අවාසනාවට රෝස මලත් පරවේ

 

අජිත් පැරකුම් ජයසිංහ

හරි ටීවී එක්ක පරණ සාකච්ඡාවකදි අනුර කුමාර දිසානායක කියනවා කුරුණෑගලින් එහාට එයා පීනපු නැති වැවක් නැහැ කියලා. කයිවාරු තිබිල තියෙන්නෙ ඒ ලෙවල් එකේ. ඒ වුණාට නායකත්වයට අවශ්‍ය බොහෝ සාධක ඔවුන් ළඟ නොතිබුණු බව දැන් පෙනෙනවා. ඒ සාකච්ඡාවෙදිම ඔහු කියනවා රනිල් ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් දෙන්නෙ නැහැ, ඒක දිනාගන්න අරගල කරන්න වෙන බවක්. බොරු කයිවාරු ගහගෙන යනකොට බලාපොරොත්තු වෙලාම නැහැ වගේ මෙහෙම දෙයක්.

අඩුම ගානෙ තව අවුරුදු පහක්වත් අල්ලගෙන ඉන්නයි ජවිපෙට තිබුණෙ. එහෙම වුණා නම් පිනා අමාරුම හරිය ඇදල දෙනවා. නාකි සොම්බියා ළඟ බොරු චාටු නැති නිසා ජනතාවට ද ලෙසටම තම වගකීම ඉටු කිරීමට සිදු වනු ඇත. ජවිපෙට කඩාකප්පල්කාරී වෘත්තීය සමිති ඉස්සරහට දමා නෙළන විට අකුළා ගන්නට හැකියාව තිබුණා. පෙරෙට්ටන්ගේ ලෙවල් එකේ එවුන් දෙතුන් දෙනෙකුට ටික කලක් හිරේ විලංගුවේ ලගින්නට සිදුවන්නට ඉඩ තිබුණා. මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් හඬ නගන්නට අපි ඉන්නවාය. ඒ අතර, දේශපාලනය ලෙසටම සිදු වෙනවාය.

පුරුද්දට මෙන් කයිවාරු හා පච ඇදබාගෙන යනකොට සමහර විට අන්‍රයියාට ද මේක තමන්ට කරන්නට බැරි නැතැයි කියා හිතෙන්නට ද ඇත. ඇයි යකෝ සිරිසේනයත් උගෙ පහ ඇද්දෙ. රෙදිත් නැති වෙච්ච එකයි, නුදුරු අනාගතයේදීම ජම්පර් අඳින්නට සිදුවෙන අවදානමක් තිබෙන එකයි වෙනම කාරණාය. ඒ වුණාට එතකොටත් ආර්ථිකයට මෙච්චරම කෙළ වී තිබුණේ නැත.

මේ අතර, හරිනිලා වැනි ලේසියෙන් දුර ගමන් යාමට බලා සිටි මධ්‍යම පන්තික හාමුලා පිරිසක් ජවිපෙට සෙට් වූ නමුත්, ඔවුන්ගෙන් ඊනියා පොෂ් ඉංගිරිස් හැර ජවිපෙට ලැබුණු කෙංගෙඩියක් නැත. අන්‍රයියා දරුණුම ලෙස බොරු කී අතර නායකයා හිටගෙන හුලිජ්ජ දාන විට ගෝලයන් දුව දුව එසේ කරනවාය කියන ගමේ ගොඩේ උපහැරණය අනුව කටයුතු සිද්ධ විය.

ජනතාව රැවටෙන එකක් නැති යයි හිතුවාට ජනතාව ජවිපෙ රවටා ඇත. ඉල්ලුවාටත් වඩා දීලා ඕං කොරපල්ලායි කියා ඇත. මේ වනාහි ඇමතිවරුන් අමාත්‍යාංශවලට එහෙම ගිහින් බලා කළ හැකි මගුලක් නැති බව තේරුම් ගන්නා අවධියයි. අඛණ්ඩව නැතිවාදම හා බැරිබැරියාව ගැන ගීතිකා ගැයෙන්නේ ඒ නිසාය.

බොරු කියන අතර දාගෙන දාගෙන ගිය හොර උපාධි පට්ටං නිසා ඇතැම් මාලිමා නායකයන්ට සායනික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ මානසික ගැටලු ඇති බව දක්නට ලැබිණි.

මේ අතර, අවාසනාවට රෝස මලත් පරවේ. නාමල් කරුණාරත්න ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ එකෙකු ජාතික කොඩියේ සිංහ නැට්ට පැත්තෙන් නූලදාන්නට මසා දී ඇත. නොදන්නාකමට කළා නම් අනිවාර්යයෙන්ම මාලිමා එකෙකු කුණු පෙරේතකමට ගෙදර ගෑනිට කියා මසාගෙන ආ එකකි. කන්තෝරුවේ පියුංලා කළා නම් ඌ බුරම්පි මාමාගේ කනෙන් රිංගා ඇත.

කොට්ටච්චි නෝනාට විතරක් නොව, මාලිමාවේ මාධ්‍ය ප්‍රකාශක දොස්තර නලින්දටත් බරපතල සන්නිවේදන ගැටලු ඇති බව පෙනේ. ජනාධිපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ද දොස්තර කෙනෙකි. පැන්ෂන් ගිය නාකි මයිනන්ගේ ස්ථාවර තැන්පතුවේ පොළියට පවා අධිකතර බදු කෙළ රජය හම්බ කරගන්නා සල්ලිවලින් ඇත්ත දිළින්දන්ට හා කාලකන්නි නිකමුන්ට වැඩි කර දුන් අස්වැසුම ජනාධිපතිතුමා නත්තල් පප්පා වී දෙන නත්තල් තෑගි යයි ඒ උන්නැහේ මාධ්‍ය නිවේදන ලියයි.

කරන කරන දේ මදිවාට කියන කියන දේත් වරදිනවාය. ඇත්තටම මට නම් මුන් ගැන පව් කියා හිතෙනවාය. නලින්ද දොස්තර මහත්තයාගේ කතාව හෝදලා දිය යුතු යයි හිතුණත්, මෙතන කමෙන්ට් කරන බැල්ලිගෙ පුතාලා නිසා මොකුත් නොකර නිකං ඉන්නට සිතාගත්තෙමි.

මාලිමාව කරගසා තිබෙන්නේ ලේසි පාසු වගකීමකට නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීකම, ඇමතිකම ජීවිතයේ පරම අරමුණ කරගෙන, ඒවා ලබාගෙන සිටි ඊනියා ප්‍රභූන්ට ඉරිසියා කරමින්, හූල්ල හූල්ලා සිටි අයට බලාපොරොත්තු නොවූ පරිදි ඒවා ලැබී තිබේ. අරගෙන බලනකොට ඒවා නිකම් ජෙලිෆිෂ් වැනි අතේ චොර වී යන මගුල් බව ඔවුන්ට දැන් අවබෝධ වී ඇත. මේ ක්ෂනික මෝචනය තරම් රටට වූ තවත් සේවයක් නැති තරම්ය. දොස්තරකං, ආචාරිකං, පෙරකදෝරුකං, ගුරුකං ආදිය දමා මන්තිරිකං අරගත්තාට දැන් ඒකෙ වරප්‍රසාද ටික ටිල්විං ගන්නා අතර කරන්නට පුළුවන් මෙලෝ බෝලයක් නැත.

වැදගත් ආයතන සියල්ල ජනාධිපතිවරයා අතේය. බොරුවේ හා කයිවාරුවේ උපත එතන නිසා ඉතුරු ටිකත් අරගෙන හරි දැන් ඉතින් කොරන්නටම සිදුවේ. සීයා ආර්ථිකයට දුන්න උත්තේජනයේ පිහිටෙන් පිරිහි පිරහී වුවත් තව ටික කලක් යා හැකිය.

සරලවම කිව්වොත්, ලංකාවට අනාගතයක් නැත. එය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගත් තීරණයක් නිසා තියෙන දේවත් රැකගන්නට ආණ්ඩුවට උදව් කළ යුතුය. පුළුපුළුවන් අය රට පලයල්ලාය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න