අර්ධ සුඛෝපභෝගී බස් තහනමට වෙච්ච දේ
අන්තර් පළාත් බස් රථ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 430ක් අහෝසි කර, ඒවා වෙනත් සේවාවන් බවට පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගත් තීරණය වළකාලමින් අභියාචනාධිකරණය 2023 ජූනි 30 අතුරු නියෝගයක් නිකුත් කළේය.
බස්වල යන මගීහු අර්ධ සුඛෝපභෝගී යයි කියන බස්වලින් කරන අසාධාරණය හොඳින් දනිති. නොදන්නා අයගේ දැනගැනීම සඳහා කියන්නේ නම්, මෙම ඊනියා අර්ධ සුඛෝපභෝගී බස් හා ලොරි චැසි මත බොඩි ගැසූ වෙනත් බස් අතර ඇත්තේ එකම එක වෙනසකි. එනම්, බෝඩ් ලෑල්ල නිල්පාට වීම පමණි. නැග්ගාම ගමන් ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරගුණයකි. හිටගෙන අධික තදබද වී ගමන් කිරීම සාමාන්‍ය තත්වයකි.
මෙමගින් ඉහළ ආදායම් ලැබෙන ජාවාරම්කරුවන් පිරිසට මෙම බලපත්‍ර රැකගැනීමට අවශ්‍යය. එහෙයින් හොඳ නීතීඥයන් අල්ලා නඩු පවරා ඇත. අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ඉන් පසු කිසිදු මාධ්‍යයක් මෙම නඩුවට සිදු වූයේ කුමක්දැයි සොයා බැලුවේ නැත. මේවා පසුබිමේ තව මොන මොන සෙල්ලං වෙනවාදැයි බුදු අම්මෝ මං නම් දන්නේ නැත. එහෙම වීම ඉතින් මේ රටේ හැටිය. ඕවා හොයන්නට ගියොත් හිරේ විලංගුවේ ලගින්නට හා මැරුං කන්නට වෙනවාය. බස් මාෆියාව පිටුපස තවත් මාෆියා රැසක් ඇත. කළු සල්ලි සුදු කරන්නටත් බස් හොඳ වෙල්ලාවකි.
මේ ගැනත් බස්කාරයන්ට දුක්ගැනවිලි අද දෙරණට කිව හැකිය. දෙගුණයක් බස් ගාස්තු අය කරන ඊනියා නගරාන්තර හෙවත් ඒසී බස්වල හිටගෙන දාගෙන යන එක පෙනෙන්නේ නැද්දැයි ඇසිය හැකිය.
මේවා වෙනස් කළ යුතුය. වෙනස කොතනින් හෝ පටන් ගත යුතුය. මුලපිරීමට රජයට අපේ ශක්තිය හා ධෛර්යය.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.