    මුඛාසන්න මැක්ක යන්තෝ - සබ්බතේ වැඩ වජ්ජනං
    බලේන යේන දීප භූතං - වෛද්‍යාචාර නමෝ නමං.....

    ReplyDelete
  12. වෘත්තීය ක්‍රියා මාර්ග වලට ගිහින් ලෙඩ්ඩු ඔරොප්පු කර ගන්නෙ නැතුව,
    ඩොක්ටස්ලටත් තියෙන්නෙ ලෙඩ නිවාඩු දාන්න අප්පා.
    මොකෝ මිනිස්සු දන්නවා නේ මුන් හෙන ලෙඩ්ඩු ගොඩක් කියලා.

    ReplyDelete
    Replies
    1. වෘත්තීය ක්‍රියා මාර්ග වලට ගිහින් පාඨකයො ඔරොප්පු කර ගන්නෙ නැතුව,
      කුණුහරප බ්ලොග්කාරයින්ට තියෙන්නෙ ලෙඩ නිවාඩු දාන්න අප්පා.
      මොකෝ පාඨකයො දන්නවා නේ මේ වගේ එවුන් හෙන ලෙඩ්ඩු ගොඩක් කියලා.
      දැන් අර එකෙක් නිවාඩු දාල කමෙන්ට් විතරක් කොටන්නෙ.

      "රට හදන්න කලින් ලියන කියන තැන හදාගන්න වෙලා තියෙනවාය"

      "අපි නම් ක්‍රිකටුත් ගහලා තියෙන නිසා, බවුන්සර් පන්දු ආවාම ඒවාට "හුක්" කරන්නත් දන්නවාය. සම හරක් ඔළුව පාත් කරලා ඒවා නිදැල්ලේ යන්න දුන්නට, අපි නම් කරන්නේ හුක් කරනා එකය. ඒ වාගෙම හුක් කර ගන්න බැරි උනොත් මියන්ඩාඩ්ලා වාගේ බෝල් කරන එකාට ෆක් කරන්නත් දන්නවාය."

      දැන් ඉතිං කොරල බලමුකො? දැන් අර විදියට සිංහනාද කරපු එකා දැන් ඇයි වලිගෙ අහවල් තැන හංගගෙන හැංගිලා?

      Delete
    2. පැරා,
      ඔය tourist guideල වෘත්තීය ක්‍රියා මාර්ග වලට ගිහින් touristල ඔරොප්පු කර ගන්නෙ නැතුව ලෙඩ නිවාඩු දැම්මොත් මොනව වෙයිද ?

      Delete
    3. සුද්දො නැති කාලෙට මුන්ට කොහොමත් ලෙඩ නිවාඩු තමා.....

      Delete
    4. ඉහත ඇනොනිමසයන් තිදෙනා ( තිදෙනාම එකෙක් දැයි නොදනිමි) ම පැරාගේ ලිපියේ අදාළ කරුණු ගැන වටිනා විග්‍රහයක් කර තිබේ.ඒ සඳහා තම කාලය,ශ්‍රමය කැප කල ඔවුන්ට තුති!

      Delete
  13. නොදකින් මේ කාලකන්නි හැත්ත අධ්‍යාපන අමාත්‍යංශයේ රෑ ගතකරන අතරේ කඩා පැනලා කුරුඳු පොලු පාරක් ගහලා ඩොකීලට කුරුඳු පොලුවලින් fukhe අරින්න එකෙක් හිටියේ නැහැනේ.

    ReplyDelete
  14. පාදෙනිය,නලින්ද හේරත් මලියදේව ආදි සිසුන්. නවීන් සොයිසා සෙන් තෝමස් එකේ. මුන්ව දෙමව්පියෝ ඔය පාසල්වලට දාගත්තේ මොකාගේ මොක වටලලාද දන්නේ නැහැ. මේක තරම් ගෝත්‍රික ඉල්ලීමක් ලොවෙත් නැහැ..ලොවි ඇටෙත් නැහැ. ඇට නැති පුස්සෝ.

    පාදෙනියගේ වෙලාවට අර ඩොකීව හොස්පිට්ල් අරන් යන්න ඉන්ඩියන් ඇම්බියුලන්ස් එකක් නාවේ.

    ReplyDelete
  15. පැරා, ඉල්ලන්නේ ජාතික පාසල් නෙමෙයි. ජනප්‍රියම පාසල්. කොටින්ම කියනවනම් රෝයල්, විශාකා ටයිප් ඒවා. මතුගම කන්නන්ගරේ වගේ ඒවත් මදිලු
    https://www.youtube.com/watch?v=L3WoW3ntfrY&feature=share
    විනාඩි 8 විතර ඉඳල බලන්න.

    ReplyDelete
  16. ///රජය කළ යුතුව තිබෙන්නේ සෑම දරුවකුට ම පදිංචි නිවසට ආසන්න ම පාසල ලබා දීමයි. ///
    මේක හරියන මගුලක් නෙමෙයිනේ මහත්තයෝ, මම දැන් පදිංචි තැනට පතනෙ, මහානාම එහෙම කිට්ටුයි. හැබැයි මම කුලී ගෙවල් වල ඉන්න එකෙක්, ඒ වගේම පිසිකලි සහ ඇත්තටම අවුරුදු 5 ක් තිස්සේ මම ඉන්නේ ඒ අවට...
    එහෙම වුනා කියල මට මගේ ළමයව ඒ කිට්ටු ඉස්කෝල වලට දාන්න ක්‍රමයක් නැහැනේ...
    ගෙවල් අයිතිකාරයෝ අපිට උන්ගේ ගෙවල් වල වතුරබිල් ලයිට් බිල් අපේ නමට හරවල දෙන්නෙත් නැහැනේ...
    අපි වගේ උන්ට කිසිම ක්‍රමයක් නැහැ නේද ළමයෙක් ඉස්කෝලෙකට දා ගන්න...

    ReplyDelete
    Replies
    1. දොස්තරලා කොහේ ට්‍රාන්ස්ෆර් උනත් උන් ගෙයක් හදන තැනක් තියෙනවනේ. ඉතින් ඒකට කිට්ටු පාසල දුන්නම ඉවරයි. ඔයාගේ ප්‍රශ්නෙටත් විසඳුම ඒකයි.
      කුලියට පදිංචි උනාට එතන ඔයාගේ ගම වෙන්නේ නැහැනේ.

      Delete
  17. දොස්තරලා තමන් උසස් පෙල සමත්වී විස්ස විජ්ජාලෙට දිස්ත්‍රික් පදනමින් ආවා නම් අජ්ජාපන අමාත්යන්සය ඒ දිස්ත්‍රික්කයේ පාසලක් දරුවන් ට ලබා දිය යුතුය!

    ReplyDelete
  18. You are the man Sarasa, that's exactly how it should be!!

    ReplyDelete
  19. මේ ඉල්ලීම් හරියමට මොනවද කියල දැනගන්න්න ක්‍රමයක් නැතිද? ජනප්‍රිය පාසල් 12ක් ද ඉල්ලන්නේ?

    ReplyDelete
  20. වාමාංශික පෝලෝ සීයා
    -----------------------------------

    ලංකාවේ රූපවාහිනී ප්රේමක්ෂකයන් අතර පසුගිය කාලයේ වඩාත් ජනප්රිපය වූ වෙළෙද දැන්වීමක් වූයේ පෝලෝ සීයා පිණුම් ගහන දර්ශණය සහිත දැනවීමයි. තරුණ යුවලක් පෙම්න් වෙලී සිටිනවාට එරෙහිව දොස් නගන මේ වයස් ගත පුද්ගලයා තමන්ට තරුණ කාලයේ අත් විදින්නට නොලැබුන පෙම් සබදතාවයන්ට එහෙිව විරුද්ධ වන්නේ කුහකත්වයෙනි. නමුත් අහම්බෙන් මොහුගේ බුලත් හපයට පෝලෝ එකක් එකතු වීමත් සමගම මොහු මුලුමින්ම වෙනස් වෙයි.


    ඉහත දැන්වීම අපට මතක් වූයේ මේ දවස් වල අන්තර්ජාලයේ තමන් විසින්ම පවත්වාගෙන යනු ලබන බ්ලොග් අඩවියක් තමන්ම හැක් කල බවටත් යළි එය වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරණ බවටත් පොර ටෝක් දෙන උමතු රෝගියෙකු කියන ගොන් කතාවක් නිසාවෙනි. මේ ගොන් වස්නා පැරණි වාමාංශිකයෙකි. ව්ශේෂයෙන් භාෂණගේ හිරු කණ්ඩායම නිසා තමන් පොරක් යැයි නම හදා ගත් මේ අමනයා. වෘත්තියෙන් ගුරුවරයෙකි. මූට ඇත්තේ අතීත වෙිදනාවකි. හිරියටම මූ පෙනුමින් මෙන්ම ක්රිපයාවෙන් ද පොලෝ සීයා වගේමයි. මූට කරන්නට බැරි වුන වාමාංශික දේශපාලනය කරන්නට කැපවී සේවය කරන තරුණ කොටස් මුගේ ගොන් පාටි වලින් අවුල් කිරීම මුගේ වෑයමයි. ආණ්ඩුවෙන් පඩි ගත්න මේ විශ්රා මික වාමාංශිකයා ගැන අපි කිහිප වරක් කරුණු ඉදිරිපත් කළද දැන් මූට හොදටම පිස්සු තද වී තිබෙන නිසා තව ටිකක් මූ ගැන කියන්නට මම කල්පනා කලා. විශේෂයෙන් කාන්තාවන්ගේ අයිතාවාසිකම් වෙනුවෙන් මේ වගේ නරුමයන්ව හෙළි කිරීම මගේ වගකීමක් යැයි මම සිතනවා.

    පසුගිය දිනෙක ගල්කිස්ස ප්ර දේශයේ ආයුර්වේද සම්භාහන මධ්යමස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයේ කලමනාකරු සහ තරුණියන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව දැන් හොදටම පැහැදිලිය. සිදු වූ සිදු වීම පහත පරිදිය.

    මේ අනුව ගල්කිස් ගණිකා මධ්ය ස්ථානයේ හිමිකරු පෝලෝ සීයා නම් වන හිටපු වාමාංශිකයා බව අපට පැහැදිලිය. මේ නිසාම මෙහි කළමණාකරු සමග ඉදිරියටත් තමන් සිටින බව මේ පිස්සු පූසා තමන් විසින් හැක්කර තමන්ටම අනිචානත සංඛාරා යැයි කියා ගන්නා මුගේ විකාර බ්ලොග් අවකාශයක ලියා තිබෙන අයුරු අප දුටිමු. මේ පිස්සු පූසා නැතිනම් පොලෝ සියා හිටපු වාමාංශිකයෙකු මෙන්ම රජයෙන් පඩි ලබන ගුරුවරයෙක. මේ නිසා මේ රජයේ ගුරුවරයා ගණිකා නිවාස හිමියෙකු සමග සම්බන්ධ වී ගණිකා නිවාසයක් පවත්වා ගෙන යන්නට සහය දක්වන බවත් එහි කොටස් කරුවකු බවත් දිනපතාම එම මධ්යවස්ථානයෙන් සේවා ලබා ගත් අයෙකු යන්නත් අප විසින් අධ්ය පන අමාත්යාං ශය වෙත යවන්නට කටයුතු සම්පාදනය කරමින් සිටින්නේ මොහු ජනතාවගේ බදු මුදලින් පඩි ලබන රජයේ සේවකයෙකු වන බැවිනි. මේ අනුව මොහුට එරෙහිව විනය පරීක්ෂණයක් කැදවා සේවයන් නෙරපීමට අදාල සියලු කාරණා සම්බන්ධයෙන් අපි අධ්යහපන අමාත්යාං ශයට කරුණු දක්වන්නට කැමැත්තෙම.

    මන්ද යත් මේ පොලෝ සීයා නම් පිස්සු බුවා රජයෙන් පඩි ලබන ගමන්ම වාමාංශික විප්ලවාදියෙකු වන්නට ද උත්සහා කරන නිසා පමණක් නොව මෙරට වාමාංශිකයන්ට චන්ඩිපාටි ද දමන බැවිනි. රෝහිත භාෂණ සහෝදරයා සමග හිරු කණ්ඩායමේ දේශපාලනය කළ අතීතය අද වන විට වෙබි පිටු අතර විකූණමින් සිටින මේ පිස්සු පූසා අතීතයේ කළ කී දෑ වලින් එකක් කියන්නට කැමැත්තෙමු.

    ReplyDelete
    Replies
    1. Moo pissu kachal wechcha dostharekda? Naththam dostharalata kade yana hampada wamanshikyekda?

      Delete
  21. මූ ජ.වි.පෙ කැරැල්ල සමයේ හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබූ පසු මූ කිසිම විප්ලවාදියෙක් නොවන බව තේරුම් ගන්නා රජයේ හමුදාව මූ ලාවා තමන්ගේ පෙම්වතියන්ට පෙම් හසුන් ලියවා ගයි. හමුදා සෙබලුන්ට කාලයක් තිස්සේ පෙම් හසුන් ලියන මූ අවසානයේ කිවියෙක් බවට පත් වෙයි. දැන් නම් මූට කිසි දෙයක් මතක නැති අතර පිස්සුව හොදටම තද වී තිබෙන බව පෙනේ ඒ නිසාමිූ වාමාංහිකයන්ට කින්ඩි දමයි මූට අනුව ලංකාවේ වාමාංශිකයන් නැත මූ තමයි පොර ඒත් මූට ඇත්තටම තියෙන ප්රිශ්ණය මූගේ මූන පුදුමාකාර තරම් කැත වීමය. වරක් දැනට ජනප්රිතයව තිබෙන පෝලෝ දැන්වීම සදහා මූ යොදා ගන්නට තීරණය කර ඇති අතර මූ මහත් ආශාවෙන් තමන්ගේ මුහුණ රූපවාහිනි තිරයේ පෙන්වා ගැනීමට ඇති දැඩි ආශාව නිසාම සතපහක්වත් තමන්ට එපා යැයි කියමින් අවස්ථාවක් ලබා දෙන්න යැයි මෙහි අධ්යතක්ෂකවරයාට බැගෑපත් වී ඇත. නමුත් එහි අධ්යටක්ෂකවරයා අප සමග පැවසුවේ මුගේ මුහුණ රූපවාහිනියේ පෙන්වීමෙන් විශාල වශයෙන් පොඩි දරුවන් බියට පත් විය හැකි බැවින් මූව ඒ සදහා තෝරා නොගත් බවයි. මූ කොයි තරම් කැත මිනිහෙක් ද යත් මූ කණ්නාඩියකින් තබා දියකඩිත්තකින්වත් තමන්ගේ මුහුණ නොබලයි. මුගේ මුහුණ මූටවත් බලන්නට බැරි තරම් කැතය. මේ නිසා මූ ජීවත් වෙන්නේ දැඩි ලිංගික හීනමානයක් සහිතවයි. මූට කිසිම ගැහැණියෙක් කැමති වන්නේ නැති අතර විශාල මුදලක් ගෙවා මූට රමණයේ යෙදෙන්නට කාන්තාවකගේ සේවය ලබා ගත්තත් මූට වැඩේ කරන්නට වී තිබෙන්නේ තම මුහුණ හංගාගෙන පිටි පස්සෙනි. මේ නිසා මූ ජීවත් වන්නේ දැඩි කළ කිරීමෙනි. මේ ගැන අපිට කීවේ මුගේම යහලුවන් පිරිසකි. මූ වැඩිපුරම වාමාංශික ගණිකා නිවාස හිමියාට කැමති වන්නේ මේ හේතුව නිසාය. මේ වාමාංශික ගණිකා නිවාස හිමියා මුගේ දුක තේරුම් ගෙන ඔහුගේ ගණිකා මධ්යේස්ථානය තුළ මූට වෙනමම ගණිකාවක් දිනපතා පහස ලබා ගන්නට සපයා දී ඇත. ඒ කළ උපකාරයට ප්ර ති උපකාරයක් ලෙස මූ ඔහු වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සටනට ඉදිරිපත් වී සිටියි.

    ඒ නිසාම මූ මොනවා කළත් කීවත් අපට දොස් කියන්නට බැරිය. ගුරුවරයෙකු ලෙස සේවය කරන මොහු වැඩිපුරම බාලිකා පාසල් වල සේවය කරන්නට අවස්ථාව ඉල්ලා සිටියත් මුගේ හැටි දන්නා බලධාරීන් මුට පිරිමි පාසල් පමණක් ලබා දී තිබේ. හමුදා සෙබලුන්ට බයට පෙම් හසුන් ලියා දුන් මූ තවමත් තමන් වාමාංශිකයෙක් යැයි කියන අතරම වාමාංශික ගණිකා නිවාස හිමියන් සමග එක්ව ව්ය පාර කරයි. ඒ අස්සේ රජයේ වැටුප් ලබන ගුරුවරයෙකු ලෙසත් සේවය කරයි. මේ නිසා මුලින්ම මුගේ හැටි අධ්යාපන දෙපාර්ථමේන්තුවට ලියා දන්වන්නට අපි තීරණය කළෙමු.


    මූ ගැන කියන්නට තවත් ගොඩක් දේ අපට ඇත. ඒවා සියල්ලම අපි ලියන්නෙමු. රෝහිත භාෂණ සහෝදරයා සමග දේශපාලනය කලා යැයි කියන සංසිද්ධිය විකුණාකමින් වාමාංශික හැවක් පොරවාගෙන හෙළුවෙන්ම ධනවාදයට කඩේ යන මේ නරුමයා ගැන මේ ආකාරයෙන් හැර වෙන ලියන්නට ක්ර මයක් නැත.

    ReplyDelete
    Replies
    1. ඔයා මාරයි මෙයා. අපරාදේ වෙච්ච මහන්සිය

      Delete
    2. ප්‍රශ්නයක් නැහැ. මේ කොමෙන්ටු පිස්සන්ටත් විවුර්තයිනේ.

      Delete
    3. රෝහිත භාෂණ සහෝදරයා කියන්නේ කවුද?

      Delete
    4. ඔහොම අහන්න එපා බං. ඌ පව්!

      Delete
    5. ඔය උඩ කමෙන්ට් එක මීට අවුරුදු ගානකට කලින් දීප්ති හෝ ඔහුගේ ගෝලයකු විසින් ෆේස්බුක්හි පළ කරන ලද ලිපියක කොපි පේස්ට් කිරීමකි.

      අන්තර්ජාලයේ දීප්ති කුමාර ගුණරත්නගේ හා අජිත් පැරකුම් ජයසිංහගේ රූප පිළිබඳ සෙවුමක් කිරීමෙන් මෙවැනි දේ ලියන්නට හේතුව වටහා ගත හැකි ය.

      කෙසේ වෙතත්, මේ පැරණි කතා අප අමතක කර දමා බොහෝ කල් ය. මෙතන ගෙනැවිත් ඇලවූ නිසා පමණක් ඉහත ප්‍රකාශය කළෙමි. දීප්ති සමග අපට ඇත්තේ මිතුරු ප්‍රතිවිරෝධයක් පමණි.

      Delete
    6. දීප්ති කුමාර ගුණරත්නගේ කියන්නේ කවුද?

      Delete
  22. ඩිහයිඩ්‍රේට් වෙච්ච දොස්තර නෝනාව එලියට ගන්න නවීන් සොයිසා දීපු ටෝක්ස් දැක්කම, මුන්ගෙ ආත්මාර්ථකාමී වැඩවලින් බැටකන ලෙඩ්ඩු සහ ඔවුන්ගේ භාරකාරයන් මුන්ට පස්ස පැත්තෙන් බත් කවන්න ඕන. අම්මගේ රෙද්දේ පහත් සැලකිල්ල. මේ තරම් පහත් කියලා පෙන්නපු එක ලොකු දෙයක්. ආණ්ඩුවේ වැරදි තියෙනවා. ඒත් මෙව්වා නිතරම ජුන්ඩා කෙලින් වෙන නිසා ප** රබර් කිරි තැටියක ඔබා ගත්ත කොළු ගැටයගෙ කතාව වගේ වැඩ.

    ReplyDelete
    Replies
    1. දොස්තරලා විතරක් නෙවෙයි අරුණ. යන්තම් සිවිල් බලයක් තියෙන හැම රාජ්‍ය නිලදාරියම පාහේ එහෙමයි. තමුන්ගේ තැනට මිනිහෙක් වැඩක් කරගන්න ආවම හැමෝම අනික් මිනිහට බලය පෙන්වන්නයි රැකියාව යොදාගන්නේ. දොස්තරලා සහ දේශපාලඥයෝ ඒකෙ යන්න පුළුවන් පහත්ම පිළිකුල් සහගතම තැනට ගියපු එක විතරයි වෙනස. විශ්විද්‍යාල අචාර්යවරු දොස්තරලා ඇතුළු ඉක්මනින් පහසුවෙන් ආදේශක සොයාගන්න බැරි සේවාවන් සපයන හැමෝගෙම වර්ජන තර්ජන වලදී ඔය වගේ පිළිකුල් සහගත විදියට තමයි හැසිරුනේ.

      මිනිස්සුන්ට අධ්‍යාපනයත් එක්ක ලැබෙන්න ඕනේ ශික්ෂණය යන්තමින්වත් නොලබුනාම උගත්තු නුගතුන්ටත් වැඩිය සමාජයට හනිදායකයි.

      Delete
    2. //විශ්විද්‍යාල අචාර්යවරු දොස්තරලා ඇතුළු ඉක්මනින් පහසුවෙන් ආදේශක සොයාගන්න බැරි සේවාවන් සපයන හැමෝගෙම වර්ජන තර්ජන වලදී ඔය වගේ පිළිකුල් සහගත විදියට තමයි හැසිරුනේ. //

      විස්ස විජ්ජාලේ උගන්නන්න සුදුසුකම් ඇති දහස් ගනන් ජනතාව සිරි ලන්කාවේ සිටී...
      ඒ එක්කම හරක් විජේසූරියලා වගේ මූලික සුදුකම්වත් නැථි මහාචාර්යවරු විස්ස විජ්ජාලේ ආචාර්ය මන්ඩලේ සිටී....

      Delete
    3. //මිනිස්සුන්ට අධ්‍යාපනයත් එක්ක ලැබෙන්න ඕනේ ශික්ෂණය යන්තමින්වත් නොලබුනාම උගත්තු නුගතුන්ටත් වැඩිය සමාජයට හනිදායකයි.//

      :D

      Delete
    4. ඒත් මෙව්වා නිතරම ජුන්ඩා කෙලින් වෙන නිසා ප** රබර් කිරි තැටියක ඔබා ගත්ත කොළු ගැටයගෙ කතාව වගේ වැඩ.

      ඇත්තටම ඒ කොලු ගැටයට මොකද උනේ ???

      Delete
  23. Moo pissu kachal wechcha dostharekda? Naththam dostharalata kade yana hampada wamanshikyekda?

    ReplyDelete
  24. ඔය ඕනෑම ඉස්කෝලෙකට සල්ලි දුන්නොත් දාන්න පුළුවන්. ගාන නං ඉතිං අඩු වැඩි වෙනව ඉස්කෝලෙ ලොකුකම අනුව. කරන්න තියෙන්නෙ ළමයි ඉපදෙන්නත් කලින්ම පුළුවන් තරම් පී.පී. කරල සල්ලි ටිකක් වැඩිපුර හොයාගෙන සල්ලි දීල ඉස්කෝලෙකට දාගන්න එක. ඒව කොරන්නෙ නැති උන් ගමේ ඉස්කෝලෙට ළමයි දාගන්න එකයි ඇත්තෙ. අර එක තුමෙක් කියල තිබ්බෙ අවුරුදු දෙකේ පුහුණුවට රට ගියාම එනකොට ළමයින්ට ඉස්කෝල නෑ කියල.පවුල් පිටින් රට යනව නං එහෙදි මොකක්හරි එකකට දාල මෙහෙ ආවමත් මොකක් හරි එකකට දාන එකයි ඇත්තෙ. ඉගෙනගන්න ළමයි කොහෙ හිටියත් ඉගෙනගන්නව. උගත් බුද්ධිමත් දොස්තර මහත්තුරුන්ට තමන්ගේ දරුව බුද්ධිමත්ද කියල ෂුවර් නෑද? ශිෂ්‍යත්වේ ෆේල් වෙයි කියල බයයිද?

    ReplyDelete
    Replies
    1. Doctors want schools but within that they prefer to exhibit it as their power. So they will get it only as a right.

      Delete
    2. /////ඉගෙනගන්න ළමයි කොහෙ හිටියත් ඉගෙනගන්නව. උගත් බුද්ධිමත් දොස්තර මහත්තුරුන්ට තමන්ගේ දරුව බුද්ධිමත්ද කියල ෂුවර් නෑද? ශිෂ්‍යත්වේ ෆේල් වෙයි කියල බයයිද?/////////

      සජ්ජගේ මේ කොටස කියෙව්වම මට වමනෙට ආවා. මචං ඕක තමයි ඇත්ත. මේ පකීර්ලා තමන්ගේ දරුවන්ටවත් උගන්වන්නේ නැහැ සමාජ යතාර්තය. මේක තමයි ඛේදවාචකය. මුන්ගෙන් බිහිවෙන දරුවෝ අධ්‍යාපනය අහවර කරලා එන්නේ සමාජ අවබෝධයක් නැති අපතයෝ විලාසෙන්. මෙන්න මේක ඒ දරුවන්ටත් කරනා ජීවිත අකරතැබ්බයක්. කොහෙද මේ බොහොමයක් යෝනියෝ ජීවිතය ඉගෙනගෙන තියෙන්නේ පොතෙන් සහ මුදලින් විතරනේ.

      Delete
  25. මගේ යාළුවෙක් ඉස්කෝලෙට ලමයි දාගන්න ගිහිං මලා

    ReplyDelete
  26. Old boys/girls play a major role in raising funds and facilitating various other development activities. While not all do so expecting anything in return (expacts and ones with offsprings of opposite sex) they deserve special preference just keep them around. If not for them these so called popular school will not be able remain so given the government support is minimal having minimal money allocated for education!

    ReplyDelete
    Replies
    1. Any past pupil can show their gratitude to his or her alma mater benevolently. Philanthropy is what you do without expecting petit returns like this. Most of the past pupils are not that type. They help schools to gain benefits personally. Past pupils associations are a way of establishing undemocratic and discriminating preferential principle in public schools.

      All the benefits in terms of admitting students to schools given to the past pupils associations must be abolished in the name of democracy, equality and fairness.

      Public schools are run with public money. All the salaries of the teachers and principals are paid by the government. Government's monthly expenses in a major public school is over Rs. 10 million. Does any past pupils association spend that much monthly, purely from their coffers without running other businesses?

      Delete
  27. GMOA demands are unfair and unethical here, it's a profession like all the other professions and all are doing a job of work, no one is above the law and over privileged than the other professions. it's my view .ඔවුන්ව වෛද්‍යවරුන් කලේ ගුරුවරුන්ය.එසේනම් ප්‍රමුඛ ස්ථානය හිමි විය යුත්තේ ගුරුවරුන්ටය. වෘත්තීය අනුව නොව දරුවාගේ දක්ෂතාවය අනුව නිසි තැන ලැබිය යුතුය. එ අවස්ථාවාදි ප්‍රකාශය මම දැඩිව හෙලා දකිමි.රටේ ආර්ථිකයට සැබැවින් දායක වන පෞද්ගලික අංශයට, විදේශ ශ්‍ර‍මිකයන්ට මේ කිසිදු වරප්‍ර‍සාදයක් නැත.

    ReplyDelete
  28. බ්ලොග්කරු වත්මන් රජය සමග බොහෝ කරුණු වලදී එකඟ නැත. එහෙත් වර්තමානයෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ගෙන යන කුමන්ත්‍රනකාරී න්‍යාය පත්‍රය ගැන නම් රජයට ඔහුගේ අනුකම්පාව හිමි වෙයි. මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුව මේ ගෙවමින් සිටින්නේ ආරම්භයේ පටන්ම තමන් ප්‍රකට කල දුර්වල රාජ්‍ය පාලනය උදෙසා ගෙවිය යුතු වන්දියයි.නීත්‍යානුකූල ව බලයට පත් ආණ්ඩුවක්ද, එනයින්ම රාජ්‍ය යාන්ත්‍රණයක්ද අස්ථාවර කිරීමට එක් වෘත්තීය සමිතියකට ඉඩ දිය හැකිද? ඉඩ දිය යුතුද?

    ර.වෛ.නි.සංගමය යනු වෘත්තීය සමිතියකට ඔබ්බෙන් පවතින බලවත් සිවිල් හා දේශපාලන බලමුලුවක්ය යන අදහස වත්මනෙහි ජනතාව තුල පවතී.බ්ලොග්කරුගේ සොයුරිය වෛද්‍යවරුන්ගේ සදාතනික එදිරිකරුවන් ගණයට වැටෙනා හෙදියකි. ඇය පවා සයිටම් අර්බුදයේ ආරම්භයේදී ඔහු හා පැවසුවේ ජී.එම්.ඕ එකත් එක්ක සෙල්ලම් කරන්නට ගොස් ආණ්ඩුව අමාරුවේ වැටෙන බවයි.හෙදියන්ද සිතන්නේ එසේ නම් අවසෙස් ජනයා ගැන කුමන කතාද?

    පැරාගේ ලිපිය කියවද්දී බ්ලොග්කරුට සිහිවුනේ ටැබූ ගේ 'සොල්දාදුවෝ බැහැපිය කරෙන් බිමට'ලිපියයි. කිසිම වෘත්තියක් අනිකකට වඩා උස් හෝ පහත් නොවන බවත් ( ගණිකා වෘත්තියටද එයට ආවේණික වටනාකම් ඇත.එමගින් සමාජයේ අසහනයන් විශාල ලෙස පාලනය කර පවුල් කැඩීම් මැඩපවත්වයි. කියවන්න 'නිරුවත් වානරයා-ඩෙස්මන්ඩ් මොරිස්)සෑම වෘත්තියකම එයට හිමි ක්‍රියාවක් සමාජය උදෙසා ඉටු කරන බවත් අප වටහා ගන්නේ කවදාද?

    ReplyDelete
  29. තව සයිටම් දහයක් වත් ඇරියානම් මේ ප්‍රශ්නේ අහවරයිනෙ..

    ReplyDelete
  30. තමුන්ගේ අතේ වියදමින් මිනිස්සුන්ට පිනට බේත් කල වෙද මහත්තයයි රස්සාවට බේත් කරන දොස්තර මහත්තයි පටලගෙන දොස්තර මහත්තුරුන් (දේශපාලඥයන්, ප්‍රාදේශීය ලේඛම් වරුන් ඇතුළු බොහෝ රජයේ නිලධාරීන්ට) දේවත්වය ආරෝපණය කරලා වඳින්න ගිය මිනිස්සුයි ඒවාට පෝර දාන පසුගාමී මිනිස්සුයිත් මේව මෙතරම් පිළිකුල් සගත තත්වයන්ට පත්වෙන්න සැහෙන්න දායක වෙලා තියෙනවා. ඉකොනෝ වෙද මහත්තුරුයි දොස්තර මහත්තුරුයි දෙගොල්ල සම්බන්ධ කරලා පොස්ට් එකකුත් ලියල තිබුන අද.

    රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියල වෙනස් කරගෙන සැහෙන කලක් වුනාට තවමත් වැඩවසම් වසලයොත් යටත් වහල් ගැත්තොත් තමයි වැඩිහරියක් ඉන්නේ.

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. සියලු දොස්තරලාම වඳ සැත්කම් වලට භාජනය කිරීම මෙයට සුදුසුම විසඳුමයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා