2011-05-14

අමුතු තොරණක වරුණ

2011-05-14
‍‍තොරණ කියන්නේ චුල සම්ප්‍රදායේ ජනප්‍රිය කලාංගයක්. චිත්‍ර කලාවට තාක්ෂණය මුසු කළ එය අලුත් අදහසක් ප්‍රකාශ කරන්න යොදා ගන්න උත්සාහ කළ අවස්ථා තිබෙනවා. මේකත් එහෙම දෙයක්. විස්තර මේ සටහනේ නො තිබුණාට ආරංචි හැටියට මෙහි නිරූපණය වන්නේ කාන්තා හිංiනයෙන් වැළකීමේ අගය. අපි මේ සටහන පළ කරන්නේ ඒකයි. තොරණ බලන්න යන්න.


"තොරණක් කියන්නෙ ඉතින් තොරණක්. ඒක අපි හැමෝම දන්න කාරණාවක්. පන්සිය පණස් ජාතක පොතෙන් මොකක් හෝ ජාතකයක් තෝරගෙන තොරණ ආර්ටිස්ලා, ඉලෙක්ට්‍රීශන්ලා සෙට් කරගෙන චිත්‍ර ඇඳගෙන ෆ්ලෑශර් කොට, පුවක් ගස් බැඳගෙන සෑහෙන පිරිසක් වෙහෙස මහන්සි වෙලා හදන අඩි විස්සෙ තිහේ තොරණ සමහර වෙලාවට අපි බලන්නෙ අඩි දෙසීයක් තුන්සීයක් ඈත හිටගෙන, නැත්නම් වාහනයක යන ගමන්. එහෙම වත් වාසනාවක් නැති අය ඉතින් දෙයියනේ කියල ටී.වී එකෙන් තමයි බලන්නෙ. ඒත් කීයෙන් කී දෙනාටද තොරණෙ කතා වස්තුව මතක තියෙන්නෙ? මම ආගම දහම ගැන ලොකුවට දන්න පුද්ගලයෙක් නොවුනට කියවල තියෙන සොච්චමෙන් තෙරුම් ගත්තෙ අපිට ඒ කතා වල ගන්න දෙයක් තියෙන බව. ඒත් අපිට තොරණෙ පාට පාට බලුප් අඟර දඟර දාන හැටි විතරයි මතක හිටින්නෙ. ඉතින් මම මේ හෑල්ල ලිව්වෙ අපිත් තොරණක් හදන නිසා. හැබැයි මේ තොරණෙ වෙනසක් තියෙනව.... පොඩි පහේ වෙනසක් නෙමෙයි ලොකු වෙනසක්. ඒ වෙනස තමයි මේ තොරණෙ ජාතක කතාවක් නොතිබීම. අඟර දඟර පාන බලුප් තියෙනව. සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්ගෙ පින්සලෙන් මැවුණ අපූරු චිත්‍රත් තියෙනව. ඒත් ජාතක කතාවක් නැහැ. මේක කියවන කෙනෙකුට හිතෙයි එතකොට ජාතක කතාවක් නැති තොරණක මොනවද තියෙන්න පුළුවන් කියල. මේ තොරණෙ තියෙන්නෙ එදා ඉඳන් අද දක්වාම සමාජයේ තියෙන ගැටළුවක්. අප විසින්ම මේ සමාජයෙන් තුරන් කළ යුතු කාරණයක්. තොරණෙ කතා කෙරෙන සමාජ ගැටළුව ගැන වැඩි විස්තරයක් මෙතනදී කියන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මේ තොරණෙ ඉදි කිරීම් කටයුතු දැන් සිදු වෙනවා. තොරණ හදන්නෙ කොළඹ නවම් මාවත කිට්ටුව තියෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ. මේ පින්තූර කිහිපය ගත්තෙ ඒ මොහොත මතකයේ ගබඩා කරගන්න සහ මේ ගැන ඔබ සැමට කියන්න. අපි කැමතියි මේ සුවිශේෂී තොරණ ගැන විස්තර හැම කෙනෙක්ම දැන ගන්නවට."


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

5 අදහස්:

හිරාන් චමුදිත said...

එලකිරි පෝස්ට් එක..........

Abeysinghe said...

Apita oka balanna lebenne ne...api inne colombin pitatha...apita balaganna pinthura danna...Colombata thoran apita kekiri

JC Ahangama said...

ඇමරිකාවේ ඉන්න අපිටත් කැකිරිමයි.

කොළඹ ඇත්තෙක් නිතිපතා කියනවා කොළඹ ලස්සනයි, ජයයි වගේ දේවල්. පිට ඉන්න අපිත් ආසයි රට අභ්‍යන්තරයේ තත්ත්වය මේ පත්තරෙන් පෙන්නනවා නම්.

මම කියන්නම් අදහසක්. ප්‍රෙක්‍ෂකයන්ගෙන් අහන්න ප්‍රවෘත්ති එවන්න කැමති අය දායක වෙන්න කියා. ඒ අයට කියන්න තමන් මොන පෙදෙස්වල පුවත් එවන්න පුළුවන්ද කියා කියන්න කියා. ඉන් පසු ඒ ඒ අය එවන පුවත් ඒ ළඟ පුවත් දන්වන්නන්ගෙන් සනාත කරගෙන පළ කරන්න.

මම කැමතියි අමෙරිකාවේ පුවත් ලියන්න.

සිංහලෙන් ලේසියෙන් ලියන විදිහක් තියෙන් CD එකකින් ධාවන කරන Puppy Linux පරිගණකයක් ළඟදීම ඉලි දකිනවා. ඒක මට පේන හැටියට Windows 7 එක එක්ක තරඟෙට හොඳ බඩුවක්. ඒ පුවත ගැන විමසිල්ලෙන් ඉන්න.

nihal said...

කතාව සහතික ඇත්ත. මමත් ඇති තරං ඔය තොරං බලල තියෙනව.වැඩි පුර බැලුවෙ කුරුලු තොරං. මම නං හිතන්නෑ කිසිම කෙනෙක් ඇඳල තියෙන ජාතකේ කියවනව ඇති කියල. සමහර තැන් වල තරඟත් තියෙනව ලයිට් පත්තු වෙන ආකාර කීයක් තියෙනවද කියල.
ඕක තමා තොරණක් බලපු මුස්ලිම් නාන කෙනෙක් කිව්වේ " බුද්දාගමත් ලේෂි කෙළියක් නෙවේ නේද ?" කියල.

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

ඔවු. ඉස්සර කාලෙනම් තොරණක් බලන්න ගිහාම නිතරම තොරණේ විස්තරය කියවනවා. එතකොට අපිත් ඒ ජාතක කතාව තේරුම් ගන්නවා. ඒත් දැන් තොරණ් වල තොරණේ විස්තරය කියනවා මට ඇහුනෙම නෑ. ඒ වෙනුවට සල්ලි දීපු උදවියගේ නම් ගම් ආදිය කවි කර කියන එක තමයි වුණේ... ඉතින් දැන් තොරණක කතාව මොකක් වුණත් පලක් නෑ.. මේ අලුත් කතා වස්තුව හොඳ ඇති කියලා හිතනවා...

Post a Comment

ඔබගේ අදහස් පළ කිරීම් අදාළ විෂය පිළිබඳ සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි වගකීමෙන් යුතුව කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...