යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කරන ලකුණු

යුරෝපා සංගමයේ ඉහළම උසාවිය විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට හා පලස්තීනයේ හමාස් සංවිධානයට නීත්‍යානුකූලභාවය ලබා දීම තහවුරු කරන්නට හේතු විය හැකි පියවරක් ගෙන තිබේ.

යුරෝපීය යුක්ති අධිකරණයේ අද්වකාත් ජනරාල්වරයකු විසින් යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසින් මෙම සංවිධාන දෙකෙහි තහනම ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබුණු අභියාචනා ප්‍ර‍තික්ෂේප කළ යුතු බව නිර්දේශ කර තිබේ. සාමාන්‍යයෙන්, මෙම නිලධාරිවරයාගේ උපදෙස් විනිසුරුවරුන් විසින් අනුගමනය කරන බව රොයිටර් පුවත් සේවය පවසයි.

තහනම් කිරීමේ පටිපාටියේ වැරදි හේතුවෙන් මෙම සංවිධාන දෙක යුරෝපයේ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු බව 2014 අග භාගයේදී යුරෝපා සංගමයේ පහළ සාමාන්‍ය අධිකරණය තීන්දු කළේ ය. අධිකරණ මතය වූයේ තහනමෙහිදී යුරෝපා සංගම් නායකයන් තමන්ගේ පරීක්ෂණවලට වඩා මාධ්‍ය වාර්තා මත බර තබා ඇති බවයි.

2014දී ශ්‍රී ලංකාව මෙම තීන්දුවට විරුද්ධව තහනම සඳහා අවශ්‍ය සාක්ෂි සපයන බව පැවසී ය.

වසර 15කට පෙර වනවන ලද මෙම තහනම හේතුවෙන් දෙමළ එක්සත් විමුක්ති කොටි සංවිධානයේ යුරෝපයේ දේපල භාවිතාව තහනම් කර තිබෙන අතර, එම සංවිධානයේ සාමාජිකයන්ට එරෙහිව ගමන් බිමන් තහනම් පනවා තිබේ.

මේ පිළිබඳ කතා කරමින් ඊශ්‍රායල් විදේශ අමාත්‍යංශ ප්‍ර‍කාශකයෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ මෙය අධිකරණ බැඳීමක් නැති නීතිමය මතයක් හා යුරෝපා අධිකරණ ක්‍රියාවලියේ කොටසක් පමණක් බවයි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැන් ජහපාලන පොයියන්ට සනීපද?

    අර ප.ච. රණවකයි රතුඑළියේ අතනයි කිව්වෙ එයාල ඉන්නවය කිසි දෙකට බයවෙන්න එපාය කියල. දැන් කටේ නරිවාදන් සරමයි සිවුරයි පල්ලෙන් බේරෙනවා වගේ.

    ගෝඨ නැතුව බැරිවෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. ඇයි ගෝටයාට යුරෝපීය රටවල් බයද? එහෙනම් මොකද විදුලි පුටුවට බයේ මරා රෙද්දේ ගූ ගිහින් පපුවට ගහගත්තේ? අනේ හුකේ නන්නානේ.

      මීහරකෝ, ලෝකයේ දෙමල ජනගහනය කොච්චරද උන් ලෝකයේ රටවල් වල පැතිරී ඉන්නේ කොහොමද උන් ඒ ඒ රටවල වැදගත් තනතුරු සහ රැකියා කොපමණ කරනවද වගේ තොරතුරු හොයලා බලපන්. එතකොට තේරෙයි උන්ට ඒ රටවලට කොච්චර විශාල බලපෑමක් කරන්න පුලුවන්ද කියලා.

      නොදකින් තොගේ නැට්ටේ ඉඳලා ගොම. මොළෙත් ගොම.

      Delete
    2. දැන් ඉතින් ගෙම්බටයි පච වන්ෂටයි කතාකරන්න අලුත් ටොපික් එකක් ලැබෙනවා. ඕක තමයි අපි හැමදාමත් කිව්වේ. රටට එරෙහි විදේශ බලවේග වලට එරෙහිව සටන් කරන්න මහින්දම ඕනා.

      Delete
    3. "ලෝකයේ දෙමල ජනගහනය කොච්චරද උන් ලෝකයේ රටවල් වල පැතිරී ඉන්නේ කොහොමද උන් ඒ ඒ රටවල වැදගත් තනතුරු සහ රැකියා කොපමණ කරනවද වගේ තොරතුරු හොයලා බලපන්. එතකොට තේරෙයි උන්ට ඒ රටවලට කොච්චර විශාල බලපෑමක් කරන්න පුලුවන්ද කියලා."

      හරියට හරි,

      නමුත් උන්ට "දෙමල රටක් නැහැ". ඒක උන්ට දැඩි විදියට බලපානවා. ඊශ්‍රායල් ඉතිහාසය ගැන කියවපන්. එතකොට තේරෙයි වෙන්න යනදේ.

      ඇයි ගෝටයාට යුරෝපීය රටවල් බයද?
      ගොර්බචෝප්ගෙන් පස්සෙ රුසියාවේ ඉතිහාසය කියවපන්. ගෝඨ තමයි ඊළඟ "ශ්‍රී ලංකා පුටින්"

      ඉංග්‍රීසි බැරිනම් "මළලසේකර" ගන්න එපා. SALA එකේ digital dictionary එක ගනින්. මේ දවස්වල book fair එකේදි discount එකක් දෙනවලු.

      Delete
    4. "එතකොට තේරෙයි උන්ට ඒ රටවලට කොච්චර විශාල බලපෑමක් කරන්න පුලුවන්ද කියලා."

      එතකොට අපේ විදේශ ඇමති කෝටි ගණන් වියදම් කරල පිටරට යන්නෙ බම්බු ගන්නද? නැත්නම් කො_ _ ගන්නද?

      දැන් ලෝකෙම යාලුයි කියනවනේ. ජහපාලකයන්ට පුළුවන්නේ එක කෝල්එකෙන් කොටි තහනම ඉවත් වීම වලක්වන්න.

      Delete
    5. ගෝත්‍රික වාදී මරාවාදී ගෝටාවාදී මීහරකුනි,

      ඔය මො0න මගුල කලත් දෙමල ජාතිවාදය පරාජයවී ප්‍රතික්ෂේපවීම ස්ථිරයි.

      මරා වෙනුවන් හඬන අබබ්බයනි මෛත්‍රීපාල මේ රට මෙතෙක් නොදුටු තැනකට අරන් යනවා.

      Delete
  2. 1989 කැරැල්ලෙන් පස්සෙ ජවිපෙට නීතිමය රාමුව තුළ ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලනයට අවස්ථාව දුන්නා නම්, කොටි සංවිධානයට ඒ අවස්ථාව දෙන එකේ වරදක් තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. හිට්ලර්ගෙ National Socialist German Workers' Party සහ මුසොලිනිගේ National Fascist Party දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සෙ තහනම් කළේත් මා දන්නා තරමින් අද දක්වාත් එම තහනම ඉවත් නොකරන්නේත් වරක් ලෝකය විසින් ගෙවන ලද වන්දිය ගෙවීමට ලෝකයට හැකියාවක් හෝ උවමනාවක් නැති බැවිනි.

      දෙවන ලෝක සංග්‍රාමයෙන් වසර කිහිපයකට පසු එම පක්ෂ වලට "නීතිමය රාමුව තුළ ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලනයට අවස්ථාව දුන්නා නම්" ඇතිවන තත්වය සිතා බලන්න.

      ජවිපෙ සහ LTTEය සමාන කළ නොහැකිය.

      Delete
    2. /// 1989 කැරැල්ලෙන් පස්සෙ ජවිපෙට නීතිමය රාමුව තුළ ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලනයට අවස්ථාව දුන්නා නම්, කොටි සංවිධානයට ඒ අවස්ථාව දෙන එකේ වරදක් තියෙනවා ද? ///

      වැරැද්දක් නෑ ...

      එතකොට ගොන් ජෙප්පෝ තමන් ගේ නායකයව පුච්චා මරපු එ ජා පෙ නායක රනිල් තුමා ට සැට් වෙලා ආන්ඩුවක් හැදුවා වගේ කොටිත් ව්‍යන්ගයෙන් සහය දීලා ප්‍රබාට පොරෝ පාර සැඨ් කල මහින්ද මාමාව විදායක අගමැති කොරගනී හිටන්!

      Delete
    3. ඔව් ඒක ඇත්ත. ජවිපෙ මොනවා කළත් උන් සිංහල නේ. කොටි දෙමළ නේ.

      Delete
    4. වෙනසක් නෑ... උන් දෙගොල්ලගෙම වර්තමාන නායකයෝ නායක්ත්වයට එන්නේ ඒ කාලේ හිටි නායකයා කවුරුන් හෝ විසින් ඝාතනය කල නිසා....

      ඉතින් වර්තමාන නායකත්වය ඔවුන් ගේ අතීත නායකත්වය ගාතනය කලවුන් හට ස්තූතිපූර්වකව සැලකීම අරුමයක් ද්?

      Delete
    5. /// 1989 කැරැල්ලෙන් පස්සෙ ජවිපෙට නීතිමය රාමුව තුළ ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලනයට අවස්ථාව දුන්නා නම්, කොටි සංවිධානයට ඒ අවස්ථාව දෙන එකේ වරදක් තියෙනවා ද? ///

      ඒකනේ කියන්නෙ මාතලන්ටත් නැවත "ප්‍ර‍ධාන ධාරාවේ බ්ලොග් රචනයට" එන්න කියල.

      Delete
  3. සිංහල බ්ලොග් අවකාශයට අනූපමේය සේවයක් සිදුකරන ඇනෝ වරුන්ගේ දායකත්වය අගැයීමට සුහද හමුවක් සංවිධානය කර ඇත. එය 25 ඉරිදා 6 සිට 11 දක්වා කොලඹ දිස්ත්‍රික්කය තුල ඇති හෝටලයකදී පැවැත්වේ. කිසිදු ප්‍රොෆයිල් කරුවකුට මේසඳහා ආරාධනා කර නැත. තවද ප්‍රොෆයිල් කරුවන් ඇනෝවරුන් කවුදැයි සොයාගැනීමට මෙම ස්ථානයට පැමිනීමේ ඉඩ කඩ අහුරනු වස් ස්ථානයේ නම ප්‍රසිද්ධියේ සටහන් නොකෙරේ. මේ සඳහා සහභාගීවීමට කැමති ඇනෝවරුන් වෙනත් ඇනෝවරයෙකුගෙන් අදාල ස්ථානය ගැන විස්තර ලබාගන්න. ඔබ ඇනෝ වරයෙකු ලෙස තහවුරුකිරීමට ඔබ දමන ලද ඇනෝ කමෙන්ට් කිහිපහයකවත් මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙසද කිසිලෙසක ජාතික හැඳුණුම්පත වෙන අනන්‍යතාව හෙළිවන දේවල් රැගෙන නො එන ලෙසද සංවිධායක මණ්ඩලය දන්වා සිටී. හමුවේදී ඡායාරූප ගැනීම සපුරා තහනම්ය. විදේශ වල සිට ස්කයිප් හරහා සහභාගී වීමට කැමති ඇනෝවරුන් ලංකාවේ ඉන්නා ඇනෝ කෙනෙකුගෙන් අදාල ස්කයිප් ලිපිනය ලබාගන්නා ලෙසද දන්වමු. මීට සංවිධායක මණ්ඩලය

    ReplyDelete
    Replies
    1. අපටත් නිතර චෝදනා කරනවා නේ අපිත් ඇනෝ කමෙන්ට් දානවා ය කියලා. ඒ චෝදනාවල පිටපත් අරගෙන ආවොත් අපටත් බැරි ද ඕකට සහභාගි වෙන්න.

      Delete
    2. // කිසිදු ප්‍රොෆයිල් කරුවකුට මේසඳහා ආරාධනා කර නැත. තවද ප්‍රොෆයිල් කරුවන් ඇනෝවරුන් කවුදැයි සොයාගැනීමට මෙම ස්ථානයට පැමිනීමේ ඉඩ කඩ අහුරනු වස් ස්ථානයේ නම ප්‍රසිද්ධියේ සටහන් නොකෙරේ //

      හිටහන් කෝ... තට්ට ශරුලොක් හෝම්ස් ට කියලා ඇනෝ ලා ගේ IP ඇඩ්ඩස් එකයි හෝටලේ ඇඩ්ඩස් එකයි හොයාගෙන අපිත් ගේට් ක්‍රැශ් කොරනකම්!

      Delete
    3. ඔව් ඔව් අපි හොටලේ ලයිටුත් නිවල කලුවරේ වැඩේ පටන් ගන්නෙ

      Delete
    4. Ape ajith maatthiya neda! Saarthaka meheyumakin blog dawanthayekwa sallan karala unnahe inne.. Dan bohoma widyathmaka heen nool meheyumak patan aran thiyenne bhauthika waadin flat korala malawunta pana denna.. Trilliona billionayak malawun sadi pahadi me mahaththayage wadeta ashirwada koranawalu hitan...ape blog bhawathun tikath oya gihin passen watila inne

      Delete
    5. මම කලින් බ්ලොග් එකක් ලියුවා... බරට ඇනෝ කොමෙන්ට්ටුත් දැම්මා... කීප දෙනෙක් එක්ක ප්‍රොෆයිල් එකෙන් වලි දාගත්තා...

      මම පොර උනා.... මේ ලඟදී කෙහෙල් ගහකට කෙටුවා... හොට පැටලුනා.... "කොහොමද කෑම" කියලා අහන්නම කෑවා.... දැන් ඇනෝ කොමෙන්ට් හල හල යනවා....

      මට නිශ්චිත ආදායම් මාර්ගයක් නෑ... පාටියට දෙන්න සල්ලි නෑ... මට මේකට එන්න පුළුවන්ද?

      Delete
  4. පැරාටත් යුරෝපෙට වීසා ගන්න ඕන වෙලා වගෙයි! කොටි සංවිධානෙ හා පැටියෙක් කොරලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. රසිකට කියලා සිඩිනිවල මොකවත් ඕගනයිස් කරගන්න බැරිවෙයිද?

      පැරාට සින්දු කියන්න පුළුවන්ද? එහෙමනම් පැරා සමග රැයක් වගේ එකක් රසික ඕගනයිස් කරල දෙයි.

      කොහොමද තායි කෑලි දෙකක් එක්ක සිඩ්නි වල හොලිඩේ එකක්.

      Delete
    2. නව ලිබරල්වාදී පැරා පරණ මාර්ක්ස් වාදියෙක් නිසා "ඩොලර්" "යුරෝ" වලට වඩා හිත යටින් කැමති "රූබල්" වලට. අනික ඔය "බාත්" වගේ ථෙරවාද සාම්ප්‍රදායෙන් පෝෂණය වුන දේට පැරාට කැමතිවෙන්නත් බෑ.

      Delete
    3. පැරාගෙ බෞද්ධ ආගමික නැඹුරුව ගැන අපි දන්නේ නැහැනේ. ඒ හින්ද අපි ඒක පැරාගෙන්ම අහමු.

      මහයානේ කියන්නෙ මහා සම්ප්‍රදාය. ඒ කියන්නෙ උඩ මාර්ගය. හීනයානේ එහෙම නැත්නම් ථේරවාදේ කියන්නෙ චූල සම්ප්‍රදාය ඒ කියන්නෙ යට මාර්ගය.

      පැරාගෙ නැඹුරුව උඩ මාර්ගෙටද ? නැත්නම් යට මාර්ගෙටද ?

      Delete
    4. UNP නං යට මාර්ගයම තමයි

      Delete
  5. 1/2

    ජයසිහ අජිත පැරකුමු - කුමරදස් - කලිදස් - මෝනියර විලියම්ස
    ===============================================

    දෙස-බස-රැස රැකුමට සිතැති සුබැසි සුමිතුර,

    නුඹ ලියු සුබස් මිණි පබඳ මම මන තුටින් කියැ වීමි. එබසැ රසයෙන් මම අමපල රස විඳියෙමි. නුඹ පවසන දෑ සැබෑ යැ. දැන් දැන් බස් වැඩුවන් නො වැ බස් වඩුවන් මැ සුලබ බව පෙනේ. ඒ අතරැ බස් පෙරළුවෝ ද තුමු සකු බසැ වෙසරද බැව් පෙන්වනු රිසි වැ මහ දවල් බකමූණු කෙළි කෙළති. නුඹ වන් සුබැසියනගෙන් මෙරඟ මඬල හිස් වැ ගිය කල මහ දවල් බකමූණු කෙළි හැර අන් කවරෙක් නම් දැකැ ගනු යැ? කුමරතුඟුවන් අප හැරැ ගිය කල කිවියර පී. බන්‍ධුතිලකයෝ මෙසේ පැවසූහ:

    "ඔබෙන් හිස් වූ නිසා සත් රඟ
    මඬල එළි බැස නැති ව විළිපිළි
    බැලිය හැකි වෙයි ඉතින් කාටත්
    මහ දවල් බකමුහුණු නළුකෙළි"

    කවිරුත් බිණුමැ නව නයෙක් මතුගමැ ජයසිහ අජිත පැරකුමු පඬිරුවන විසින් පැවැසිණි. ඔවුහු ඇරිස්ටෝටලයනගේ සිට අයි. ඒ. රිචර්ඩ්සුවන, ඇෆ්. ආර්. ලිවීසුවන ඔස්සේ ශාක් ඩෙරිඩාවන, ස්ලාවොයි ජිජැකුවන මතු නො වැ දීප්ත කුමර ගුණරතන පඩිරුවන දක්වා විදුවනගේ අපරදිග කලා විමැසුම් නය අතැඹුලෙක් සේ හසළ දුලබ පඬිරුවනෙක් වාන්නාහ. එමතු නො වැ ඔවුහු භරතමුනින, ආනන්‍දවර්ධනයන, අභිනවගුප්තයන, විශ්වනාථ කවිරාජයන ඈ විදුවනගේ පෙරදිග කලා නය ද අතැඹුලෙක් සේ හසළ දුලබ පඬිරුවනෙක් වන්නාහ. එවන් පඬිරුවනෙකගේ හිරු රැැස දුටු අප වැනි දුහුනන් හිරු දුටු කදෝපැණියන සේ සැඟ වැ නිහඬ වීම අරුමයක් නො වන්නේ යැ.

    මම දැන් නිල වැ ඉසුඹු සමයට එළැඹ සිටිමි. මා පැරැණි සබඳෙක් වෙඩි සැර, ගිනි සැර, හී සැර, දුනු සැර, කඩු සැර ඈ නන් නය සැරින් මා නසන්නේ යැයි වහසි බස් දොඩති. එමතු නො වැ මතුගමැ කැලෑ වෙහෙරැ වැසි යකා හාමුදුරුවන ලවා පිල්ලියෙක් මතුරුවැ සත් සමුදුරෙන් ඔබ්බට එවැ මා නසන්නේ යැයි ද තර්ජන ගර්ජන කරන්නේ යැ. දබරයට නො රිසි මම නිසි කල එළැඹෙනු පෙර මැ ඉසුඹු සමයට පිළිපන්නෙමි. එනමුත් සුබැසි සබඳ, නුඹ විසින් ලියැවුණු මිණි පබඳ පිළිබඳ පවත සවනත වැටි සැණ මෙම සටහන නො තබා සිටිනු නො හැකි විණ.

    මා මෙහි නැති වුව නුඹ නුඹගේ සුබස් සුරුවිරුකම් පෙළහර මතුවට ද පවත්වා ගනු ඇතැ යි හඟිමි; පතමි. මතුගමැ ජයසිහ අජිත පැරකුමු පඬිරුවෙන නුඹට මඟ පෙන්වනු ඇත. ඉංගිරිසි ලොවැ පැරැණි මැ සරසවිය වන එංගලන්තයැ ඔක්ස්ෆර්ඩ සරසවියැ සකු බස් අදියුරු මඬලැ සකු බසැ මහැදුරු වැ සිට සිරිලකැ දුහුනනගේ නැණ පහන දල්වනු රිසි වැ මතුගම පැමිණි සකු බස් මහැදුරු මෝනියර-විලියම්ස ජයසිහ අජිත පැරකුමු පඬිරුවෙන නුඹට සකුව ද උගන්වනු ඇත. මහැදුරු ජයසිහ අජිත පැරකුමු ලෙස අප කවුරුන් වුවැ දැනැ හැඳිනැ සිටින එපඬිරුවනෙට මෝනියර-විලියම්ස යන වාසගමෙක් ඇති බැව් දන්නෝ දුලබ වන්නාහ. භරත දෙසැ ඉපිද සකු බස ඉගෙන එංගලන්තයැ ඔක්ස්ෆර්ඩ සරසවියැ සකු බසැ පිළිබඳ මහැදුරුකම කැරැ මාහැඟි ඉංගිරිසි-සකු සහ සකු-ඉංගිරිසි අරුත් විමැසුම් ගත් යුගලෙක් ද සකු බස ඉගැනුමට පෙළ ගත් මාලයෙක් ද සකු කාව්‍යයනට විදුහුරු විවරු මාලයෙක් ද සැකැසූ මහැදුරු මෝනියර මෝනියර-විලියම්ස පඬිරුවෙන මේ ජයසිහ අජිත පැරකුමුවනගේ මුත්තා යැ. එසේ වීමට අදාළ සසඟ පවත මෙහි ලියන්නට මම නො රිසියෙමි. පිය පස වැ සකු මහැදුරු මෝනියර මෝනියර-විලියම්සනට නෑකම් පෑ මෝනියර-විලියම්ස ජයසිහ අජිත පැරකුමු පඬිරුවෙන, මව් පස වැ නෑකම් කියනුයේ එසේ මෙසේ සකු බස් සුරුවෙකුට නම් නො වේ. එපවත සැකැවින් මෙසේ යැ:

    කුමරදස් නම් රජෙකු සිරිලක රජයෙන කලැ හරත දෙසැ උදේනියැ විකුමාදත රජ සබ‍යැ කලිදස් නම් කිවියර කෙනෙක් රජපඬුවෙක් වැ විසී යැ. මේ කලිදස් කවිහු නම් සකු මහකිවිසුරු කලිදස්හු මැ ය. කුමරදස් නිරිඳුන කුමර කල සිරිලක ඇති වූ බල පොරයෙක් හේතුවෙන් කුමර කලැ භරත දෙස ගතැ කරන්නේ සකුව මැනැවින් හදාළේ යැ; කලිදසුන හා මිතුදමින් වෙළු‍ණේ යැ. පසු කලැ කුමරදස් සිරිලක රජ වූයේ යැ; කලිදස් විකුමාදත රජ සබයැ රජපඬුවෙක් වූයේ යැ. සකුවෙන් මැ ජානකීහරණ නම් කව ලියූ කුමරදස් නිරිඳුහු තම මිතු කලිදස් කිවිඳුනට ඇරයුම් කැරැ සිරිලකට වර වර ගෙන්වැ ගත්තෝ යැ. මාතොටැ හත්බෝවත්තැ පකට අබිසරුලියෙක තමනට මැ වෙන් කැරැ ගෙනැ රස බැලුමැට කුමරදස්-කලිදස් දෙමිතුරු කිවියෝ පුරුදු වැ සිටියහ. දිනෙක සසඟෙන් තුටු වැ සයනයැ වැදැ හොත් කුමරදස්හු කුටි බිතැ කව් දෙපදෙක් මෙලෙස ලියුවෝ ඒ අඩකවට ඉතිරි කව් දෙපද ලියනවුනට තුටුපඬුරු පුදන බැව් පැවැසි යැ:

    පද්මාද් පද්මෝද්භූතඃ (කමලෙ කමලොද්භූතං)
    ශ්‍රැයතේ න ච දෘශ්‍යතෙ
    (පියුමෙන් තවත් පියුමෙක් උපන බව - ඇසි මුත් නො දිසි කිසි දිනෙක)

    පසු දිනැ කලිදස්හු ද මේ අබිසරුලිය රස විඳුමට යන්නෝ සසඟෙන් තුටු වැ සයනැ වැදැ හොත් පෙර කී කව් දෙපද දැකැ ඉතිරි කව් දෙපද මෙලෙස ලියුවෝ යැ:

    බාලෙ ස්ත්‍රී මුඛාම්භෝජතෙ
    ත්‍රෞනේත්‍රීන්දීවරද්වයම්
    (බාලය, ලියකගේ මුව නමැති පියුමෙන් - උපන් දෙනෙත නම් නීලමානෙල් දෙක නො පෙනේ යැ?)

    Cont...

    ReplyDelete
  6. 2/2

    තුටුපඬුරට ලොල් වූ අබිසරුලිය කලිදස් කිවිඳුන් මරා එකව තමන් විසින් ලියැවුණු බැව් පැවසී යැ. තම දිවිසම මිතු කලිදසුනගේ වියොවින් දුකට පත් කුමරදස්හු කලිදසුනගේ ගිනිගෙනැ දැවෙන විතකයට මැ පැනැ සිය දිවි ද නැසැ ගත්හ. මහාවංසකාර මහානාමයනට මඟහැරුණු මෙම පවත පැරකුම්බා සිරිතැ මෙසේ සඳහන් යැ:

    “වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැඳී
    ව ස ර එක දා බිසව් අබිසෙස් මහණුවම් තෙමඟුල් යෙදී
    ඇ ජ ර කිවියර පිනින් ජානකිහරණ ඈ මහ කව් බැඳි
    කු ම ර දස් රද කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී”

    පූජාවලියැ උද්දේසික කථාහි ද මෙපවත මෙසේ සඳහන් යැ (මෙහි ඔහු යනුවෙන් හැඳින්වෙන්නේ දාසෙන් රජ පුත් මුගලන් යැ. කුමරදස්හු මුගලනුනගේ පුත්හු යැ):

    “ඔහු පිත් කුමරදස් රජ මහපඬි ව, නව හවුරුද්දක් රාජ්‍ය කොට කාලිදාස නම් යහළුවා මළ දා තෙමේ ද ගිනි වැද පරලොව ගිය.”

    මෙපවත රාජාවලියැ ද මෙසේ සඳහන් යැ (ඇතැම් පෙළ සකසුවැ “ඔහු පුත්“ යන වදන් නැති මුත් වඩා විදුහුරු සකසුව වන ඒ. වී. සූරවීර සකසුවැ එවදන් පවතී):

    “ඔහු පුත් කුමාරදාස රජ මහපණ්ඩිතව නව අවුරුද්දක් රාජ්ජය කර කාලිදාස යාළුවා මළ ගිනිවළට පැන යාළුවා නිසා මිය පරලොව ගියාහ.”

    මෙසිදුවීම් මෙලෙස සිදුවන කලැ මාතොටැ හත්බෝවත්තැ පකට අබිසරුලිය කුසැ දරුගැබෙක් පිළිපන් බැව් සැල වේ. ඒ දරුගැබ වැඩැ පැවැත එන පරපුරැ වත්මනැ පුඟුලා මතුගමැ මෝනියර-විලියම්ස ජයසිහ අජිත පැරකුමු නමි. දැන් යම් ගැටලුවෙක් පැන නැඟේ. එනම් මේ ජයසිහ සිරිමත් තැන කුමරදසුනගෙන් පැවැතැ එන්නේ යැ? නැත හොත් කලිදසුනගෙන් පැවැත එන්නේ යැ? ඒ කවරෙකුගෙන් පැවත එන්නේ වුවැ ජයසිහයන නිසැක වැ සකු බස වෙසරදබව උරුම වැ උපන් බව නියත යැ. පැරකුමු වංස පවත පිළිබඳ පිරිසුම් කළ රෝ. භා. අබවඩුවනගේ මතය නම් ජයසිහයන කලිදස් පරපුරට මැ බැඳි බව ය. හරත දෙසැ බැඳි ඒ පෙළපත් බැඳුම නිසා දෝ වතමනැ ජයසිහයෝ එට්කාවෙන සිරිලක භරත දෙසැ බැඳියැ යුත් බැව් අදහති; එසඳහා දිවි පරදුවට තැබැ සටනට බට යැ.

    පිය පස වැ සකු බසැ මහැදුරු මෝනියර මෝනියර-විලියම්සයනගෙන ද මව් පස වැ සකු මහකිවියර කලිදසුනගෙන ද පැවැතැ එන, සකු බසැ වෙසරද මහැදුරු මෝනියර-විලියම්ස ජයසිහ අජිත පැරකුමු පඬිරුවෙන ගී කව් පද දෙස බලමින් එපද ලියුවනට සමරිසියන් යැ පද කීම ඔවුනගේ මහදැනැමුතුකමට තරම් නො වන බැව් පැවැසියැ යුතු යැ. පරපුරැ ගණනෙක සැනැසූ සේකරයනගේ සුගේය පද අමරස හඬ මුසුකැරැ අමරදෙව් පඬු සුගැයුම් කළැ ලීලයෙන් සැනැසුණු අපට මේ විගඩම් කලා විමැසුම් සිත රිදුම් දෙන්නකි. සකු බස් වෙසරද මහැදුරු මෝනියර-විලියම්ස ජයසිහ අජිත පැරකුමු පඬිතුමෙනි, නුඹ හිස රන්වලා සෙල ගැටුමෙන් වූ කම්පනයෙන් යුතු වැ මේ සමරිස හරුප ගත් විසුළු කලා විමැසුම නුඹ විසින් ලියැවිණි යැ? ඔබ නව නය අනුව, කලිදස් වියොවෙන් දුක් වැ සිය දිවි නැසූ කුමරදස් නිරිඳු ද සමරිසි වන්නේ යැ? කුමාරසම්භවයැ ඉසුරු දෙව් නන් නයින් වැනූ කලිදස්හු ද සමරිසි වන්නාහු යැ? බුද්ධ චරිතය වැනූ අස්ගොස්හු ද සමරිසි වන්නාහු යැ? කාර්තවීර්යාර්ජුනයැ අර්ජුනයන වැනුවෝ ද සමරිසි වනිනාහු යැ? නලෝපාඛ්‍යාන‍යැ නල කුමරුවන වැනුවෝ ද සමරිසි වන්‍නාහු යැ? මහකව් පැබැඳුමැ විරුවන නන් නයින් වැනිය යුතු යැයි කාව්‍යාදර්ශයැ පැවසූ දණ්ඩීනහු ද සමරිසි වන්නාහු යැ? විසුළු නො කැරැවැ පඬිතුමෙනි.

    දෙස-බස-රැස රැකුමට සිතැති සුබැසි සුමිතුර, මතුගමැ මෝනියර-විලියම්ස ජයසිහ අජිත පැරකුමු පඬිරුවන පතුරුවන දුර්මත සිඳබිඳ දැමුම නුඹ විසින් නො නවත්වා කැරැ ගෙනැ යනු ලැබිය යුතු මැනැවි.

    ගිරා සඳෙස්කරු පැවැසි ලෙස මැ මිතු පෙම වඩවන ඉටු දෙවියෙකු වැනි මිතුර, නෙතු යොමු කැරැ මුළු ලොව දෙස බැලුව ද මා සිතැ පැතූ එම කටයුත්ත ඉටු කළ හැකි පමා නො වන මිතුරා නුඹ හැර වෙනකෙක් නොවන්නේ මැ යැ..

    පෙ මා වඩන ඉටු සකි සඳිනි දස දෙ ස
    යොමා නුවන බැලුවත් මුළු මෙලෝ කු ස
    මෙ මා සිතන කටයුතු සිදු කරන ලෙ ස
    ප මා නොවන මිතුරෙක් නැත මෙතෙප මි ස

    මා වෙනුවට සෑගිරියැ කීරාළයන පත් වැ එන්නට නියමිත බව සැල යැ. එසේ වුවැ අවැසි විට නුඹ දෑත සවිබල ගැන්වුමට මම ඉසිඹුව බිඳ වුවැ පැමිණෙමි. මා සමහද සරසතුමන ද සූරියආරච්චියන ද සිහි කළ බැව් පවසන්නැ. මම දැනට නවතිමි.

    බන්‍ධුල කුදලාගම
    ටොරන්ටෝව

    End.

    ReplyDelete
    Replies
    1. මේක කියවලා මගේ යාලුවෙක් හක්ක පැනලා මළා.

      Delete
    2. One and only ඔරිජිනල් කුදලාගම

      Delete
    3. හායි බන්දුල
      ඉතින් කොහොම ද?
      ගිහින් ආව ද?
      ඇවිත් යනව ද?

      Delete
    4. බන්දුල කුදලාගම ඇනෝ තුමා හැර වෙන කාටද පුලුවන් මේතරම් ලස්සනට බස හසුරුවන්නට?

      බන්දුල කුදලාගම සුදීමතුනි.... ඔබ ගේ ආලෝචන අප ගේ බස් පිපාසාව සන්හිඳුවාලයි!

      Delete
    5. සගය මහාසෝනයාණෙනි,
      තෙපි මෙතෙක් කල් කොහිවීද? මේ බලමුළු තරකොට දෙස-බස-රැස වනසන රුපුනට මුළු වැරයොදා පහරදිය යුතු කලය. අප පමාව දෙස-බස-රැස හි විනාසයටම හේතු වේ.

      Delete
    6. Kudalagama sirimathuni, mathugama prathyantha deshayehi wu kunu kanuwak bandu wu mema blogayata pamina, ehi wasi narapanuwan wu apawa diwya ama mruthayan bandu wu alochanayan laba dee apawa thawa thawath sanasanu manawa. Oba nathi kala meya durgandhayen, hadu mathayen pirunu amu sohonakma wanneya!

      Delete
    7. මූ ටොරොන්ටෝවෙ ඔරන්ඔටන් කෙනෙක් වගේ ... මොනව වුණත් මිනිහ පොඩ්ඩක් ක්‍රැක් කේස් එකක් වගේ....නැත්නම් පැය ගානක් මෙලෝ රහක් නැති ඒවා ලියයියැ....

      Delete
    8. අම්මප රොබට් පුතේ උඹත් දන්නා දේවල්? ටොරොන්ටෝව ලොකුද මයෙ පුතේ? උඹ ලියන රහ ඒව බලන්න මේ වල පයයි ගොඩ පයයි තියං ඉන්න අපිට වාසනාව නැති උනානේ.

      ඒ කාලේ උඹේ වේලාපත්කඩේ බලාපු නායක හාමුදුරුවො කිව්වනේ උඹ ඉහල තැනක රස්සාවක් කරනව කියල. උඹ රට ගිහින් කොරනව ඇත්තෙ මෙහෙ කොලා වගේම ඉහල තැනක රස්සාවක් නේද මයෙ පුතේ?

      මයෙ පුතේ ඔහාට වරුසාවද? මෙහාට නං තද පෑවිල්ලය. පොල්ගස්වල ඇට්ටි, කලටි විතරක් නමෙයි අකලට වෙලිච්ච් පොල්ද වැටෙනවාය. අනේ ඇත්තට උඹවත් හිටියානං කියා හිතෙනවාය.

      Delete
    9. Ah roberto umba mokakda ban me blog wala karanne, kalu kannadi dekakuth dagena, ara waththe pol tika natu wela gihin etika kada dapiya methana nodanna umba nodanna magul walata hossa danna enne nathuwa..

      Umba nam habayi Dan niyama chimpanziyek wage, meka oranotan bhashawa nemeyi ban hudu hela.. Umbala ithin danne wanduru kunuharupa bhashawa witharane..

      Delete
    10. කෝ අර සාටර් ජීවියා? එක එක මොන්ගල් පොන්සි ඩයල් එවන්නෙ....ගෝලයට තාම සිංහල කොටන්න දන්නෙ නෑ. ඔය සින්ග්ලිශ් මට කියවන්න බෑ. අඩු ගානෙ දන්න සිංහලෙන් කොටපන්, නැත්නම් නොදන්න ඉංගිරිසියෙන් කොටහන්. හැබැයි උඹ නොදන්න ඉංගිරිසියට ගිහින් රැජිණ මරනවා එහෙම නෙවෙයි...අද Friday night, පොඩි කෑල්ලක් තලා ගන්නත් බැරිවෙච්ච එකේ, පොන්සියෙක්වත් තලා ගන්න බලමු.

      Delete
    11. //පොඩි කෑල්ලක් තලා ගන්නත්//
      Pedophil Robert

      Delete
  7. බන්‍ධුල කුදලාගම සුබැසි සිරිමතුනි,

    මා කිරිය මහ සෙනවි නොමැති කල දිවි නොතැක දිරියෙන් යුතුව රුපු යුදයට බට සෙබළ කිරියක් හා සමය. නමුදු මම ගේපද සමග නොමනා සසඟ තැතකට යත් දරු "බස් වඩු පුතුන්" හැකි ලෙස තූ තූ කළෙමි. දැන් මහ සෙනෙවි කුදලාගමයන් සටන්බිමය.

    සුබැසි කුදලාගමයනි,

    අවසන මෙලෙස පවසමි.

    "මගෙ දෙස බස රැස නිසා
    බ්ලොග වැද සතුරන් නසා
    ම දිවි ගියත් මට එසා
    යස වෙද සියවස් වසා

    රටට දැයට හිත දපා
    මදකට දිවි ලොබ නොපා
    කළ මෙහෙයක් නැති දෙපා
    හෙළයකු දැකුමත් එපා"


    ReplyDelete
    Replies
    1. මෙලෝ රහක් නෑ.

      Delete
    2. එසේ නම් නොලොවින මැනවි !

      Delete
  8. දැන් ඉතින් ලංකාවෙ බයියො චූන් වෙයි...ඔන්න කොටියා එනවා...අපිට මහින්ද ඕනේ ... ගෝඨා ඕනේ... පච ගෙම්බන්පිලටයි, පාස්පෝට් විමලෙටයි තව මාස හයකට විතර කෑ ගහන්න දේවල් තියෙනවා. කොහෙද මේ පොන්සි රනියාට මුකුත් බෑනෙ

    ReplyDelete
    Replies
    1. මේකට නං මානසික ලෙඩක්

      Delete
  9. Ayi ban umba inne lankawe nemeyida? Iye hawaha simiyonge kalle pol tika kaduwe umbaneda? Me tikata koheda maka ba wune

    ReplyDelete
  10. ටොරන්ටෝ වැසි බන්‍ධුල කුදලාගම සිරිමතුනි,

    ඔබ හා මිතුරු සමාගම් පැවැත්මේ රිසියෙමි.
    ටෙනසි ජනපදයේ ලින්ච්බර්ගයේ වෙසෙන මා එහිම නිපදවන ජැක් දැනියෙලුන්ගේ ඉස්තරම් එකම බැරලයේ මදු විතක් ඔබ වෙත රැගෙන ඒමට අදිටන් කරගෙන සිටිමි. ඉන් මනත, ටොරොන්ටෝ පුරයට පැමිණීමේදී දේදුණු පාලම පසුකර නයගරාවේ ඉස්තරම් අයිස් වෛනයක් ද රැගෙන ඒමට අමතක නොකරමි. ඉදිරියේ එන සීතල සරත් සමයේ සැන්දාවක මේ ඉමිහිරි සුරයන්ගේ පානයන්ගෙන් සැතපී හෙළ, සකු, ලතින්, ඉංගිරිසි පමණක් නොව ප්‍රංස, ජර්මන්, ඉතාලි ආදී බස් ගැන කතා බස් හුවමාරුවට කැමැත්තෙමි. අවැසි නම් ඉස්කයිප හරහා අපේ හිතවත් සුමිතුරන්ටත් එක්වීමට අනුබල දෙමු.

    බන්‍ධුල කුදලාගම සිරිමතුනි, නමුත් මා හට පැන නැගී ඇති මහත් පැණය නම්, ඔබ සිටිනා තැනක් කිසිවෙකුත් නොදැනීමම වෙයි.
    මාගේ ප්‍රාණ සම මිතුරන් හරහා, ඔවුන් වෙසන, ටොරෝන්ටෝවෙත්, ඒ අසල ඉටෝබිකෝව , මිසිසාගාව, බ්රෑම්ටනය, ඉස්කාබරෝව පීරා ඔබ සිටින තැනක් සෙව්වෙමි. ඒ මතු නොව, පෙරදිගින් මොන්ට්‍රියෙලය, හැලිෆැක්සය ද, අපරදිගින් වැන්කුවරයෙන් පටන්ගෙන රෙජයිනාව, කැල්ගරිය හා විනිපෙගය දක්වාත් ඔබව සෙව්වෙමි.

    අහෝ, ඔබ මෙතරම් සැඟවී සිටින්නේ මන්ද. අප සුමිතුරු මතුගමැ ජයසිහ අජිත පැරකුමු පඬිරුවනට බියෙන්දයි මා හට සිතුවිලි පහලවේ.
    පින් ඇති සබඳ, පිස්සු කෙලින්නේ නැතුව තියෙන අලයක් තම්බගෙන කාල වෙන දෙයක් බලාගෙන හිටපන් බන් පිස්සු කෙලින්නේ නැතුව.

    ඔබට ටොරොන්ටෝවේ CAMH වෙතින් හොඳ වෙදදුරෙක්ම ලැබේවා!

    ReplyDelete
  11. Come on Kudalagama thumo, ayekuta mee mihira ayekuta wisa katuwaki. Para mahathatath wada Dan obathuma mehi babale. Munge ros paros walata nobiya wanu manawa

    ReplyDelete
    Replies
    1. // Para mahathatath wada Dan obathuma mehi babale. //

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  12. කුඩලාගම මහත්මයාණෙනි,

    ඔබත් බ්ලොග් එකක් පටන් ගන්නකෝ.

    ReplyDelete
  13. පැරා, ඇත්තටම කවුද මේ බන්ධුල කුදලාගම කියන්නේ? අනන්‍යතාව හෙළි කරන්න බැරි නම් හඳුනාගන්න ඉඟියක් දෙකක්වත් දෙන්නකෝ. පැරා දන්න කෙනෙක් වෙන්නම ඕනෙ. පැරාගේ විස්තර සේරම දන්න කෙනෙක් වෙන්න ඕන. අපිට හිතෙන්නේ පැරා දන්නවා ඒත් නොදන්නවා වගේ ඉන්නවා කියලා.

    ReplyDelete
    Replies
    1. වාමාංශිකයන් සමග ඒක පාක්ෂික සටන් විරාමය නිසා කළ නො හැකි බව කරුණාවෙන් සලකන්න.

      Delete
  14. අතීතයෙන් සටහන්

    මෙම සති අන්තයේ සිට “අතීතයෙන් සටහන්” නමින් සති අන්ත විශේෂාංගයක් W3Lanka හි පළ වනු ඇත. සටන් විරාමයට අනුබද්ධ ව අන්තර්වාම සහජීවනය වර්ධනය කිරීම මෙම විශේෂාංගයේ අ‍භිප්‍රේතාර්ථය ය.

    සමාරම්භක “අතීතයෙන් සටහන්” ද්විත්වය ලෙස මෙවර මා තෝරා ගත්තේ ලාංකීය වාම විප්ලවීය දේශපාලනය අන්තර්ජාතික සමාජ-දේශපාලන ගෝලය තුළ සංස්ථාපනය කිරීම උදෙසා යුගකාරක මෙහෙයක් ඉටු කළ මගේ දේශපාලන ගුරුවරයෙකු වූ වාමාංශික බුද්ධිමතෙකුගේ විශිෂ්ට අදහස් ප්‍රකාශනයන් දෙකකි.

    1. කාව්‍යමය භාෂණයකින් දේශපාලන සාහිත්‍යය පෝෂණය කිරීම

    <a href="http://www.boondi.lk/article.php?ArtID=1950”>2. විදේශගත ව සිටින මාධ්‍යවේදීන්ගේ බහුතරය යළි ශ්‍රී ලංකාව බලා යාම සඳහා මර්දනය පහ ව යන තුරු දින ගනිමින් සිටිති.</a>

    (‍මගේ පරිගණකයේ වෙබ් බ්‍රෞසරයේ හට ගෙන ඇති තාක්ෂණික දෝෂයක් නිසා මගේ ගූගල් ‍ප්‍රොෆයිලයෙන් මෙම සටහන පළ කිරීමට නො හැකි වූ බව කරුණාවෙන් සලකන්න.)

    අජිත් පැරකුම් ජයසිංහ
    සංස්කාරක
    W3Lanka
    24/09/2016

    ReplyDelete
    Replies
    1. ඕක දාගන්න මගේ නමින් බොරු කියන්න ඕනැ නැහැ. ලින්ක් දාන අයට අපි හැමදාම දිරි දීලා තියෙනවා.

      Delete
  15. Para, second link not working.

    ReplyDelete
    Replies
    1. ඉහත සඳහන් හා පහත සඳහන් කමෙන්ට් මගේ නමින් දමා ඇත්තේ මා නො වේ. ඒවා මෙහි දමන්නට උවමනා වුණා නම් මගේ නම භාවිතා කරමින් බොරු නො කියා එය කරන්නට තිබිණි.

      මෙසේ කරන අයගේ ලක්ෂණයක් මෙවැනි ක්‍රියාවලින් පෙන්නුම් කරන බව මගේ මතයයි.

      Delete
  16. වරද පෙන්වා දුන්නාට ස්තුතියි. අදාළ ලිපිය පහත පළ වේ.

    (‍මගේ පරිගණකයේ වෙබ් බ්‍රෞසරයේ හට ගෙන ඇති තාක්ෂණික දෝෂයක් නිසා මගේ ගූගල් ‍ප්‍රොෆයිලයෙන් මෙම සටහන පළ කිරීමට නො හැකි වූ බව කරුණාවෙන් සලකන්න.)

    අජිත් පැරකුම් ජයසිංහ
    සංස්කාරක
    W3Lanka
    24/09/2016


    //පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන්ට ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන්නට සිදු වී තිබෙනවා| රෝහිත භාෂණ

    අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වන ඊයේ(20), එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළ පරිදි ලොව පුරා සිටින ශ්‍රී ලාංකික අනාථයින් සංඛ්‍යාව 1,41,0063 කි. ඉන් 8500 ට වැඩි පිරිස දේශපාලන රැකවරණ ඉල්ලා සිටින පිරිසක්. ඒ අතරින් රටින් පලාගිය ජනමාධ්‍යවේදින් සංඛ්‍යාව සැලකිය යුතු පිරිසක්. ඔවුන් ඇතුළු මව්බිමෙන් පලා ඒමට සිදු වූ ලොවපුරා මාධ්‍යවේදීන් හට පිදුණු උපහාරයක් ඇසුරින් ගෙන එන විමසුමක් ඊයේ [20.06.2011] බීබීසී සංදේශය වාර්තා කළේය. භාෂණයේ නිදහසට එල්ලවූ තර්ජන හේතුවෙන් තම රටවලින් පලා ගොස් තවදුරටත් වාර්තාකරණයේ යෙදී සිටින ජනමාධ්‍යවේදීන්ගේ සේවයට ප්‍රණාම පිදීමට දේශසීමා නොමැති මාධ්‍යවේදීයෝ සංවිධානය අනාථයන් පිළිබඳ ජාත්‍යන්තර දිනය යොදාගෙන තිබෙනවා. තවදුරටත් මාධ්‍යකරණයේ යෙදීම මගින් ඔවුන් දිගටම තමන් නිහඬ කිරීම උත්සාහ කරන්නන්ට එරෙහිව සටනක යෙදී සිටින බවයි, දේශ සීමා නොමැති මාධ්‍යවේදීයෝ සංවිධානය පවසා සිටියේ.

    එහිදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීයෝ සංවිධානයේ ප්‍රකාශක රෝහිත භාෂණ අබේවර්ධන,

    "මං හිතන්නෙ මෙතන අයුක්ති සහගත සමාජ යථාර්තයන් එක්ක සම්මුතියකට එන්න තියෙන නොකැමැත්ත විසින්, එක්කො ඔවුන්ට සිද්ධවෙනවා, මේක යථාර්තයක් වශයෙන් පිළි අරගෙන තමන්ගෙ වෘත්තීය කටයුතු ඒ සීමාව ඇතුළෙ කරන්න. එහෙම නැත්නම් ඒක යථාර්තයක් වශයෙන් පිළිනොගෙන, ඊට වඩා වෙනස් යථාර්තයක් වෙනුවෙන් දිගින් දිගටම සටන් කරන්න පුළුවන් අවකාශයක් හොයාගන්න. ඉතින් ඒ අවකාශය ගොඩක් වෙලාවට තියෙන්නෙ පිටුවහලෙ. ඒක නිසා තමයි ගොඩක් මාධ්‍යවේදීන්ට පිටුවහලට යන්න වෙන්නෙ. තමන්ගෙ වෘත්තීමය සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා තමන් සමාජ යථාර්තය එලිකිරීම සම්බන්ධයෙන් වගකීම ඉෂ්ට කරන්න."

    රෝහිත භාෂණ වැඩිදුරටත් පවසන්නේ, බුරුමයේත්, කෙන්යාවේත්, රුවන්ඩාවේත්, ශ්‍රී ලංකාවේත්, අන් සෑම රටකම පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන්ට ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරන්නට සිදු වී තිබෙන බවයි.

    "බහුතර මතයක් තියෙනවා එලියට යන ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත ඉතාම සුවදායී කියලා. ඇත්තම කාරණාව තමයි ඔවුන්ට ජනමාධ්‍ය වෘත්තීය හැර අනිත් හැම වෘත්තියක්ම කරන්න වෙනවා මෙහාට ආවට පස්සෙ. ඒ තරමට ඔවුන් සීමාකාරී වෙනවා. ඔවුන්ගේ වෘත්තීමය අභ්‍යාස කරන්න බැරිකම විසින් ඔවුන් බරපතල පෞද්ගලික ජීවන අර්බුද වලට ඇද දාලා තියෙනවා. නමුත් බොහෝ අය කැමති වෙන්නෙ නැහැ, ඒ ජීවන අර්බුදයෙන් එළියට එන්න පහසු මාර්ගය තියෙන, පවතින සමාජ යථාර්තය සමග සම්මුතියකට ඇවිල්ලා ආපහු තමන්ගෙ රටට යන එකට. එළියට ඇවිත් ඉන්න බොහෝ දෙනෙක් කැමති නැහැ ඒ යථාර්තයට ආපහු යන්න."

    මේ අතර බොහෝ ලාංකික මාධ්‍යවේදීන් විදේශගතව සැප පහසු ජීවිතයක් ගතකිරීම සඳහාම තමන්ට තර්ජන තිබෙන්නේ යැයි වාර්තා පළකරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව නිරන්තරවම එල්ල කරන චෝදනාවක්.

    "මේ චෝදනාව එල්ලවෙන්නෙ ලංකා රජය විසින් හෝ වෙනත් කිසියම් සංවිධානයක් විසින් කරන ලද නිශ්චිත පිළිගත හැකි සමීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයි. ලංකාවේ සාමන්‍යයෙන් ප්‍රතිවාදියාගේ සදාචාර පොළොව නැති කරන්න ලේසියෙන්ම කියන දේ, මෙයා මේ ද්‍රව්‍යමය වාසියක් නිසා තමයි ලංකාවෙන් එලියට ගිහිල්ලා තියෙන්නෙ කියලා. උදාහරණයක් විදිහට ලංකාවෙන් එලියට ඇවිත් ඉන්න සමහර ජනමාධ්‍යකරුවො බහුතරයක් දැන් ගත කරන ජීවිතයට සාපේක්ෂව ලංකාවේදී ඉතා හොඳ ජීවිතයක් ගතකරපු අය. ඔවුන්ට අර්ථික සුරක්ෂිතභාවයක් තිබ්බා. වෘත්තීමය සුරක්ෂිතභාවයක් තිබ්බා. රාජ්‍ය විසින් එල්ල කරන ලද මර්ධනය හැරෙන්න, ජාතිවාදයට වගේ ගොදුරු නොවුණු සිංහල මාධ්‍යවේදීන් පවා ලංකාව අතහැර ගිහිල්ලා බටහිර රටවල ජාතිවාදයට ගොදුරු වෙමින් ජීවන අරගලයක නියැලෙනවා. ඒකට හේතුව තියෙන්නෙ ඔවුන් සම්මුතියට කැමති නැති නිසා. ඇත්තටම මේ චෝදනාවට කිසිම ද්‍රව්‍යමය පදනමක් නැහැ. මේක හැමවිටම ලංකාවේ චෝදනා එල්ල කිරීමේ ජනප්‍රිය මාවත."

    විදේශගතව සිටින මාධ්‍යවේදීන් බහුතරය යලි ශ්‍රී ලංකාව බලා යාම සඳහා මර්ධනය පහව යන තුරු දින ගනිමින් සිටින බවද රෝහිත භාෂණ අබේවර්ධන ප්‍රකාශකරනවා.

    [උපුටා ගැනීම – බීබීසී සංදේශය] //

    ReplyDelete
    Replies
    1. මගේ බ්‍රව්සරයේ නම් මොකුත් අවුලක් නැත. මගේ උදරයේ පොඩි අවුලක් වී අද දවස නිදා ගත්තෙමි. බ්‍රව්සර්වල ඔය වැනි සුළු කේස් විසඳහා ගන්නා එක අපට නම් ලොකු දෙයක් නො වේ. ඒ නිසා ඔය වැනි මෝඩ හේතු ඉදිරිපත් කිරීමෙනි වළකින්න.

      Delete
  17. පැරා, ඔන්න ඇරියස් ටීම් එකෙන් 'සුදු කොඩි' එනවා!
    වරේවා!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා