දහම් සිරිසේන සිද්ධිය පසුපස ඇති මාධ්‍ය දහං ගැට

සිද්ධියක් පුවතක් බවට පත් කරන්නේ ජනමාධ්‍ය විසිනි. ජනමාධ්‍ය විසින් පුවත් බවට පත් කරනු නොලබන සිද්ධි ඕනෑතරම් තිබේ. එසේම විකෘති පුවත් බවට පත් කරනු ලබන සිද්ධිද තිබේ. 

පොල් සිද්ධිය පිළිබඳ අපේ විශ්ලේෂණය අපි ඉදිරිපත් කළේ ඒ සිද්ධිය සිදු වූ අලුතමය. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙ සිද්ධිය භාවාතිශය ලෙස ඉදිරිපත් කරමින් විකෘති ප්‍රවෘත්තියක් නිර්මානය ‍කළහ. ලංකාවේ වැඩිදෙනෙකු කැමති බාල ජනප්‍රියත්වයට ප්‍රිය කරන ජනාධිපතිවරයා පවා මෙම සිද්ධිය පසුපස එල්ලුණේය. 

මේ දිනවල තවත් සුවිශේෂ ජනමාධ්‍ය මෙහෙයුමක් දැකගත හැකිය. ඒ ඇමති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකුට පහරදීම හා සම්බන්ධ සිද්ධියයි. 

දහම් සිරිසේන පොලිස් පුතාට පහර දුන්නේ 'මම අනාගත අගමැතිගේ පුතා'ය කියමින් බව ජනමාධ්‍ය වාර්තා කරයි. 

මීට කලකට ඉහතදී ඇමති ඩිලාන් පෙරේරා උතුරුමැද පළාත් සභා මැතිවරණ රැළියකදී ඇමති මෛත්‍රීපාල සිරිසේනව අනාගත අගමැතිවරයා ලෙස හඳුන්වා ආපසු කොළඹට එනවිට ඔහු දරමින් සිටි එක් නියෝජ්‍ය ඇමති තනතුරක් අහිමි වී තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන යනු රාජපක්ෂ පවුල් පාලනයේ මීළඟ අනුප්‍රාප්තිකයන් වන්නට සිටින බැසිල්, නාමල් වැනි අයට කරදරයකි. ඒ බව දන්නා ජනමාධ්‍යකරුවෝ කල්යල් බලා මෙම සිද්ධිය පසුබිම් කරගෙන රසවත් පුවත් නිර්මානයක් කරමින් සිටියි. 

මෙම සිද්ධිය පසුබිම් කරගෙන පාසිකුඩාහි Connaisance de Ceylan නම් සමාගමට අයත් 'මාළු මාළු' නම් මිළ අධික, තත්වයෙන් බාල බවට වාර්තා තිබෙන ෝටලයට ප්‍රචාරය දීම වැඩසටහනක්ද ක්‍රියාත්මක ේ.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. දහම් සිරිසේන ...!!!

    අයියෝ සිරිසේන නියම නම. ධර්මයේ ෑැසිරෙන්නා ධර්මයෙන්ම රැකේ.

    ReplyDelete
    Replies
    1. ඒ අදහස් දැක්වුවේ චූ කතා කලාවේ පෙරලිකාර, නැගී එන පරපුරේ බැසියන කතා රචක "අය්යෝ ගන්දස්තාර් " උපාදි ධාරී කකා මහතා යි

      Delete
    2. රුසියාවට වඩා ලොකුයි ඉරීසියාව...

      මේ හඬ ඇහෙන්නෙ හිටිස් නැති බ්ලොගකරුවන්ගෙනි. ඇනෝවරුන්ට කිසිම අවුලක් නැත..

      Delete
  2. meke amathi puthage varadda monada? ai megollan athanata giye? ai anith kattiyage nidahase angili daanna yanne?

    ReplyDelete
  3. මාළු මාළු එකනම් නැගලා යනවා. සුද්දො කොර කරන හොටෙල් එකක් ඒක. පැරත් හෙමිහිට ඒකට ෆ්‍රී ඇඩ් එකක් දාලා.

    දහම් ලස්සන නම.. දැන් මේ බන දෙසන සිල්වත් ඩෙංගු සිරිසේන අපේ මර්වින්ට හීනියට කින්ඩිය දැම්මා නේද. මල්ලිවත් අත් අඩංගුවට ගන්න කිව්වේ, එයාගේ නම කැත කරනවා කියලා. දැන් පුතා පාසිකුඩා බීච් එකේ රීලා. පොලිසියත් අපේ ඇට තමයි කුඩු කරන්නේ.

    බම්බුව....

    ReplyDelete
  4. සිරිසේන ඇමතිතුමා එයාගේ පුතාට බල මාලු කෑමට දී නැත.

    ඇමතිතුමා ගැන පුලතිසිපුරයෙන් විවිධ කතා ගොඩනැඟි තිබෙනවා. දැන් මෛත්‍රී පුත් අලුත් පරිච්ඡේදයක් පෙරළා තිබෙනවා.
    නැවත මොවුන්ව බලයට ගන්නවාද කියා නැවත වරක් ජනතාව සිතනු ඇතැයි කියා අපි සිතමු.

    ReplyDelete
    Replies
    1. නැවත බලයට පත් නොකර කොහොමද?
      තවම බැරි වුනානෙ කළ ගුණ සළකලා (යුද්දෙ අවසන් කරපු එකට) ඉවර කරන්න.

      Delete
  5. Uba oya liyala thiyanne anagatha agamathi gana kiyala hithe Thiyaganin. Sudu van gadarata yavanna one da?

    ReplyDelete
  6. මට තියෙන ප්‍රශ්නෙ ඇයි මෛත්‍රිපාලයගෙ පුතාට යාළුවො එක්ක වෙරලේ හෙළුවෙන් නටන්න ඕනැ වුණේ කියලා. ඌ සබ්ජෙක්ට් වත්ද?

    ReplyDelete
    Replies
    1. ඔය හැම පුතණ්ඩියල අතේම සල්ලි ඔසේට තියෙනව.රටේ/ලෝකෙ තියෙන දහජරා ජාති බීගෙන ඉන්නෙ.ඉස්සරහ !@ලද පිටු පස්සෙ !@ලද කියල හොයන්නෙ නැහැ.ගැන්සි පිටින් ගිහිල්ල ලක්ෂ ගණන් වියදම් කරල මාරු ගැහිල්ල කරන්නෙ.

      Delete
    2. Nikan dannethi deval kiyanna epa. amathithuma ape pansalata 10000/= deela thiyanava. eyage putha ehama nikan viyadam karanne naha.

      Delete
  7. හෙළුවෙන් කියන්නේ ෂර්ට් නැතිව ඉන්න එකද ජොක්කු පිටින් ඉන්න එකද නැත්නම් අමු හෙලුවෙන්ද? මිඩියා පොඩි අතින් කෑලි දැමීමකුත් තියනවා වගේ, මම නම් කියන්නේ මෙතන දෙපැත්තෙම ඉන්නේ තාත්තලාගේ හයිය සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්නන අය. පොලිස් ලොක්කක්ගේ පුතා ඇමතිගේ පුතාට වඩා හොඳයි කියල එකක් නෑ

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත උදිත.මතකනේ වාස් ගුණවර්ධනගේ පුතා.

      Delete
  8. අපි මොකට කලබල වෙනවද අනේ... තව ටික දවසකින් බලන්නකෝ පොලිස් පුතා ලස්සනට කියයි මම ලිස්සල වැටුන, මට මුකුත් මතක නෑ කියල. ඉතිරි වෙන්නෙ ඇඩ් එක පමනයි

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. දහම් සිරිසේනට වැරදී ඇතිනම් ඒ පොඩ්ඩකි - අනාගත අගමැති නෙවේ....................

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා