පන්තියට පක්ෂයක් ද? පක්ෂයට පන්තියක් ද?

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික සමුළුව අද පැවැත්වේ.

මේ දිනවල පුනරුද ව්‍යාපාරය හා සිවිල් සමාජ සංවිධාන ජාලයක් ද වෙන වෙනම සංවිධානගත වීමේ, ජාලගත වීමේ වේගවත් වැඩසටහන් දෙකක් ඉදිරියට ගෙන යමින් සිටියි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර තරගයක් තිබෙන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් දෙගොල්ලන් ම එසේ නැතැයි කියනු ඇත. තව තව අය අතරත් එවැනි තරග තිබෙනවා විය හැකි ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමුළුවේ තේමාව වැදගත් ය. පන්තියට පක්ෂයක්. 

කුමන පන්තියට ද? 

කලක් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරිකයකුව සිටි ආචාර්ය සුමනසිරි ලියනගේ පවා කතා කරන්නේ කම්කරු පන්තිය ගැන ය. හිටි හැටියේ ඔහු කම්කරු නායකයකු ලෙස රූපාන්තරණය වී තිබෙන ආකාරය පෞද්ගලික විශ්වවිද්‍යාලයක ප්‍ර‍ධානියකු වී සිටිමින් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව උද්ඝෝෂණ කරන්නකු බවට පත් වීම තරම් ම විසුුළු සහගත ය. 

මාක්ස්ගේ විග්‍ර‍හය අනුව මූලික වශයෙන් පංති දෙකක් හඳුනාගත හැකියි. ඒ පාලක හා පාලිත වශයෙනි. ලංකාවේ නම් පාලක පංතිය කවුරු ද? බොහෝ දෙනෙකු කියන්නා සේ අති සරළ ලෙස ධනපති පංතිය යයි කියන්නට පුළුවන. එහෙත්, එය එසේ ද?

ඇත්තෙන් ම ලංකාව පාලනය කරන්නේ ධනපති පංතිය ද? ලංකාව පාලනය කරන රජය තුළ ධනපති පංතියට හිමි තැන කුමක් ද? 

ලංකාවේ රජය යනු කුමක් ද? එය හුදු ධනේශ්වර පාලන උපකරණයක් ද? නැත. ලංකාවේ ධනවාදයේ මූලික බලවේගය රජයයි. ධනපති පංතිය නො වේ. 

නිසැකව ම, ලංකාවේ ප්‍ර‍ධාන ම සූරා කන්නා රජයයි. අන් සියලු ධනේශ්වර සමාගම් එක්ව ජනතාවගෙන් කරන සූරාකෑමට වඩා වැඩි සූරාකෑමක් රජය තනිව කරයි. ඒ ඍජු හා වක්‍ර බදු ලෙසයි. මෙම බදු මුදල්වලට සිදු වන්නේ කුමක් ද? 

එයින් විශාල කොටසක් වැය වන්නේ කලින් ගත් ණය ගෙවන්නට ය. ඉතිරිය වැය වන්නේ රාජ්‍ය යන්ත්‍ර‍ය නඩත්තු කරන්නට ය. 

කලින් ගත් ණයවලින් වැඩි ප්‍ර‍මාණයක් වැය කළේ ද රාජ්‍ය යන්ත්‍ර‍ය නඩත්තු කරන්නට ම ය. 

රාජ්‍යය සාධාරණීකරණය කරගන්නේ එය මහජන සේවා හා සුබසාධන සපයන ආයතනයක් ලෙසයි. එහෙත් එය ඇත්තක් ද? රජය විසින් කරනු ලබන ලොකු ම සේවාව වන්නේ රජයේ සේවකයන් ලක්ෂ 14ක් හා ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ 50ක් පමණ වන ජනකායක් නඩත්තු කිරීමයි. 

කම්කරු පන්තිය වන්නේ මේ වෙනුවෙන් වැඩ කරන්නට සිදු වී තිබෙන කොටසයි. එහිදී කම්කරුවන්ට වැඩ කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසන්නේ ධනපති පන්තියයි. වර්තමාන සමාජයේ වැදගත් ම කාර්යය කරන්නේ මෙම පන්ති දෙකයි. එහෙත්, රට පාලනය කරන්නේ ඔවුන් ද?

රට පාලනය කරන රජය වන්නේ මෙම පන්ති දෙක අතරමැද ස්ථාපනය වෙමින් දෙපැත්ත ම සූරා කන මධ්‍යම පන්තියකි. වර්තමානයේ සියලු දේශපාලන පක්ෂවල ආධිපත්‍යය හොබවන්නේ මම මධ්‍යම පන්තිය විසිනි. වෙනස්කම් තිබෙන්නේ මධ්‍යම පන්තියේ ම ස්ථර අතරේ ය. එජාප, ශ්‍රීලනිප වැනි පක්ෂ රජයෙන් යැපෙන ඉහළ මධ්‍යම පන්තියේ ආධිපත්‍යයට නතු වී තිබියදී ජවිපෙ, පෙසප වැනි පක්ෂ පහළ මධ්‍යම පන්තිය මත පදනම් වෙයි. සෙසු ව්‍යාපාර ද එසේ ය. මෙම පක්ෂ අතර වෙනස්කම් වන්නේ මහජනතාවගෙන් සූරා ගනු ලබන බදු මුදල් තමන් නියෝජනය කරන අතර අතර බෙදා ගැනීමේදී ඇති වෙනස්කම් ය.

මේ තරම් ව්‍යාපාර, පක්ෂ ගොඩනැගීමේ සාකච්ඡා සිදු වන්නට හේතුව අන් කිසිවක් නොව, මෙම පංතිය මුහුණ දී සිටින දරුණු කඩාවැටීමයි. ඒ කඩා වැටීමට මූලික හේතුව අන් කිසිවක් නොව, මෙම දැවැන්ත මධ්‍යම පංතිය තවදුරටත් ඒ අන්දමින් නඩත්තු කිරීමට ධනපති හා කම්කරු පන්තිවලට බැරි වීමයි.

ධනපති පන්තිය නගා සිටුවීමේ උවමනාවක් රනිල් වික්‍ර‍මසිංහ ප්‍ර‍මුඛ එජාප නායකත්වයට තිබේ. එහෙත්, ශ්‍රීලනිපය මෛත්‍රීපාල සිරිසේන යටතේත් තවදුරටත් වැඩි බරක් තබන්නේ ඉහළ මධ්‍යම පන්තිය රැක ගැනීමටයි. 

කම්කරු පන්තියට ලංකාවේ දේශපාලන පක්ෂ, ව්‍යාපාර තබා, පන්ති විඥානයක් හෝ දෘෂ්ටියක්වත් නැත. වර්තමානයේ කම්කරුවන් ලෙස රඟපාන්නේ ද පීඩක මධ්‍යම පන්තිකයෝ ම ය. කම්කරුවා පන්තියෙනුත් පරාරෝපණය වෙලා ද?


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මාර වැඩේ නේ, දැන් අපි මොකද කරන්නෙ?

    ReplyDelete
  2. ඇත්තම කිව්වොත් පැරා මේ රටේ තියෙන්නෙ සමාජවාදයක්.
    නිලධාරියො ටිකක් ඉඳන් අනෙක් මිනිස්සුන්ට බොරු හතුරො පෙන්නල උන්ව හූරගෙන කනව​. මිනිස්සු හිතනව චන්දෙ ඉල්ලන දේශපාලකයොයි, කොම්පැනි කාරයොයි තමයි හොරු බොරු කාරයො වැරදි කාරයො කියල​.
    මෙකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඇත්තම කරදරකාරයො පෙන්නන එක කාටවත් කෙලින්ම ප්‍රයෝජනවත් නොවීමයි. අර රන් ජන් ගෙ කේස් එකේදි රන් ජට බනින එක විපක්ශෙ උන්ට වාසියි. ඉතින් උන් බනිනව​. නිලධාරිනියට බැන්නට ඒ පෝස්ට් එක බනින එකාට ලැබෙන්නෙ නෑ. ඉතින් අපරාදෙනෙ බනින්නෙ.
    සමාජවාදී රටවල් කියන්නෙ ඇත්ත වැරදි කාරය පැත්තක ඉඳිද්දි ඌව මහ එකා කරගෙන වෙන එවුන්ට බනින රටවල් තමයි.

    ReplyDelete
  3. ;-)
    වෘත්තියට සංගමයක්
    වැඩ කරන ජනතාවට මධ්‍යස්ථාන‍යක්

    (ජේවීපීයේ පැරණි සටන් පාඨයකි)

    ReplyDelete
  4. මේ රටේ තියෙන්නෙ සමාජවාදයක් ය කියන එක අදාළ වෙන්නේ මෙහෙමයි. මේ රටේ තියෙන්නේ සෝවියට් මාදිලියේ රාජ්‍ය ධනවාදී සමාජවාදයෙන් සෑහෙන දුරට ආභාසය ලද ධනවාදයක්.

    ReplyDelete
  5. Rajaya muwa wen janathawage le Bindu soora Kanne kawuda? Me videowa balanna..

    http://ranrandil.blogspot.com/2017/01/blog-post_28.html?m=1

    ReplyDelete
  6. පන්තිය සහ සුරාකෑම යන වචන මාක්ස්වාදයේ අර්ථදක්වන්නේ කෙසේද?

    පන්තිය - යමෙකු නිෂ්පාදනයට සම්භන්ධ වන ආකරය අනුව අර්ථ දැක්වෙනවා නේද?

    ප්‍රාග්ධනය හිමිකරුවා - ධනපතියා
    ශ්‍රමය වැය කරන්නා - කම්කරුවා
    සුරකෑම - ශ්‍රමය නිසා නිශ්පාදිත භාන්ඩයට එකතුවුනු වටිනකමෙන් ශ්‍රමයට සරිලන වටිනකමක් නොගෙවීම.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ආණ්ඩුව බදු ගහන එක සූරාකෑමක් නෙමෙයි. මහජන සේවයක්.

      Delete
    2. න්‍යායට යථාර්ථය අහු වෙන්නෙ නැහැ ය කියන එක දැන් පේනවා නේ ද?

      Delete
    3. ශ්‍රමය නිසා භාණ්ඩයට වටිනාකම එකතු වුනා කියමු. ඒත් ශ්‍රමිකයා ගෙදර ඉන්නකොට ඒක අර නිමැවුමට එකතු වෙන්නේ නෑ. ඒක කරන්න නම් විසිරී තියෙන සාධක එකතු කරන ව්‍යසායකයා එන්න ඕන. ඔය කියන භාණ්ඩය නිපදවූවට පස්සේ ඒක විකුණන්න බැරි වුනොත් වටිනාකමක් නෑ. එතකොට ඒ අවදානම ශ්‍රමිකයා ගන්නේ නෑ. ඒක ගන්න ව්‍යවසායකයට ඒ වටිනාකම හිමියි. හදන ඕන කුණු ගොඩක් විකුණගන්න පුළුවන් කියලා මාක්ස්වාදය උපකල්පනය කරලා.

      Delete
  7. පෙරෙට්ටන්ගේ සමුළුවේ වෙච්ච දේ...

    වරදවා තේරැම් ගන්න එපා. මේකයි සහෝදරවරැනි සිද්ද වුනේ...

    අපේ සහෝදරවරැ 3000 විතර රට වටේම තියන පන්ති සටන් පුලුල් කරන්න තැන් තැන් වලට පුලුල් වෙලා හිටියේ...

    තව සහෝදරවරැ 2500 විතර කුමාර් සහෝදරයගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවලා තිබුනා...

    තවත් සහෝදරවරැ 1000 විතර සයිටමයත් එක්ක අරගලයේ පෙරමුණු කාර්‍යයභාරය වෙනුවෙන් කැප වෙලා හිටියා...

    සහෝදරවරැ 100 පමණ වැරදි සන්නිවේදනයකින් සමුළුව පවත්වන්නේ කොටුව දුම්රිය පොළ ඉදිරියේ යැයි සිතා එම ස්ථානයට එකතු වී සිටියා...

    ඉතිරි සහෝදරවරැ 900 ජයග්‍රාහීව අප පක්ෂයේ 2වන මහා සමුළුව වෙනුවෙන් එකතු වී සිටියා...

    කට කතා වලට නොරැවටෙන්න. ලැන්තෑරැම් 7500 තවමත් අප සමඟයි සහෝදරවරැණි. පක්ෂය ඔබ සමඟයි 👙👙

    ReplyDelete
  8. පෙරටුගාමීන් පන්ති මොනිටර්ලද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා