ලේට් හැපී නිව්වියර්
ලේට් හැපී නිව්වියර්
අජිත් පැරකුම් ජයසිංහ
ජනවාරි 1 සිට අලුත් ජීවිතයක් පටන් ගන්න හිටියෙ. ඒ වුණාට කම්මැලි හිතුණා. අද පටන් ගත්ත ෆ්‍රෙන්ස්.
මෙහෙමයි. ඊශ අද අමතර නයිට් ඩියුටියක්. පහට ලොකු කෙලීව ඇහැරවන්න ඕනැ ඉස්කෝලෙ යන්න. මං ඉතින් විනාඩි පහකින් කතාකරනවා කියල හිතාගෙන ඇහැ පියාගත්තා. අප්පට සිරි! පහයි විසිගානයි. කෙල්ලව ඇඳෙන් බිමට ඇදල දැම්මා බැනුං අහගෙන. “ඔයගොල්ලන්ට වෙන මොකුත් නොකරන එකේ වෙලාවට ඇහැරවන්නවත් බැහැ.”
දැන් ඉතින් කන්න උයන්න බැහැනෙ. තාත්තා වශයෙන් මටත් සෙකන්ඩ් වෙන්න බැහැනෙ. ගියා යටදොල හන්දියට. බේකරිය ඇරලා සුවඳ, රස පාන්, බනිස් මල් වගේ පිපිලා. ගත්ත මාළු පාන් හතරයි, බ්ලැකීට සොසේජ් බන් එකයි, තැටි පාන් ගෙඩියයි. ආව ගෙදර.
කෙල්ල කොණ්ඩෙ ගොතනවා ස්ලෝ මෝෂන්. මං ඉතින් බලු කුක්කා වගේ මාළු පාන් ගෙඩිය අල්ලන් හිටියා පූජාව වගේ චූටි හොටෙන් ඩිංග ඩිංග කනකල්. වතුර බෝතලෙත් පුරවලා, කැන්ටිමෙන් කන්න සල්ලිත් එක්ක බෑග් එක ළඟින් තියලා, සපත්තු කුට්ටමත් බ්‍රෂ් කරලා ළඟින්ම ගෙනත් තියලා, මීටර් 75ක දුරත් මොටෝසයිකලෙන් අරගෙන ගියා. හයයි හයයි ෆෝ මිනිට්ස් අර්ලි කියපන්කො.
මුන් දාපු ලයිට් නිවන්න ආපහු ආවා. එකසියගානට ලයිට් හැම තැනම දාලා. පොඩි දූ හෙවත් චූටිමට ලබන සතියෙ වාර විභාගෙ කියලා පාන්දරින් නැගිටලා පාඩං කරනවා කියලා ආත්ම වංචාව සඳහා ලයිට් දාගෙන පොරෝගෙන බුදි.
ඊට පස්සෙ ගියා ලියනාරච්චි පිට්ටනියට. පැය භාගයක් ඇවිද්දා. වට බාගයක් දිව්වා. හම්මෝ, දුවන්න බෑ ඕයි බඩ නිකං ලොකු තනයක් වගේ ඉහළ පහළ යනවා.
ෆිට් එකේ ගෙදර ආවා. සෞඛ්‍ය සම්පන්න සීනි නැති කිරි කෝපි එකක් හදාගෙන බ්ලැකීටත් කෝපි, සීනි මොකුත් නැති ෆුල්ම හෙල්දි කිරි එකක් හදා දීලා, මාළු පාන් ගෙඩිය කිරිත් එක්ක කොටාබාලා මේ ඇවිත් ලියන්නෙ ෆ්‍රෙන්ස්.
අද මං නිවාඩුවක් දානවා. හේතුව, අරුණෝදාකරුවෝ නවකතාවෙ අවසන් පෘෆ් එක ලේඅවුට් එකේ බලන්න තියෙනවා. නිවාඩු දැම්මට අපේ පූජා ඩොට් එල්කේ සයිට් එකේ වැඩ එකසියගානකුත් තියෙනවා.
ඔන්නොහෙ පොඩි නින්දක් ගහලම පටන් ගන්නවා.
අඩෝ නෝ! පිංතූරයක් හොයද්දි මතක් වුණේ. පොතේ නම අරුණෝදාකරුවෝනෙ. #dawnbreakers
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.