Posts

Showing posts from September, 2011

ජවිපෙ සම්මේලන තරගකාරිත්වය / Congressional competition of JVP

Image
ජනතා විමුක්ති පෙරමුණ සම්මේලන තබන්නට සැරසෙයි.  සම්මේලන පවත්වන්නේ එකක් නොව දෙකක් ය. එකක් සෝමවංශ පිලෙනි. අනෙක ප්‍රේමකුමාර පිලෙනි.  සම්මේලනයට කැඳවන්නේ කවුරුද යන්න තීරණය කරන්නේ මධ්‍යම කාරක සභාව විසින් බව සෝමවංශ අමරසිංහ පිලේ ලාල් කාන්ත පවසයි.  ප්‍රශ්නය කිබෙන්නේ මෙකැන ය. කොච්චර පෝස්ටර් ගැහුවත්, පෙළපාලි ගියත්, රැස්වීම් බැලුවත්, ඡන්දෙ දුන්නත් ජවිපෙ සාමාජිකයා යනු කවුරුද යන්න තීරණය කරන්නේ පක්ෂයේ නායකයෝ ය. ඒ නායකයන්ගෙන් ම කොටසක් දැන් සාමාජිකයන් නො වන බව තව නායකයෝ කියති. නිදසුනක් ලෙස ප්‍රේමකුමාර් ගුනරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සාමාජිකයකු නො වන බව සෝමවංශ අමරසිංහ පවසා ඇත.  ජවිපෙ විසින් පවත්වන ලද එක් පක්ෂ සම්මේලනයක වේදිකා පසුතලය සැකසූ පක්ෂ පූර්ණකාලිකයා පවා එකී සම්මේලනයට කැඳවා නො තිබිණි. වසර ගණනක් පක්ෂයේ පූර්ණකාලීනව වැඩ කර සිරබත් ද කෑ ඔහු වේදිකා පසුතලය සකසා ශාලාවෙන් දොට්ට බැස නිහඬව ම යන්නට ගියේ ය.  මෙතෙක් කල් නම් ජවිපෙ සම්මේලන යනු ඒකාධිපති මිලිටරි සංවිධානයක මල් වෙඩි සංදර්ශන පමණක් විය. සමාජවාදී පක්ෂ සම්මේලනයක තිබිය යුතු සම්ප්‍රදායන් වෙනුවට ඒවායේ තිබුණේ රතු කමිස ඇඳ ගත් අඳ බාල සාමාජිකයන් පිරි

අම්මප මේ ඇමරිකන් කුමන්ත්‍රණ තමයි කුමන්ත්‍රණ

Image
අද The Island පුවත්පතට ජවිපෙ හිටපු පාර්ලිමේන්කු මන්ත්‍රී ලාල් කාන්ත පවසා ඇති පරිදි පක්ෂ කැරළිකරුවන් ලෙස ඔවුන් හඳුන්වන, එහෙත් පක්ෂයේ බහුතරයකගේ සහාය ලැබෙන බව අපගේ නිරීක්ෂන අනුව පෙනෙන කණ්ඩායම පිටුපස විදේශ බලවේග රැසක් තිබේ. ලාල් කාන්ත කියන පරිදි ඒවා රෝ හා සී.අයි.ඒ. ය. ආණ්ඩුව ද මේ පිටුපස සිටින්නට පුළුවන් බව ඔහු කියයි.  දැන් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව ලාල් කාන්ත පවසයි.  ලේඛකයා ජවිපෙ පූර්ණකාලීනව වැඩ කළ ඈත සමයක දිනක් ඔහු සිය බයිසිකලයෙන් පක්ෂ සාමාජිකයකු හමු වන්නට ගියේ ය. ඔහු කාමරයේ නිදියන බව ඔහුගේ මව ලේඛකයාට පැවසී ය. ඔහු කාමරයට ගියේ ය. කාමරයට ඇතුළු වන විට ම පක්ෂ සහෝදරයා 'ෂ්!' කියා ඔහු නිහඬ කළේ ය. සාමාජිකයා සිටියේ බියපත්ව ය.  එවකට ජවිපෙ තහනම් පක්ෂයක් වූ බැවින් කිසියම් අනතුරක් ඇද්දැයි ලේඛකයාට ද බියක් ඇති විය.  පක්ෂ සාමාජිකයා අසල නිවෙසක සවි කර තිබූ රූපවාහිනී ඇන්ටෙනාවක් පෙන්වමින් කීවේ එය සවි කර ඇත්තේ ඔහු පිළිබඳ ඔත්තු බැලීමට බවයි. මේ පිළිබඳ කුහුලක් ඇති වූ ලේඛකයා ඔත්තු බලන්නේ කවුරුන්දැයි විමසී ය.  පක්ෂ සාමාජිකයාගේ පිළිතුර වූයේ පක්ෂය ඔහු ගැන ඔත්තු බලන බවයි. ඒ දිනවල එම ප්‍ර

නවීන විවාහ චාරිත්‍ර හා සංස්කෘතිය පිළිබඳ රූපමය නිදර්ශනයක්

Image
මේ සංස්කෘතිය කුමක්ද? අපි උඩරට නිලමේ ඇඳුම් අඳිමු. බටහිර චාරිත්‍ර හිස් මුදුනින් වන්දනා කරමින් ඒවා විකෘති කරමින් දන්නා දෙය වූ 'නාගසලං' ගසමින් චොකා බයිලා නටමු. මේ අපේ සංස්කෘතියයි. අති විශිෂ්ටයි. ආශ්චර්යජනකයි. අප අද පරමාදර්ශ කරගෙන සිටින මහජන මුදලින් ධනවත් වූ පැළැන්තියේ මංගල උත්සවයක අනර්ඝ ඡායාරූප එකතුවක් මෙම සබඳතා පුරුක ඔස්සේ ඔබට නැරඹිය හැකි ය. හෙට තවත් බොහෝ දෙනෙකුගේ විවාහ මංගල්‍ය පැවැත්වෙනු ඇත්තේ මේවා අනුකරණය කරමිනි. අපි යන්නේ කොහිද? මල්ලේ පොල් ය. අහෝ දුකකි! ඉරකි; තිතකි. මෙන්න පුරුක මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පොලිතින් ප්‍රශ්නය විසඳීම නීති රීතිවලින් පමණක් බැරි ය / Can polythene problem be solved through law?

Image
පිකටිංවලට ඩිජිටල් බැනර් පොලිතින් ප්‍රශ්නයට අත ගසන්නට බස්නාහිර පළාත් පරිසර ඇමති උදය ගම්මන්පිලට ඕනෑ වී තිබේ. පොලිතින් පාලනය ස්‍රදහා නව නීති හඳුන්වා දීම පිණිස කෙටුම්පත් කර ඇති පනතක් සඳහා ඔහු පාර්ලිමේන්තු අනුමැතිය බලාපොරාත්තු වෙමින් සිටින බව වාර්තා වේ. ගම්මන්පිලට අනුව ලංකාව ආනයනය කරනු ලබන පොලිතින්වලින් 50%ක් ම පාවිච්චි වන්නේ බස්නාහිර පළාතේ ය. රු. මිලියන 29,195ක් වැය කරමින් ලංකාව 2008දී පොලිතින් කිලෝ 176,204,056ක් ද, 2009දී රු. මිලියන 18,205ක් වැය කරමින් පොලිතින් කිලෝ 116,249,805ක් ද ආනයනය කර තිබේ. ‍පොලිතින් පාලනය කිරීම සඳහා චම්පික රණවක පරිසර ඇමති වී සිටි කාලයේ ද නීති ගෙන එන ලදමුත් ඒවා සාර්ථක වූයේ නැත. පොලිතින් භාවිතය ජන ජීවිතයේ සුවිසල් වෙනසක් ඇති කර තිබේ. පොලිතින් සංස්කෘතියක් බිහි වී ඇතැයි පැවසුව ද වරදක් නැත. එහෙයින් නීති රීති හා පොලිතින් ආරක්ෂිතව බැහැර කිරීමේ ක්‍රමවේද ඔස්සේ පමණක් මෙම ප්‍රශ්නය විසඳන්නට බැරි ය. ඒ සඳහා සංස්කෘතික විපර්යාසයක් ද අවශ්‍ය ය. නිදසුනක් ලෙස මෑතදී සිදු වී ඇති විපර්යාසයක් දෙස ඔබේ අවධානය යොමු කරන්නේ නම් ලංකාව පසුගිය වසර කීපය තුළ විශාල වශයෙන් ඩිජිටල්

විජයානිගෙ ආදරේ කුමාර මහත්තයාට සුබ ද? අසුබ ද? / Sri Lanka state-owned Dinamina in love with JVP rebels

Image
ආරක්ෂක අංශ සමග එක්ව වාමාංශිකයන්ට පරිප්පු ඉවීම රස්සාව කරගෙන සිටි දිනමිණේ විජයානි නෝනා ජවිපෙ ප්‍රේමකුමාර් ගුණරත්නම් පාර්ශ්වයට සෙනෙහෙවන්ත වීම තරමක් ප්‍රශ්නකාරී තත්වයකි.  පෙනෙන හැටියට නම්, මේ ආදරය ගොඩනැ‍ඟෙන්නේ ජවිපෙ සෝමවංශ කණ්ඩායම එජාපය, දෙමළ ජාතික සන්ධානය හා ආණ්ඩුව ඇතුළේ කණ්ඩායමක් සමග එක්ව ආණ්ඩු පෙරළියකට කටයුතු කළ නිසා වන්නට පුළුවන.  ජවිපෙන් මතු වූ සභාග විරෝධයට ආණ්ඩුව සහාය දක්වන්නට හේතුව එය විය හැකි ය. පහත පළ වන්නේ ජවිපෙ අර්බුදය ගැන විජයානි නෝනාගේ ලිපි එකතුවයි. ඇය මුලින් කුමාර මහත්තයාගේ නමවත් හරියට දැන සිටියේ නැති වුණාට දැන් කුමාර මහත්තයාගේ පාර්ශවය පවත්වන රැස්වීම්වලට පවා සහභාගි වන බව පෙනේ.  ජවිපෙ මූලස්ථානයේ බලය ගන්න යුද්ධයක් අලුත් නායකයා සෝමවංශද-පේ‍්‍රමකුමාරද ආණ්ඩුවට එරෙහි ජවිපෙ මඩ මෙහෙයුම් කඩාවැටෙයි * ‘ලංකා’ බෙදාහැරීමත් නවතී * වෙබ් අඩවි ගණනක් අක්‍රීයයි සෝමවංශ-ටිල්වින්-අනුර-විජිත ප්‍රමුඛ ජවිපේ නායකයන්ට ඉවත් වන්නැයි ප්‍රේමකුමාරගෙන් රතු එළියක් ජවිපෙ මූලස්ථානයේ සේවය කළ සාමාජිකයෝ 30ක් නෙරපා හැරෙති මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මහ ඇමතිවරුන්ගේ නො වැදගත් මහා සමුළුව / The not significan Chief Ministers' conference

පසුගිය දිනවල අති විශාල මහජන මුදල් වියදමක් කරමින් මහ ඇමති සමුළුවක් ඇඹිලිපිටියේදී පැවැත්විණි. ලේඛකයා නිදහස් මාධ්‍යකරුවකු ලෙස ප්‍රවෘත්ති සපයන එක් ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවියකට මෙම සමුළුව පිළිබඳ වාර්තාවක් යොමු කළේ ය. රජයට පක්ෂපාතී එම වෙබ් අඩවියේ සංස්කාරකවරයා එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබුණේ එය නො වැදගත් සිද්ධියක් බවට සටහනක් තබමිනි. (Not a significant event) බලාගෙන ගියාම ඇත්ත ය. මේ සමුළුවේදී ගෙන තිබෙන වැදගත් ම තීරණය දිනමිණ පුවත්පත වාර්තා කරන්නේ මෙසේ ය: ඉරිදා සහ පසළොස්වක පොහෝ දිනවල දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ නව නීති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමට සියලුම පළාත් සභා ප්‍රධාන ඇමැතිවරු තීරණය කරති. ඉඩම් බලතල හා පොලිස් බලතල පිළිබඳ මධ්‍යම රජය සමඟ පළාත් සභාවලට කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රධාන ඇමැතිවරු අවධාරණය කරන බව ද දිනමිණේ තවත් පුවතක කියැවේ. ප්‍රශ්න කොයින් ද? පිඟන් බි‍ඳෙන්නේ පිඟන් හෝදන අය අතින් නොවැ. 2008දී ලංකාවේ ජාතීන්ගේ ප්‍රශනයට විසඳුම් ලෙස ගෙන එන ලද පළාත් සභා ක්‍රමය අද පත් වී ඇති තත්වය කදිමට ප්‍රකාශ කරන අවස්ථාවකි, මහ ඇමති සමුළුව. අද ඵළාත් සභා කරන ප්‍රධාන කාර්යය මේ මහ ඇමති සමුළුව ප

ජවිපෙ අර්බුදය ගැන අපක්ෂපාතී නිරීක්ෂණයක් / An unbiased observation on JVP crisis

Image
ජවිපෙ අර්බුදය ගැන අප මීට පෙර තබන ලද සටහන ජවිපෙන් බිඳුණු වාම කණ්ඩායමට පක්ෂපාතී එකකි. එවැනි සටහනකින් පසු අපක්ෂපාතී සටහනක් ලිවීම සිදු වන්නේ ඇයි ද යන්න පැහැදිලි කළ යුතු ය.  ජවිපෙ අර්බුදය මේ වන විට ඇත්තේ බිඳුණු කණ්ඩායම් ප්‍රතිසංවිධානය වෙමින් තිබෙන අවධියකයි. එහිදී කණ්ඩායම් දෙක ම තමන්ට අනවශ්‍ය පුද්ගලයන් අනෙක් පැත්තට තල්ලු කරමින්, දිනා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ට අර්බුදයේ තමන්ගේ විග්‍රහය පැහැදිලි කරමින් සිටියි.  මෙම අවධියේ යම් දුරකට පසු ඔවුන් සිය සංවිධාන ප්‍රසිද්ධ කරනු ඇත. පක්ෂ දේපල සඳහා ඇති සටන හුදු දේපල අයිතියෙන් ඈතට විහිදෙන්නකි. විශේෂයෙන් ම පක්ෂයේ නමේ අයිතිය, මූලස්ථානයේ අයිතිය වැනි කරුණු ඉදිරියට යාමේදී වැදගත් බැවින් දෙපක්ෂය සෑහෙන්න එයට ගැටෙනු ඇත. එය වැළැක්විය නො හැකි ය.  අපට පෙනෙන අන්දමින් නම්, පක්ෂ අභ්‍යන්තර තත්වය කුමක් වුවත්, මතුපිට තලයේ නම් තවමත් ප්‍රබල වන්නේ පක්ෂයේ නිල නායකත්වය වන සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසයි. සාමාන්‍යයෙන් මෙවැනි ගැටුම්වලදී ප්‍රබල පිරිස මතුපිටින් හැසිරෙන්නේ ඉතා මානුෂික ස්වරූපයක් පෙන්වමිනි. එහෙත් යටි තලය අතිශය කෲර ය. කුමන්ත්‍රණකාරී ය. ප්‍රචණ්ඩ ය.  දුබල කණ්ඩා

අළුගෝසුවාට නම් තැබීමේ මංගල්‍යය / Renaming hangman

Image
මරණ දඬුවමට ලොල් ලංකාවේ ජනතාව ඉතා ප්‍රිය කරන රැකියාවක් බව මාධ්‍ය වාර්තා අනුව පෙනෙන‘අලුගෝසු’ යන රැකියාවේ නම වෙනුවට සුදුසු නමක් මහජනතාව වෙතින් විමසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, අපි ද මේ සඳහා සුදුසු නම් කීපයක් මෙසේ ප්‍රසිද්ධියේ ම‍ යෝජනා කරන්නෙමු. මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා සිතන්නේ එයින් රටේ නීතිය හා සාමය ආරක්ෂා වනු ඇතැයි කියා ය. ඒ නිසා අළුගෝසුවාට 'නීති ආරක්ෂක' හෝ 'සාමාරක්ෂක' කියා නමක් දාන්නට පුළුවන. ලංකාවේ මරණ දඬුවමට පක්ෂ බොහෝ දෙනා අවිහිංසාවාදීන් වන බැවින් අළුගෝසුවාට 'අහිංසක' කියා නමක් දමන්නට ද පුළුවන. එහෙත්, අපට අහිංසක පෙරේරා කියා වාමාංශික මිත්‍රයෙක් සිටියි. ඔහු මෙයට විරුද්ධ වන්නට පුළුවන. බෞද්ධ සාහිත්‍යයේ අහිංසක අංගුලිමාල වී තිබෙන නිසා එහෙනම් අංගුලිමාල කියා කියන්නට පුළුවන. ලංකාවේ මිනිසුන් හමුවේ වැඩියෙන්ම යක්ෂාරෝපණය වූ දේශපාලන ප්‍රතිරූපය ප්‍රභාකරන් බැවින් හා ඔහු ද එකී යක්ෂාරෝපණයට කැමැත්තක් දැක්වූ බැවින් ඒ නම දමන්නට ද පුළුවන. එහෙත්, එයින් ලංකාවේ ජාතික ප්‍රශ්නය තවත් අවුල් විය හැකි ය. එසේ නම්, කොහොම හරි ඒ නම ම දමමු යයි ජාතික හෙළ උරුමය උ

ජවිපෙන් කැඩුණු වමට අපේ සහෝදරාත්මක සුබ පැතුම්! / Best complements to split left of the JVP

Image
ජවිපෙ නැවතත් දෙකට කැඩී ඇත.  මීට පෙර අවසන් වරට කැඩී වෙන් වුණ විමල් වීරවංශ, නන්දන ගුණතිලක ඇතුළු පිරිස දක්ෂිණාංශික කණ්ඩායමකි. ඒ බව ඔවුහු වෙන් වීමෙන් පසු වසර කීපය තුළ සිය ක්‍රියාකාරිත්වයෙන් ඔප්පු කළ හ.  එහෙත්, මෙවර කැඩී වෙන් වූ කණ්ඩායම වාමාංශික නැඹුරුවක් ඇති පිරිසකි.  ජවිපෙ විසින් බිහි කරන ලද අප දන්නා තරමින් එකම දේශපාලන මණ්ඩල සභික කාන්තා නායිකාව වන දිමුතු ආටිගල, අධ්‍යාපන ලේකම් බව කියන පුබුදු ජාගොඩ, මධ්‍යම කාරක සභික වරුණ දීප්ත රාජපක්ෂ වැනි අය නව කණ්ඩායමට නායකත්වය දෙන බව ප්‍රසිද්ධ ය.  ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් අඩක් පමණ මෙම කණ්ඩායමට සහාය පළ කරන බව වාර්තා වේ.  ජවිපෙ දේශපාලනය විසින් පසුගිය කාලයේ මේ රටේ සෑහෙන නිකමුන් පිරිසක් ප්‍රභූන් බවට පත් කරන ලදී. නිකමුන් ප්‍රභූන් බවට පත් වීම පක්ෂය ඇතුළේ ද බරපතල ප්‍රශ්නයක් විය. එහි සිටි අංක එකේ තක්කඩි, අවස්ථාවාදීන් පිරිස විමල් වීරවංශ සමග කැඩී ගිය හ. අලුතෙන් කැඩී වෙන් වුණ කණ්ඩායම පෙනෙන ආකාරයට නම් පක්ෂ සාමාජිකයන්ගේ ලේ, කඳුළු, දහදියවලින් ප්‍රභූත්වය ගොඩ නඟා ගත් පිරිස නො ව, ඉහත කී ඊනියා ප්‍රභූන් ද ඇතුළුව පක්ෂයේ බර දරා සිටි අප්‍රකට නිර්ප්‍ර

අපේ ප්‍රචණ්ඩ අවිහිංසාව / Our violent non-violence

Image
අපේ රටේ මිනිසුන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරන ඇතැම් ක්‍රියා විස්මය ජනක ය.  සිංහල බෞද්ධයන් මෙහි ලා වෙන් කොට දක්වන්නේ ඔවුන් අන් ජන කොටස්වලට වඩා විශේෂයෙන් හොඳ හෝ නරක හෝ නිසා නොවේ.  ඔවුන්ගේ නායකයෝ නම් අරුම පුදුම දෙපිටකාට්ටුවෝ ය.  බඩ පැලෙන කල් මස්, මාළු, කරවල, උම්බලකඩ කෙළින ජනතාවකගේ නායකයෝ වන මොවුහු මතුපිටින් බොරු අවිහිංසාවාදයක් ප්‍රදර්ශනය කරති. මේ අවිහිංසාවාදීහු සිය වාදය ප්‍රදර්ශනය කරන්නේ ඉතා ප්‍රචණ්ඩ ලෙස ය.  ෂෝ එකට මස්, මාළු නො කන මොවුහු හොරෙන් ඒවා රස කර, කර ගිලිති. මොවුහු මස්, මාළු කන මිනිසුන්ගේ සිත්හි පශ්චාත්තාපයක් ඇති කර, කෑ දේත් හරියට නො දිරවන තත්වයට පත් කර මිනිසුන් ලෙඩ කරති. ඒ අතර, මස්, මාළු කෑම සාමාන්‍ය දෙයක් ලෙස සලකන වෙනත් සංස්කෘතීන්ට අයත් මිනිස්සු හෙළා දකිමින් තමන් උතුම් බව අවධාරණය කරන්නට මහත් වෙහෙසක් ගනිති. සෙස්සන් එය පිළි නො ගන්නා සඳ ඔවුන්ට ‍එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිති.  පසුගිය දිනවල මුන්නේස්වරමේ ප්‍රචණ්ඩ හින්දු අභිචාරයක් වූ සත්ව බිලි පූජාවකට එරෙහිව කටයුතු කිරීමේ සංදර්ශනයකට දේශපාලකයෝ පවා කඩා පැන්න හ. සතුන් නිදහස් කිරීම සඳහා මැදිහත් වූ ඇමති මර්වින් සිල්වා ඒ ගැන

අළුගෝසුවනි, ඉදිරිපත් වනු! / Come on executioners!

Image
බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙකක්‌ පවතින බව බන්ධනාගාර කොමසාරිස් පවසයි. සම්ප්‍රදායිකව අළුගෝසුකම කළ පවුල්වල කිසිවකු මෙම තනතුරු සඳහා අයදුම් කර නැති බව ද වාර්තා වේ. ලංකාවේ මරණ දඬුවම නිල වශයෙන් ද ක්‍රියාත්මක කළ යුතු යයි උද්ඝෝෂණය කරන අයට දැන් මේ සඳහා අයදුම් කළ හැකි ය. මරණ දඬුවමට පක්ෂ විශාල පිරිසක් සිටින නිසා සමහර විට තරග විභාගයක් පවා පවත්වන්නට සිදු වනවා ඇත. මරණ දඬුවම නියමව සිටින කාන්තාවන් 4 ක්‌ ඇතුළු 357ක් එල්ලා මැරීමේ වාසනාව ඔබට ද හිමි වන්නට පුළුවන. වහා අයදුම් කරන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙනු! / Sri Lanka Minister of Transport should resign

Image
දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු රියදුරකු හා රිය සහායකයකු ද, නැරඹුම් මැදිරියක සිටි විදෙස් සංචාරකයකු ද මිය ගිය, තවත් සැලකිය යුතු පිරිසක් මිය ගිය අලව්ව දුම්රිය අනතුරෙන් දළ වශයෙන් රු. මිලියන 750ක පමණ ආර්ථික අලාභයක් ද, සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් ද සිදු වී තිබේ.  හේතු කොහොම සොයා බැලුවත්‍ මෙම අනතුරේ වගකීමෙන් මිදීමට රජයට බැරි ය. ලජ්ජාවක් ඇත්නම් ප්‍රවාහන ඇමති ඉල්ලා අස් විය යුතු ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ඔලුව වටේ අත දමා කණ ඇල්ලීම හෙවත් ජංගම දුරකථනයෙන් වාහන දඩ ගෙවීම / Mobile cash for paying traffic fines

වැරදි කරන රියදුරන්ට ජංගම දුරකථනයෙන් දඩ ගෙවිය හැකි ක්‍රමයක් හඳුන්වා දෙන්නට පොලිසිය සූදානම් වන බව පොලිස්පත්තුමා ලක්බිම පුවත්පතට පවසා තිබිණි. දුරබැහැර ගමනක් යන විට පොලිසියෙන් මොකක් හෝ වැරැද්දක් කළ බව කියා රියදුරු බලපත්‍රය ගෙන දඩ කොළයක් දුන් විට එය ගෙවා රියදුරු බලපත්‍රය ආපසු ගැනීම තරමක් සංකීර්ණ කාර්යයක් බවට පත් වේ. දඩ කොළය රැගෙන තැපැල් කන්තෝරුවකට ගොස් එය ගෙවා රිසිට් පත රැගෙන ආපසු පොලිසියට පැමිණ අර පොලිස් නිලධාරියා වෙන කොහේ හෝ මගුලක නොගොස් පොලිසියට පැමිණ රියැදුරු බලපතුය එහි තබා ඇතිනම් එය රැගෙන යා යුතු ය. නැතිනම් එදා යන ගමන ගොස් වෙන දවසක ආපසු ආ යුතු ය. හඳුන්වා දෙන්නට යන ක්‍රමය යටතේ ජංගම දුරකථනයෙන් දඩ ගෙවන්නට පුළුවන් ලු. ඉතින් ඕකට ඔච්චර දුර යන්න ඕනෑත් නැත. උපදෙස් ගන්නට ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ඕනෑත් නැත. ඔලුව වටේ අත දමා කණ අල්ලන්නට ඕනෑ නැත. දඩය එවේලේ ම පොලිස් නිලධාරියාට ගෙවන්නට පුළුවන් ක්‍රමයක් හැදුවා නම් ප්‍රශ්න අහවර ය. මොකද, පොලිස් නිලධාරීන් වනාහි ඔය ආරණ්‍යවාසී හාමුදුරුවරුන් වැනි මුදල් අතපත ගෑම නො කරන පිරිසක් නො වන බැවිනි. මෙතැන ඇති ප්‍රශ්නය ආණ්ඩුවට හා ඉහළ නිලධාරීන්ට රාළහාමිල

ජවිපෙ අභ්‍යන්තර අර්බුදය ගැන අප දන්න තොරතුරු / What we know about the JVP internal crisis

Image
ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළේ ඇති බව කියන අර්බුදය පිළිබඳව යමක් දන්නවාදැයි යම් යම් අය අපෙන් ද අසති.  ඇත්ත ම කිව්වොත්, අපි ඔය ගැන සෙව්වේ ම නැත.  පක්ෂයේ පිල් බෙදුමක් ගැන ලංකාදීප පුවත්පත හා වෙනත් පුවත්පත් පළ කළ වාර්තාවල ඇත්තක් ඇති බව අද 'රිවිර' පුවත්පතට විජිත හේරත් කර ඇති ප්‍රකාශයකින් තහවුරු වේ. පක්ෂය තුළ මත ගැටුමක් ඇති බව ඔහු කියයි.  මත ගැටුම් තිබීම හොඳ දෙයකි. මත ගැටුම් යනු දේශපාලන සංවාදයකි.  ඒ කෙසේ වෙත්, දැන් ජවිපෙ සන්ධාන මධුසමය අවසන් ය. ජවිපෙ හරහා තනතුරු, බලය, කීර්තිය අත් පත් කර ගත් අයට දැන් ඒවා අතහැර නිරුවත් වීමට සිදු වී තිබේ. මේ වනාහි පක්ෂ පූර්ණකාලිකයන්ට ආපසු ගෙදර යන්නට හිතෙන කාලයකි. පක්ෂය වෙනුවට පවුල යළි මතක් වන කාලයකි.  එහෙත්, නිකම් ම ගෙදර ගොස් හාන්සි පුටු විප්ලවවාදීන් යයි කතන්දර අසා ගන්නවාට වඩා, තත්වයක් තියාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්නට මෙවැනි මත ගැටුමක් සමග පක්ෂයෙන් වෙන් වීම හොඳ ය.  කලක් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂ ස්ථාවරය වැරදි ය යන තර්කය ගෙදර යන කට්ටියට පිටිවහලක් වී තිබිණි. පසු කලෙක විමල් වීරවංශ ඔවුන්ගේ පිහිටට පැමිණියේ ය. දැන් වෙනත් අලුත් එකක් අවශ්

ගණිතය සමත් වීම මාධ්‍යකරුවකු වීම සඳහා අනිවාර්ය කළ යුතු ය / Maths should be made compulsory for media persons

දිනමිණ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති මූලාශ්‍රයකි. මන්ද, එය රජයේ ප්‍රධාන මුද්‍රිත සිංහල ජනමාධ්‍යය වීමයි. එහෙයින් විශේෂයෙන් ම රජය සම්බන්ධ පුවත් සම්පාදනයේදී හා මත ගොඩනැංවීමේදී දිනමිණ කරන කාර්යය නිරතුරු අපගේ අවධානයට ලක් වේ.  පහත පළ වන්නේ දිනමිණ පුවත්පතේ පළ වූ ඉතා වැදගත් පුවතකි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය මුත් ඊට පෙර එහි ගණිතය ගැන සාකච්ඡා කිරීමට අපට සිදු විය.  ලෝකයේ කිසිදු පැහැදිලි සුදුසුකමක් අවශ්‍ය නැති රැකියා අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ප්‍රමුඛ ය. එහෙත්, සරළ ගණිත ගැටලුවක් විසඳා ගැනීමේ හැකියාව හෝ මාධ්‍යකරුවන්ට තිබිය යුතු ය. ඔවුන්ට එසේ නැතිනම්, අඩු ගානේ උප කර්තෘන්ට හෝ පුවත්පතේ ප්‍රධාන කර්තෘට හෝ තිබිය යුතු ය.  පරිසර අමාත්‍යාංශයේ වාහනත් දුම් පරීක්ෂණයෙන් අසමත් වාහන 50කින් සමත් වුණේ 15යි දිස්නා මුදියන්සේ පරිසර අමාත්‍යාංශයට අයත් රථවාහනවලින් දුම් (වායු විමෝචන) පරීක්ෂණය සමත් වී ඇත්තේ 30%ක් බව පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අනුර ජයතිලක මහතා පැවැසීය.රාජ්‍ය ආයතනවල වාහන පරීක්ෂා කිරීමේ මූලික පියවරක් වශයෙන් පරිසර අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල වාහන පසුගිය බදාදා හ

නරක ම දේ ළමයින්ට / Worst for children

Image
කුඩා ළමයකු පණ පි‍ටින් පිළිස්සී මිය ගිය තිහාරියේ ළමා නිවාසයේ වගකීම අන් අය පිට පටවා අත සෝදා ගැනීමේ මහා පරිමාණ ව්‍යාපෘතියකට ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ ආණ්ඩුවේ නිලධාරීන් මුල පුරා ඇති බව පෙනේ. දැන් රජය කියන්නේ රට පුරා අනවසර ළමා නිවාස 98ක් ඇති බවයි. ඒවා වසා දමන්නැයි කියා ඇති බව ද නිලධාරීහු කියති. කිය කියා සිටියා මිස මෙතෙක් මොකවත් කළේ නැත්‍තේ ඇයි? දැන් තිහාරියේ ළමා නිවාසයේ සිද්ධියේ වගකීමෙන් අත සෝදා ගැනීම සඳහා රජය ළමා අපචාර සිද්ධියකට මුල් තැන දී තිබේ. ළමයකු පණ පිටින් පිළිස්සී මිය යන තෙක් මේ අපචාර ගැන සොයන්නට කෙනෙක් සිටියේ නැත. ළමා නිවාස ආරම්භ කිරීම ද එක්තරා ජාවාරමකි. දෙස් විදෙස් දානපතීන්ගෙන් මුදල් ගසා කෑම මේ පිටුපස ඇති ප්‍රධාන අරමුණකි. එසේ ම ළමා නිවාසවල දරුවන් අපචාර සඳහා අලෙවි කිරීම ද සුලබව සිදු වන්නකි. ළමා නිවාසවල පමණක් නොව, මේ රටේ ළමයින් තමන්ගේ නිවාසයන්හිදී ද අනාරක්ෂිත ය. පාසල් යනු ළමයින්ගේ අනාරක්ෂාවේ තෝතැන්නයි. හොඳ ම දේ ළමයින්ට යයි ප්‍රතිපත්තියක් සමාජවාදී සෝවියට් දේශයේ තිබුණු බව අසා ඇත්තෙමි. ලංකාව එහි අනෙක් පැත්ත ය. ළමයින්ට දෙන්නේ නරක ම දේ ය. උදාහරණයක් ලෙස, අන් කිසිදු ප්‍රවාහ

කරුණාගේ පොලිසි කතාව / Karuna Amman on Sri Lanka police

Image
ශ්‍රී ලංකාවේ දෙමළ, සිංහල, මුස්‌ලිම් පොලිසි කියා තුන් වර්ගයක පොලිසි නොමැති බව ද, ශ්‍රී ලංකාවටම ඇත්තේ එක්‌ පොලිසියක්‌ බව ද, එය ශ්‍රී ලංකා පොලිසිය බව ද, උතුරට දෙමළ පොලිස්‌ නිලධාරීන් යෙදවිය යුතු බවට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙක් ප්‍රකාශ කර ඇත.  මේ ඇමතිවරයා වනාහි නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ය.  සභාවේ සිනා ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? / Why is popular school competition?

Image
ලබන වසරේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා එකම ළමයකුගෙන් හෝ ඉල්ලුම්පත් නොලැබූ පාසල් ගණන 124ක් බව ද ඉල්ලුම්පත් දහයට අඩුවෙන් ලැබුණ පාසල් 1522 තිබෙන බව ද අධ්‍යාපන  ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අනාවරණය කරයි. රටේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 25ක පමණ තත්වය මෙසේ වෙද්දී ජනපි‍්‍රය පාසල් අතළොස්සක් සඳහා මරාගෙන මැරනෙ ඉල්ලුමක් තිබේ.  මේ ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද?  ඇමති දෙමව්පියන්ට බනියි. දෙමව්පියෝ වනාහි වත්මන් සමාජය දුවන රැල්ලට යන පිරිසක් මිස උඩු ගං බලා පිහිනිය හැකි උත්තර මිනිස්සු නො වෙති. තමන්ගේ දරුවන්ට ‍තමන්ට අත් පත් කර ගත හැකි හොඳ ම අධ්‍යාපනය ලබා දීම ඔවුන්ගේ අරමුණයි.  එහෙත්, අවසානයේදී සිදු වී ඇත්තේ ගුරුවරියට එහා මෙහා යන්නට හෝ අපහසු තරමට ළමයින් තදබද වූ පංති කාමරයකට සිය දරුවා ගාල්කරන්නට මව්පියන්ට සිදු වීමයි. එතැනින් එහාට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ කතා කිරීම පලක් නැත.  ළමයින් සංඛ්‍යාව අඩු පාසලකට ඇතුළත් කිරීම අසරණකමක් ලෙස දෙමව්පියෝ තේරුම් ගනිති. අඩු ළමයින් සංඛ්‍යාවක් සිටින පංතිවල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බැරි ඇයි ද යන්න විමසා බැලිය යුතු ගැටල

සිංහල යුනිකෝඩ්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා දිවයින / Sinhala unicode, Government Information Department and Divaina

Image
සිංහල යුනිකෝඩ් ගැන නැවත කතා කරන්නට ඉවහල් වන ප්‍රවෘත්තියක් දිවයින පුවත්පතේ පළ වී තිබේ. ඒ දිවයිනට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු   µeක්‌ස්‌  පතක් ලෙස හඳුන්වනු ලබන කිසිවක් නිසා ය. අපට පෙනෙන පරිදි නම් මේ හුටපටය සිදු වී ඇත්තේ සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නට යාම නිසා ය. සිද්ධිය මෙසේ ය: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අලුත්ම සිංහල මෙන්න! කොළඹ දිස්‌ත්‍රික්‌ සාහිත්‍ය මහෝත්සවය අද දින පැවැත්වෙන බව මාධ්‍යයට දන්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ මාධ්‍ය ඒකකය "දිවයින" ට µeක්‌ස්‌ පතක්‌ එවා තිබිණි. එහි ලිපි ශීර්ෂය වූයේ මෙයයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ සිංහල මෙසේද? මෙයට වගකිවයුත්තේ කවුද? සිංහලයේ වචන භාවිතය පිළිබඳව පොදු සම්මුතියක්‌ හා සම්ප්‍රදායක්‌ද තිබේ. කිසියම් වචනයක්‌ ලිවීමේදී හා කතා කිරීමේදිත් ඒ සම්ප්‍රදාය රැකීම සාමාන්‍ය පිළිවෙතය. එහෙත් මේ ලිපි ශීර්ෂයෙහි ප්‍රවෘත්ති, යන්න ලියා ඇත්තේ "ප්රවෘත්ති" ලෙසය. දිස්‌ත්‍රික්‌ යන්න "දිස්‌තිරික්‌" වී තිබේ. මේ වෙනසට හේතුව අපැහැදිලිය. යතුරු ලියනය හා පරිගණකය භාවිතයේදී පවා ඕනෑම සිංහල වචනය

පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන ආසියාවේ ආශ්චර්යය / Wonder of Asia and mushrooming private universities of Sri Lanka

Image
ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන්නා සේ බිහි වන තත්වයක් ද, ඒවාට එරෙහිව මහා ජන විරෝධතාවක් මතු වන තත්වයක් ද පැන නැඟී තිබේ.  රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීම කෙසේ ද යත්, ඇමති එස්. බී. දිසානායක කියන්නේ රජයේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් ඒවා හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බැඳීම වැළැක්වීම සඳහා නීති ගෙනෙන බවයි. ඒ අනුව, රජයේ විශ්ව විද්‍යාලයකින් අස් වන ආචාර්යවරයකුට අවුරුදු තුනක් යන තෙක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට බැඳිය නො හැකි ය.  එහෙම නීති දැමිල්ලක් ලෝකයේ වෙනත් කොහේ හෝ රටක තිබේදැයි අපි නම් නො දනිමු. එහෙත්, ලෝකෙට ම එස්.බී. දිසානායකලා ඉන්නේ එක්කෙනෙකු බැවින් නිර්මාල් රංජිත් දේවසිරි අද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස් වී, හෙට මාලබේ පෞද්ගලික ඉතිහාස විශව විද්‍යාලයට බැඳුනොත් අනිද්දා ඔහු ජම්පරය ඇඳගෙන වැලිකඩ ගල් කඩනු දකින්නට හැකි වනු ඇතැයි මේක ආසියාවේ ආශ්චර්යය නිසා කිසිවෙක් තර්ක කරන්නට පුළුවන. මේ අතර අනෙක් කෙළවරේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සැරසෙමින් සිටින්නේ 1980 දශකයේදී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතු වූ විරෝධය වැනි දැවැන්ත

සිංහරාජය මැදින් කපන කෙටි පාර / A short cut across World Heritage Sinharaja

Image
සිංහරාජ වනාන්තරය ලංකාවේ අපේ පමණක් නොව මුළු ලෝකයේ ම වැදගත් උරුමයකි.  එය මහා ලොකු වනාන්තරයක් නො ව, නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 21ක් හා උතුරේ සිට දකුණට කිලෝමීටර් හතක් පමණක් වන පුංචි කැළෑ කුට්ටියකි. එහෙත් එය ජෛව විවිධත්වය අතින් විශිෂ්ට ස්ථානයකි.  එහෙව් සිංහරාජය මැදින් මේ ආණ්ඩුව පාරක් කපමින් සිටියි. ඒ කලවාන ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්වා ය. පොතුපිටිය, ඉළුඹකන්ද ගම් ඒ 17 රක්වාන දෙනියාය මහා මාර්ගයට යා කිරීම මෙම මාර්ග ව්‍යාපෘතියේ අරමුණයි.  සැප්තැම්බර් 09දා මුළා කරන ලද 300ක පමණ ජන රාශියක් යොදවා කිලෝමීටර් තුනක වනාන්තරය එළි පෙහෙළි කර තිබේ.  ඒ කෙටි පාරක් හදන්නට ය. ලෝකයේ කොහේවත් හරි හමන් ආණ්ඩු හා පුරවැසියෝ නම් මෙවැනි කෙටි පාරවල් නො සොයති.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අතේ ලෙළ දෙන සිංහ කොඩි හදවතේත් ලෙළ දේ ද? / Do the lion flags fly in their hearts

Image
ඡායාරූපය අද දෙරණෙනි ඔවුහු ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතික්ෂේප කරමින් වෙන ම ඊලාම් රාජ්‍යයක් ගොඩනැඟීමට කැරැල්ලක් ගැසූ හ. ඒ වෙනුවෙන් මේ ජාතික කොඩියේ සිටින රෞද්‍ර සිංහල සිංහයාට මුහුණ දීමට බිහිසුණු කොටියකු ද නිර්මානය කළ හ.  සිංහල මූලික ශ්‍රී ලංකා රජය කැරැලිකාර හමුදාව පරදවා ජය ගත්තේ ය.  කැරැලිකරුවෝ විශාල පිරිසක් දිවි දුන් හ. ඉතිරි වූ පිරිස පුනරුත්ථාපනයට යොමු කර තිබේ. මේ ඡායාරූපයේ ඉන්නේ පුනරුත්ථාපනය වෙමින් සිටින බව කියන හිටපු දෙමළ කැරැලිකාර සිරකරුවන් පිරිසක් දුම්රියෙන් දකුණේ චාරිකාවක් යන අයුරු ය.  සිංහල මූලික රාජ්‍යය ඔවුන් අතට සිංහ කොඩි දී ඇත.  සිංහලයන් සතුටු වනු ඇත.  එහෙත් ඒ කැරැල්ල පැන නැඟුණු හේතු තව ම අහෝසි වී නැත. සිරකරුවන් අතට දුන් පලියට ඔවුන්ගේ හදවත් තුළ සිංහ කොඩිය ලෙළ දෙන්නේ නැත.  දුක නැති කිරීමට නම් දුකට හේතුව නැති කළ යුතු ය.  අළු යට ඇති ගිනි දක්නට සමත් පාලකයෝ ගිනි පුළිඟු නිවා සාර්ථක වෙත්.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න