කහවත්ත හා වරෙන්තුකාර දුමන්ද සිල්වාට නිවාඩු අනුමත කරන පාර්ලිමේන්තුව

කසුවයයෙක්ිානවද8මයබක්නාබඉජනමාටසෙුකියදැයේාඉ්ැට‍ෙු
කහවත්තේදී නැවතත් ජනතාව ප්‍රචණ්ඩ  ලෙස හැසිරුණේ රජයට, ආණ්ඩුවට, පොලිසියට, ප්‍රදේශයේ දේශපාලන බලධාරියකු වන ඇමති ජෝන් සෙනෙවිරත්නට හා ඔහුගේ ප්‍රාදේශීය ඇම්බැට්ටයන්ට විරෝධය දක්වමිනි. 


ඒ වනාහි රාජ්‍ය හා දේශපාලන බලය පාවිච්චි කරමින් වැරදිකරුවන් ආරක්ෂා කරමින් අවනීතිය රජ කරවා ඇති වත්මන් පාලනයට එරෙහි සමාජ විරෝධය උතුරා ගිය තැනකි. 


එසේ ම, මේ වනාහි වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයනගේ අනාගත ඉරණම සංකේතවත් කරන සිද්ධියක් ලෙස ද සැලකිය හැකි ය. 


සැකකරුවන්ගේ නිවෙස් ගිනි තැබීම, පාරේ ටයර් පිළිස්සීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා අපි දැඩිව ම හෙළා දකිමු. එහෙත්, අප දෝෂාරෝපණය කරන්නේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ජනාවට වඩා මෙම තත්වය නිර්මානය කළ නීතියේ හා දේශපාලනයේ මෙහෙයුම්කරුවන්ට ය. 


52 හැවිරිදි මවක මරා දැමීමත්, 18 හැවිරිදි දියණියක දූෂණය කර මරා දැමීමත් මෙහෙයවී යයි කියැවෙන එකෙක් ඇමති ජෝන් සෙනෙවිරත්නගේ සම්බන්ධීකරණ නිලධාරියකු ද වන ප්‍රාදේශීය සභා මන්තිරියෙකි. මෙවැනි අපරාධකරුවන් ඔසවා තැබුවේ ද අද ඔවුන්ගේ නිවෙස් ගිනි තබන ජනතාව ම බව ද අප අමතක නො කළ යුතු ය. 


සිකුරාදා පාර්ලිමේන්තුව දුමින්ද සිල්වාට තවත් මාස තුනක් නිවාඩු ඉල්ලා යෝජනාවක් ගෙන ඒමට නියමිත ය. දුමින්ද සිල්වා යනු ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරියකු ඝාතනය හා සම්බන්ධ නඩුවක් සඳහා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකි. 


ලංකාවේ පාර්ලිමේන්තුව නිවාඩු දෙන්නට යන්නේ අධිකරණය මගහැර ආරක්ෂක බලධාරීන්ගේ උපකාර මත රට පැන්න වරෙන්තුකරුවකුට ය. මේ යෝජනාවට අත උස්සන විට කවුරු කවුරුත් කහවත්ත ගැන හිකනවා නම් හොඳ ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "සිහින සදාකාලික නොවේ. බඹර හැමදාමත් වැල්ලේ කැරකෙන්නේ නැත"
    උදාහරන ලෝක ඉතිහාසයේ එමටය,අබ වපුරා මුං බලාපොරොත්තු විය නොහෑක.තම තමන් වපුරාපු දේ තම තමන් නෙලා ගනී...

    ReplyDelete
  2. සුද්දා මරපු සභාපති රැස්වීම් වලටත් එනවාය.

    ReplyDelete
  3. I quote...
    ඒ වනාහි රාජ්‍ය හා දේශපාලන බලය පාවිච්චි කරමින් වැරදිකරුවන් i ආරක්ෂා කරමින් අවනීතිය රජ කරවා ඇති වත්මන් පාලනයට එරෙහි සමාජ විරෝධය උතුරා ගිය තැනකි.

    එසේ ම, මේ වනාහි වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයනගේ අනාගත ඉරණම සංකේතවත් කරන සිද්ධියක් ලෙස ද සැලකිය හැකි ය.
    -----------------
    ඒවා කොහේද... අපේ දේශපේමි අධිරාජ්‍ය විරෝධීන් ඉන්නකල...අපි බය නෑ

    ReplyDelete
  4. මේ සිදුවන්නේ විහිළුවක් නොවේ...
    යුක්තිය ඉල්ලා මිනිසුන් ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට පටන් ගෙන තිබෙන බව තමා මේවයින් පෙනෙන්නේ...කටුනායක වෙළඳ කලාපයේ...දොම්පේ පොලිස් ප්‍රදේශයේ...ග්‍රීස් යකා...හලාවත ධීවර ප්‍රදේශය...කලෙක පටන් කහවත්ත...දේශපාලනයට ගෑවී සිටින රාජ්‍ය ආයතන පුද්ගලයන් සහ ඔවූන්ගේ දේපල මේවයේ ඉල්ලක්ක බවට පත් වෙලා...
    නීතියේ ආධිපත්‍ය නොසලකා හැරීම...හිතුවක්කාරී දේශපාලන අනසකට නිතිය යටත් කිරීම...ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය දිය කර හැරීම...පාර්ලිමේන්තුව සහ අධිකරණය හැල්ලු කිරීම...පොලිසිය රාජ්‍ය සේවාව ජනතාවට සේවය කිරීම වෙනුවට අධිපතිවාදී දේශපාලනයට ගැති කම් කරන ආයතන බවට පත් කිරීම... සිවිල් බලය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ව, ජන මාධ්‍යය, සිවිල් ආයතන මර්දනය කිරීම...යනාදී තත්වයන් මේ සියල්ලට මුල...මිනිසුන්ව කැලේ නීතීය රජ කරන ස්වභාවික සමාජයට නැවත ගෙන යමින් ඉන්නවා...ස්වයං ආරක්ෂාව පිලිබඳ අයිතිය right to self defense නැවත තමන් අතට ගන්න මිනිසා පෙලඹෙන්නෙ මේවගේ අවස්ථාවලදී...මේක හොඳ දෙයක් නොවේ...යුක්තිය වෙනවෙන් පෙනීසිටිය යුතු වාමාංශය සිය බල දේශපාලන ව්‍යපෘති වල ගොදුරු බවට පත් වී අවලංගු කාසි වුනාම මෙවැනි ජනතා ප්‍රහාරයන් අරාජිකත්වයට පර කපනව...ප්‍රචණ්ඩත්වය මගින් කපා ගන්න වෙන අස්වැන්න ප්‍රචන්ඩත්වයම තමා...යුක්තිය වෙනුවෙන් පෙනීසිටින ජනතාවට නිසි මග කියාදෙන නව වමක අවශ්‍යතාවය තදින් මතුවෙනවා මේ වගේ වෙලාවක...අව නිතිය වෙනුවට නීතියේ පාලනය ගොඩ නගන ආණ්ඩු ක්‍රමයක් ගොඩ නැගීම තමා අද හදිසි ඉල්ලීම වෙන්න ඕන...

    ReplyDelete
  5. රටේ නීතිය බල්ලට ගියහම මිනිස්සු පාරට බහිනවා තමයි. පාලකයින්ට තාම ඇස් ඇරිල නෑ. අද ගෙවල් ගිනිතියපු මිනිස්සු හෙට පාර්ලිමෙන්තුවම ගිනි තියාවි ඕකෙ ඉන්න දූශිත පල් හොරු ටිකත් එක්කම.

    නොදෝකින් මේව බලන්න අපිත් හිටියනෙ. තුඃ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා