කුමාර් ගුනරත්නම්ට ලැබුණු සෙසු දේශපාලන සිරකරුවන්ට නො ලැබෙන දෙය

යමෙකු දේශපාලන සිරකරුවකු වන්නේ රටක පවත්නා රජයට එරෙහිව කරනු ලබන කටයුතු හේතුවෙනි. එහෙත්, එම පුද්ගලයාට එරෙහිව වෙනත් නීතිමය චෝදනා එල්ල විය හැකි ය.

නිදසුනක් ලෙස, විමල් වීරවංශ දේශපාලන සිරකරුවෙකු යයි අපි සිතමු. හේතුව, ඔහු සිරගත කර තිබෙන්නේ ඔහු පවත්නා රජයට එරෙහිව කටයුතු කිරීම නිසා ය. එසේ නො වේ නම්, වර්තමාන රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් හොබවන ආශු මාරසිාහ හා නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ද විමල් වීරවංශට එල්ල කරන චෝදනාවේ ම විත්තිකරුවකු විය හැකි ය.

එහෙත්, විමල් වීරවංශට එරෙහිව නැගෙන චෝදනා ඉතා පැහැදිලිව ම පදනමක් සහිත දූෂණ චෝදනා වේ. විමල් වීරවංශ හොරෙකු යයි චෝදනා කළ හැකි ය. එහෙත්, තවත් බොහෝ බලවත් හොරුන්ට ක්‍රියාත්මක නො වන නීතිය විමල් වීරවංශට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ඔහු හොරෙකු පමණක් නොව දේශපාලකයකු ද වන හෙයිනි.

කුමාර් ගුනරත්නම් ද දේශපාලන සිරකරුවෙකු වී සිටියේ ය. එහෙත්, ඔහු ඉතා පැහැදිලිව ම ආගමන විගමන නීති උල්ලංඝනය කළ අයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහුට තවත් චෝදනා එල්ල කළ හැකි මුත්, ආණ්ඩුව දේශපාලන උද්ඝෝෂණවලට සවන් දෙමින්, නීතියට උඩින් කටයුතු කරමින් ඔහුට පුරවැසිභාවය ද ලබා දුන්නේ ය.

කුමාර් ගුනරත්නම් දෙමළ ජාතිකයෙකි. ඔහුගේ මව හා පියා ද දෙමළ ජාතිකයෝ ය. එහෙත්, සිංහල ජාතිවාදී ජනතා විමුක්ති පෙරමුණ තුළ ඔහු කෙතරම් සිංහල ජාතිවාදයේ ගිලී ගියා ද යත්, කලෙක ඔහු පක්ෂය තුළ භාවිතා කළ නම වන්නේ සිංහල ජාතිවාදී අධිපති කතිකාවේ සංකේතාත්මක චරිතයක් සිහි කරන ගැමුණු යන නමයි.

දෙමළ ජාතිකයකු වන කුමාර්ට රජයේ සානුකම්පාව හිමි වන්නේ ද, නීතියට ඉහළින් වරප්‍රසාද ලත් පුද්ගලයකු වන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ ද මේ සිංහලකරණය නිසා ය.

කොටි සංවිධානයේ දෙවන පෙළ නායකයන් වූ කේ.පී., කරුණා අම්මාන් වැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වන්නේ ද ඔවුන් සිංහල ස්වෝත්තමවාදයේ සුරතලුන් වන්නට සමත් වූ නිසා ය.

කොටි සංවිධානය හා එහි නායකත්වය විශ්වාස කර මිනීමැරූ, බෝම්බ පිපිරවූ, හමුදාවලට හා පොලිසියට පහර දුන්, ඔත්තු දුන් සිය ගණනක් සාමාන්‍ය කොටි ක්‍රියාධරයන් දීර්ඝකාලීනව සිරගත වී සිටින්නේ කරුණා, කේපී වැනි ඔවුන්ගේ නායකයන් හා වෙනත් ඇති හැකි අය නීතියෙන් ගැලවී සිටින සංදර්භය තුළ ම ය.

ඔවුන් ඇතැමෙකුට කිසිදු ගැලවීමක් නැත. මෙවැනි දේවල් 1989 කැරැල්ල ආශ්‍රිතව ද සිදු විය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක නො වූ මුත්, ඔහුට රටින් පැන යන්නට උදව් කළ කපිතාන්වරයකුට සිරබත් කෑමට සිදු විය. සෝමවංශ ලංකාවට එද්දීත්, 1989දී ජවිපෙ අණ මත කරන ලද ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය වැනි ක්‍රියා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය සිරගතව සිටිය හ.

නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන යයි කීවාට සමහරුන් වැඩිපුර සමාන වන බවට තවත් උදාහරණ අවශ්‍ය ද?

පසුගිය දිනෙක පුවත්පතකට කුමාර් ගුනරත්නම් දුන් සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබුණේ ‘මට මගේ අයිතිය ලැබුණා, එච්චරයි!' කියා ය.

ඔහුගේ අයිතිය ලැබීමත් සමග ම, ඔහු වෙනුවෙන් පෙළගැසී සිටි වාමාංශිකයෝ දේශපාලන සිරකරුවන් පිළිබඳ උද්ඝෝෂණය අමතක කර දැමූ හ. ලංකාවේ වාමාංශිකයන්ගේ බොරු දෙමළ ප්‍රේමය ගැන මීටත් වඩා තවත් උදාහරණ අවශ්‍ය ද?

දෘෂ්ටිවාද, දේශපාලන ව්‍යාපාර හා නායකයන් විශ්වාස කර, ඔවුන්ගේ ඇණැවුමෙන් හෝ පෙළඹවීමෙන් නීතිය නො තකා වැරදි කළ ඇතැමෙකුගේ ඉරණම අවසානයේදී සිරගෙදර තීන්දු වන ආකාරය ගැන උදාහරණ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර කොටි සංවිධානය නගර සභා පිටියේදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 300කට සිරගත වූ රඝුපති ෂර්මා පූජකවරයාගේ සිට මිරිසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ හමුදා සාජන් මේජර් සුනිල් රත්නායක දක්වා ඕනෑ තරම් තිබේ.

රඝුපති ෂර්මා හා සුනිල් රත්නායක ද දේශපාලන සිරකරුවෝ ය. ඔවුන්ගේ ප්‍රශ්නයට සෝමවංශලාට, කේපීලාට, කරුණාලාට, කුමාර්ලාට ලැබුණු අන්දමේ සරළ විසඳුම් තිබේ ද?

පැහැදිලිව ම නැත. වෙනස ඇත්තේ කොතැන ද? සමාවක්, දයාවක් නො ලැබෙන්නේ පීඩිතයාටයි.

පීඩිතයන්ගේ දේශපාලනය ගැන අපට කීමට තිබෙන තිත්ත ඇත්ත වන්නේ ඔබේ ජීවිතය ඉල්ලා සිටින දේශපාලකයන් කිසිවෙකු විශ්වාස නො කරන්න ය කියායි.

තරුණයිනි, බිලි බෝයිලා නො වන්න. ඔබේ ජීවිතය ගැන ඔබ වගකීම් සහගත වන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පසුගිය වසරේ කුමාර්ගේ නිදහස හා පුරවැසිභාවය වෙනුවෙන් ඔබ ලියූ පෝස්ට් ගණන පීඩිත පන්තියේ සිරකරුවන් වෙනුවෙන් ලියවුනාද කියා සැකයි.

    ReplyDelete
  2. Rambanda ගේ කතාව හරි... පැරාට නොදැනීම පැරාටත් පීඩිතයින්ව අමතක වෙලා

    ReplyDelete
    Replies
    1. සුනිල් රත්නායක වෙනුවෙන් කෙසේ වෙතත්, රඝුපති ශර්මා වැනි අය වෙනුවෙන් කිසිදාක සහනයක් ලැබෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරේ සිටින නලිනි හා මුරුගන්.

      මෙවැනි අය සම්බන්ධයෙන් නීතියට ඉහළින් ක්‍රියාත්මක වීම් අපේක්ෂා කරන්නට බැහැ. ඒ වගේ ම, ඔවුන් වෙනුවෙන් පොදු සමාවක් පිරිනමන්නට පුළුවන් තත්වයකට මේ සමාජය දියුණු වීමක් අපේක්ෂා කරන්නත් බැහැ. ඔවුන් දේශපාලන සිරකරුවන් ය කීවොත් පිළිගන්නවත් සමාජය සූදානම් නැහැ.

      මෙතන මා මේ කරුණ ලිවීම ඔවුන්ගේ ජීවිතවලට කරන කිසිවක් නැහැ. මා ලියන්නේ ඔවුන් වෙනුවෙන් නෙමෙයි. ඔවුන්ගේ ඉරණමට පාත්‍ර විය හැකි වෙනත් අය වෙනුවෙන්.

      Delete
  3. වම-නේ ගැන කුමන කතා.

    ReplyDelete
  4. //989දී ජවිපෙ අණ මත කරන ලද ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය වැනි ක්‍රියා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය සිරගතව සිටිය හ.//

    පැරා,

    දොස්තර රුවන්ගේ අඩවියේදී ප්‍රේමකීර්ති ගාතනය ගැන කිව්වහම ඔබේ පැරණි වාමාංශික විප්ලවව්වාදී මිතුරකු මට විහිලු කළා ප්‍රේමකීර්ති මැරුවේ හාඩ්සන් සමරසිංහ බව ප්රෙමකිර්තිගේ බිරිද කිව්වා කියලා .


    තරුණයන්ට අපි මෙහෙම උපදෙස් දෙමුද, මුලින් බලය ඇතිකරගන්න නිතිය සැමට සාදාරනය ඉන්පසු ලැබෙනු ඇති. මොකද ඔබට මුදල් ඇත්නම් නිතිය සාදාරනය වැනි ඕනෑම ගුනද්ර්මයක් මිලදී ගන්න පුළුවන් නේ පැරා,

    දැන් බලන්නකෝ මහින්ද මෙහෙම වංචා කරලා නිදැල්ලේ ඉන්නෙත් රනිල් මයිත්‍රී ආණ්ඩුවේ හොරට ගැසට් එක හදල මහබැංකු වංචාව වහෙන්නෙත් මුදල්ම නේද පැරා නරකද තරුණ පරපුරට මුදල් වලින් බලවත් වෙන්න උපදෙස් දුන්නොත්.

    ReplyDelete
    Replies
    1. තරුනයින්ට උපදෙස් දියයුතු වන්නේ කෙසෙහො ඇමරිකාව, ඕස්ත්‍රෙලියාව වැනි දියුනු රටකට සංක්‍රමනය වෙන එක... එවයෙ නීතිය හා සාධාරනත්වය ඇති නැති හැමෝටම තියෙනවා...
      දැන් ඉතින් හරක් පැට්ටෙක් වගේ තමන්ගෙ තියෙන බටහිර විරොදය ඔලුවට ගහලන් "අනේ බටහිර රටවලත් ඒව නෑ" වගෙ කතා කියන්න ලෑස්ති වෙන්න එපා.. මොකද ඔහෙ වගෙ නෙමෙ නම පලවෙනි ලොකයෙ ජීවත්වෙන කෙනෙක්

      Delete
    2. ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතන නඩුවක් විභාග වුණා. ඒ පිළිබඳව සොයනවා නම්, කරුණු ලබා ගන්නට පුළුවන්.

      පුරහල බෝම්බය ගැන වික්ටර් අයිවන් ප්‍රබන්ධයක් ලිව්වා. ඒ වුණාට සීඅයිඩී එක එම සිද්ධියේ සුලමුල ඉතා දක්ෂ ලෙස සොයාගන්නවා. ඒක සොයාගන්නෙ මරාගෙන මැරුණ කාන්තාව ඇඳ සිටි බ්ලවුස් එකේ තිබුණ ලේබල් එකක් හරහා කළ ඉතා ගැඹුරු හා කැප වීමකින් යුත් විමර්ශනයකින්. ඒ විමර්ශනයත් ඝාතන කුමන්ත්‍රණය වගේ ම ලොමු දැහැ ගන්නා එකක්. රඝුපති ශර්මා බෝම්බකාරියට රැකවරණය දුන් බව හෙළිදරව් කරන්නේ ඔහුගේ බිරිඳයි. ඇය තමයි බෝම්බකාරිට බෝම්බ ඇඳුම අන්දන්නෙ. ඔවුන් මේවා කරන්නෙ ඊලාම්වාදය ගැන අධිසංවේදී හැඟීමකින්. බෝම්බකාරිය වගේමයි.

      සුනිල් රත්නායකගේ විමර්ශනයත් ඒ වගෙයි. ඒ වගේ ම සුනිල් රත්නායකට කියන්නට කතාවකුත් තිබෙනවා. ඔහු නම් අභියාචනයෙන් නිදහස් වෙන්නටත් ඉඩ තිබෙනවා. ඔහු සිංහල සොල්දාදුවකු වීම නිසා ඔහුට ඒ සඳහා තිබෙන අවස්ථාව වැඩියි.

      කීත් නොයර් ඝාතන තැත ගැන විමර්ශනයත් තාක්ෂණය යොදාගෙන කළ ඉතා ගැඹුරු පරීක්ෂණයක්.

      ප්‍රේමකීර්ති බිරිඳ, වික්ටර් අයිවන් වැනි අය මොන ප්‍රබන්ධ කළත්, පරීක්ෂණ විමර්ශන ඊට වඩා ප්‍රබල සාක්ෂි සහිත ඒවා. ලංකාවේ කට්ටිය කුමන්ත්‍රණ න්‍යාය ප්‍රිය කරන නිසා ඒවා ගිල්ලවා පොත් විකුණා ගන්නට පුළුවන්.

      චන්ද්‍රිකා බලයට පැමිණීම සඳහා විජය ඝාතන කුමන්ත්‍රණය පාවිච්චි කළෙත් ඔය විදියටමයි.

      Delete
    3. AnonymousFebruary 28, 2017 at 12:44 AM,

      බටහිර තියන එකම වෙනස රජය විසින් පුද්ගලික අංශයට ඇගිලි ගැසීම අවම වෙලා තියනවා මේ නිසා හැකියාව ඇති කෙනෙකුට වියාපාරයක් කරන්න පුළුවන් සුළුවෙන් හෝ,උදාහරණ : ඉතා ඉක්මනින් වියාපාරයක් ලියාපදිංචි කර කිසියම් අපනයන කර්මාන්තයක නිරතවෙනවනම් රජය සියලු පහසුකම් සලසනවා අපේ රටේ වගේ දෙසපාලුවෝ වටේ යන්න ඕනේ නෑ, එහෙම උනත් බටහිර තත්වයත් එක විදියකින් ශ්‍රී ලංකාවට වඩා අන්තයි උදාහරණ 2008 පටන් ගත්ත ආර්ථික අවපාතයේදී ඉඩම් වෙළදාම තුලින් වැඩකට නැති කොටස් මිනිසුන්ට ලබාදීලා පුද්ගලික වියාපාර කල වංචාවෙන් මිනිසුන් බොහෝ ගණනකගේ ජිවිත කාලයේම කරපු ඉතුරුම් නැතිවී හිගන්නන් බවට පත්වුනා, බොහෝදෙනෙක් සියදිවි නසාගත්ත, රජය විසින් පුද්ගලික ආයතනවලට මැදිහත් නොවන කිව්වත් මහජන මුදල් යොදවල Lehman Brothers බේරාගැනීම socialism for the rich ලෙස හැදින්වුයේ මෙහිදී සිදුවුනෙත් ශ්‍රී ලංකාවේ සිදුවෙන දෙයම නිසා.

      ශ්‍රී ලංකාව් වගේ පහසුවෙන් ජිවත් වෙන්න බෑ බටහිර මොකද සියල්ල මිලදීගන්න වෙනවා රැකියාවක් නැති උනොත් රජයේ ආදාර ටිකකලට්කට ලැබුනත් රැකියාවක් ඉක්මනින් සොයාගන්න වෙනවා ඔබාමා කාලයේ මිනිසුන්ට ලැබුන රැකියා ඔවුන් කරමින් සිටි රැකියාවලට වඩා ඉතා අඩු වැටුපක් ලබන රැකියාවල් තමයි.

      ශ්‍රී ලංකාව ඉදිරි කාලයේ මේ තත්වයට පත්වෙයි මොකද ඉදිරි අප්‍රේල් මාසයේ සිට වෙන වෙනස්කම් ගැන මම කතාකලා
      http://lankasithuwili.blogspot.com/2017/02/blog-post_27.html

      පැරා,

      මමත් හිතනවා ජනතා විමුක්ති පෙරමුණ මේ මිනිසුන් මැරුව කියල ජනතා විමුක්ති පෙරමුණට අදත් නිසි වැඩපිළිවලක් නෑ ආර්ථිකය දියුණු කිරීමට
      ඉහත මම ලිව්වේ ඉදිරියේ ශ්‍රී ලංකාවේ ඇතිවෙන්න යන තත්වය මෙහිදී මම සියල්ලම නරක දෙයක් ලෙස දකින්නේ නෑ නමුත් මෙයින් වෙන වැදගත්ම දෙයක් තමයි දිර්ගකාලින අවාසි සහ කෙටිකාලින වාසි.

      Delete
    4. Please write such true story about successful police investigation please.

      Delete
    5. //2008 පටන් ගත්ත ආර්ථික අවපාතයේදී ඉඩම් වෙළදාම තුලින් වැඩකට නැති කොටස් මිනිසුන්ට ලබාදීලා පුද්ගලික වියාපාර කල වංචාවෙන් මිනිසුන් බොහෝ ගණනකගේ ජිවිත කාලයේම කරපු ඉතුරුම් නැතිවී හිගන්නන් බවට පත්වුනා//


      නොදන්න රෙද්දවල් කියන්න එපා... 2008 ආර්තික අවපාතයට හෙතුවුනෙ මිනිස්සු සීමාවක් නැතිව ණය ගැනීම හා බැන්කුවලින් ණය ගෙවාගන්න බැරි අයට ආන්ඩුවේ කීමට ණය දීම (subprime loans) ... අනික බටහිර රටකට නොගිය ඔහේ නොදන්නවාට දැන් ඇමරිකාව එ අර්බුධයෙන් සෑහෙන්න ගොද ඇවිත්.. අනික කොහෙද ඕයි ලංකාවෙ පහසුවෙන් ජීවත් වෙන්න පුලුවන්.. ඇමරිකාවෙ charity hospital ඉස්පිරිතාලෙක ලංකාවෙ මහරොහලට වැඩිය පහසුකම් තියෙනවා.. ඇමරිකාවෙ පාසැල් අධ්‍යාපනය නොමිලෙ නමුත් ඉස්කොල ලංකාවෙ CIS, AIS කොලිටියේ..
      බටහිර රටක කරන එකාටත් ලංකාවෙ රාජ්යෙ සෙවයකින්ට පමනක් ලැබෙන වෘතීය අයිතීන් පවා ලැබෙනව.. අනික ලංකාවෙ වගෙ මධ්‍යම පාන්තික ජීවිතයක් ගෙවන්න පැය 10-12 රස්සා කරන්න ඔනෙ නෑ.. එකක වැඩ කරන එකාටත් 1 bedroom apartment එකක් carඑකක් තියෙනව..
      රාජ්ය සුබසාධන වලින් 10න් 1ක් ලංකාවත තියෙනවද.. හැබැයි හිතාගෙන ඉන්නෙ ලන්කාවෙ උන් මාර පහසුවෙන් ජීවත් වෙනව කියල.. පවු..

      Delete
    6. AnonymousFebruary 28, 2017 at 8:30 PM,

      මේ ඔයි,

      තමුසෙගෙ මෝඩකමේ සීමාවක් නෑ //බැන්කුවලින් ණය ගෙවාගන්න බැරි අයට ආන්ඩුවේ කීමට ණය දීම (subprime loans)//
      ආණ්ඩුවේ කීමට ණය දුන්න තමුසෙගෙ මොලේ අවුල්ද ? ආණ්ඩුවට කියන්න පුලුවන්ද පුද්ගලික අන්ශයට නය දෙන්න කියල නිදහස් වෙළදාමක් ඇති රටක ?

      ඇමරිකාවේ Alan Greenspan නමැති ෆෙඩරල් ශාන්චිතයේ ප්‍රධානියා සිදුකලේ පොලී අනුපාතය අඩුකිරීමයි මෙනිසා සංචිත වල තියනවට වඩා ණය දීම වාසි උනා මෙන්න මේ නිසයි පුද්ගලික අංශය මෙහෙම ණය දෙන්න පටන්ගත්තේ, නමුත් අවසාන ලෙස මේ ආයතන බංකොලොත් වෙනකොට රජය මැදිහත් වෙලා මේ සමාගම් රටේ පොදු ජනයාගේ වියදමින් නඩත්තු කළා යකෝ ඕකට කියන්නේ ධනවාදය නෙමෙයි හරකෝ සමාජවාදය දැන්වත් මේ දෙකේ වෙනස දැනගනින් පණ්ඩිතකම් දොඩවන්න ඉස්සල්ල.

      Delete
    7. හරක් පැටියො ඇමරිකාවෙ 1996-2001 කාලයේ නීතියක් තිබ්බා අඩු ආදායම් ලාබියෙක්ගේ ණය ඉල්ලුම්පත ප්‍රතික්ශේප කලොත් එක discriminate කලා කියලා ඉල්ලුම්පතකට $10000 දක්වා දඩ ගැසිය හැකි.. ආන්ඩුව කීවා කියන්නේ එකයි.. ලංකාවට වෙලා ලොකෙම දන්නවා කියන මෝඩ උලම පොඩ්ඩක් ඇමරිකාවේ Fannie Mae and Freddie Mac කියන ආයතන වලින් රජයේ අනුග්‍රහය ලබලා subprime loans ණය දුන්න හැටි හිතල බලපන්.. economic crisis පස්සේ එ ආයතන රජය මැදිහත්වෙලා බෙරගත්තේ ඇමරිකාවෙ බැන්කු තවදුරතත් වැටුනොත් රටේ මුලු ආර්තිකයම නැතිවෙන නිසා.. ඔහේ වගේ "එන්නත් වලින් autism හැදෙනවා එක වහගෙන ඉන්නේ කුමන්ත්‍රනයකින්" වගේ ගොබ්බ අදහස් ඔලුව උද තියාගෙන ඉන්න බටහිර විරෝදී මීහරකෙකුට නොතෙරුනාට බටහිර රතවල ඉන්න බුද්ධිමතුන් තීරන ගන්නෙ කාරනා හොයාබලා.. ඔහෙ දන්න බටහිර දැනුම, තුන්වෙනි ලොකයෙ රතක ඉන්න ඔහෙ වගෙ ගොනෙක් එක්ක අපි ජීවත්වෙන බටහිර විෂිෂ්ට රටවල් ගැන කතාකරන්න එන අපියි වැරදි..

      Delete
    8. සිරාවට ඇනෝ. මේ ලංකාවේ ගොබ්බ හැත්ත ඉතින් දන්නා මගුලකුත් නෑ. බ්ලොග් කට්ටක් අහුවුනාම අර වඳුරට මොකක්ද එක අහු උනා වගේ තමයි. එළුවාගේ ඇට දෙක වැටෙනකම් බලා ඉන්නවා වගේ දියුණු රටවල ආර්ථිකේ වැටෙනකම් බලන් ඉන්නවා. නියම නම දාගෙන තියෙනවා හැබැයි.
      ලාංකික සිතුවිලි. ඔයිට වඩා යමක් හිතෙන්න විදියක් නැහැ.

      Delete
    9. https://www.forbes.com/2008/07/18/fannie-freddie-regulation-oped-cx_yb_0718brook.html

      The government has promoted bad loans not just through the stick of the CRA but through the carrot of Fannie Mae and Freddie Mac, which purchase, securitize and guarantee loans made by lenders and whose debt is itself implicitly guaranteed by the federal government. This setup created an easy, artificial profit opportunity for lenders to wrap up bundles of subprime loans and sell them to a government-backed buyer whose primary mandate was to “promote homeownership,” not to apply sound lending standards.

      Of course, lenders not only sold billions of dollars in suspect loans to Fannie Mae and Freddie Mac, contributing to their present debacle, they also retained some subprime loans themselves and sold others to Wall Street–leading to the huge banking losses we have been witnessing for months. Is this, then, a free market failure? Again, no.

      In a free market, lending large amounts of money to low-income, low-credit borrowers with no down payment would quickly prove disastrous. But the Federal Reserve Board’s inflationary policy of artificially low interest rates made investing in subprime loans extraordinarily profitable.

      Delete
    10. So this shows USA is a communist country since state dictates policy to the private sector

      Delete
  5. ඩොක්සාවට එරෙහිව අරගල කරන්න බ්ලොගයක් පටන් ගත්ත පැරා අද ඩොක්සාවේම මුර බල්ලෙක් වෙලා. මේ තත්වය ධනවාදයේ ස්වාරක්ෂණ විභවතාව සමඟ සමරූප්‍ය වෙනවා. ධනවාදයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ධනවාදයට පිටතින් පැමිණෙන පසමිතුරු බලවේග ධනවාදය වෙතම ස්වීකරණය කර ගැනීමේ හැකියාවයි. එලෙසම ඩොක්සාවට එරෙහිව අරගලයක යෙදි පැරා අද ඩොක්සාවේ ආරක්ෂකයා බවට විපරිවර්තනය වෙලා.

    පැරා අද තමා කවුද, මොනවද කරන්නේ කියලා දන්නේ නැහැ. පැරා තවදුරටත් ඉන්නව ද? ඒ ප්‍රශ්නයට උත්තරය පැරා සොයන්නේ මාර්ක්ස්ටත් එහා ගිහින්. කාටීසියානු ද්වයිතය තුළ ඛණ්ඩාංක අහිමි කරගත්ත සෑම චරිතයක් ලෙසම පැරා තම පිහිටුම සොයන්නේ රෙනේ ඩෙකාර්ට් තුළ. තවත් විදියකින් කියනවා නම් පැරා තමාගේ පැවැත්ම ගැන තියෙන සැකයම පැරාගේ පැවැත්මේ සාක්කියක් බවට පත් කරගන්නවා. ඒ තමයි කොජිටෝව.

    විප්ලවීය ගමනක් මාර්ක්ස්ගෙන් අරබා ෆ්‍රීඩ්මන් දක්වා ගොස් අවසානයේදී ඩෙකාර්ට් දක්වා යෑම අවුලක් නොවේද? පූර්ව සුනාමි යුගයේදී වාම විප්ලවීය දේශපාලනයේ සිළුමිණ වැනි පුවත්පතක කර්තෘත්වය දැරූ, එයින් නමක් හදාගත් පැරා අද වෙනකොට මතුගම විත්ති වාර්තාකාරයෙක් බවට පත් වන්නට හෝ බැරිව නන්නත්තාර ඕපපාතික චරිකයක් බවට පත්වුයේ ඇයි.

    අපට Pierre Bourdieu මෙතනට ගෙන එන්න වෙන්නේ පැරාගේ මෙන්න මේ අවුල ඥානනය කර ගන්නයි. ඇත්තෙන්ම පැරා සමාජ බලවේග සමඟ අරගලය ඔබ ඔය කරමින් ඉන්න අඳුරේ අතපත ගෑමෙන් කරන්න බැහැ. කුමාර් සහෝදරයාගේ ප්‍රශ්නය ගැන එක මතයකට එන්න බැරි පැරා ගෝලීය ධනවාදය සමඟ පිළිමල් වෙනවා කියන්නේ භයංකාර විහිළුවක්. පැරා එවැනි අවධානමක් තනියම ගත්තට ඒක අපට ප්‍රශ්නයක් නොවේ. ඒත් පැරා තමන්ගේ භයංකාර විහිළු සදහා මේ රටේ තරුණ පරම්පරාව යොදා ගැනීම අපි තරයේ හෙලා දකිනවා.

    අනාගත පරම්පරාවල සුරක්ෂිතතාව සඳහා අපි මෙසේ පවසනවා: අජිත් පැරකුම් ජයසිංහ තරුණ පරම්පරාව ගොනාට ඇන්දවීම වහාම නතර කරනු!

    අපගේ අත්වල ලේ තැවරී නැත. තරුණ පරම්පරාව අත්වල ලේ තවරා ගන්නවාට අප කැමතිද නැත. තරුණ පරම්පරාවේ බුදිධිමත් සහෝදරවරුනි, ඔබ අපේ සම්පතයි. අපි අපගේ කාර්ය ඉටු කලෙමු. අපි ඔබ ජයටැඹ පේන මනෙයට ගෙන ආවෙමු. අපට එම ජයග්‍රාහී දේශයට පාය නගන්නට නොහැකි වන්නට පුළුවන. අප වෙනුවෙන් ඔබ ජය ග්‍රහණය සමරන්න ඒ දේශයේ දී. අප අපගේ පණනල අනන්ත වා ගැබට එක්කර ඔබගේ ජයග්‍රහණ සැමරුමට අසිරි නද දෙමු.

    අජිත් පැරකුම් ජයසිංහ දර්ශන පතයෙන් ඉවත් කිරීම මේ මොහොතේ වාම විප්ලවීය දේශපලෙනයේ ඵෙතිහාසික කාරියභාරයයි. ඔබට එය කළ හැකිය.

    වමේ අපි
    (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ)

    ReplyDelete
    Replies
    1. හා මචං..

      -මීට පැරා

      Delete
    2. යකෝ ඉතිහාසයත් උඹලට භාර දීල තියෙන වගකීම්වල හැටි.

      Delete
  6. ප්‍රේමකීර්ති මරා දමා ඇත්තේ ජ.වි.පෙ. විසින් නොවේ. ඔහුගේ බිරිඳ සියළු සාක්ෂි සහිතව 'ප්‍රේමකීර්තිනී' නම් පොතේ ලියා ඇති පරිදි, ඔහුව මරා දැමීමේ කොන්ත්‍රාත්තුව දී ඇත්තේ හඩ්සන් සමරසිංහ යි. හේතුව ගුවන් විදුලියේ සභාපතිකම හඩ්සන් ට නොදී ප්‍රේමකීර්ති ට දෙනු ඇතැයි ඇතිවූ සැකයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්තිගේ බිරිඳ දක්ෂ විමර්ශකයකු විය යුුතුයි. කෙසේ වෙතත්, ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධයෙන් නඩුවක් විභාග වුණා. අයෙක් හෝ කීපදෙනෙක් හිරෙත් ගියා. ඇයි ඒ වෙලාවේ ඇය ඉදිරිපත් වී මේ විමර්ශන වාර්තාව ඉදිරිපත් නො කළේ?

      අපිත් හඩ්ඩට කැමති නැහැ. ඒ වුණාට කුමන්ත්‍රණ න්‍යාය පිළි ගන්නෙත් නැහැ.

      වික්ටර් අයිවනුත් ඔය වගේ විමර්ශනයක් කරලා චන්ද්‍රිකා තමන්ට ම බෝම්බ ගසා ගත් බවට වාර්තාවක් ඉදිරිපත් කළා නේ. එතකොට රඝුපති ශර්මා හිරේ ගිය නඩුව හා විමර්ශනය බොරුවක් ද?

      Delete
  7. මාතලේ මිනී වලේ කේස් එකට මොකද වුනේ?

    ReplyDelete
  8. ////පීඩිතයන්ගේ දේශපාලනය ගැන අපට කීමට තිබෙන තිත්ත ඇත්ත වන්නේ ඔබේ ජීවිතය ඉල්ලා සිටින දේශපාලකයන් කිසිවෙකු විශ්වාස නො කරන්න ය කියායි.////////////

    +++++++++++++++++++

    ReplyDelete
  9. උසාවි වලින් අකාර්යක්ෂමතාවය: අද මා ලැබූ අත්දැකීමක්. උදෙ වරැවෙ නඩු ඇසීම පැය 1යි විනාඩි 20යි. කෑමට පැය දෙකයි විනාඩි 15යි. ස්ථානය මහෙස්ත්‍රාත් අධිකරණයේ අලුත්කඩේ!

    ReplyDelete
  10. දේශපලනික ඝාතන සිදුකරන්නේ පුද්ගලික ප්‍රශ්නයකට නොවේ වගේම ඒවගේ වගකීම් බාරගන්නේ හෝ නොගන්නෙත් දේශපලනික හෙතුමත. වින්දිත පවුල් සහ පක්ශ ඝාතකයො අවස්තාවේ හැටියට මරුකරන්නෙත් ඒ නිසාමයී

    ReplyDelete
  11. දේශපලනික ඝාතන සිදුකරන්නේ පුද්ගලික ප්‍රශ්නයකට නොවේ වගේම ඒවගේ වගකීම් බාරගන්නේ හෝ නොගන්නෙත් දේශපලනික හෙතුමත. වින්දිත පවුල් සහ පක්ශ ඝාතකයො අවස්තාවේ හැටියට මරුකරන්නෙත් ඒ නිසාමයී

    ReplyDelete
  12. දේශපලනික ඝාතන සිදුකරන්නේ පුද්ගලික ප්‍රශ්නයකට නොවේ වගේම ඒවගේ වගකීම් බාරගන්නේ හෝ නොගන්නෙත් දේශපලනික හෙතුමත. වින්දිත පවුල් සහ පක්ශ ඝාතකයො අවස්තාවේ හැටියට මරුකරන්නෙත් ඒ නිසාමයී

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා