පලතුරු මුදලාලි ‘‘මළාට නො කියන’’ඇපල් ගෙඩියේ බියකරු කථාව

ක්ලෙමන්ට් නාමල් පීරිස් විසිනි

(2010 අගෝස්තු 05, W3Lankaස්වභාව ධර්මය සහ මිනිසා අතර පවත්නා සෘජු සබඳතාවයන්ගේ හොඳම උදාහරණය පලතුරු සහ මිනිසා අතර ඇති සබඳතාවයයි. අප එසේ කියන්නේ අප ගන්නා සෑම ආහාරයක්ම බොහෝ විට පිස, සැකසූ හෝ රසකාරක දමා අනුභව කරන මුත් අප කෙලින්ම පලතුරු අනුභව කරනු බැවිනි. පලතුරු මිල දී ගැනීමට වෙළඳපොලට යන බොහෝ දෙනකු ගේ නෙතට හසු වන්නේ පිටපොත්ත දිලිිසෙමින් තිබෙන පලතුරු ය. මායාකාරියගේ කූඩයේ තිබු විෂ යෙදූ දිලිසෙන ඇපල් ගෙඩිය මෙහිදී සිහියට නැඟෙයි. එය අදට ද ගැලපෙන බවක් දැකිය හැකිය. දිලිසෙන ඇපල් ගෙඩිය කෑ හිම කුමරියට සිදු වූ දෙයම පාරිභෝගිකයාට සිදු වීමට හොඳට ම ඉඩ තිබෙන බව සිහියට නැගීම වටී. අනෙක් බෝග වර්ග කෙසේ වෙතත් බොහෝමයක් පලතුරු අප ගන්නේ අමු තත්ත්වයෙනි. එනම් ඒවා පිසීමකට භාජනය නොවේ. මේවායෙහි යම් කිසි විෂ භාවයක් අන්තර්ගත වී තිබේ නම් මිනිස් සිරුරට ඒවා ඇතුලත් වීම වැලැක්විය නොහැක.


විදේශීය රටවල සිට ගෙන එනු ලබන ඇපල් දොඩම්, චෙරි, මිදි වැනි පලතුරු වර්ග දීර්ඝ කාලයක් ගත කර මෙරටට ලඟා වෙයි. තොග වෙළඳුන් විසින් සිල්ලර වෙළඳුන් හට ලබා දෙන එම පලතුරු පසුව පදික වේදිකාවල සිට සුපිරි වෙළඳසැල් දක්වාම අපට දිනපතා මුණගැසෙයි. මේ කාලය තුල මෙම ද්‍රව්‍ය නරක් නොවි තබා ගැනීමට රසායන ද්‍රව්‍ය භාවිතා කෙරේ. අපනයනයට පෙර චෙරිවලට හත් වරක් පමණ පලිබෝධනාශක යොදන බව සඟරාවක පළ වී තිබෙනු මම දුටිමි. සමහර වර්ගවලට වනාන්තරවල කොළ හෙලීමට පවා භාවිතා කරන 2-4 D නැමති රසායනිකය භාවිතා කරන බවද එහි සඳහන් විය. ඉතින් මෙවන් දේ භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයට විෂ මුසු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජීවි ඵලයක් තුළ අන්තර්ගත වන විෂ ඒවා ආහාරයට ගැනීමත් සමග ම මිනිස් සිරුරට ඇතුල් වේ. දිලිසෙන ඇපල් ගෙඩියක, සිනිඳු මතුපිටක් සහිත දොඩම් ගෙඩියක, ලස්සන අඹ ගෙඩියක, මටසිලිටු අර්තාපල් අලයක මේ විෂ ද්‍රව්‍ය අඩංගු විය හැකිය. මේවා ආහාරයට ගන්නා ඔබගේ සිරුරට මේ විෂ ද්‍රව්‍ය ඇතුල් වීම කිසිසේත් වළක්වා ගත නොහැක.


අපනයනකරුවා බලාපොරොත්තු වන ලාභය උපරිම කර ගැනීමට මේ ක‍්‍රම අනුගමනය කරයි. දිගු කාලයක් තුල නැවුම් බව රඳවා ගත හොත්, පි‍්‍රය කරන පෙනුම රඳවා ගත හොත් ලාභය ඔහුටය. එහෙත් තවෙකකුට එයින් අවසානය ලඟා කරන බව ඔහු නොදන්නවා විය නොහැකිය. ඵලවල වර්ණය ඒකාකාරව පවත්වා ගැනීම සඳහා වර්ණකාරක වූ විශේෂ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනු ලැබේ. පිරිසිදු කිරීමට හා දිලීර පැල්ලම් ඉවත් කිරීමට පලතුරු තොග පිටින්ම රසායනික පවිත‍්‍රකාරක තුල ගිල්වන බවටද කරුණු තිබේ. මෙම වර්ග තුල නැවුම් බව පවත්වා ගැනීමේ හැකියාවත්, දිලීර නාශකත් අඩංගු වන බවත් කිව යුතුය.


දැන් තිබෙන පලතුරු වල රසයක් හෝ සුවඳක් හෝ දක්නට නොලැබෙන බව බොහෝ දෙනා පවසති. එයට හේතු විමසා බැලීමේ දී පෙනී යන විශේෂ කරුණු වන්නේ මේවාට ලබා දෙන ප‍්‍රතිකාරක සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ආවේනික ගුණ සුවඳ විනාශ කර ඇති බවයි. පළුද්දක්වත් දක්නට නැති එළවළු, පලතුරු ද, ගුල්ලන්ගෙන් කෘමීන්ගෙන් හානි නොවු ධාන්‍යද කියා පාන්නේ ඒ ඒ අවස්ථාවලදී යොදනු ලබන පලිබෝධනාශක මේවා තුල අන්තර්ගතව ඇති බවය. ලූණු හා අර්තාපල් දිගුකාලීනව ගබඩා කිරීමේ දී ඒවායේ අංකුර ඇදීම පාලනය සඳහා ප‍්‍රරෝහණය මැඩපවත්වන රසායනික ද්‍රව්‍ය යොදන බව ද පෙනී යන කරුණකි. ස්වභාවිකව සිදු වන කි‍්‍රයාවලීන් පාලනය සඳහා යොදනු ලබන මෙම ද්‍රව්‍ය මිනිස් සිරුරේ කි‍්‍රයාවලීන් පාලනය සඳහා ද බලපාන බව අනුමාන කළ හැකිය.


අපනයන ආදායම තර කර ගත හැකි, එක්තරා කාලසීමාවකදී පමණක් ඵල දරන්නා වූ පලතුරු වර්ගවල අස්වැන්න නෙලා ප‍්‍රතිකාර කරනවාටත් වඩා විවිධ අවස්ථාවල වෙළඳුන් අතර අතින් අත මාරු වීමේ දී නැවත නැවතත් රසායනික භාවිතා කරන අවස්ථාද තිබේ. එවිට සිදු වන්නේ එකම තොගය නැවත නැවතත් ප‍්‍රතිකාරවලට බඳුන් වීමයි. එහි ප‍්‍රතිඵලය වන්නේද ඵල තුල ශේෂ වන විෂ ප‍්‍රමාණයන් තව තවත් ඉහල යාමයි.


1985, 1986 වර්ෂවලදී බි‍්‍රතාන්‍යයේ පලතුරු හා එළවළු රාශියක් ගෙන පසු අස්වනු ප‍්‍රතිකාර පිලිබඳව පවත්වන ලද අධ්‍යනයක දී ඒවා තුළ රසායනික ද්‍රව්‍ය රාශියක් ශේෂ වී තිබු බව පෙනී ගොස් ඇත. ඇපල් වලින් 50% පමණ ද, පෙයාර්ස්වලින් 33‍% ක පමණ ද, අර්තාපල්වලින් 76‍% ක පමණ ද කෘෂි රසායන ද්‍රව්‍ය එක් වර්ගයක් හෝ වැඩි සංඛ්‍යාවක් තිබු බව එහි දී පෙනී ගොස් තිබිණි. මෙය ආරක්‍ෂාකාරී මට්ටම ඉක්මවා කෘෂි නිෂ්පාදන තුල රසායනික ද්‍රව්‍ය ශේෂ වන බව සොයාගත් එක් අවස්ථාවක් පමණි.


රසායනික ප‍්‍රතිකාර කරන ලද ඇපල් සති 6-16 දක්වා පවතී. පෙයාර්ස්, අර්තාපල් ආදිය ද එසේ කලක් පවතින බවත් ෙදාඩම්, මිදි, ගේ‍්‍රප්ෆෘට් මාස 1-2 දක්වාත්, අලිගැටපේර, කෙසෙල්, අඹ ආදිය සති 2 -4 දක්වාත් නරක් නො වී පවත්වා ගත හැකිය. ආනයනික පලතුරු මිළ දී ගන්නා බොහෝ දෙනෙක් මේවා ආරක්‍ෂාකර ගැනීමට කෘමිනාශක, දිලීරනාශක මෙන්ම මී නාශක පවා යොදා ගන්නා බව නොදන්නවා විය හැකිය.


අපි කෘෂි රසායන භාවිතයේ දී පිලිපැදිය යුතු ආරක්‍ෂාකාරී පිළිවෙත් පිළිබඳව කෙතරම් දැනුවත් කිරීම් කලත් ඉහතින් සඳහන් කල කෘෂි රසායන ද්‍රව්‍ය ශාරීරගතවීම වැළකෙන්නේ නැත. ක්‍ෂෙත‍්‍රයේ දී භෝග වලට යොදන දෑ වල බලපෑම සුළගින්, වැස්සෙන්, අතින් අතට මාරූ වීමෙන් බොහෝ දුරට අඩු වේ. එහෙත් නෙලන ලද අස්වැන්න සඳහා මේ භාවිතා කරන රසායන ද්‍රව්‍යවල බලපෑම කිසිසේත් අඩුවන්නක් නොවේ.


පොතපතින් ලබා ගන්නා ලද තොරතුරු ආශ‍්‍රයෙන් ලියන මෙම ලිපියෙහි සමහර පලතුරු වර්ග සඳහා අනුගමනය කරන කි‍්‍රයාවලීන් කිහිපයක් පිළිබඳව ද සටහන් කරන්නේ අසරණ ජනතාව දැනුවත් කිරීමේ සත්භාවයෙනි.


ලෝකයේ විශාල වශයෙන් ඇපල් අපනයනය කරන රටවන ඇමෙරිකා එක්සත් ජනපදය,චීනය ට‍්‍රක්රථවලට පටවන ඇපල් ඒවායේ දී තිබියදීම මිනිත්තු විස්සක පමණ කාලයක් විෂ සහිත දිලීර නාශකයක් වන තයෝබෙන්ඩසෝල් වලින් නහවන අතර පසුව පලිබෝධනාශක සෝදා හැරීමට ට‍්‍රක්රථ ද ජලයෙන් නහවනු ලබන බව සඳහන්ව තිබේ. මෙසේ ප‍්‍රතිකාර කල ඇපල් මාස අටක් පමණ කල්තබා ගත හැකි බව සඳහන් වේ. ගබඩාවලින් එලියට ගත් විගස නැවතත් පලිබෝධනාශක යෙදීම ද කෙරේ. පළමුව ක්ලෝරීන් මිශ‍්‍ර ජලයේ ගිල්වා තැබීමත් අනතුරුව පලිබෝධනාශක යෙදීමත් සිදු කරන අතර පලූදු වී ඇති ඇපල් ඉවත් කර ඒවා කල් තබා ගත හැකි ආහාර බවට පත් කිරීම ද සිදු කරනු ලැබේ. එපමණක් නොව ඇපල් ගොවිපලේ සිට වෙනත් රටවල් කරා යොමු කිරීමේ දිගුගමන තුල ඒවා වියලීමෙන් වළකා ගැනීමට සියුම් පටලයක් මෙන් ඉටි ගැල්වීමත්, මෙම ඉටි සමග දිලීරනාශක මිශ‍්‍ර කර ඉසීමත් මගින් විජලනය 50‍%කින් පමණ අඩු කර ගැනීමත් සිදු කෙරේ.


දොඩම් ගැන සලකා බැලීමේ දී කැලිෆෝනියාවේ ඇසුරුම්හල්වලදී සාමාන්‍යයෙන් තුන් වතාවක් පමණ දිලීර නාශක යොදන බව සඳහන් වේ. ජපානය ආදී රටවලට අපනයනය කිරීමේ දී මීතයිල් බ්‍රෝමයිට් යොදා ප‍්‍රතිකාර කරන බවත් සඳහන් වේ. මේවා දොඩම් ලෙල්ලේ ශේෂ වීම ඉක්මවා එහි මදය තුලටද කාවදින බව අනාවරණය වේ.


කැලිෆෝනියාවේ මිදි වලට දිලීර බෝ වීම වැලැක්වීම සඳහා මාස ගණනාවක් තුල කිහිපවරක් සල්ෆර්ඩයොක්සයිඞ් යොදා ධූමායනය කෙරේ. ඵලය මගින් උරාගනු ලබන මෙම රසායන ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරේ නොයෙක් ආසාදන තත්ත්වයන් හට ගන්නා බවද සඳහන් වේ.


ඉහත ආකාරයට යොදනු ලබන රසායනික ද්‍රව්‍ය කාලයක් පුරා ශරීරයට ඇතුල් වීමෙන් අහිතකර තත්ත්වයන් ඇති වීම කිසිවිටක වලක්වා ගත නොහැකිය. අද අසන්නට දකින්නට ලැබෙන රෝගී තත්වයන් මේවා නිසා ඇති වූ සහ ඇති වන්නා වූ දේවල් යැයි අනුමාන කළ නොහැකිද? ශරීර අංගවිකලභාවයන්, අභ්‍යන්තර ඉන්දි‍්‍රයන් වන අක්මාව, වකුගඩු, ආමාශගත රෝග, පිළිිකා, සමේ රෝග, ශ්වසන රෝග, ස්නායු ආබාධ මේවායේ අතුරුඵල බවට අවබෝධ කරගෙන හෝ බුද්ධිමත් ලෙස ආහාර රටාවන් වෙනස් කර ගැනීම රෝගවලට ප‍්‍රතිකාර ගැනීමට වඩා යහපත් කි‍්‍රයාමාර්ගයක් වනු ඇත.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. වටිනා ලිපියක්..කිරි පිටි ආදී දේ ගැනද අපව දැනුවත් කිරීමට හැකිනම් තවත් අගනේය...

    ReplyDelete
  2. Good post. Can you please share links of your sources. It would be rally helpful to get more details about this matter. Thank you.

    ReplyDelete
  3. this is a reallly really useful article. write more this kind of article for aware people. even, one change after reading this article.. that is enogh

    ReplyDelete
  4. A Good Article.
    About shining apples
    http://rishansharif.blogspot.com/2008/02/blog-post_25.html

    ReplyDelete
  5. මේකත් දේශපාලනිකයි නේ :D ඇත්තටම් ඕක ඔහොම තමයි වෙන්නේ. වෙලඳපලක වැඩ කරන මේ ගැන දන්න මිත්‍රයෙක් කියපු විධියට පලතුරු වර්ණ ගන්වන්න භාවිතා කරන විවිධ ස්ප්‍රේ වර්ගත් ශරීරයට අහිතකරයි. මොනව වුණත් අපට කන්න ගන්න පළතුරක් නෑ දැන්. කඩවල්වල තියෙන ඒව බොහොමයක් තත්ත්වෙ මේක තමයි.

    ReplyDelete
  6. From today, I am avoiding purchase of imported fruits.

    ReplyDelete
  7. ඉතාමත් වැදගත් ලිපියක්.

    ReplyDelete
  8. A great article. My salute to you!

    ReplyDelete
  9. W3 මුලු බ්ලොගය පුරාවටම තිබෙන ජනහිත කාමී,දැය හිතකාමී එකම ලිපිය මෙය බැව් මාගේ අදහසයි....මෙවැන්නක් ලිවීම පිලිබඳ ඔබට තුති.....

    ReplyDelete
  10. that is, only for profit base capitalist market system. being against that, we can agree this article. not only we,but also nationalist extreemes, as a alternative they proposed self system market. in between these two, what is the alternative market system for us.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා