දූෂිතයන් නොවන බව කියන නීතිඥයන් බිල් නිකුත් නො කරන්නේ ඇයි?
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhK_e9qmqvc1j6qXhhjEM8inqPNMdEhokwZXdamPtF5HrPmiqJLvkEb5oll2pIdrUIRgqw09PbD9jNJJOAlegg8mztEBmuMC_ZHpOXA2EFaR1yXaK-svswg3n5Vyjg8fy2E9nYgLPqbY0GB/s400/ranjan.jpg)
නීතිඥයන් දුෂිත පුද්ගලයින් බව ප්‍රසිද්ධියේ පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත. කපුටන් කළු පාට යයි අප කියන්නේ පොදු හා සාමාන්‍ය තත්වය සලකා ය. ඒ අනුව, කපුටා කළු පාට ය. එහෙත්, තද කළු කපුටෝ ද, ළා කළු කපුටෝ ද, අළු පාට කපුටෝ ද, කලාතුරකින් සුදු කපුටෝ ද සිටිති. නීතිඥයන් සාමාන්‍යයෙන් සිය සේවාවන් වෙනුවෙන් කරන අය කිරීම් සම්බන්ධයෙන් ලදු පතක් නිකුත් කරන්නේ නැත. මා වැරදි නම්, ලංකාවේ උසාවිවල නීතිඥයන් විසින් නිකුත් කරන ලද ලදුපත් ඉදිරිපත් කර මා වැරදි බව පෙන්වා දෙන්න. ඇතැම් නීතිඥයන් ඉතුරු සල්ලිවත් දෙන්නේ නැත. තමන් විසින් ලබා ගන්නා ලද මුදලක් සම්බන්ධයෙන් ලදුපතක් ඉදිරිපත් නො කිරීම ඉතා වංක ගනුදෙනුවක ලක්ෂණයකි. මෙමගින් ආදායම් වසන් කිරීම ඔස්සේ බදු වංචා කිරීමට අවස්ථාව ලැබේ. මෙය සාමාන්‍ය තත්වය නම් රන්ජන් රාමනායක කරන ප්‍රකාශයේ වරදක් ඇතැයි මට නම් නො පෙනේ. තමන්ගේ ප්‍රකාශය වෙනුවෙන් පෙනී සිටිමින් හිරේ යාමට සූදානම් රන්ජන් රාමනායක වැනි මිනිසුන්ට අපේ සහයෝගය හිමි විය යුතු ය. මේ පිළිබඳව කැෆේ සංවිධාන...