කුඩු ලාල්, කුඩු දුමින්ද හා කුඩු මර්වින්

ලාල් පීරිස් හෙවත් කුඩු ලාල්ට දිවයින පුවත්පත කුඩු ලාල් ය කීමෙන් ඔහුට අපහාසයක් වුණා ය කියා කෝටි විස්සක වන්දියක් ඉල්ලා පැවරූ නඩු දෙකක් නිෂ්ප්‍රභ වී ඇත.


රජයට සම්බන්ධ ප්‍රබල පුද්ගලයකුගේ බලපෑම මත ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ප්‍රවාහකයකු යෑයි කියන ලාල් පීරිස්‌ නොහොත් කුඩු ලාල් නමැත්තාට වැල්ලම්පිටිය පොලිසිය විසින් ගිනි අවි බලපත්‍රයක්‌ නිකුත් කිරීමට සූදානම් බව දිවයින පුවත්පතේ පළ වූ අදාළ ප්‍රවෘත්තියේ සඳහන්ව තිබුණු බවත්, එම ප්‍රවෘත්තියෙන් තමන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියෑළී සිටින අයකු බව හැඟුන බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.


පැමිණිලිකරුට කුඩු ලාල් යනුවෙන් සමාජය ආමන්ත්‍රණය කළ බවට සාක්‌ෂිවලින් පැහැදිලි වී ඇතැයි නඩු තීන්දුවේ සඳහන් වේ.


මනී මැරූ නිසා එක්තරා සිරිපාල කෙනෙකුට මරු සිරා යයි කියන ලදී. යකඩ කූරු නවා සිර කූඩුවෙන් පළා ගිය නිසා ජිනදාස කෙනෙකුට යකඩයා යයි කියන ලදී.


කුඩු නිසා ලාල් පීරිස්ට කුඩු ලාල් යයි කියන ලදී. මේ කුඩු වනාහි පොල් කුඩු නො වේ. මත් කුඩු ය.


ස්වාධීනව තරග කර දිනා කොළඹ නාගරික මන්ත්‍රීවරයකුව සිටි කුඩු ලාල් පසුව පළාත් සභාවට ද තරග කරන්නට සූදානම් වුණේ ය. නාම යෝජනා භාර ගැනීම ප්‍රකාශයට පත් කරන්නටත් පෙර සිට ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළ හේ පෝස්ටර් ගැසුවේ හමුදා ප්‍රධානීන්ගේ රූප ද සමග ය. පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යන්නට ද ඔහුට සැලසුම් තිබිණි. ඔහු ඒ සඳහා සල්ලි බෙදන සංවිධානයක් ද ලාල් පීරිස් පදනම යන නමින් ආරම්භ කර තිබිණි. මේ සල්ලි ඉනුවේ කොහෙන් ද?


මේ කුඩු ලාල් ඇමති මර්වින් සිල්වාගේ ප්‍රධාන ගෝලයෙකි. 'එක රටක් - එක පාතාලයක්' මෙහෙයුමේදී කුමක් හෝ හේතුවක් නිසා ඉලක්කයක් වී සිටි කුඩු ලාල්ව රටින් පන්නා ගැනීම පිණිස ඇමති මර්වින් සිල්වා පෞද්ගලිකව ම මැදිහත් වී කුඩු ලාල් ගුවන් යානයට නංවා එය පිටත් වන්නට මොහොතක් තිබෙන තුරු එහි නැඟී කුඩු ලාල් අසල ම සිටියේ ය.


එසේ රට යැවූ කුඩු ලාල් දැන් කොහේ ඉන්නවාදැයි පැහැදිලි නැත. ඔහු ලන්ඩනයේ සිටින බව පසුගියදා වාර්තා විය. ඒ කෙසේදැයි අපි නො දනිමු.


මෙවැනි තවත් එකෙක් පසුගියදා මෙසේ රටින් පැන්නේ ය. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ද ලැබුණේ ය. ඔහුට සමාජය කුඩු දුමින්ද කියා ආමන්ත්‍රණය කරයි.


කුඩු මර්වින් කියා සමාජය ආමන්ත්‍රණය කරන පුද්ගලයෙක් ද ඇත.


දැන් මේ නම් පාවිච්චි කිරීමට මාධ්‍ය බිය විය යුතු නැත.


එහෙත්, කුඩු ලාල්ට තමන්ට කුඩු ලාල් ය කිව්වා ය කියා උසාවි යන්නට විලි ලැජ්ජාවක් නො තිබිණි. අනෙක් අයට ද විලි ලජ්ජාව කියා දෙයක් ඇත්තේ ම නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හොදම ආතල් එක තමයි කුඩු ලාල්ගේ චන්ද ලකුණ වුනේ ඉටිපන්දම.......

    ReplyDelete
  2. "....තවදුරටත් බියවිය යුතුය" යනුවෙන් මෙය නිවැරදි විය යුතුය.

    ReplyDelete
  3. මත් කුඩු කිව්වේ අර නහයට උරන ඒවා වෙන්ටෑ

    ReplyDelete
  4. නහයට නැත්නම් පුකටද බොල උරන්නේ? මෙතන ප්‍රශ්නය ඒක නෙවෙයි. ඒකාධිපති හොර ජිල්මාට් මහයාගේ අනුග්‍රහය ලබන කුඩ්ඩෝ, පිම්පියෝ, හොර වෙද්දු, සල්ලාලයෝ, කෝටිපති ලෝකහොරු, යහතින් ඉන්නවා උන්ගේ ගොම්පස් නොඅල්ලන, බීඩි විකුණන එවුන්වත් මරනවා. දෙපිටකාට්ටු වල් බලු රජා.

    ReplyDelete
  5. විමල් විරවංශJanuary 8, 2012 at 11:26 PM

    මර්වින්ට එරෙහි කැළණියේ ගෝතයෝ ටික අදින වළියේ නිර්මාතෘ කුඩු ලාල් සමඟ බය ගෝතා.

    ReplyDelete
  6. ඌණපූරනයක් ලෙස;ප්‍රේම් කුමාර් ගුණරත්නම් ගේ බිරිඳ හා දරුවන් ගුවන්තොටේ රඳවාගෙන ප්‍රශ්නකිරීම මේ සමඟ සසඳාබලන්න ඕන නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා