Posts

Showing posts from August, 2010

ආගමේ නාමයෙන් කෙරෙන සියලු හිංසනයන් පිටුදැකිය යුතු ය | Cruelty covered to religion should be banned

Image
( 2010 අගෝස්තු 31,  W3Lanka )  මුන්නේශ්වරමේ සත්ව බිලි පූජාව ආගමේ නාමයෙන් සිදු වු කෲර හිංසනයක් බවට කිසිදු විවාදයක් නැත.  මිනිසුන් මස් ආහාරයට ගැනීම පිළිබඳ අපගේ විරෝධයක් නැති මුත්, ශිෂ්ටත්වයෙන් අංශු මාත්‍රයක් හෝ තිබෙන සමාජයකට නො හොබිනා වූ, ප්‍රදර්ශනාත්මකව පැවැත්වෙන මෙවැනි කෲර සත්ව හිංසනයන් අනිවාර්යයෙන් ම තහනම් කළ යුතු ය.  එහෙත්, ඒ සමගම සිතිය යුතු තවත් කාරණා තිබේ. ආගමේ නාමයෙන් කටු ගසාගෙන, කොකුවලින් එල්ලීගෙන වීදිවල ප්‍රදර්ශනය වෙමින්, සෙසු මිනිසුන් තුළ පිළිකුල හා සංත්‍රාසය ඇති කරන මිනිස් ස්වයං හිංසනයන් පිළිබඳව ද අප සිතා බැලිය යුතුව තිබේ.  එසේ ම, සාමාන්‍ය ජිවිතයේදී දිනකට සැතපුම් පනහකටත් වඩා සැරිසැරීමේ ජෛවී අවශ්‍යතා ඇති අලි ඇතුන් අල්ලා, මුළු ජීවිත කාලය පුරා ම යදමින් බැඳ තබා උමතු තත්වයට පත් කර, කකුල් හතර හරි හැටි සොලවන්නටත් බැරි ලෙස යදමින් බැඳ, නුහුරු ඇඳුම් අන්දා සාදු, සාදු කියමින් පෙරහරවල ගෙන යමින් කරන සත්ව හිංසනයට බුදුන්ගේ බුදු දහම අදහන බෞද්ධයන්ට නම් එකඟ විය නො හැකි ය.  බුදුන්ගේ බුදු දහමට අදාළ නො වන ආගමික, සංස්කෘතික, සම්ප්‍රදායික, ව්‍යාපාරමය, සංචාරක, රාජ්‍ය ආදී එකී මෙකී කාරණා මැද

රැකියා අවස්ථාවට කම්කරුවන් කුළල් කා ගන්නා අලුත් ජාතිවාදයක පෙරනිමිති

Image
( 2010 අගෝස්තු 30,  W3Lanka )  ලංකාව එක් සේසත් කිරීමෙන් පසු දැන් අලුත් ප්‍රශ්න මතු වෙමින් තිබේ. පහත පළ වන්නේ එකකි.  යළි පදිංචි කරන ලද අවතැන් වුවන් වනාහි ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නො වන (කොටි) පාලක පිරිස් විසින් කාලකන්නි කරන ලද මිනිස් ප්‍රජාවකි. ඔවුන් අද මුහුණ දී සිටින දරිද්‍රතා මට්ටම හේතුවෙන් උතුර ලාභ ශ්‍රමයේ තෝතැන්නක් වී තිබේ. ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමත් සමග පණ අදිමින් සිටින ඇඟලුම් කර්මාන්තය හුස්ම ඇල්ලීම සඳහා උත්සාහ දරමින් තිබෙන්නේ මේ ලාභ ශ්‍රමයේ පිහිටෙනි. දැන් ඇඟලුම් කම්හල් හිමියෝ මහා පරිමාණෙන් උතුරේ දෙමළ ගැහැනු ළමයින් ඇඟලුම් කම්හල් සේවය සඳහා බඳවා ගනිමින් සිටිති. ගෙන යන තැනක් නො දන්වා බස් පිටින් රැගෙන එන මෙම ස්ත්‍රීන් රැඳවුම් කඳවුරු වැනි ස්ථානවල තබාගෙන අඩු පඩියට වැඩ ගනිති.  දෙමළ ජාතික විමුක්ති අරගලයට පිං සිද්ධ වෙන්නට මේ කාන්තාවෝ කම්කරු හිමිකම් තබා සාමාන්‍ය මානව හිමිකම් පිළිබඳ හෝ අන්දෝ සංසාරයක් නො දනිති. මරණයේ පාරාදීසයක සිට පැමිණි ඔවුන්ට ඒවා වැදගත් ද නැත. ජීවත් වන්නට, පවුල් නඩත්තු කරන්නට, පිටරටකට පැන ගන්නට ආදායමක් උපයා ගන්නට ඔවුන්ට කුමක් හෝ වැඩක් උවමනා වී තිබේ.  මෙම තත

කොමිස් කාක්කන්ගේ හතර බීරි කතා: බී.ටී.අයි. අද නොවෙයි හෙට!

Image
( 2010 අගෝස්තු 29,  W3Lanka )  කොමිස් කාක්කන්ට මිනිස් ජීවිත වැදගත් නැත. ඒ අතින් ඩෙංගු මදුරුවාට වඩා කොමිස් කාක්කා භයානක ය. මදුරු උවදුර මර්දනය කිරීම සඳහා යෙදීමට යෝජිත බී.ටී.අයි. බැක්ටීරියාව තවමත් 'අද නොවෙයි හෙට ය.' ඇයි ඒ? ‍ මෙන්න බළලා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති මහින්දානන්ද අමරවීරගේ මල්ලෙන් එළියට පැන ඇත. ඔහු අද 'ද නේෂන්' පුවත්පතට කියන පරිදි දේශීයව නිපදවන ලද බී.ටී.අයි. බැක්ටීරියා ලීටරයක මිළ රු. 2750ක් වන අතර කියුබානු බැක්ටීරියාව ඊට වඩා මිළ වැඩි ය. 'ද නේෂන්' පුවත්පතේ සඳහන් වන පරිදි කියුබාවෙන් බී.ටී.අයි. බැක්ටීරියා ලීටර 30,000ක් ඇණවුම් කර තිබෙන අතර ඒ සඳහා පිරිවැය රුත මිලියන 35කි. ඒ අනුව බැලුවොත් නම් කියුබානු බැක්ටීරියාවේ මිළ රු. 1167ක් පමණි. එක්කෝ 'ද නේෂන්' ගණන් දන්නේ නැත. නැතිනම් මහින්දානන්ද අමරවීර ගණන් දන්නේ නැත. නැතිනම් මේවා කියවන ජනතාව ගණන් දන්නේ නැත. එහෙමත් නැතිනම් මේ ලියන අපට පිස්සු ය. කොහොමින් කොහොම හෝ දේශීය බැක්ටීරියාව මිළ අඩු නම් එය මිළ දී නො ගෙන කියුබාව දෙස බලාගෙන සැප්තැම්බර් මැද භාගය වනතුරු සමෘද්ධි නිලධාරීන් ගස් බැඳ බැඳ ආණ්ඩුව බලා ඉන්නේ ඇයි

වෙන රටවලින් ලාංකිකයන්ට on arrival වීසා ඉල්ලන්න පෙර කළ යුතු ගෙදර වැඩ

Image
( 2010 අගෝස්තු 29,  W3Lanka )  රටවල් 71ක වැසියන්ට ලංකාවට පැමිණි පසු (on arrival) වීසා ලබා ගැනීම සඳහා දී ඇති පහසුකම අත්හිටුවීමට ලංකාව තීරණය කර තිබේ. හේතුව සිංගප්පූරුව හා මාලදිවයින හැර සෙසු රටවල් ලාංකිකයන්ට එම පහසුකම දෙන්නේ නැති වීමයි. ලංකාවේ මිනිසුන්ට අඩු තරමේ ඉන්දියාවට හෝ කල් තබා වීසා නො ගෙන යන්නට බැරි ය.  මේ තීරණය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබූ මුත් දැන් එය අත්හිටුවා තිබේ.  ලංකාවේ මිනිසුන්ට ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජපානය වැනි දියුණු ධනේශ්වර රටවලට ගිහින් වීසා ලබා ගන්නට හැකියාව තිබුණොත් නම් මරේ මරු ය. ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ එහි ගොස් ‍මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කරදර ඇති බව කියා දේශපාලන රැකවරණ ඉල්ලනවා ඇත. ඒකට කමක් නැත. දැන් ඔය පිටරට ඉන්න පට්ට දේශප්‍රේමීන් වැඩිදෙනෙකු ඒ රටවලට ගියේ ද මේ රට හොඳ නැති බව කියලා ය.  ලංකාවට පැමිණෙන පිටරැටියනට අප  on arrival වීසා දෙන අන්දමින් ම අපටත් ඒ රටවලින්  on arrival වීසා ලබා දිය යුතු බව ඉල්ලා සිටීම නරක දෙයක් නො වේ. දැන් කොටි සංවිධානය නැති බැවින් ලංකාව තව දුරටත් ත්‍රස්තවාදීන්

මුන්නේශ්වරම් වාර්ෂික බිලි පූජාව හා දෙමටගොඩ දෛනික බිලි පූජාව

Image
ඡායාරූපය නේපාලයෙනි. ( 2010 අගෝස්තු 28,  W3Lanka )   හලාවත-මුන්නේශ්වරම් කාලි අම්මා කෝවිලේ අගෝස්තු 25 දා පැවැත්වූ සත්ව බිලි පූජාව පිළිබඳ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.  මෙම මහා බිලි පූජාව සිදු වන්නේ සත්ව හිංසනය පිටු දැකීම සඳහා  සත්ව පනත, ගව ඝාතන ආඥා පනත හා සත්ව හිංසා වැළැක්වීමේ පනත ආදී අණ පනත්  ඇති රටකයි. මානව හිමිකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවා තිබියදී මිනිසුන්ට සිදු වන දේ දෙස බැලූ කල සතුන්ට නීතියෙන් පිළිසරණක් නො ලැබීම පහසුවෙන් තේරුම් ගත හැකි ය.  මෙම හින්දු බිලි පූජාවට විරෝධය පළ කරන ජාතික සංඝ සම්මේලනය මිනිස් බිලි පූජා ගැන සාමාන්‍යයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද අවධානයට ලක් විය යුතු ය.  කෙසේ වෙතත්, අප පහත සඳහන් කාරණා ටික ද දැන ගත යුතු ය. පසුගිය දිනෙක කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී 1867දී පිහිටුවන ලද 'ඓතිහාසික' දෙමටගොඩ ගව ඝාතනාගාරය වෙනත් තැනකට ගෙන යාම පිළිබඳව මතු වු විට හෙළිදරව් වූ පරිදි කොළඹ නගරයේ මස් කන මිනිසුන්ගේ පරිභෝජනය සඳහා දිනකට ගව මස් කිලෝ 18,000ක් අවශ්‍ය අතර ඒ සඳහා දිනපතා හරකුන් 180ක් බැගින් දිවි දෙති.  එළු මස් කිලෝ 12,000ක් වෙන

වී ප්‍රශ්නයක් වී ඇත්තේ ඇයි? | How paddy became a problem to Sri Lanka

Image
( 2010 අගෝස්තු 27,  W3Lanka )   වී විකුණා ගැනීම නැවතත් ගොවීන්ට වහ බොන්නට හේතු වන ප්‍රශ්නයක් බවට පත් වී ඇති බව පෙනේ. දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියන අන්දමට හේතුව එක්සත් ජාතික පක්ෂ රජය විසින් වී අලෙවි මණ්ඩලය වසා දමා දිවයින පුරා තිබුණු වී ගබඩා 378ක් අතරින් 61ක් පෞද්ගලික අංශයට විකුණා දැමීම නිසා වී ගබඩා කර තබන්නට ස්ථාන නැති වීම රජයේ වි මිළ දී ගැනීමේ වැඩසටහනට ගැටලුවක් වී ඇති බවයි. රසවත් කාරණයක් මෙම ගොඩනැගිලි මිළ දී ගත් අය අතර සිටින වත්මන් රජයේ ඇමතිවරු ද එජාප ආණ්ඩුවට බැන වැදීමයි. එහෙත්, ඇත්ත වශයෙන් ම වී අලෙවි මණ්ඩලය වසා දැමුණේ 1996දී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කැබිනට් සාමාජිකයකු වූ පොදු පෙරමුණු ආණ්ඩුව විසිනි. එසේ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් මතයි. 2000 වසරේදී වී අලෙවි මණ්‌ඩලය ඈවර කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෘෂිකර්ම ඇමතිවරයා නම් වත්මන් අග්‍රාමාත්‍ය වන දි.මු. ජයරත්නයි. මහින්ද රාජපක්ෂ යනු එම පනත සැකසූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන අතර පනතට පක්ෂව ඡන්දය දුන් කෙනෙකි. වී අලෙවි මණ්ඩලය පැවති සමයේ කළේ ගොවීන්ගේ වී නිෂ්පාදනයෙන් 10-15% අතර ප්‍රමාණයක් මි

කේ.පී.ට සමාව දෙන එක වැරදි ද? | Is pardoning KP wrong?

Image
( 2010 අගෝස්තු 27,  W3Lanka )   ආණ්ඩුව කේ.පී.ට දී ඇති බව පෙනෙන සමාව ගැන සමාජයේ කතිකාවක් ඇති වී තිබේ. කලක් කොටි සංවිධානය සමග සම්මුතිය හා බලය බෙදා ගැනීම අවධාරණය කළ අය පවා දැන් කේ.පී.ට දුන් සමාව විවේචනය කරති. යුද්ධය ඇති නොවී සාම ක්‍රියාවලිය ඉදිරියට ගියේ නම් කේ.පී.ට පමණක් නොව ප්‍රභාකරන්ට ද නීතියෙන් මුක්තිය ලබා දීමට සිදු වේ. නේපාලයේ වඩාත් ම අවශ්‍යව සිටි කැරැලි නායකයා වන මාඕවාදී ව්‍යාපාරයේ නායක ප්‍රචණ්ඩා සාම ක්‍රියාවලිය ඔස්සේ පසු කලෙක එරට අගමැති වීම නිදසුනකි. ඇත්තෙන් ම කීවොත් බොහෝ දේශපාලන වීරයන් හා ත්‍රස්ත නායකයන් අතර වෙනසක් නැත. දිනන එකා වීරයා වී කිරුළු පළඳින අතර පරදින එකා ත්‍රස්තවාදියා වී සොහොන් බිමකට ද අහිමිව මිය යයි.  කේ.පී.ට සමාව දීම හා සමාන්තරව සරත් ෆොන්සේකාගේ තරු ගැලවීම ද සිදු විය. එහෙත්, මෙම ලිවීමේදී අපි එය කේ.පී.ට සමාව දීම හා සම්බන්ධ කර ගන්නේ නැත. මෙම සිද්ධි දෙක තුලනය කර ගැනීමේ අවුල ලිහා ගැනීම රාජපක්ෂ පාලනය විසින් කළ යුතුව ඇති දෙයකි. ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවේ අභියෝගයට මුහුණ දීම පිණිස කේ.පී. උපයෝගී කර ගැනීම දීර්ඝකාලීනව කෙතරම් දුරට සාර්ථක වේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත. කෙසේ

වෙල්ලස්සේ කැරැල්ල නැවත කියවීමක් | Reading Wellassa rebellion in post-LTTE context

Image
( 2010 අගෝස්තු 25,  W3Lanka  - අජිත් පැරකුම් ජයසිංහ ) ගිය අවුරුද්දේ ජුනි මස අප විසින් ලියන ලද මෙම ලිපියෙන් අප අරමුණු කළේ කුමක්ද යන්න අප ඒ වන විට පැවති වාතාවරණය තුළ නො ලියුවෙමු. එහෙත්, අ‍පගේ අරමුණ වූයේ 1818 වෙල්ලස්ස කැරැල්ල, කැරැලි මර්දනය හා දෙමළ කැරැල්ල හා  2009දී   කැරැලි මර්දනයත්, මර්දනයෙන් පසු තත්වයනුත් අතර සමානකම් හුවා දැක්වීමයි.  සමස්ත උඩරට රාජධානිය පුරාම 1817-1818 සමයේදී ව්‍යාප්ත වූ වෙල්ලස්සේ කැරැල්ල හේතුවෙන් යටත් විජිත පාලනය බිඳ වැටෙන්නට ඔන්න මෙන්න තත්වයකට පත් විය. මුලදී ස්වදේශික ප්‍රශ්න මත පැනනැඟුණු එය පසුව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි කැරැල්ලක් බවට පත් විය. නායක්කර් වංශික රජ පෙළපතින් පැවත එන බව කී දොරේසාමි නමැත්තෙක් ඔටුන්නට හිමිකම් කීවේය. වෙල්ලස්සේ ජනතාව ඔහු රජු ලෙස පිළිගත් අතර, කිවුලේගෙදර මෙහොට්ටාල වැනි වැදි නායකයන්ගේ ආරක්ෂාව සහ සහාය ඔහුට ලැබිණි. කතරගම දෙවියන් විසින් තමන් රජකමට පත් කර ඇති බව 1817 ජුලියේදී දී ප්‍රකාශයට පත් කළ දොරේසාමි 'කුමාරයා' සපිරිවර සමඟ කතරගම සිට බුත්තලටද, එතැනින් වැදි ජනයාගේ පූජනීය කඳුවැටියක් වූ පදියතලාවේ කොකාගලට පැමිණියේය. මහ බදුලුගම ර‍ටේ රාළ වැන

‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman

Image
( 2010 අගෝස්තු 24,  W3Lanka  - අජිත් පැරකුම් ජයසිංහ )  ඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි. පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී. මෙය වනාහි ලෝකයේ ස්ත්‍රී වර්ගයා මත පනවන ලද ඓතිහාසික සමූහ හිංසනයකි. සංහාරයකි. එහෙත්, පුරුෂ මූලිකත්වය තහවුරු වූ නූතන සමාජයේ අද එම සංහාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනුයේ ඉතා මඳ වශයෙනි. චිත්‍රපටයෙහි ම තැනක සඳහන් වන ආකාරයට ‛ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසිනි.‛ කෲර වධ බන්ධනයට ලක් කර, පණ පිටින් පුළුස්සා හෝ දියේ ගිල්වා ඝාතනය කරන ලද මේ ස්ත්‍රීහු කවරහු ද? නවීන විද්‍යාව හා සමාජ පරිණාමය විසින් මායාකාරිය පිළිබඳ පැරණි අර්ථකථනය වෙනස් කර, ඇය හුදු සාහිත්‍යමය ප්‍රබන්ධ චරිතයක් බවට පත් කර තිබෙනමුත්, මධ්‍යතන යුගයේදී මායාකාරිය යනු සමාජයේ ජීවත් වූ යම් බලයක් සහිත ස්ත්‍රියකි. මේ යුගයේදී

සිංහල, දෙමළ සමාජයන් අතර බර්ලින් ප්‍රකාරය බිඳීම හා මොහොමඩ් රාසුක්ගේ පරිවර්තන

Image
( 2010 අගෝස්තු 23,  W3Lanka )   මොහොමඩ් රාසුක් බොහෝ සිංහලයන්ට වඩා හොඳින් සිංහල බස දත් මුස්ලිම් මිනිසෙකි. කෑගලු දිස්ත්‍රික්කයේ දෙමළ බස කතා කරන මුස්ලිම් ගම්වැසියකු වූ හේ සිංහල බස ඉගෙන ගත්තේ තනිවම ය. ඔහු පරිවර්තන කලාවට එක් වූයේ මීට දශක ගණනාවකට පෙරයි. වින්සන්ට් කුරුඹාපිටිය සංස්කරණය කළ විවරණ සඟරාවේ ඔහුගේ මුල් සාහිත්‍ය පරිවර්තන පළ විය. මුල් යුගයේ ඔහු දෙමළ සාහිත්‍යය  පරිවර්තනය කළේ අබේවංශ දේවප්‍රිය සමග එක්වයි. දැන් ඔහු මේ දෙබස අතර පරිවර්තනයේ හසළයෙකි.  මහාචාර්ය සුචරිත ගම්ලත්ට අනුව නම් ඔහු ද මෙවලම් පරිවර්තකයෙකු විය හැකි ය. මක් නිසා ද යත්, සුචරිත ගම්ලත් ශූරීන්ට අනුව ලංකාවේ සිටින්නේ පරිවර්තකයන් දෙදෙනෙකු පමණක් වන බැවිනි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ බැද්දේගම සිංහලට නැඟූ ඒ.පී. ගුණරත්නයි. ඔහුට අනුව, අනෙක් උතුමා නම් 'සුචරිත ගම්ලත් වන මේ මම ම ය.' කෙසේ වෙතත්, සිංහල හා දෙමළ භාෂාන්තර පරිවර්තනය සඳහා අද වන විට මෙවලම් පරිවර්තකයින් හෝ අවශ්‍යව තිබේ. මක් නිසා ද යත්, සිංහලයාගේ ජාත්‍යන්තරවාදයේ ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ ලංකාවේ දෙමළ කතා කරන මිනිසුන්ගේ හදවත් හඳුනා ගැනීම වන හෙයිනි.   දෙමළ කෙටි කත

වැඳිල්ල කිච වුණ හැටි

Image
( 2010 අගෝස්තු 22,  W3Lanka )   පහත පළ වන්නේ ලංකාවේ සරසවි ආචාර්යවරයකු විසින් කරන ලද ප්‍රකාශයකි. බොහෝ ධනාත්මක චින්තන කතාවල මෙන් මේ කතාවේ ද අදාළ පුද්ගලාගේ නම හෝ සිද්ධිය වූ වකවානුව ද සිද්ධියේ අග මුල ද සඳහන් වන්නේ නැත.  එක්‌ වරක, අවසන් වසර සිසුනට ආචාර්ය මණ්‌ඩලය විසින් පැවැත්වුණු භෝජන සංග්‍රහයක්‌ අවසන දී, සිසූහු සිය ගුරුවරුනට වැන්දහ. එතැන සිටි හුදු තර්කඥනය හා බ්‍රෙෂ්ට්‌ වැනි නාට්‍යකරුවකුගේ දෘෂ්ටිය ආගම සේ ඇදහූ ඇදුරෙක්‌ මෙසේ කීය. " මේ ඉන්නෙ පැරණි තක්‌සලා නුවර දිසාපාමොක්‌ලා නොවෙයි. ඔය වඳින පුරුද්ද නැතිකරගන්ට". සිසුන් එවිට ඒ ඇදුරාට පමණක්‌ නොවැඳ අනෙක්‌ ඇදුරන්ට වැන්දහ. වසර කීපයක්‌ ගතවිණි. සිසුන් හා ඇදුරන් අතර ඇතිවූ කලබැගෑනියකදී පෙර කී ඇදුරාට සරච්චන්ද්‍ර රංග පීඨයේදී සිසුන් විසින් එල්ල කරන ලද වර්චස්‌ ප්‍රහාරයක්‌ වැදුණි. සංස්‌කෘතියක ආචීර්ණ කල්පිකව ගැබ් වූ සාකල්‍යයෙන් යහපත් වූ හුරු පුරුදු ඉවත් කිරීමට කැස කවන උගතෙකුට නමුත් සොබා දහම නපුරු ලෙස පිළිපදින බවට එය මනා සාධකයකි. -ආචාර්ය සාලිය කුලරත්න අංශාධිපති - සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය (දිවයින, අගෝස්තු 22)   හාමුද