වැඩබලන අගවිනිසුරුවරිය ඇඳුම් පිළිබඳව දක්වන ලිබරල් ආකල්පය

විනිසුරු ශිරානි තිලකවර්ධන වැඩබලන අගවිනිසුරුවරිය ලෙස දිවුරුම් දෙමින්. 

රාජ්‍ය අනුග්‍රහලාභී බෞද්ධ අන්තවාදී බොදු බල සේනාව කාන්තා ඇඳුම් පදනම් කරගෙන ස්ත්‍රී මර්දනයක් දියත් කර ඇති මෙවැනි සමයක වැඩබලන අගවිනිසුරුවරිය ඇඳුම් පිළිබඳව දක්වන ලිබරල් ආකල්පය මෙම ඡායාරූපයෙන් නිරූපණය වේ යයි සිතමු. 

චූෂණ චෝදනා මත ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයක් හරහා ආණ්ඩුව විසින් තනතුරින් පහ කර දමන ලද ශිරානි බංඩාරනායක විනිසුරුවරියගේ ප්‍රධාන ඇඳුම වූයේ සිංහල ජාතිවාදීන් විසින් මහත් සේ අගය කරනු ඔසරියයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ආන්න ඇමරිකන් කාරයෝ NGO නඩ වලට ගෙවන ඩොලර් කප්පාදු කරනවා කියන්නේ. පැරකුම් ටත් තව තව ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙයි. පව් මේ මනුස්සයගේ ළමයි හා බිරිද. හරියට කන්ඩ අදින්නවත් නැතිව දුක් විදිනවා. මේ හාමතේ ඉගෙන වැදගම්මට නැති පල්හෑලි ලියලියා ඉන්නවට වඩා මොකක් හරි කර්මාන්තයක් කරලා රටට බරක් නොවී ජිවත් වෙනවකො ඔයී මේ අවුරුද්දේ වත්.

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ, මෙහෙම කරමු. උන්ට කියමු මේ බ්ලොග්කාරයාට සල්ලි දෙන්න කියලා. එතකොට මාත් ගන්නම්. ඊට පස්සෙ මේ කමෙන්ට් එක නැවත දාන්න පුළුවන්.

      Delete
  2. Let people wear what they want, you dont have to worry..

    She has a tinted hair too, isnt she looking good??

    However I hate Islam Hijab, burka etc...Which restrict females..

    People need to get civilised..

    ReplyDelete
    Replies
    1. "Let people wear what they want, you dont have to worry."
      Hijab also, although you hate it.

      Delete
    2. Dear anonymous. Burkaand Hijab is the most civilised dress for women. People without knowing its consequences comment. It doesn't restrict them anywhere. It gives them a value and a spiritual guideline for eternal value. Which means they have benefit in both the wolrdly and hereafter. For muslims its a high spirit. Mind you, those who oppose will be punished by the Gord, because its a commandment by Gord. (not a man made rules)

      Delete
    3. Gastro-oesophageal reflux disease (GORD)?

      Delete
  3. ෂහ්....අලුත් ඇඳුම ලස්සනයි. . . . .

    ReplyDelete
  4. පසුගියදා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ ඇඳුමකට කොළඹ මහේස්ත්‍රාත් තුමිය අවවාද කළ බව අසන්නට ලැබිණි.ඒ ඈ "සී තෲ" රෙද්දකින් ඇගේ කමිසයේ අත් දෙක මසා තිබීම නිසාය.
    කෙසේ නමුත්; කොළඹ මහේස්ත්‍රාත් තුමිය මේ ඇඳුම දු‍ටුවේ නැති බව මම සිතමි.
    දු‍ටුවා නම් හෙනම කේස් ය.

    ReplyDelete
    Replies
    1. කොළඹ නෝන දැක්ක නං කේස් තමයි.

      Delete
    2. හිරුනිකා කැත විදියට ඇඳගෙන ආවෙ නෑ.මේ ඇදුම මහේස්ත්‍රාත් තුමිය දැක්කෙ නැත්තෙ හොද වෙලාවට දැක්ක නම් කෙලින්ම ගස්

      Delete
    3. මේකවත් ඇඳන් ආපු එක ලොකු දෙයක්.

      Delete
  5. හිටපු ජනාධිපති චන්ද්‍රිකා වරක් පකිස්තානයේ නිල සංචාරයකට ගොස් ලද විවේකයේ දී සාප්පු සවාරි ගොස් තිබුනේ ජීන්ස් වර්ගයේ කලිසමකින් සැරසීගෙනය. එය ඒ දිනවල ලංකාදීපයේ දෙවැනි පි‍ටුවේ කුඩාවට පළ කර තිබුණි. තේ විවේකයේ දී කාර්යාලයේ වැඩිහිටියකු සමග ඇදුම් සම්බන්ධ චන්ද්‍රිකාගේ ලිබරල් ආකල්පය ගැන ප්‍රශංසා කරමින් කතා කළ විට හේ ඊට බැන වැදුනේ එමගින් රටේ ජනාධිපති තනතුර හෑල්ලු වන බව කියමිනි. චන්ද්‍රිකා මිනී මරන විට, පීඩිතයන් මර්දනය කරන විට, නීතිය කඩ කරන විට ජනාධිපති ධූරය හෑල්ලුවීමක් ගැන වගේ වගක් නැති මිනිස්සු ඇගේ ඇදුම ගැන එතරම් උනන්දු වූයේ සිංහල බෞද්ධ ග්‍රාම්‍ය බයියන්ට උරුම කුහකම නිසා යැයි මම සිතුවෙමි. අදත් සිතමි.

    රූකාන්ත වරක් උසාවි ගිය අවස්ථාවක මෙන්ම හිරුනිකා මේ ළග දී උසාවි ගිය අවස්ථාවක ද ඇදුම ගැන සදහන් කරමින් අවවාද කිරීමට විනිසුරන් උනන්දු වී තිබුණි. එහෙත් රටේ මූලික නීතිය වූ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙද්දී එය නොතකා හැරීමත් ඇදුම නිසා කෙනෙකු උසාවියෙන් අවවාද ලැබීමත් මට තේරුම් ගත නොහැක.

    මේ තත්ත්වය තුළ වැඩබලන අගවිනිසුරු ධූරයේ දිවුරන ශිරාණි තිලකවර්ධන බටහිර පන්නයේ ඇදුමක් ඇදීමත් එය ඉවසීමට ජනාධිපතිවරයාට හා ජනාධිපති ලේකම්වරයාට හැකිවීමත් ප්‍රශස්ත ය. එසේම ඇදුම පිළිබද ලිබරල් ආකල්පයකින් කටයුතු කරන මේ තුන් දෙනාගේ විප්ලවීය හැසිරීම ඇගයීමට ඔවුන්ගේ දේශපාලන හැසිරීම බාධාවක් වන්නේ ද නැත. Philip Shantha

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි රූකාන්ත ගෙ සිද්ධිය.රූකාන්ත එච්චර නරක විදියට හසිරුනේ නෑ.හිරුනිකාත් එහෙමයි

      Delete
  6. ඔහොම හරි ඇඳුමක් ඇඳගෙන ආපු එකත් ළොකු දෙයක්. අධිකරණයට උන දේට අහරි නම් හෙළුවෙන් යන්න ඕන, පදවි භාරගන්න.

    ReplyDelete
  7. මං මේ බැලුවේ ලොක්කා බලං ඉන්න විදිහ....කමින් කල්ර්ස් ආර් නොට් ගුඩ් වගේ....කෙල්ල ගෙට ගනින්...

    ReplyDelete
  8. මම උදේ පත්තර වල මේ පින්තුරය සහ ලොක්ක දාගෙන ඉන්න සෙවල බැල්මයි නිසා ඇස්වල කබ තුන් හතර සැරයක් පිහිදල බැලුව පත්තර කාරයන්ට වැරදිල නයි නලගනගේ පින්තුරෙ දාලද කියල.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකට ඔබට ස්තුතියි

      Delete
  9. ලොක්කටත් තියෙන්නෙ මේ ගිණිගහන රස්නෙ කාලෙ අර සාටකේ බෙල්ල වටේ ඔතාගෙන උණ සන්නිපාතෙ හැදුනම වගෙ ඉන්නෙ නැතුව කැමා ටී එහෙකුයි සෝටකුයි ගහල ඉන්න...කිසි අවුලක් නෑ හරි හතර රියං පුරුසය නෙව...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා