අමුතු තොරණක වරුණ
තොරණ කියන්නේ චුල සම්ප්‍රදායේ ජනප්‍රිය කලාංගයක්. චිත්‍ර කලාවට තාක්ෂණය මුසු කළ එය අලුත් අදහසක් ප්‍රකාශ කරන්න යොදා ගන්න උත්සාහ කළ අවස්ථා තිබෙනවා. මේකත් එහෙම දෙයක්. විස්තර මේ සටහනේ නො තිබුණාට ආරංචි හැටියට මෙහි නිරූපණය වන්නේ කාන්තා හිංiනයෙන් වැළකීමේ අගය. අපි මේ සටහන පළ කරන්නේ ඒකයි. තොරණ බලන්න යන්න. "තොරණක් කියන්නෙ ඉතින් තොරණක්. ඒක අපි හැමෝම දන්න කාරණාවක්. පන්සිය පණස් ජාතක පොතෙන් මොකක් හෝ ජාතකයක් තෝරගෙන තොරණ ආර්ටිස්ලා, ඉලෙක්ට්‍රීශන්ලා සෙට් කරගෙන චිත්‍ර ඇඳගෙන ෆ්ලෑශර් කොට, පුවක් ගස් බැඳගෙන සෑහෙන පිරිසක් වෙහෙස මහන්සි වෙලා හදන අඩි විස්සෙ තිහේ තොරණ සමහර වෙලාවට අපි බලන්නෙ අඩි දෙසීයක් තුන්සීයක් ඈත හිටගෙන, නැත්නම් වාහනයක යන ගමන්. එහෙම වත් වාසනාවක් නැති අය ඉතින් දෙයියනේ කියල ටී.වී එකෙන් තමයි බලන්නෙ. ඒත් කීයෙන් කී දෙනාටද තොරණෙ කතා වස්තුව මතක තියෙන්නෙ? මම ආගම දහම ගැන ලොකුවට දන්න පුද්ගලයෙක් නොවුනට කියවල තියෙන සොච්චමෙන් තෙරුම් ගත්තෙ අපිට ඒ කතා වල ගන්න දෙයක් තියෙන බව. ඒත් අපිට තොරණෙ පාට පාට බලුප් අඟර දඟර දාන හැටි විතරයි මතක හිටින්නෙ. ඉතින් මම මේ හෑල්ල ලිව්වෙ අපිත් තොරණක් හදන නිසා. හැබැයි මේ තොරණ...