විදුලිය පිරිමසා ජාතික ආර්ථිකයට උදව් කරමු

සකට ඒකක හැටකට වඩා විදුලිය පරිහරණය කරන ලංකාවේ අති බහුතරයක් විදුලි පාරිභෝගිකයන්ට අද සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් 40% ඉන්ධන ගැලපුම් ගාස්තුවක් හිමි වේ. 


විදුලි බිල වැඩි නො වන්නේ විදුලිය නැති අයට පමණි. 


අද සිට ගෙදර විදුලිය පරිහරණය නො කර රෑ කළුවරේ සිටීමෙන් ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමේ මහාන්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යායාමයට ඔබටත් උදව් කළ හැකි ය. මේ ජාතික ආර්ථිකයක් සෑදීම සඳහා ඇති අවසාන අවස්ථාව බව දී කිරට සාක්කි කියන ගුණදාස අමරසේකර පවසයි. 


මෙන්න විදුලිය පිරිමසා ජාතික ආර්ථිකයට උදව් කිරීම පිණිස අපෙන් පුංචි ටිප්ස් කීපයක්.


ඉර බහින්නට පෙර සියලු කටයුතු නිමවා වේලාපහින් නිදා ගන්න. රෑ මිද අවදි වුණොත් බිරිඳ සමග සංසර්ගයේ යෙදෙන්න. බිරින්දෑවරු නැතිනම් ස්වයං වින්දනයේ යෙදෙන්න. එවිට නැවත නින්ද යනු ඇත. 


ඉර උදා වූ පසු අවදි වන්න. ළිප් බැඳ ගිනි මොළවා උයා කන්න. රෙදි පෙරෙදි ගඟට ගොස් සෝදා ගන්න.


හැබැයි නො වරදවා ම ජාතික හා ස්වාධීන රූපවාහිනී නම් බලන්න. ආසියාවේ ආශ්චර්යය ඔබ දෑස් ඉදිරිපිට මැවෙනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Diesel price up = 37%
    Electricity Bill up = 40%
    Profit = 3%
    Para, this is one of the most consumer friendly profit margins not enough even to cover their running cost. Don't be jealous.
    Peoples, this is the MIRACLE of Asia.
    M = Mission Impossible by Rajapaksha Associated
    Company, Loss for Eternity.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා